December 8, 2013

දෙයියන්ගේ ලෙඩ (සිව් වැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ පළමු, ‍දෙවැනි සහ තෙවැනි දිග හැරුම කියවන්න බැරි වුණ අය යන්න ඕනේ මෙන්න මේ මංපෙත් දිගේ  . . .


ඉමාලිගේ ඒ වදන් පෙළ අනුරාධගේ නින්ද ආයෙමත් නොඑන්න ම ඈතට තල්ලු කරලා දැම්මා. ඔහුගේ හිතේ සැනසීම දිය පිට ඇඳි ඉරික් වගේ නැති වෙලා යන්න ගත වුණේ ක්ෂණය යි. නයෝමි හැර ගියාට පස්සේ ඔහු ඇගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන තුරු වසර ගණනාවක් පෙරුම් පිරුවා. රෑ නිදි මරාගෙන දුරකථන තිරය දිහා බලාගෙන හිටියා. දුරකථනය නාද වෙන හැම වෙලාවක ම ඒ දිහා බැලුවේ බලාපොරොත්තු පිරිච්ච හිතකින්. ඒත් කවදාවත් ඇය කතා කළේ නැහැ. අන්තිමේ දී ඔහුට අවශ්‍ය නැති වෙලාවක, ඔහුගේ හිතේ සැනසීම නැති කරමින් ඒ දුරකථන ඇමතුම ඇවිත් තිබුණා.

සිහින් හඬින් කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කරන ඉමාලි‍ගේ සිහින් ඇඟිලි තුඩු කෙස් කළඹ අතරින් දිව යන අයුරු ඔහුට දැනුණා. දිගු වේලාවකට පස්සේ ඔහු ව පොරෝනයෙන් හොඳින් ආවරණය කරලා ඔහුගේ නළලට හාදුවක් දීල මුළුතැන්ගෙය දෙසට ඇවිදගෙන යන ඇගේ පියවර හඬ, දොර ජනෙල් වහන ගමන් ඇය ගැයූ ගීයේ මියුරු හඬ, සිහින් පොද වැස්‍සක් වගේ නාන කාමරයේ වතුර වැටෙන හඬ ඔහුට ඇසුණා. ඒ හැම දෙයක් ම සිදු වුණේ හුඟක් හෙමින්. අන්තිමේ දී ඔහුගේ හදවතේ රිද්මයට සවන් දෙමින් ඇය නින්දට වැටුණා.

නමුත් නින්ද ඔහු ‍ළඟට ආවේ නැහැ. ඒ වෙනුවට එකිනෙකට වෙනස් සිතුවිලි දහසක් ඔහුගේ හිත ඇතුළේ පෙරළි කළේ පැටලුණ නූල් බෝලයක් වගේ. නයෝමිගේ දුරකථන ඇමතුමට හේතුව දැන ගන්න ඔහුගේ සිත නොඉවසිල්ලෙන්. ඒ නිසා නිරායාසයෙන් ම ඔහුගේ සුරත මේසය මත තිබුණ ජංගම දුරකථනය දෙසට ඇදුණා.

වසර ගණනක් තිස්සේ ඇය වෙනුවෙන් ඔහුගේ දුරකථන අංකය නොවෙනස් ව තිබුණත් ඇගේ දුරකථන අංකය වෙනස්. 'ඇයට දුරකථන ඇමතුමක් ගන්නවා ද?' ඔහුගේ සිත වල්මත්. නයෝමි පිළිබඳ මතකයන් යටපත් කරමින් ඔහුගේ පපුවේ උණුසුමට තුරුල් වෙලා නිදන ඉමාලිගේ රුව දෙසට ඔහුගේ දෙනෙත් යොමු වුණේ අහම්බෙන් වගේ. 'රෑ‍ නිදා ගන්නකොට ඔයාගේ හදවත ගැහෙන සද්දේ ඇහෙද්දී ම‍ට ලොකු ආරක්ෂාවක් දැනෙනවා, අනුරාධ.' ඇගේ කටහඬ ඔහුගේ දෙසවන් අසල රැව් දුන්නේ ඔහුගේ සිත තුළ නැණ පහන් දල්වමින්.

නයෝමිගේ ඇමතුමට අදාළ සියලු මතකයන් දුරකථනයෙන් මකා දමන්න අනුරාධට ගත වුණේ එක ම එක මොහොත යි. ඔහුගේ සිතට දැනුණේ සැහැල්ලුවක්. දැරිය‍ නොහැකි වේදනාවක් සිතෙන් ඉවත් ගිය පසු ඇති වන අසාමාන්‍ය සැනසිල්ලක වෙළී ඔහු නින්දට වැටුණා.


✾     ✾     ✾

රැය පුරා ඇද හැලුණ මහ වැසි අලුත් හිරු උදාවත් සමග පහ ව ගියේ අඳුරු වලා පටලය රන්වන් ළහිරු කිරණින් සිත්තම් කරමින්. විවෘත වුණ කවුළුව තුළින් හමාගෙන ආවේ සීතල සුළඟක්. ජනෙල් පඩිය මත තිබුණ උඩවැඩියා පඳුර සුදෝසුදු මලින් බර වෙලා. ඒ අසල ම ඉමාලිගේ හුරතල් ලේන් පැටියා උදේ කෑම වෙලාව එළඹෙන තුරු නිදහසේ දඟ කරමින් හිටියා. ඇ‍ඳෙන් බැහැලා නාන කාමරයට ගිය අනුරාධ මුහුණ සෝද ගත්තේ ප්‍රබෝධයෙන්.

ඒ හැම දෙයක් ම අනුරාධගේ හිතට අරගෙන ආවේ අලුත් ආරම්භයක්. හැම වේදනාවක් ම අමතක කරලා නයෝමි නැති ලෝකයක් තනන්න ඔහුට අවැසි වුණා. ඉමාලිට විතරක් ආදරේ කරන්න. හැමදාම ඇය ව සතුටින් තබන්න. ඒ වෙනුවෙන් නයෝමි ව සදහට ම ඔහුගේ ලෝකයෙන් ඈත් කළ යුතු බව ඔහු දැනගෙන හිටියා. ටිකක් කල් ගත වුණත් අන්තිමේ දී ඒ තීරණය ගැනීම ගැන ඔහු හිටියේ තෘප්තියෙන්.

"මොකද අනේ තනියම හිනා වෙන්නෙ?" ඉමාලි ඇහුවේ ඔහුගේ අතට තේ කෝප්පයක් දෙන ගමන්. ඇය හිටියේ තැඹිලි පැහැ ඔසරියකින් හැඩ වෙලා.

"ඒක රහසක්. අම්මේ, මෙයාගේ හැඩ! මොකෝ මේ උදේ පාන්දරින් ම ලෑස්ති වෙලා?"

"අද උදෙන් ම යන්න ඕනේ, අනූ. මම ඊයේ පොරොන්දු වෙලා ආවේ."

"මොනවා ද ඔච්චර වැඩ?"

"ඒක රහසක්," ඉමාලි සරදම් කළා. "කියන්නේ නෑ ඔයාට."

"අපෝ, වැඩේමයි මට ඔයාගේ රහස් දැන ගන්න. අනික මම සෑහෙන්න වැඩ තියෙන මනුස්සයෙක්. ඔයාට වගේ හෝඩියේ පන්තියේ වැඩ කරන්න වෙලා නෑ මට. තේරුනා ද මැඩම්?"

"එහෙම ද? කිව්ව එක හොඳයි මට දැන ගන්න. මම යනවා," ඉමාලි කිව්වේ බොරු අමනාපයකින්.

"මගේ කෑම එක ලෑස්ති කරලා යන තැනක ගියාට කමක් නෑ."

"ඔයා මහ නපුරෙක්."

"නපුරෙක් වුණත් ඔයාගේ මහත්තයානේ. ඒ නිසා ඔයා මම කියන විදියට වැඩ කරන්න ඕනේ," අනුරාධ කිව්වේ ඉමාලිට යන්න බැරි වෙන්න ඔසරි පොටින් අල්ලා ගන්න ගමන්.

"මට යන්න දෙන්නකෝ."

"විහිළුවක් කරේ. පරිස්සමින් ගිහින් එන්න."

"මම දන්නවා. ඔයාගේ දවල් බත් එක කෑම මේසේ උඩ ඇති. මතක් කරලා ඒක අරගෙන යන්න. උදේට කාල මිසක් ඔෆිස් යන්න බෑ ඔන්න."

"හරි," අනුරාධ කිව්වේ ඉමාලිගේ ආදරේ විඳින ගමන්. නයෝමිගේ ආදරේට වඩා හාත්පසින් ම වෙනස් සරල බවට මුවා වුණ ගැඹුරු ආදරයක්. ඔහුගේ සිත‍ වෙළා ගත් සියලු ‍දුක් දොම්නස් පලවා හරින ආද‍රයක්.

"මම යන්නං, අනුරාධ. ඔයත් පරිස්සමින් ගිහින් එන්න. මම ඔයාට හුඟක් ආදරෙයි."

"මමත් ඔයාට හුඟක් ආදරෙයි," අනුරාධගේ කිව්වේ ඉමාලි ව තදින් පපුවට තුරුල් කරගෙන ඇගේ හිස සිප ගනිමින්. "හුඟක් ආදරෙයි හැමදාම."

"මම දන්නවා. මමත් එහෙම යි."

දිගු වේලාවකට පස්සේ අනුරාධගේ ග්‍රහණයෙන් මිදිලා ඇය දොරටුව දිහාට පිය නැගුවේ හිත වසා ගත්ත සැනසිලිදායක හැඟුම් වලාවක් සමග. පෙර දා රැයේ හිතේ ඇති වුණ සැකය ගැන ඇය පසුතැවිලි වුණා.

ඉමාලි නිවසෙන් පිට වුණාට පස්සේ අනුරාධගේ හිතට දැනුණේ පාළුවක්. වසරකට ආසන්න යුග දිවියේ සොඳුරු මතකයන් ආවර්ජනය කරමින් ඔහු‍ කාර්යාලයට යන්න සූදානම් වුණත් ඒ තනිකම මැකිලා ගියේ නැහැ. ඇගේ මියුරු සිනා හඬ නෑසෙන නිවස, සොහොන් බිමක් සේ නිහඬ යි. බොහෝ වෙලාවකට පස්සේ ඒ නිහඬ බව බිඳිලා ගියේ නොනැවතීම නාද වුණ ඔහුගේ ජංගම දුරකථනයේ හඬින්.

"අනුරාධ," නයෝමිගේ හැඟුම්බර කටහඬ දුරකථනය තුළින් ගලාගෙන ආවා. "ඔයා තාමත් ඒ කාලේ යූස් කරපු නම්බර් එක නේද යූස් කරන්නෙ?"

"ඔව්. කියන්න දෙයක් තියෙනවා නං ඉක්මනට කියන්න, නයෝමි. මට ඔෆිස් යන්න පරක්කු වෙනවා."

"ඔහොම නපුරු විදියට කතා කරන්න එපා, අනූ."

"මේ නයෝමි, මට ඔයා එක්ක නිවී සැනසිල්ලේ කතා කර කර ඉන්න වෙලා නෑ. ඔයාට කියන්න දෙයක් තියෙනවා නං ඉක්මනට කියලා ඉවර කරන්න."

"ඔයාට මොකද වෙලා තියෙන්නෙ, අනූ?"

"මට මුකුත් වෙලා නැහැ, නයෝමි. මට ඇත්තට ම ඔයා එක්ක කතා කරන්න දෙයක් නැහැ. ඔයා ඒක තේරුම් ගන්න. කියන්න ඕනේ හැම දෙයක් ම මම ඊයේ ඔයාට කිව්වනේ."

"ඒත්, අනුරාධ . . ."

"නයෝමි, මේ අහන්න. දැන් ඉස්සර වගේ නෙමෙයි. හැම දෙයක් ම වෙනස් වෙලා. මම බැඳපු මිනිහෙක්. මට ම කියලා ජීවිතයක් තියෙනවා. අනික ඔයත් බැඳපු කෙනෙක්. ඒ නිසා අපිට ඉස්සර වගේ කතාබහ කරන්න බෑ. එහෙම කරන එක හොඳ මදි."

"මම ඩිවෝස් වුණා."

"ඒක හරි. ඒත් ඔයා ඩිවෝස් වෙච්ච එක මට අදාළ නැහැ. අනික මම ඩිවෝස් වෙලා නැහැනේ, නයෝමි. මම ඉමාලිත් එක්ක සතුටින් ඉන්නවා. හුඟක් සතුටින්. මම ඇත්තට ම කැමති නෑ ඔයා මට කතා කරනවට. මොකද ඔයා නිසා ඉමාලිගේ හිතට දුකක් දෙන්න මට ඕනේ නැහැ. ඒ නිසා කරුණාකරලා ආයෙත් මට කතා කරන්න එපා."

"අනුරාධ, මට කතා . . ." ඔහු ඇමතුම විසන්ධි කළා.

ඉන් පසු ව පැමිණි දින කිහිපය ඔහු කැප කළේ ඉමාලි වෙනුවෙන්. ඇගේ කටයුතුවලට සහය වෙමින්, සරසවි සිසුන් සමග එක් ව ඇයට විහිළු තහළු කරමින්, නිරන්තරයෙන් ම ඇය අසල දැවටෙමින් ඔහු ගත කළේ පුළුන් රොදක් සේ සැහැල්ලු දිවියක්.

ඔහු කාර්යාලයේ දී පවා කටයුතු කළේ දැඩි උද්‍යෝගයකින්. ගෙවී ගිය දින කිහිපය ඇතුළත ඔහුගේ සිතේ අලුත් බලාපොරොත්තු ඇති කරන්න ඉමාලිට හැකි වී තිබුණා.

"සර්," නයෝමිගේ අවසන් දුරකථන ඇමතුමෙන් සතියක් ඉක්ම ගිය දා ගොඩනැගිලි සැලැස්මක් අධ්‍යයනය කරමින් අවිවේකී ව හිටපු අනුරාධට බාධා කරමින් කාර්යාල සහයකයෙක් ඔහු ව ඇමතුවේ යටහත් පහත් විදියට.

"ඇයි, ඉසුරු?"


"සර් ව මුණ ගැහෙන්න මිස් කෙනෙක් ඇවිල්ලා," ඔහුගේ පිළිතුර අනුරාධගේ දෑසේ මතු කළේ පීඩාකාරී බැල්මක්.

෴  මතු සම්බන්ධ යි 

86 comments:

  1. ඔන්න කියවලා ඉවරයි දැන් ඉතින් මට යන්න වෙලාව හරි ඔයා දන්නවා නේ මොනවටද කියලා ;) .. හේ හේ හැමදාම වගේ ලස්සනට ලියලා තියෙනවා ..ආයේ මේ ආචිචි අම්මගේ අදහස් ගැන කියන්න දෙයක් නැහැ..

    ReplyDelete
    Replies
    1. ඇගයුමට ස්තූතියි, ආතේ :) එහෙම නං ගිහින් නාල කාල එන්නකෝ. නැත්තං මගේ බ්ලොග් එකත් ගඳ ගහයි!

      Delete
    2. ඔව් කියන කම් හිටියේ :/

      Delete
    3. ඔන්න කිව්වා! දැන් ගිහින් නාල ආව නං :P

      Delete
    4. //රැය පුරා ඇද හැලුණ මහ වැසි අලුත් හිරු උදාවත් සමග පහ ව ගියේ අඳුරු වලා පටලය රන්වන් ළහිරු කිරණින් සිත්තම් කරමින්. //

      කැස්සයි මොකද්ද එකයි හංගන්න බෑලුනේ :D

      Delete
    5. උඹට හැමදාම මුළු පෝස්ට් එකෙන් ම පේන්නේ එක පේළිය යි! බලමුකෝ ඒකෙත් හැටි :) උඹට මිස් වුණ වචනේ "ආදරය" මම දන්න විදියට.

      Delete
  2. කියෙව්වා කියෙව්වා. අන්තිමට හෝස් ගාලා ඉවර උනා.. නිකං මදි වගේ...

    ReplyDelete
    Replies
    1. ඔතනින් ඉවර කරේ නැත්තං බැහැනේ, දේශකයෝ :) බලමුකෝ ඊළඟ පාර මොකක් හරි කරන්න.

      Delete
  3. හිතට සැනසීමක් දැනෙන්න ලියල තියනව.. බොහෝම අගේ කරනව ධාරා.

    ReplyDelete
    Replies
    1. සිඟිති අක්කා අන්තිම කොටස හරියට කියවලා නෑ වගේ :(

      Delete
    2. කියෙව්වා මැට්ටියේ... මං හිතට සැනසීමක් දැනෙන්න ලිව්වා කිව්වෙ අනුරාධ හිතන විදිය ගැන. නැතුව අන්තිම ටික ගැන නෙමේ. අනුරාධ හිතන විදිය වෙනස් නොවුනොත් නයෝමි ඔෆිස් එකට නෙමේ ගෙදර ගියත් මොකෝ...

      Delete
    3. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා, සිඟිතියෝ :)

      Delete
    4. අනුරාධලා එහෙම තමයි හිතන්නේ කොහොමත් හොඳ කොල්ලොනේ :D

      Delete
    5. ඔව්, ඉතින්. වෙන කොල්ලෝ නැත්තං හොඳයි තමයි!

      Delete
  4. නයෝමි ගැන මට ඇත්තටම තරහයි! ඔය හම්බෙන්න ඇවිත් ඉන්නේ නයෝමි නොවෙන්න කියලා මම පතනවා.

    ReplyDelete
    Replies
    1. ඊළඟ පෝස්ටුවෙන් බලමුකෝ කවුද ආවේ කියලා!

      Delete
  5. නයෝමි ගැන මට ඇත්තටම තරහයි! ඔය හම්බෙන්න ඇවිත් ඉන්නේ නයෝමි නොවෙන්න කියලා මම පතනවා.

    ReplyDelete
    Replies
    1. චන්දන අයියා මොකෝ මේ දෙපාරක් ම එක ම කොමෙන්ටුව දාල?

      Delete
    2. මම හිතුවේ සඳුන් සෙවන කියලා දැම්මාම ඒක ගියේ නෑ කියලා. ඒකයි දෙවෙනි සැරේ චන්දන කියලා දැම්මේ. නංගිට ජය හා සතුට පතනවා.

      Delete
    3. බොහෝම ස්තූතියි, චන්දන අයියේ :) අයියටත් ජය හා සතුට!

      Delete
  6. නයෝමි මළ ඇණයක් වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි දැන් පෙනී යන්නේ :)

      Delete
  7. ඔන්න එක හුස්මට කියෙව්වා හරිම සිත් ඇද ගන්නා සුළුයි,ඉතුරු ටික කියවන්න බලා ඉන්නව.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, හැලප මාමේ :) ඉක්මනට ඉතුරු ටිකත් දාන්නංකෝ. මේ දවස්වල ලියාගෙන යනවා.

      Delete
  8. නයෝමි අනුරාධට පාඩුවෙ ඉන්න දුන්නොත් හොදයි මම හිතන්නේ..බලමුකෝ ධාරා කොහොමද හිතන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. මම මොනවා හිතුවත් බෑනේ, ‍රජෝ :( මේ නයෝමි මැද්දට පනින්න ම තමයි බලන්නේ.

      Delete
  9. මගේ බ්ලොගර් පිස්සු නැටුවයින් 3 බලන්නත් බැරි උනා.. හෙමීට බලන් එන්නම්..

    ReplyDelete
    Replies
    1. එහෙම නං ඒක තමයි දිනේෂ් අයියා අතුරුදන් වෙන්න හේතුව :) බ්ලොගර්ට පිරිතක් කියලා නූල් බැන්දා නං හරි යයි. එහෙම නං හෙමීට බලාගෙන එන්නකෝ.

      Delete
  10. අගක් මුලක් නොදන්නා කථාවක් මැදින් කියවන්නට නොහැකි නිසා...ඉසිඹුවක් ලද සැනින් මුල කොටස සොයා යමි. එතෙක් මා මෙහි ආ වග සටහන් කරමි. ජය !

    ReplyDelete
    Replies
    1. සොඳුරු මංපෙතට ගොඩ වැදුණ කාම‍රයේ වෙසෙන සද්ගුණවත් සිරා කොලුව ව සාදරයෙන් පිළි ගන්නවා. වෙලාවක් ලැබුණ ම ඇවිත් කියවන්නකෝ.

      Delete
  11. එක හුස්මට කියෙව්වා''''''ඊ ලග කොටසත් ඉක්මනින් දාන්ඩෝ......

    ReplyDelete
    Replies
    1. වැදලා කියන්නේ, හුස්ම හිර කරගෙන මේවා කියවන්න එපා. අන්තිමට අනියම් මීනිමැරුමට මාව වැරදිකාරයෙක් වෙයි :D

      Delete
    2. හි...හි...හි... එහෙම මැරෙන් නෑ බොල....:B

      Delete
    3. අපරාදේ :( හත් දවසේ දානෙට එන්න තිබුණ චාන්ස් එක!

      Delete
  12. කෝ මගේ කමෙන්ට් එක

    ReplyDelete
    Replies
    1. ඔන්න උඩ හරියේ තිබුණා, හැලප මාමේ. දැන් ටිකක‍ට කලින් තමයි කමෙන්ටු ටික පබ්ලිෂ් කරේ :)

      Delete
  13. :/ uba apita heart atck ekak hadawala thma oya kthawa iwara karnne :/

    ReplyDelete
    Replies
    1. කාට හාට් ඇටෑක් හැදුණත් උඹ නං හදා ගන්න එපෝ. මට බෑ අවිස්කයා ව කසාඳ බඳින්න :'(

      Delete
    2. ඒ ගැන නම් සතේකට බය වෙන්න එපා.. මට ගන්න බැරි වුන මිනිහාව වෙන එකෙක් ට ගන්න නම් කීයටවත් ඉඩ තියෙන්නේ නෑ.. හොලමන්ක් වෙලා හරි පස්සෙන් යනෝ :p කොහමද ටිකිරි මොලේ :v

      Delete
    3. මාර යි! කියන්න වචන නෑ බොලව් :) අවිස්කයාගේ වාසනාව තමයි!

      Delete
    4. මම අවිස්කයව බඳින්නම් :D අවංකයට බූට් එක තියලා :D

      Delete
    5. ඊයා! උඹ මොනවද යකෝ මේ කියවන්නේ. බූරුවා!

      Delete
    6. අඩෝ මුදියා.. තෝ මගෙන් මැරුම් නොකා හිටු.. හොදේ

      Delete
    7. මම එනවා උදව්වට!

      Delete
    8. ස්තුතියි ධාරෝ.. ගනින් පොල්ලක් මුට ගහන්න :D

      Delete
    9. පොල්ලකින් ගහලා මූ ව මරන්න බැරි වෙයි බං :) අපි වහාම රහසිගත කුමන්ත්‍රණයක් කැඳවන්න ඕනේ.

      Delete
  14. අනුරාධනම් සිරාවටම එල කොල්ලෙක්, ඒත් එල කොල්ලව නයෝමි කයිද මන්ද...

    ReplyDelete
    Replies
    1. බලමුකෝ ඉස්සරහට නයෝමි මීනී මස් කනව ද කියලා!

      Delete
    2. අද සසිඳු අයියගේ උපන් දිනේ ද? කෝ අපිට කේක්? ඔන්න අපිත් විෂ් කරා ලු :) සුභ උපන් දිනයක් වේවා! @ රහසින් : දැන් හැටට ළඟ ද?

      Delete
  15. Replies
    1. හෙට නෙමෙයි යකෝ අද දවල් වෙලා එනවා කියාපිය!

      Delete
    2. හික්ස් .. මුදියා ගේ හෙට කියන්නේ අද රැට, පාන්දර බන්.. මුදිට එලි වෙන්නේ කළුවර වැටෙද්දී නේ :p

      Delete
    3. ඔව්, ඒකත් ඇත්ත. ඕකා දවසෙ ම බුකියේ ඉන්න එකේ කාලය සහ අවකාශය ගැන හැඟීමක් නැතු ව ඇති!

      Delete
    4. අඩොව් මොකොව් ඩෝ හැඟීමක් නැත්තෙ.. හැඟීමක් නැත්තං ආයෙ එනවෑ >_<

      ඔන්න අදයි ආවෙ හෙට කිව්වට. අනික් කොටහත් දාලා හින්දා ඒක බලල එන්නම් :)

      අර මුල තියන කතාව නම් මගේ ජීවිතේටත් සම්බන්ඳයි.. කොච්චර බලං හිටියත් අන්තිමට මැසේජ් ආවෙ මට ඕනි නැති වෙලාවක /. හ්ම්ම්

      Delete
    5. ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට. ඊට පස්සේ වුණේ මොකද්ද කියලත් කිව්වා නං ;)

      Delete
  16. දැන් ඔයාගේ මේ කතාවේ අනුරාධගේ ජොබ් එක මොකක්ද ? කතාවේ කලින් ඒ ගැන සඳහනක් තිබ්බ තැනක් මට මතක් නෑ ...(ඉතුරු ටික මේ කට පිළිතුරු දුන්නයින් පසුව )

    ReplyDelete
    Replies
    1. අනුරාධ ඉංජිනේරු මහත්තයෙක්. ඇයි දෙයියනේ කතාවේ මුල් ම හරියේ ඒ ගැන ඉඟියක් වගේ ‍එකක් දුන්නනේ.

      Delete
  17. ආ හුටා තියෙනවා තියෙනවා , මම දැන් ආපහු බලනකොටයි දැකකේ මේ අනුව මේ කතාව මට සම්පූර්ණයෙන්ම අදාලයි.

    ReplyDelete
    Replies
    1. එහෙම ද? ඔන්න ඉවාන් අයියා නොකියා කිව්වා එයත් ඉංජිනේරු මහත්තයෙක් කියලා :) මොරටුවෙ ද?

      Delete
    2. නොකියා නෙවෙයි කෙලින්ම කිව්වේ ...පේරාදෙණියේ.

      Delete
    3. එහෙම නං මේකේ අනුරාධ යි ඔය යි අතර කිසිම වෙනසක් නෑ :) ඔන්න මම දන්නේ නෑ කතාව ඉවර වෙනකොට ඔයාට මොනවා වෙයි ද කියලා!

      Delete
  18. Aiyo aparade Anu ta hamath e visthare kiya ganna bari una ne.

    ReplyDelete
    Replies
    1. ඔයාට තියෙන හදිස්සිය අනුරාධට නෑ අනේ. ඉවසලා ඉන්නකෝ.

      Delete
  19. පස්සෙ ඇවිත් නිවාඩු ව කියවන්නම් සිඟිති. මේ දවස්වල වැඩ ගොඩක හිර වෙලා.

    ReplyDelete
    Replies
    1. වැඩ අස්සේ දිලිනි අක්කට අපේ නම් එහෙමත් ටැපලිලා!

      Delete
  20. වැරදුණා වැරදුණා. ධාරා. සිඟිතිටත් මේක ම නේ කිව්වේ, ඔයාල දෙන්න ගෙ ම කතා දෙක මම ආසාවෙන් කියවන නිසා!

    ReplyDelete
    Replies
    1. එහෙම නං නිවාඩු පාඩුවේ ඇවිත් කියවලා යන්නකෝ.

      Delete
  21. දැක්කනේ අහිංසක කොල්ලන්ව කන්නෙම නයෝමිලා වගේ කෙල්ලෝ...:D

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කිව්වේ :) ඔයා කියනකං දැනගෙන හිටියෙ ම නෑ!

      Delete
  22. Replies
    1. ඔන්න දැන් තමයි බ්ලොග් එකට‍ ගොඩ වෙන්න ලැබුණේ :( උදේ ඉඳලා සංචාරය කරලා ආවේ. සමාවෙන්න ටිකක් පරක්කු වුණාට.

      Delete
  23. ආයෙමත් නයෝමිද??? ඔන්න ඉතින් දැන් දැන් මට නයෝමි ගැන සාධාරණ තරහවක් ඇති වෙනවා. කෝමත් කතාව නම් අපූරුයි. ඊළඟ කොටසත් ඉක්මනටම දාන්ඩෝ.

    ReplyDelete
    Replies
    1. සාධාරණ තරහක් නං ඉතින් අවුලක් නෑ :) බලමුකෝ ඊළඟ කොටසින් ආයෙමත් නයෝමි ද ආවේ කියලා!

      Delete
  24. හ්ම්..කොටස් තුනක්ම මග ඇරිලනෙ...මේක නම් කියෙව්වා. ඉතුරු ටිකත් කියවන්නම්කො ඊළඟ කොටසට කලින් :)

    ReplyDelete
    Replies
    1. චාම්ස් අක්ක ව දැක්ක කල් :) ඔන්න හෙට දවස ඇතුළත ඊළඟ කොටස දාන්නං හිතාගෙන ඉන්නේ.

      Delete
  25. අද තමයි මේ ටික කියවගන්න ඉස්පාසුවක් ලැබුනේ... ශා.. දැන් දැන් කතාව සෑහෙන ලස්සනවේගෙන එනවා !

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා, මධූ අය්යේ :)

      Delete
  26. ඔන්න අද නම් කතාව කියෙව්වා. මට හිතෙන්නෙ නම් නයෝමි හැසිරෙන විදිහ සම්පූර්ණයෙන් වැරදි යි. ඒත් බලමු. එයා ගෙ කතාව තව ම අපි දන්නෙ නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත! ඒත් ඉතින් මේ ලොකේ විවිධ උදවිය ඉන්නවනේ, දිලිනියෝ.

      Delete
  27. නියමයි ධාරා. නයෝමි මේක අත අරින්නම ලැහැස්ති නෑ වගේ... බලමු ඊළඟට නයෝමි මොකද කියන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. බලමුකෝ. අද නේද සොඳුරු මංපෙතට ගොඩ වුණේ? සාදරයෙන් පිළි ගන්නවා. දිගට ම ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  28. කතාව නම් නියමම නියමයි ධාරා... නයෝමි මේ පාර මොනවද කියන්න යන්නේ... ඉක්මනට ඊළඟ කොටසත් දාන්න

    ReplyDelete
    Replies
    1. ඇගයුමට තුති, ගන්දරයෝ. හෙට බලමුකෝ මේ පාර මොකද වෙන්නෙ කියලා!

      Delete
  29. ලස්සන කතාවක්. අහම්බෙන් ගොඩ වෙලා කතාව විතරක් කියෙව්වා. ඔන්න අවසානයටම කියවපු කොටසට විතරයි කමෙන්ට් කළේ.ඉතිරි ලිපි ටිකත් ඉඩක් ලැබුණ ගමන්ම කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් හරි ගොඩ වුණාට බොහෝම ස්තූතියි. ආ‍යෙත් නිවාඩු පාඩුවේ ඇවිත් යන්න එන්නකෝ :)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...