දෙයියන්ගේ ලෙඩ පළමු, දෙවැනි, තෙවැනි සහ සිව් වැනි කොටස් කියවන්න පුළුවන් මේ මංපෙත් දිගේ පිය මැන්නොත් විතර යි . . .
ඉසුරු අරගෙන ආපු ආරංචිය අනුරාධගේ හිතේ ඇති කළේ කැලඹීමක්. මින් පෙර කිසි දිනෙක ගැහැනියක් ඔහු ව හමු වෙන්න කාර්යාලයට ඇවිත් නැහැ. ඉමාලිට ඔහු ව කාර්යාලයේ දී මුණ ගැහෙන්න අවශ්‍යතාවක් නැති බව ඔහු හොඳින් දැනගෙන හිටියා. එහෙම නං කවුද?
"නමක් හරි හේතුවක් හරි කිව්වේ නැද්ද, ඉසුරු?"
"නැහැ, සර්."
"එහෙම නං කියන්න මම අද බිසී කියලා. වෙන දවසක එන්න කියන්න."
"හරි, සර්."
ඉසුරු පිටවෙලා යන දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු අනුරාධ සිත එක්තැන් කර ගන්න උත්සාහ ගනිමින් ආයෙමත් වතාවක් මේසය මත දිග ඇරලා තිබිච්ච සැලසුම දෙසට අවධානය යොමු කළා. නමුත් මිනිත්තු කිහිපයකට පසු යළිත් වතාවක් සිහින් හඬක් නගමින් දොර විවර වුණේ ඔහු ව කෝපයට පත් කරමින්.
"මම කිව්වනේ ඉසුරු මම අද බිසී කියලා," සැලැස්ම දෙසට හිස නැඹුරු කරගෙන ම ඔහු කිව්වා.
"ඒ වුණාට අපි කතා කරන්න ඕනේ, අනුරාධ," ඔහුට පිළිතුරු දුන්නේ ගැහැනියක්.
ඒ හුරුපුරුදු කටහඬ ඉදිරියේ ඔහුගේ හිස එස වුණේ නිරායාසයෙන්. කළු-දුඹුරු පැහැ සාරියකින් සැරසිලා නේකවිධ ආලේපන රැසක් අතරේ මුහුණ සඟවාගෙන හිටපු ඇය ව අඳුර ගන්න ඔහුට තරමක් කල් ගත වුණා.
"අමන්දා!"
"හුඟක් කාලෙකට පස්සේ. එහෙම නේද?" ඇය මද සිනාවක් පාමින් ඇහුවේ අනාරාධිත ව ඔහුට මුහුණ ලා අසුන් ගන්න ගමන්.
"හ්ම්ම්, ඔව්. අවුරුදු හතරකින් විතර මම හිතන්නේ."
"ඔව්. අවුරුදු හතරකින් විතර!"
"ඉතින්, මොකද හදිස්සියේ ම මාව මුණ ගැහෙන්න එන්න හිතුවේ?"
"මට ඔයාට ටිකක් කතා කරන්න ඕනේ, අනුරාධ."
"මොකක් ගැන ද?"
"නයෝමි ගැන."
ඇගේ පිළිතුර ඔවුන් අතර ඇති කළේ දැඬි නිහඬතාවයක්. කියන්න ඕනේ මොකද්ද කියලා හිතා ගන්න බැරි ව අනුරාධ, අමන්දා දිහා බලාගෙන හිටියේ විස්මයෙන් විසල් කර ගත් දෑසින්.
"මම මේ ගැන කතා කරන්න ආපු එක ඔයාට පුදුමයක් කියලා මම දන්නවා. ඒ වුණත් . . ."
"මේ අහන්න, අමන්දා. මට ඇත්තට ම නයෝමි ගැන කතා කරන්න දෙයක් නෑ. එයා ගැන කතා කරලා දැන් වැඩක් නෑ. වෙන්න පුළුවන් හැම දෙයක් ම සිද්ධ වෙලා ඉවර යි දැන්. ඉතින්, අපි මොකට ද ආයෙමත් අතීතය ගොඩ ගන්නෙ? ඒකෙන් වෙන්නේ හැමෝගෙම හිත් රිදෙන එක," ඇයට බාධා කරමින් අනුරාධ දැඩි හඬකින් කිව්වා.
"මම අතීතය ගොඩ ගන්නවා නෙමෙයි, අනුරාධ. මට මේවා කියන්න කවුරුත් නෑ. ඒක යි මම ඔයා ව හොයාගෙන ආවේ."
"හ්ම්ම්, අපි වෙන දවසක කතා කරමු, අමන්දා. මට අද වැඩ වැඩි."
"ප්ලීස්, අනුරාධ. මට ෆයිව් මිනිට්ස් දෙන්න."
ඒ ඉල්ලීමට අනුරාධගෙන් ප්‍රතිචාරයක් නොලැබුණ නිසා අමන්දා කතාව ඇරඹුවේ දිගු කාලයක් තිස්සේ ඔහු දැන ගන්න ආසාවෙන් හිටිය නයෝමිගේ දිවි ගමනේ මග සලකුණු එකින් එක දිග හරිමින්.
"අරෝෂ් නිසා නයෝමි හුඟක් දුක් වින්දා, අනුරාධ. බැඳලා අවුරුද්දක් යන්නත් කලින් කරපු මෝඩකම එයාට තේරුනා. ඔයා ව දාල අරෝෂ් ළඟට ගිය එක ගැන එයා හිටියේ කියන්න බැරි තරම් දුකින්."
"හ්ම්ම්," මනසේ සිතුවම් වෙන අතීත මතකයන් මග හරින්න උත්සාහ කරමින් අනුරාධ කිව්වා.
"බැන්දට පස්සේ හිටියේ නයෝමි හිතපු අරෝෂ් නෙමෙයි. බේබද්දෙක්. සල්ලාලයෙක්. නයෝමිට පුළුවන් තරම් වද දුන්නා. බීගෙන ඇවිත් අතට අහුවෙන එකෙන් දමලා ගැහුවා."
"එතකොට නයෝමිගේ අම්මා?"
"නයෝමිගේ අම්මලා මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. එයා කියන්න ගියෙත් නෑ. එයා හිතුවේ ඔයා ව දාල ආපු නිසා ඒකේ හිලව්වට මේ හැම දුකක් ම ඉවසන්න ඕනේ කියලා."
"හ්ම්ම්," අමන්දාගේ වදන් ඉදිරියේ අනුරාධගේ මුවෙන් ඔහුටත් නොදැනීම දිගු සුසුමක් පිට වුණා. නයෝමි ගැන ඔහුට දැනුණේ දුක සමග මුසු වුණ අනුකම්පාවක්. ඒත් ඇය වෙනුවෙන් යමක් කරන්න දැන් ප්‍රමාද වැඩි බව ඔහු හොඳින් දැනගෙන හිටියා.
"ඒ අතරේ නයෝමිට දරුවෙක් ලැබෙන්න හිටියා. දරුවා නිසා නයෝමි හිටියේ සතුටෙන්. ඒත් අරෝෂ් එයාට සතුටින් ඉන්න දුන්නේ නෑ. බීගෙන ඇවිල්ලා නයෝමි එක්ක රණ්ඩු කළා හැමදාම වගේ. දවසක් රණ්ඩුවක් දුර දිග ගිහින් නයෝමි ව පඩිපෙළින් පහළට තල්ලු කළා. එදා නයෝමිගේ අම්මාත් හිටියා. ආන්ටිට ආරංචි වෙලා තිබුණේ අරෝෂ්ගේ හැටි. ඒ නිසා තමයි එයා ඇවිත් තිබුණේ."
"හ්ම්ම්, ඉතින් . . ."
"නයෝමි පඩිපෙළින් පහළට වැටෙනවා දැක්ක ම ආන්ටිට සිහි නැති වුණා. ආයෙමත් කවදාවත් එයාට සිහිය ආවේ නෑ. එයාට සිහි නැති වෙලා තිබුණේ හාට් ඇටෑක් එකක් හැදිලා. අන්තිමේ දී නයෝමිට අම්මවයි, දරුවවයි දෙන්න ම නැති වුණා."
"ඉතින්, ඒ කාලෙ ම එයා ඩිවෝස් වුණේ නැත්තේ ඇයි?"
"අරෝෂ් ඩිවෝස් වෙන්න දුන්නේ නෑ. නයෝමි ඔයාට ලියපු ලියුමක් එයාට අහුවෙලා තිබුණා. ඒ නිසා එයා හැදුවේ පුළුවන් තරම් නයෝමිගෙන් පළි ගන්න. ගේ ඇතුළේ නයෝමි ව හිර කරගෙන පුළුවන් තරම් වද දුන්නා. නයෝමි හිටියේ අපායක."
"හ්ම්ම්," අනුරාධ කිව්වේ කල්පනා කරමින්. නයෝමිගේ ජීවිත කතාව දැන ගන්න තව දුරටත් ඔහුට වුවමනාවක් තිබුණේ නැහැ. ඔහුට ඕනේ වුණේ අමන්දා කියපු හැම දෙයක් ම අමතක කරලා ඉමාලි එක්ක එකතු වෙලා හදපු ඔවුන්ගේ සොඳුරු ලෝකයට යන්න.
"ඒ අතරේ නයෝමි දැන ගත්තා අරෝෂ් මානසික රෝගියෙක් කියලා. පොඩි කාලේ ඉඳලා තමන් ආදරේ කරන අයට වද දෙන එකෙන් අරෝෂ් සතුටු වුණා. ඒ නිසා නයෝමි තීරණේ කරා පුළුවන් තරම් ඉවසලා අරෝෂ් ව සනීප කර ගන්න. එයාට වෙන . . ."
"අමන්දා, මේ අහන්න. මට ඇත්තට ම නයෝමි ගැන දුක යි. මේ දේවල් මම දැනගෙන හිටියේ නෑ. ඒත් ඔයා මේ දේවල් මට කිව්වා කියලා මට කරන්න පුළුවන් දෙයක් නෑ. හැම දේකට ම දැන් පරක්කු වැඩි. ඔයා දන්නවා මම බැඳපු මනුස්සයෙක්. එහෙම නොවුණා නං මට නයෝමි ගැන බලන්න තිබුණා. ඒත් දැන් ඒක කරන්න බැහැ. මට කරන්න ඕනෙත් නැහැ. මොකද මම ආදරේ ඉමාලිට මිසක් නයෝමිට නෙමෙයි."
"ඒක මම දන්නවා, අනුරාධ. මම කියන්නේ නැහැ ඔයාට ආයෙමත් නයෝමිට ආදරේ කරන්න කියලා. මම ආවේ ඔයාට එක ම එක වතාවක් නයෝමි ව මුණ ගැහෙන්න එන්න කියන්න."
"මට ඒක කරන්න බෑ, අමන්දා. මට එහෙම කරන්න ඕනේ නෑ. මට ආයෙමත් කවදාවත් නයෝමි ව මුණ ගැහෙන්න ආසාවක් නෑ."
"ඒත් අනුරාධ ඔයාට නයෝමි ව එක ම එක පාරක් බලන්න එන්න ම වෙනවා."
"ඇයි?"
"අපි මේ කතා කරන වෙලාවේ නයෝමි ජෙනරල් හොස්පිටල් එකේ පණ අදිනවා. එයාට මැරෙන්න කලින් එක පාරක් හරි ඔයා ව බලන්න ඕනේ ලු," අමන්දා පිළිතුරු දුන්නේ අනුරාධගේ හදවත මොහොතකට නතර කරමින්.
෴ මතු සම්බන්ධ යි ෴
හිතුව නැති චරිතයක් කතාවට ඇවිත් ඉන්නවා ඇත්තටම එයාව නම් බලාපොරොත්තු උනේ නැහැ.එයාට මේ දවස් වල නිවාඩු ද ?? අනුන්ගේ ප්‍රශ්න විසදන්න ඇවිත් තියෙන්නේ ?? ඉවර වෙන්න ලගයි කියලා නම් කියන්න එපා...
ReplyDeleteහැමදේම අපි හිතන දේවල් වෙන්නේ නෑනේ, ළහිරු. හ්ම්ම්, තව ටික කාලෙකින් කතාව ඉවර යි!
Deleteඅනුරාධ ආදරයෙන් පළ ගන්නව ද මන්ද මනුස්ස කම අතෑරල. මොකද අච්චර සිද්ධි වෙලත් තමන් ළග හිටි කෙනෙක් ගැන ඒ තරං තෙතමනයක් නැති හින්දා.. මට හිතෙන්නේ එහෙමයි.. බලමු චරිතයක් වෙනස් වෙන්න එක කොටසක් උනත් මදෑ නේද??
ReplyDeleteසමහර වෙලාවට අපි කටයුතු කරන්නේ අපි හිතාගෙන ඉන්න විදියට නෙමෙයි, දේශකයෝ. බලමුකෝ ඉස්සරහට අනුරාධ මොකද කරන්නෙ කියලා. අපි හිතන විදියට නෙමෙයි හැම වෙලාවෙ ම වැඩ සිද්ධ වෙන්නෙ :)
Deleteඒක සහතික ඇත්ත ධාරා.. අපි හිතන දේ වෙනස් වෙන්න තත්පර ගානයි යන්නේ. ඒකයි මේ ලිවිලි වල තියෙන අපූර්වත්වය...
Deleteසමහර වෙලාවට හෘද සාක්ශිය වෙනුවෙන්ම අපිට හැඟීම් අමතක කරන්න වෙනවා දේසෝ
Delete@ දේශකයා : හැමදේම අනිත්‍ය යි කියන්නේ ඒකනේ, දේශකයෝ.
Delete@සමියා : උඹේ කතාවට මම එකඟ යි. අනුරාධ නයෝමිට ආදරේ කරත් විවාහය කියන්න බැම්මෙන් බැඳිලා ඉවර යි. ඒ නිසා අමාරුවෙන් හරි නයෝමිට පිටුපාන්න වෙනවා. නැත්තං සම්මතයට අනුව එයා වැරදිකාරයෙක්.
ධාරා කාලෙකින් මම කියවපු කතා අතරේ මගේ හිතට දැනෙන කතාවක් මේක.... මට දිගින් දිගටම හිතෙන්නේ මේ නයෝමි මාර අම්මණ්ඩියෙක් කියලා.... දැන් ඒකට තව අම්මණ්ඩියෙකුත් එකතුවෙලා... මට මෙයාලා දෙන්නවම පේන්නේ අර මගේ කතාවල වරුණි වගේ, මේ කපටි අම්මණ්ඩිලා දෙන්නා මොකාටද එන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ. ඉක්මනට දාන්න ඊළඟ කොටස.
ReplyDeleteඇගයුමට බොහෝම ස්තූතියි, ගන්දරයෝ. ඔයාගේ නව කතාව මම හෙමින් සැරේ කියන්නං. කොටස් ගොඩක් පසු වෙලානේ.
Deleteනයෝමි මැරෙයිද ? නයෝමිව මරන්න එපෝ !!!
ReplyDeleteඔය වගේ ගෑනු උදවිය නැති තරමටම හොදයි මධුවෝ... මං නං කියන්නෙ තියන්න නං එපා!!!
Delete@ මධූ අයියා : බලමුකෝ මැරෙයි ද නැද්ද කියලා!
Delete@ සිඟිති අක්කා : ඔහොම නපුරු වෙන්න හොඳ නෑ ඔයාට මේ දවස්වල! අන්තිමට ඔයාගේ හස්බන්ඩාගෙන් මට ගුටි කන්න වෙයි :(
ජූලි හතයි ධාරෝ දැන් මොකද කරන්නේ. අලි මදිවට හරක් කිව්වලු. දැන් අනුරාධ මලයට මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී තත්වයක්. නඟේ කථාව එන්න එන්නම කුතුහලය අවුස්සනවා..... බලමු ලබන සතියේ. නංගිට සුභ සති අන්තයක්.
ReplyDeleteපන්ති පිරිච්ච සති අන්තියක් සුභ වෙන්නේ කොහොම ද අෆ්ෆා? ඊළඟ කොටස තාම ලියන්න පටන් ගත්තේ නැතෝ. ලියපු ගමන් දාන්නං :)
Deleteඉවර වෙන්න ලඟද මන්දා,ඒක නෙවෙයි ධාරා
ReplyDelete//කළු-දුඹුරු පැහැ සාරියකින් සැරසිලා නේකවිධ ආලේපන රැසක් අතරේ මුහුණ සඟවාගෙන හිටපු ඇය//
මේ ඔයාගෙ ටේස්ට් එකද.
මම ඒකට උත්තර දෙන්නද ?
Deleteනෑ ටේස්ට් එක //කළු-දුඹුරු පැහැ ඔසරියක් // :D
මම හරිදෝ ? :D
@ හැලප මාමා : හෆොයි! නැතෝ. හැලප මාමා වැරදි යි :P ඒක දැම්මේ අමන්දා (ඒ වගේ ම නයෝමි) සහ අනුරාධ අතර වෙනස ඉස්මතු කරන්න. මට පේන්න බෑ ඔය මූණේ ගාණ ජාති. සුද්ධ කරන්න ගියා ම එපා වෙනවා.
Delete@ සමියා : යකෝ, උඹට දුඹුරු යි තැඹිලි යි දෙක ම පෙන්නේ එක වගේ ද?
ගොඩක් අය තමන් එකතු උනේ මානසික රෝගින් සමග බව දැන ගන්නෙ විවාහයෙන් පසුවයි. මට අනුරාධව නම් තේරුම් ගන්න අමාරුයි නංගියො. ඒත් කතාවෙ අවසානය ගැන පොඩි අදහසක් එනවා බලමුකො.
ReplyDeleteඒක නං ඇත්ත, ප්‍රියා අයියේ. මම අහලා තියෙනවා හැමෝටම මොන ජාතියේ හරි මානසික රෝගයක් තියෙනව ලු. බලමුකෝ අයියට ආපු අදහස හරි ද කියලා!
Deleteඉස්සෙල්ල කියන්න අමතක වුණා කමෙන්ට් වල පාට ටිකක් අප්සෙට් ඔයාට කොහොමද මන්දා මට නං පේන්නෙ අමාරුවෙන් කළු පාට අකුරුම දැම්මොත් මොකද.
ReplyDeleteමේ තීම් එකට ආපු පාටනේ, හැලප මාමේ :) මම සැරයක් වෙනස් කරන්න ගියා. කළු පාට කරොත් සයිඩ් බාර්වල තියෙන අකුරු පේන්නේ නැතු ව යනවා :( ඒ නිසා වෙනස් කරන්නේ නැතු ව තිබ්බා!
Deleteමේ සති අන්තයේවත් වෙලාවක් හොයාගෙන මුල ඉදන් කියවන්නම්...මම බොරුවට කමෙන්ට් කරන්නෙ නැති නිසා ඔන්න ඇත්තම කිව්වා...
ReplyDeleteබොරු ඇගයීම් නැතු ව ඇත්ත ම කියපු එකට සිරා අයියට මගේ ප්‍රණාමය! වෙලාවක් හම්බ වුණොත් කියවන්නකෝ. කලබලයක් නෑ :)
Deleteසමහර වෙලාවට ඔය වගේ චරිත නිසා ජීවිත විනාස වෙනව බොරුවට..මොනවා වුනත් නයෝමි පව්.ඒත් අනුරාධ අමාරුවෙන් ගොඩනගපු කැදැල්ලට බාධාවක් උනොත් අපරාධයක් කියලයි මටනම් හිතෙන්නෙ.
ReplyDeleteඒක ඇත්ත. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා.
Deleteසිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි... ඔබ සාර්ථකයි ධාරා
ReplyDeleteබොහෝම ස්තූතියි, නලින් මාමේ :)
Deleteමම අනුරාධ උනා නම් එක පාරක් බලන්න යනවා...මම නයෝමි උනා නම් ඔන්න ඔය ජාතියේ පණිවිඩයක් යවනවා....හි..හි..හි.. ඉතුරු ටිකත් ලියමුකෝ ඉක්මනින්
ReplyDeleteඇයි එක පාරක් විතරක් බලන්න යන්නෙ? පව් නැද්ද අනේ නයෝමි?
Deleteකලින් කොමන්ට් කරාද මතක නෑ නංගෝ මේ ටිකේ යාලුවෙක් එක්ක ලෝක සවාරියේ ..යාලුවට කතාව පෙන්නන ගමන් මාත් කියෙව්වා
ReplyDeleteඔය උඩින් තියෙන්නේ ඔයාගේ කමෙන්ට් එක :) පරිස්සමින් ගිහින් එන්නකෝ එහෙම නං! ආව ම මට චොකෝ ඕනේ.
Deleteදැන්නම් කතාව මට හිතුන පැත්තට වැඩිය වෙනස් වුනා ඔන්න.. නෝර්මලි කොටසක් දෙකක් කියවද්දී කතාවක අවසානය මම හිතින් ඇද ගන්නවනේ.. ගොඩක් වෙලාවට ඒක වරදින්නෙම නෑ.. මෙයා මේ පාර ඒක අප්සට් කලා.. ඉන්නවකෝ ආයේ හිතනකන් මම..
ReplyDeleteඑහෙම නං හිතලා බලන්නකෝ ආයෙමත් සැරයක්. හිතුවට කමක් නෑ කියන්න ඔට්ටු නෑ :) එහෙම කරොත් මම තරහ යි!
Deleteමේක මේ විදියට නම් යන්නේ මන් ආයේ මේ කතාව කියවන්නේ නෑ :/
ReplyDeleteඅනිත් එක ඊලග කතාවෙන් තවත් කරුමයක් ගොඩ බහි ද දන්නේ නෑ.. නයෝමි
මැරිලා නයෝමිට තවත් දරුවෙක් ඉන්නවා කිව්වා නේ.. එයාව දෙයිද දන්නේ නෑ.. අනුරාදට ටයි ඉමලිටයි හාදාගන්න.. එක නම් කරන්න එපා//
අනිත් එක නයෝමි ව ඔය ළමයත් එක්කම කොහේ හරි රටකට තොලොංචි කරලා දැම්ම නම් ඉවරයි නේ ළමයත් එකක්ම :/
යකෝ, නයෝමි ඉඳලත් බෑ. මැරිලත් බෑ :( හරි කතාවක් මේක. මෙතන උඹ ද කතාව ලියන්නේ මම ද? නයෝමිට රට රටවල යන්න සල්ලි නෑ.
Deleteඋබ කතාව ලිව්වට කියවන්නේ අපි.. අපිට කියවන්න පුළුවන් විදියට ලියපිය
Deleteහරි කතාවක්නේ. උඹට හිතෙන දවස්වලට විතරක් කෝපි දානවා නං මට හිතෙන හැටියට මේක ලියන්න පුළුවන්. තේරුනා ද බොට?
Deleteමම නම් යන්නේ නෑ මලත්
ReplyDeleteහොඳ වෙලාවට! පණ අදින මිනිහෙක් (හෝ ගෑනියෙක්) ඔයා ව දැක්කොත් මැරෙනවා ෂුවර් :P
Deleteඔන්න මගේ හිතෙත් දැන් නයෝමි ගැන දුකක් ඉපදෙනවා.අනුරාධට කොහොම හිතේවිද මන්දා...?
ReplyDeleteඔව්. අමන්දා ගෙ අන්තිම වැකිය වෙනකන් මම මේක කියෙව්වෙ අමන්දටයි නයෝමිටයි හිතින් දොස් තිය තිය.
Delete@ මනෝජ් අයියා : ඉක්මනින් ම දැන ගන්න ලැබෙයි අනුරාධට හිතුන දේ
Delete@ දිලිනි අක්කා : අන්තිම වැකියෙන් පස්සෙ?
කුතූහලෙන් ඉන්නෙ. හැබැයි තාම නයෝමි ගැන අනුකම්පාවක් ඇති වුණේ නම් නෑ.
Deleteතව සති කිහිපයකින් කුතුහලේ නැති වෙයි!
Deleteඅද තමයි ඔන්න කලින් කතා ටිකයි අද කතාවයිඔක්කොම කියවල ඉවර කලේ. අනුරාධ හැසිරෙන විදිහ මම නම් හිතන්නෙ හරි. අඩුම තරමෙ එයා ඉමාලිට අසාධාරණයක් නොවෙන විදිහට හැසිරෙන්න උත්සහ කරන එක ලොකු දෙයක්.
ReplyDeleteඑක එක කට්ටිය එක එක විදියට හිතන්නේ :) මෙහෙම ගිහින් මම හිතන හැටි වෙනස් වුණොත් විනාස යි!
Deleteකතාවෙ අවසානය මම හිතාගෙන ඉවරයි.. බලමු :)
ReplyDeleteඋඹට වෙච්ච දෙයක් කරන්න පුළුවන් නං කොච්චර දෙයක් ද?
Deleteබලපන් ධාරා මේ කතාව කියෙව්වම ගගේ මාලු ඇගේ නටනවනෙ. අපෝ මට නං ඉස්පිරිතාලෙට ගිහිං කනට දෙකක් දීල එන්න හිතෙනව. බොහොම අමාරුවෙන් නපුරු දේවල් නොහිත ඉන්නව පොඩි එකාට හොද නැති නිසා. එක වාතයක් මදිවට තව වාතයක් අරන් ඇවිත්. මොකක්ද අප්පා මේ අනුරාධට වාත ගෑනුන්ගෙන් ගැලවිල්ලක් නෑනෙ. නයෝමිව බලන්න අනුරාධව යවනව එහෙම නෙමෙයි ඈ... නැත්තං අර ලමයටත් කර ගහන්න වෙන්නෙ අනුරාධටම තමයි. එතකොට ජීවිත කාලෙම දුක් විදින්නෙ ඉමාලිනෙ... ඒක හරිම හරිම අසාධාරනයි. ඔන්න නොකිව්වයි කියන්න එපා...
ReplyDeleteසිඟිති අක්කට ඔහොම කේන්ති ගන්න හොඳ නෑ :( මම තරහ යි! එක්කෝ කතාව ලියන එක ඔයාට භාර දෙන්න ද?
Deleteහ්ම්ම්..............නයෝමිට මක් වෙලාද?...බලමු
ReplyDeleteබලමුකෝ ඊළඟ කොටසින් :)
Deleteනයෝමි සියදිවි නසාගන්නවත් හැදුවද, කොහොම උනත් අමන්දත් කරන්නේ වැරදි වැඩක්
ReplyDeleteඅනූ අක්කට වැඩේ ටිකක් මීටර් වෙලා වගේ ;)
Deleteහ්ම්... නයෝමිට මොකක්ද සිද්ද වුනේ?
ReplyDeleteඉක්මනටම දැනගන්න ලැබෙයිලු
පුළුවන් ඉක්මනට දාන්නං, අසෙනි. මේ දවස් ටිකේ වැඩ වැඩි! තාමත් වෙලාවක් ලැබුණේ නෑ නිදහසේ ලියන්න :(
Deleteටෙස්ට් කොමෙන්ට්....
ReplyDeleteමගේ බ්ලොග් එකේ වැරදි නෑ :) හරි ද?
Deleteහයියූ ...මට මඤ්ඤං ස්වභාවයක් දැනෙනවා ...මට කියන්න විදිහක් නෑ .ඔය අන්තිම කෑල්ල තනිකරම මගේ ජිවන අත්දැකීමක් !!
ReplyDeleteහෆොයි! ඒක අහලා මටත් නිකං මඤ්ඤං වගේ :(
Delete