සඳ කිඳුරන් විලස පෙර අප සිටි | අයුරු |
ඔබ හා තුටින් ගත කළ මා දිවි | මියුරු |
අමතක කරනු කෙලෙස ද ඒ කල | සොඳුරු |
විය අප අතර බැම්මක් සමුදුර | ගැඹුරු |
සැක නම් සැඩ හී පහර අප අතරට | පැමිණ |
හද තුළ ඇවිලුවා නොවැළකි දුක් | ගින්න |
රෑ නිදි නැතු ව සොයනෙමි දිය සිත | නිවන |
කෙලෙස ද මා සිටිනු මේ නිරයේ | දැවෙන |
කිම මේ සිදු වුණේ අදහනු බැරි මෙ | මට |
නැති විය සැනසීම හද තුළ රැඳි | දිගට |
දවසින් දවස බිඳිලා විසිරෙන | පෙමට |
කුමක් කරම් දෝ හිමි සඳ කියනු | මට |
පෙර කල සිටි ලෙසට ආලෙන් බැඳී | සොඳ |
වෙසෙන්නට පිනක් අහිමි ද අපට | අද |
කළ අකුසලෙක් මේ ලෙස මට පළ දේ | ද |
සක් දෙවිඳුනේ ඔහු මා හට හිමි | නැති ද |
ආලය කරමි තවමත් පෙර දා | විලසේ |
පෙර ඔබෙ වරද සිහි නොකරමි මතු | දවසේ |
පති දම් රකිමි ඔබ වෙනුවෙන් දිවි | ගමනේ |
ඔබ හැර යන්නෙ කෙලෙස ද මා හිමි | සඳිනේ |
යසෝදරාවන් සේ ළඟ | හිඳින්නට |
පතිනිය වෙන්න සංසාරය | පුරාවට |
ඔබ බුදු වන දිනක අමයුරු | ලබන්නට |
දෙවියන් යදිමි මා දිවි ඇති | තුරාවට |
April 22, 2013
හිමි අහිමි
Subscribe to:
Post Comments (Atom)
හැමෝටම නරක කාලයක් තියෙනවා.ශක්තිමත් වෙන්න හැමදෙයක් ම මුල දවසේ වගේ හරි යාවි...පද මාලාව ලස්සනයි.සුබ පතනවා,වෙනස් ආකාරයේ දෙයක් නැවතත් දකින්න ලැබේවි කියලා හිතනවා. සුබ පතනවා ඔයාගේ අනාගත වැඩ වලට.....
ReplyDeleteබොහෝම ස්තූතියි, නාඳුනන්නෝ. හැම දේ ම ඉක්මනින් හරි යාවි කියලා මමත් බලාගෙන ඉන්නවා.
Deleteපහලට යන්න කම්මැලී අප්පා .......... කවි නං ලස්සනයි , එත් ලෝකේ තියෙන ඇත්ත කථාත් මෙහෙම නං කොච්චර ලස්සන වෙයිද නේද !!!!!!!!
Deleteකලාතුරකින් ඇත්ත කතා තියෙනවා. ඇයි සිදුහත්-යසෝදරා?
Deleteමාතෘකාවත් එක්ක පද මාලාව හුඟාක් හිතට වැදුනා..
ReplyDeleteඒ කියන්නේ මගේ නිර්මාණය සාර්ථක යි. බොහෝම ස්තූතියි, දිනේෂ් අයියේ. ඔයාගේ කලින් දවසේ කතාවත් ඒ වගේ. :)
Deleteඅනේ ඉතිං ඇත්ත ලෝකෙත් ඔහොම ප්‍රාර්ථනා තියෙන කෙල්ලො ඉන්නව නම්...........................................
ReplyDeleteඉන්නවා තමයි. ඇයි මේ කවි පෙළ ලියපු මම?
Deleteඔන්න ඔතනයි වැරදුනේ.. කෙල්ලො හැමෝම හිතන්නෙ තමන් සින්ඩ්රරෙල්ලා වගේ අහිංසකයි කියලා.. ඒත් එයාලම දන්නෑ තමන් ඇතුලෙ බොහොම නපුරු මායාකාරියෙක් ඉන්නව කියලා :P
Delete:D මෙයා ගැන නම් දන්නේ නැහැ. නමුත් පොදුවේ කලකිරී අවසානයි :/
Delete@ යසිත් අයියා
Deleteඅනේ ඉතින් මෙයා දන්න තරම තමයි! සින්ඩරෙල්ලා කියවලා නැද්ද මන්දා! හනී බනීට කියන්න ලබන උපන් දිනේට අරගෙන දෙන්න කියලා.
@ කසුන්
මම ගැන දැන ගන්න ඕනේ නං ඉතින් බලධාරියාගෙන් අසා දැන ගන්න එක යි ඇත්තේ. මොකද මම එපා කිව්ව ද? එක් කෙනෙක් කරන වැරැද්දක් නිසා හැමෝව ම ඒ මිම්මෙන් මනින්න එපා, කසුන්.
බලධාරියාගෙන් අහල වැඩක් නෑ.. ධාරා තමන්ගෙ නිශේධන බලය පාවිච්චි කරල ඒ අහිංසකය දමනය කරගෙන ඇත්තේ.. හි හි
Deleteආ! ඇත්ත ද? හරි අහිංසකයා! මමනේ දන්නේ එයාගේ තරම :) ඒක නෙමෙයි, හනී බනී ඔයා ව දමනය කර ගත්තෙත් ඔය විදියට ද?
Deleteහහ්... එයා කොහෙද මාව දමනය කරන්නෙ.. එයා මාව වශී කරගෙන ඉන්නේ ♥
Deleteහිකිස් :) කවුද දන්නේ ඕකේ ඇත්ත නැත්ත. හනී බනීගෙන් ම තමයි අහ ගන්න වෙන්නේ, දමනය කර ගත්ත ද වශී කර ගත්ත ද කියලා!
Deleteඔව් අක්කේ. "හැමෝව ම ඒ මිම්මෙන් මනින" එක මගේ වැරද්දක් තමා. එක්කෙනෙක් හින්දා හිතේ ඇති වෙච්චි ඒ පැල්ලම නැති කරන්න පුළුවනුත් ඒ වගේම කෙනෙක්ට.
Deleteකාලට ඉඩ දීල ලැබෙන දේට සුදානම් වෙන්න තීරණය කළා. :)
ඒක නං සුභ ආරංචියක්, මල්ලියෝ. අපි බලමුකෝ, කාලයත් එක්ක අපිට සුභ ආරංචියක් අහන්න ලැබෙයි කියලා හිතනවා.
Deleteතමන් වත් තමා හට හිමි නැති කලට
ReplyDeleteවෙනින් කෙනෙක් හිමිවනු සිතනු ම කුමට?
ඒක ඇත්ත. ඒ වුණත් ආදරේ දී අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ හැමදාම එකට ඉන්න. ඒක ආත්මාර්ථකාමී සිතුවිල්ලක් වුණත් ඒ හැඟීමට අපි හැමෝම ආදරෙයි, එහෙම නේද?
Deleteඇත්ත. නමුත් ඒක තාවකාලික ව තමුන් ව මුලා කර ගැනීමක් කියල යි මා හිතන්නේ . කොහොම උනත් අපූරුවට අදහස් ගලපා ඇති අපූරු කවි පන්තියක් :)
Deleteවෙන්න පුළුවන්. එක එක අය මේ හැඟීම දකින විදිය වෙනස්නේ. මම හිතන්නේ නැහැ එක විදියට ආදරේ විදිය දෙන්නෙක් මේ ලෝකේ ඇති කියලා. කොහොම වුණත්, බොහෝම ස්තූතියි, හසල අයියේ.
Deleteඅපූරුයි...!! අපූරු කවිකමක්!!!
ReplyDeleteබොහෝම ස්තූතියි, නංගියෝ.
Deleteහිතට වදිනවා ගොඩක්
ReplyDeleteහ්ම්ම්, අපිට විඳින්න වෙන දේවල් හැම වෙලාවෙම හිතේ රැඳිලා තියෙනවනේ.
Deleteහරබර කවි පෙළක්! හරි අගෙයි...
ReplyDeleteබොහෝම ස්තූතියි, ළහිරු අයියේ. ආයෙත් පෝස්ට් එකක් දාන්නේ කවද ද?
Deleteනියම අදහසක්. කතාවක් ලියන්න හිතුනා මේකට. :) බලමුකෝ ඉස්සරහට.
ReplyDeleteඑහෙම නං අපිට ළඟ දී ලස්සණ කෙටි කතාවක් කියවන්න පුළුවන් වෙයි නේද?
Deleteහිමි අහිමි කියල වේදිකා නාට්‍යක් තිබ්බද කොහෙද..
ReplyDeleteඒක නං මම දන්නේ නැතෝ :D
Deleteඅචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
ReplyDeleteහ්ම්ම්ම්, :'(
Delete//යසෝදරාවන් සේ ළඟ හිඳින්නට
ReplyDeleteපතිනිය වෙන්න සංසාරය පුරාවට
ඔබ බුදු වන දිනක අමයුරු ලබන්නට
දෙවියන් යදිමි මා දිවි ඇති තුරාවට//
මෙහෙම අය ඉන්නවද අක්කේ. අපිට හොයා ගන්න බැරුවද, නැත්නම් අදුනගන්න බැරුවද....
ඉස්සර හිටියා. දැනුත් ඉන්නවා. ඉදිරියටත් ඉඳීවි. හැබැයි කලාතුරකින්. එහෙම කෙනෙක් ව හොයා ගන්න නං හදවතට ආදරේ කරන්න, රූපෙට නෙමෙයි. එතකොට ලැබේවි!
Deleteරුපෙට ආදරය කරලා වැඩක් නැහැ කියල පොඩි කාලේ ඉදන්ම තේරුනා අක්කේ. ඒ හින්ද ආදරේ කලේ හදවතටමයි. නමුත් එක පාරක් වැරදුනු තැන ආයේ පහුකරන්න බැහැ. (බයක් නෙමේ ආදරය තවත් එපා වෙයි කියල)
Deleteවැරැද්ද කරපු කෙනා කවදා හරි තේරුම් ගනීවි. එක පාරක් වැරදුනා හැමදාම ජීවිතේ වරදින්නේ නැහැනේ. අනේ මන්දා! මට නං විරහව ගැන අත්දැකීමක් නැහැ.
Deleteදැනටමත් එයාට තේරිලා වගේ. එක පාරක් වැරදුනු තැනක් ආයේ වරදින්න දීල බැහැනේ. මේ පාර අසරණ උනේ මම විතරයි. ආයේ සැරයක් ඕකම උනොත් ඒ වෙද්දී කි දෙනෙක් අසරණ වේවිද... ඒකට මම ඉඩ තියන්නේ නෑ :/
Deleteහ්ම්ම්, මොනවා කරත් පරස්සමින්. හැඟීම්වලට හැම දෙයක් ම වෙනස් කරන්න ගත වෙන්නේ එක මොහොත යි.
Deleteහරිම ලස්සනයි කවි ටික ධාරා...එළි සමය එහෙම අපූරුවට ගලපල තියෙනව ඔයා. මේ විදිහට මුලු ජීවිත කාලය පුරාවටම ආදරය කරන්න සූදානම් අය ඉන්නව උනාට, ඒ වගේ ආදරයක් ලබන්න සුදුසු අය හොයා ගන්න එක නම් සෑහෙන්න්න අමාරු වැඩක්. ගොඩක් වෙලාවට වෙන්නෙ මුලු හදින්ම ආදරය කරන කෙනා අන්තිමේදි තනිවෙන එක...
ReplyDeleteමුළු හදින් මආදරේ කරන කෙනෙක් කවදාවත් තනි වෙන්නේ නැහැ, චාම්ස්. එයාගේ තනියට හිත පිරෙන්න ආදරේ තියෙනවනේ. ඇත්තට ම, අවංක ව ආදරේ කරා නම් ඒ ආදරේ ගැන හිතලා ජීවිත කාලයක් ම සතුටින් ඉන්න පුළුවන්. මම නං හිතන්නේ එහෙම යි. කොහොම වුණත්, මේ පැත්තට ඇවිත් ගියාට බොහෝම ස්තූතියි :)
Deleteදැන් කොහොමද හිමි අහිමි වල තත්වය ??? ඒ ගැනත් අපිට ටිකක් කියන්න බලන්න ඔයාගේ දුක වගේම සතුටත් බෙදා ගන්න අපි කැමති.... :)
ReplyDeleteඅහිමි වෙච්ච "හිමි" ආයෙත් මට ලැබුණා. නොදන්නවා වගේ අහන ලස්සණ <3
Deleteඑහෙම තමා,එතකොට තමා ඕනේ ඕනේ දෙයක අගේ වැඩි වෙන්නේ,බොරුද මම කියන්නේ ???
Deleteඇයි "ඕනේ ඕනේ" දෙපාරක් ලියලා? කලබල වුණා ම වචන ටැපලෙනව ද?
Deleteමොකට කලබල වෙන්නද?? ඔයාගේ ඇස් වල ලෙඩක් මම හිතන්නේ ???
Deleteඔයා ලියලා තියෙන මේ හරිම ලස්සන ලිපිය මම කීප සැරයක්ම කියෙව්වා. රූප ත් එක්ක එකතු වුනාම ඒ විස්තරය හරිම රසවත්. මම ඔයාට සුබ පතනවා. මමත් බ්ලොග් එකක් කරනවා. ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා මගේ ලිපි කියවලා බ්ලොග්කරණයට තවමත් ආධුනික මාව දැනුවත් කරලා මගේ අඩුපාඩු වැරදි පෙන්නලා දීලා යන්න ඔයාට බොහෝම ස්තූතියි...
ReplyDeleteසතුටු යි ඔයා මේ දිහාට ඇවිත් කවි පෙළ රස විඳපු එක ගැන. මමත් ඇවිල්ලා යන්න එන්නංකෝ ඔයාගේ බ්ලොග් එකට, පුංචි කුමාරිහාමි!
DeleteFake blog
Deleteතේරුනේ නැහැ, හලෝ :( පුංචි කුමාරිහාමිගේ බ්ලොග් එක fake එකක් කියල ද කියන්නෙ?
Deleteඅර ගෑණු ලමයින්ට විතරක් බ්ලොග් එක කරන්නේ මෙයාද බං !!!!!
Deleteඑහෙම ද? අනේ මන්දා, අර යටින් දාලා තියෙන්නේ දිග කොමෙන්ටුවක්. දන්නව ද පුංචි කුමාරිහාමි ගැන?
Delete@YASITH අයිය හරි ... ඒක කොපි පේස්ට් කරන තැනක්. යටි අරමුණක් වෙන්නත් බැහැ (එහෙම එකක්නම් හොදටම අසාර්ථකයි :P )
Deleteඅදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමි. අවශ්‍ය තොරතුරු සියල්ල යසිත් අයියා ඊයක් මගින් දැනුම් දී ඇත.
Delete@ධාරා : ඕක සුළු එකක් විතරයි, බරපතල කියක් නම් තියේද ...... :/
Deleteෆලොවර්ස් ගැජට් එක උඩින් එල්ලුවනම් හරි.
ReplyDeleteසලකා බලන්නංකෝ. මෙහෙට ගොඩ වුණාට හුඟක් ස්තූතියි, පැතුම් අයියේ.
DeleteMeka update wela na phone 1e..
ReplyDeleteAda aawe. Kawi tika ela!
Podi deyak- Akuru wala paata wenas karannako. Pennaha background colour 1ta. Hari amaaruwen kiyewwe.
තැන්කූ වේවා ආවට! හ්ම්ම්, පාට නං වෙනස් කරන්න අමාරු යි, අඟහරුවෝ. තව පාට අඩු කරොත් comment පේන්නේ නැතු ව යයි.
Deleteඅක්කේ බ්ලොග් එක ලස්සනයි.
ReplyDeleteනමුත්, "Google Translate" ගැජට් එක sinhala බ්ලොග් එකකට වැඩක් නැහැ. පවාර්ඩ් බයි බ්ලොගර් එකත් පලක් නැහැ කැමතිනම් "කොහෙන් ද? කීයට ද?" කියල ගැජට් එකත් අයින් කරලා දාන්න .. ගැජට් අඩු වෙන තරමට සයිට් එක ස්පීඩ් ලෝඩ් වෙනවා,
post එකට යටින් අමතර ගැජට් තියන්න එපා එවව පාඨකයින්ෆේ අස ගැටෙන්නත් එක්ක දකුණු පැත්තෙන් දාන්න. (අනවශ්‍ය තරම් පිටුව දික් වීම පාඨකයින්ට වදයක්)
(( මේ මගේ අදහස. මේ කොමන්ට් එක කියවල ඩිලීට් කරලා දාන්න ;) ))
ස්තූතියි, අනේ :) ඔන්න ඔයාගේ උපදෙස් පරිදි කටයුතු කළා. දැන් කොහොම ද තත්ත්වෙ? ඒ මොකට ද අනේ කොමෙන්ට් එක ඩිලීට් කරන්නෙ? ඔයාගේ අදහස ඇත්තට ම හොඳයි. අනික මේ අලුත් වෙනස කාගේ අදහසක් ද කියලා ඉතින් මතක් වෙන්නත් එක්ක ඔන්න ඕක තිබුණාවෙ, සහෝ :)
Deleteදැන් (y) ... ;)
Deleteමෙහෙම හොදයි.. පොපියුලර් පොස්ට් එකට 10 ක් දැම්මොත් වැඩි වේවිද ?? O.o
බ්ලොග් කියවන එක දිගු කාලයකට නැවැත්තුව අක්කේ. Feed Reader එකේ දාල තියෙන බ්ලොග් කිහිපයකට නිකමට ලොග් උන වෙලේ මේක දැක්කේ
පොපියුලර් පෝස්ට් 10 ක් තමයි දාලා තියෙන්නේ. ඒත් තාම publish කරලා තියෙන්නේ 5 ක් විතරයිනේ. ඒ නිසා කරන්න දෙයක් නැහැ. :)
Deleteලස්සනයි ධාරා කවි ටික.
ReplyDeleteබොහෝම ස්තූතියි, මංජු අක්කේ. අද නේද මුලින් ම ආවේ? ආයෙත් වෙලාවක් තියෙනවා නං මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ.
Deletelassana pada pelak....!
ReplyDeleteකාලෙකට පස්සේ නේද අක්කා පෝස්ට් එකක් දැම්මේ? බොහෝම ස්තූතියි, මේ පැත්තට ගොඩ වුණාට. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ වෙලාවක් ලැබුණ ම!
Deleteඅපුරු පද පෙළක් ධාරා.... හිතට හොදට වැදුනා.... හිමි අහිමි.....
ReplyDelete//පෙර කල සිටි ලෙසට ආලෙන් බැඳී සොඳ
වෙසෙන්නට පිනක් අහිමි ද අපට අද
කළ අකුසලෙක් මේ ලෙස මට පළ දේ ද
සක් දෙවිඳුනේ ඔහු මා හට හිමි නැති ද?//
බොහෝම ස්තූතියි, සමනළී :) ආයෙත් ඇවිත් යන්න එන්නකෝ ඉඩක් ලැබෙන වෙලාවක.
Deleteඅදමයි මෙහාට ගොඩ වැදුනේ... ලස්සන ඉසව්වක්!! අපූරුයි පද පෙළ ධාරා :) ආයෙත් එන්නම්....
ReplyDeleteආවට බොහෝම ස්තූතියි, හිතුවක්කාරී. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට! ඉඩ ලැබුණ වෙලාවක ආයෙත් එන්නකෝ.
Deleteහරිම ලස්සනයි :)
ReplyDeleteබොහෝම ස්තූතියි, කළුවර හීනය. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. ආයෙත් ඇවිත් යන්න එන්න ඉඩක් ලැබුණ වෙලාවක.
Deleteගොඩක් අයට ප්‍රථම ප්‍රේමය විරහවෙන් කෙළවර වෙනවා. ඉතින් හිත් ගොරෝසු වෙනවා. ඒකයි සමහරු කෙල්ලො ගැන නපුරු මායාකාරියො කියලා බණින්නෙ. ඒත් බැලන්ස් එකේ ආපහු හැරිලා, මොකද වුනේ කියන එක හොද තක්සේරුවකින් බැලුවොත්, කෙල්ලත් අසරණයි කොල්ලත් අසරණයි කියලා තේරෙනවා.
ReplyDeleteදෙවෙනියට හමුවෙන කෙනා ට පුළුවන් වුනොත් අර ගොරෝසු කම තුනි කරන්න, ඒක මාර යි. (අත්දැකීමෙන් කියන්නෙ.)
හ්ම්ම්, ඒක ඇත්ත, ඩ්රැකී අයියේ. සමහර වෙලාවට කතා කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න තමයි දුර දිග යන්නේ. ගොඩක් අයට ප්‍රථම ප්‍රේමය විරහවෙන් කෙළවර වුණත් සමහරුන්ට එහෙම නෙමෙයි. කොහොම වුණත් හැමෝගෙම දැන ගැනීම පිණිස මේ කියන්නේ, අපේ ප්‍රශ්න හිතුවට වඩා හොඳින් විසඳුනා.
Deleteහ්ම්ම්.. ඒත් මේ වගේ ප්‍රාර්ථනා කරන කෙල්ලො අද කාලෙ ඇත්තටම ඉන්නවද සහෝ?? මං නම් දන්නෑ මොකද කාන්තාවකගේ සිතුවිලි කියවන්න මං දන්නැති හින්දා..
ReplyDeleteඅනිවා හොඳ නිර්මාණයක්.. ලස්සන කවි ටික :ඩී
ඉස්තූතියි, සහෝ :) කලාතුරකින් ඉන්නවා මම දන්න විදියට නං. කොහොම වුණත් මේ පැත්තට ගොඩ වුණාට තැන්කූ වේවා! ආයෙත් ඇවිත් යන්න එන්න.
Deleteඅනිවා අනිවා එන්නම් ධාරා.. ඒක නෙමෙයි දැන් අලුතෙන් පෝස්ටුවක් දෙකක් දැම්මොත් නරකද ඈ??
Deleteඒක නං ඇත්ත තමයි, සචින්. ඒත් මේ දවස්වල වැඩ වැඩි යි. විභාගෙකුත් අත ළඟ. ඒ නිසා බලධාරියාගෙන් අවසර නැහැ අලුත් පෝස්ටු දාන්න.
Deleteඅයියෝ සල්ලි.. :/
Deleteඅවුලක් නෑ අපි එහෙනම් පස්සෙවත් බලමුකො නේද?? එල ආ..
ලස්සණ කවි පන්තියක්. සඳ කිඳුරු දා කව මතක් වුණා..අද යි ෙම් පැත්ෙත අාෙව්. දිගට ම ලියන්න. සුබ පැතුම්!
ReplyDeleteසාදරයෙන් පිළි ගන්නවා, සොඳුරු මංපෙතට. හ්ම්ම්, මේක ලිව්වේ සඳ කිඳුරු දා කව යි, යසෝදරා වත යි ඇසුරු කරගෙන. මම ආස කරන කවි පොත් දෙකක්. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ ඉඩ තියෙන වෙලාවක.
Deleteලස්සනයි ධාරා. මම මීට කලින් මේ පැත්තේ ඇවිත් නැද්ද කොහෙද..මතකයක් නම් නෑ
ReplyDeleteකලින් දවසක් ආවා "සුදු මල් වැල" පෝස්ට් එක බලලා යන්න. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ, සයුරී අක්කේ.
Deleteබ්ලොග් අවකාශයට තවත් කවිකාරියක් සුබ පැතුම් කවිකාරියේ
ReplyDeleteස්තූතීයි, නලින් මාමේ. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට!
Deleteකිඳුරු වලප හරිම අපූරුවට ඉදිරිපත් කරලා.. අගෙයි ධාරා.. :D
ReplyDeleteස්තූතියි, කරූ. සඳ කිඳුරු දා කව මගේ හිත් ගත්ත කවි පොතක්. ඒ නිසා ඒ ආරෙට ලියවුණා. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.
Deleteඅදයි මේ පැත්තේ ආවේ, සොඳුරු කවි පෙළක්, ඇයි දිගටම නොලියන්නේ,?
ReplyDeleteනොලියනවා නෙමෙයි, ඉවාන් අයියේ. මේ දවස්වල ටිකක් වැඩ වැඩි යි. ආවට ස්තූතියි :)
Deleteකලින් බ්ලොගයට මොකද්දෝ අටමගලක් විය. වෙලාවක මේ පාරෙන් එන්නෝ....http://kurutugegeepota.blogspot.com/
ReplyDeleteහොඳමයි, සහෝදරී. ඒත් මට නං පේන්නේ බ්ලොගේ update වෙනවා වගේ. බලමුකෝ.
Deleteහරිම ලස්සනයි ධාරා......හිතට හරියට වැදුණා.....
ReplyDeleteස්තූතියි, සිත්තමී අක්කේ. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.
Deleteසඳට හොරා ඔබ සඳ හා හඬන් එපා... ...
ReplyDeleteඉරට හොරා ඉර හා නුබ දොඩන් එපා.....
කඳුළු මකා කඳුලට පෙම් බඳින් එපා.....
මතක හොරා ඒ මතකය බිඳින් එපා.....
සඳ කිඳුරන් ලොව සැම අත තව ඇතිය....
ඒ කිඳුරන් කිඳුරු කොදෙව් හා ලැදිය.....
හිත ඇතුලෙන් සිත හා ලොව හා රැඳිය.....
පෙම බිඳුනෙන් කඳුලින් පලකට නැතිය......
ගුඩ් ලක් ඈ... කවිය උඩින් පල්ලෙන් කියෙව්වා.. පස්සේ එබිලා හොඳට කියවන්න එන්නම්.. (පාන් ගේන්න කඩේ යමින් * ආණ්ඩුවට නොවේ :D )
සඳ කිඳුරන් ලොව සැම අත තව සිටිනා බව ඇත්ත යි . . .
Deleteඑනමුදු ඔහු පරදවන්න සමතෙකු ලොව නෑ සත්ත යි . . .
බිඳුණ සෙනේ කඳුළු මකා මතු වුණ හසරැල් රොත්ත යි . . .
ඔහුගේ තුරුලට මැදි වුණ මගේ සිතේ මල් ඉත්ත යි . . .
සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.
සඳකිඳුරු දා කව...යලිදු කියවූ ලෙස හැඟෙයි මට...
ReplyDeleteබොහොම ස්තූතියි, අක්කේ. ආයෙත් ඇවිත් යන්න එන්න.
Deleteහරිම ලස්සන කවි පන්තියක් ධාරා. අර කිව්ව වගේ මේක ඔයාලෙ පලවෙනි කවි නිර්මාණෙ නම් ඔයා තුල අති විශිෂ්ට කිවිඳියක් හැංගිලා ඉඳල තියනවා.. කියන්න වචන නෑ මේ ගැන.. ඒ අතින් බලනකොට ප්‍රභා කරන් හරිම වාසනාවන්ත මිනිහෙක් :D
ReplyDeleteකලබල වෙන්න එපා ප්‍රභා කරන් කියන්නෙ සූර්යාට ;) සූර්යා කියන්නෙ ඉතින් ළා හිරු රැස් එවන කෙනාට :P
ආයෙ මොකටද කමෙන්ට් 98ක්.. ඔන්න මම ඒක 100ම කලා :P
ඇගයුමට බොහෝම ස්තූතියි, සමියෝ :) මෙම කොමෙන්ටුව ළා හිරු රැස් බෙදන්නා වෙත යොමු කළ බව කරුණාවෙන් සලකන්න!
Deleteළා හිරු රැස් එවන කෙනා කොමත් වාසනා වන්තයි තමා එයා එක දන්නවා... :)
ReplyDeleteඑයා ව ලබන්න මමත් වාසනාවන්ත යි, නාඳුනන්නෝ :)
Delete