හිරු වසාගෙන ඝන වලාකුළු මතු වෙලා නුබ ගැබ | පුරාවට |
නැවුම් බව රැඳි සිසිල් සුළඟක් හමාගෙන යයි සිව් | දිසාවට |
සුළඟ ගෙන ආ ගීයෙ තාලෙට සෙමෙන් සැලෙනා පුංචි | මලකට |
උඩින් පියඹා ගිය කිරිල්ලිය අකැමති ද මන්දා | තෙමෙන්නට |
සිහින් පොද වැසි ඇද හැලෙයි සීතලෙන් මාගේ ගත | වෙලාගෙන |
සිටිය නම් නුඹ ඉන්න තිබුණා සීත යන්නට තුරුලු වී | ගෙන |
නියම පදමට කහට එක් කළ තේ එකක් උණුවේ | බෙදාගෙන |
බොන්න තිබුණා කවුළුවට එපිටින් වැටෙන වැහි දෙස | බලාගෙන |
මාත් එක්කලා ආදරෙන් වැස්සේ තෙමෙන්නට එන්නෙ | කවද ද |
හොඳට තෙමිලා එක ම කම්බිලියක් ඇතුළෙ ගුලි වෙන්න | ආස ද |
පාට කඩදාසියක් අරගෙන පුංචි ඔරුවක් හදනු | බොළඳ ද |
දුරින් ඉන්නට බෑ තවත් මට මා ව අරගෙන යන්නෙ | කවද ද |
August 29, 2013
වැස්ස දවසක!
අතුරු මංපෙත :
ආදර කුසුම්,
කවි සිතුවිලි,
නුඹේ නමින්,
මට හිතෙන හැටි,
සංකලන,
සතුට පිරිලා
Subscribe to:
Post Comments (Atom)
පොඩි පොද වැස්සක් අද තිබ්බ නිසාමද දන්නේ නැහැ මෙයා ට කවි සිතුවිලි පහල වෙලා.. :D ලස්සනයි ලස්සනයි සුබ පතනවා ඉස්සහරට කරන වැඩ වලට ධාරා..
ReplyDeleteනැතු ව! වැස්ස වෙලාවේ කතා කරපු දේවල් නිසා තමයි කවි සිතුවිලි පහළ වුණේ :) සුභ පැතුමට තැන්කූ වේවා!
Delete
ReplyDeleteනුබ ගැබ දිලෙයි කළුවර වැහි වලාවට....
සිසිලස ගලයි මා ගත අද පුරාවට....
මල් පෙති වගෙයි නුබ මුව අද සිනාවට...
තෙමි තෙමි හිඳිමු තුරුලේ අපි මුලාවට.....
වහින මේ වැස්ස අපේ උණුහුම හොරා යන....
මතක මංපෙතට හුස්ම බිඳ ගෙනත් උරාගෙන....
කහට නැතුවමත් සුසුම් උනුහුමට වෙලී යන.....
නුබව සිඹින්නට වැස්ස අද නපුරු වෙලාගෙන.....
පොද වැස්සේ තෙමුනොතින් ලෙඩ හැදෙයි බෝමයි....
නුබේ ගතේ වැහි බිඳීතු වැටෙනකොට ලෝභයි.....
කඩදාසි ඔරු මතින් දුර යන්න ආසයි....
ළඟ ඉන්නේ තුරුලුවෙමු වැහි අස්සේ සීතයි....
මේ වැස්ස මගෙ හිතට කවි හැඟුම් ගේනවා...
ඒ හැඟුම් ළඟ ඉඳන් නුබ සුවඳ දැනෙනවා....
පොද වැස්සේ නුබ එක්ක හැමදාම යනෙනවා...
ඒ මතක මැද ඉඳන් මම තාම හඬනවා....
Bora Diyaka Induwara
මගේ පොස්ටුවට වඩා දිග පිළිතුරු කවියට බොහොම ස්තුතියි, බෙන්.
Deleteපොස්ටුවට වඩා දිගු කමෙන්ට් :D මූට වෙලාව කොහෙන්ද දන්නෑ :D ..
Deleteබෙන් හරිම අගෙයි පැදි පෙල. ධෘරා කැලේ...
Deleteමක්කෙටෙයි ස්තුති.... ඔය වචනෙන් බැමි බඳින්න එපා ඈ.. ආයේ එන්නෙම නැතෝ එහෙම උනොත්...
Delete:D
@ සමී - වෙලාව කොහෙන් හරි හොයා ගන්නේ නැතෑ :) ලියනවා නං එච්චර යි!
Delete@ දේශකයා - ආ! එහෙම ද?
@ බෙන් - හෆොයි! ඉල්ලා අස් කර ගන්නවා එහෙම නං ඈ :)
වැහි ධාරා.. වගේ...
ReplyDeleteසුන්දරයි.. ජය වේවා..
ආහ්, එක එක නම් දාන්න ඔට්ටු නැතෝ :) ජය වේවා!
Deleteලියන විදිහ පට්ටයි නියමයි
ReplyDeleteපට්ට යි = නියම යි නෙමෙයි ද? කොහොම වුණත් තැන්කූ වේවා!
Deleteමං මේක හිතෙන් කියපු තාලෙත් එක්ක සමහර තැන් ගැලපෙන්නෙ නැතුව ගියා.. ඊට පස්සෙ බොහොම හෙමීට කියෙව්වාම මගෙ තාලෙට් මුලු කවි පන්තියම ගන්න පුලුවන් උනා :)
ReplyDeleteසාර්තකයි!!
සිටියා නම් නුඹ ඉන්න තිබුණා සීත යන්නට තුරුලු වී ගෙන කියන එක එහෙම ලියල තිබුනට
සිටියා කියන එක සිටිය කියල කිව්වනම් නියමෙට යනෝ තාලෙ එක්ක
සිටිය නම් නුඹ ඉන්න තිබුණා සීත යන්නට තුරුලු වී ගෙන
ඔන්න හැදුවෝ :) දැන් හරි. මට කියන්න ඕනේ වුණේ "සිටිය" කියලා තමයි. ඒත් ටයිප් කිරීමේ දී අවුලක් මතු වෙලා :(
Deleteවාව්! ධාරා මම නඩු දානවා!
ReplyDeleteමගේ මතක පොත ඇවිස්සුවට කමක් නෑ එක දිගට,පිට පිටම අවුස්සන්න එපා!
වැස්සේ තෙමෙන්න.. හ්ම්ම්ම්...
මෙන්න එක්තරා දෙබසක්,
ස්ථානය:
පාසලක සිට දුම්රියපොලක් වෙත යන පාර..
"අයිය මාත් එක්ක තරහයි කියලා මං හිතුවේ.."
"නෑ නංග,තරහක් නෑ.නංගි මාත් එක්ක තරහද?"
"නෑ.."
(වැස්සක් පටන් ගනී)
"අයියේ මම කුඩේ ඉහලන්නද?"
"හා ! ඔයාට විතරක් ඉහලගන්න..!"
ඔන්න ඔහොමයි එදා මුල්මවතාවට අම්මා නොවන කෙනෙක් එක්ක කුඩයක් යටින් යන පලවෙනි වතාව "විශේෂ කෙනෙක්" වෙනුවෙන් රැක ගත්තේ..
පස්සේ කාලෙක මේ සිද්දිය විශේෂ කෙනාට වාර්තා උනා.
එයාට දැනුන වටිනාකම නිමක් නෑ,
අපි දෙන්නට මුලින්ම වැස්සේ නටන්න වාරයක් ලැබුනා,ජිවිතේ පලවෙනි වතාවට දෙන්න එකට..
මගේ ජීවිතේ දැකපු ලස්සනම වැස්ස!
මුල්ම වතාවට මම කෙල්ලෙක් එක්ක වැස්සේ කුඩේ යටින් ගියේ එහෙමයි!
බලාගෙන ගියා ම උඹේ මතක පොතත් මගේ එක වගේනේ. උඹ කොපි කරා නේද? මට තාමත් ඒ ලස්සණ හීනේ හැබෑ කර ගන්න ලැබුණේ නෑ :( ඉක්මනට ම අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා.
Delete:'( මතකයන් හැමදාම දුන්නේ වේදනාව මිසක්.. සිනහව නෙමේ.
Deleteඑහෙම කියන්න බැහැ, බෙන්. මතකයන් කඳුළු වගේ ම සිනහවත් අරගෙන එනවා.
Deleteධෘරා මේකේ අන්තිම කවි පේලි කියවද්දි මගේ ඇගෙත් විද්යුත් ධෘරාවක් ගියා වගේයි... තව ලස්සනට ලියන්න පුළුවන් ධෘරා..
ReplyDeleteමේක ලියන්න හිතපු කවියක් නෙමෙයි, දේශකයෝ. ඊයේ වැස්ස වෙලාවේ කතා කර කර ඉන්නකොට ඉබේ ම ලියවුණ එකක්.
Deleteෂුවර් එහෙනම් දේශකයා ට අකුණක් ගහලා...
Deleteහූ ඈ...
දෙන දේශනාවල හැටියට අකුණු ගහන්නේ නැතු ව තියෙයි ද?
Deleteබලාගෙන හෙම්බිරිස්සාව හැදෙයි :D
ReplyDeleteමහ වැස්සක පෙරනිමිති පෙනෙනවා ගීතය මතක් වුණා.
හෙම්බිරිස්සාව හැදෙන්නේ කොහොම ද අෆ්ෆා හොඳ උණුසුමට තුරුල් වෙලා ඉන්නකොට?
Delete◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘
Delete◘◘◘◘◘◘◘◘◘◘ මෙම දර්ශණ දැකීමෙන් ඔබේ හය හතර නොදත් දරුවාද ඊට ඇබ්බැහි විය හැක ◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘
අනේ මේ, දැන් ඉන්න පොඩි උන් හය හතර දන්නේ නැතු වුණාට අනිත් ඔක්කොම මගුල් දන්නවා :D
Delete"//දුරින් ඉන්නට බෑ තවත් මට මා ව අරගෙන යන්නෙ කවද ද"// ඔන්න ඔහේ තියෙන ඔප්පු තිරප්පු ටිකයි, රත්තරන් බඩු ටිකයි,බැංකුපොතයි, ගෙදර තියෙන වාහනෙයි අරගෙන ඇවිත් මාවත් මෙතැනින්ම දාගෙන හෙටම යන දිහාක යමු නගා
ReplyDeleteඕවා නැතු ව ම වෙන කෙනෙක් බාර ගන්නවා කිව්වා, අයියණ්ඩි :) ඒ නිසා ලබන ආත්මෙවත් බලමුකෝ.
Deleteශික් එකත් එහෙමද.........?
Deleteඔව්, අෆ්ෆා! එයා කිව්වා මේ ආත්මේ විතරක් නෙමෙයි ලබන ආත්මෙත් දෙන්න බෑ කියලා.
Deleteලස්සනයි ..
ReplyDeleteධාරා ගේ කවියට දෙවෙනි නැහැනේ බෙන්ගේ කවියත් බලද්දී දෙන්නම හොද කවි කාරයෝ නෙවැ
එහෙම තමයි, චමියෝ :)
Deleteසෑහෙන ඈතකට මතකය අරගෙන ගියා...
ReplyDeleteමේ වගේ කවි මමත් ලිව්වා...
:P
හිත සතුටෙන් පිරිලා තියෙද්දී ඉබේ ම කවි ලියවෙනවනේ :D නැද්ද මම අහන්නෙ?
Deleteඉක්මනට ඇවිත් අරගෙන යාවි :D
ReplyDeleteලස්සනයි කවිය..!
ඒකට තව කල් තියෙනවා, රෙහානියෝ. ඔක්කොට ම කලින් දෙන්නගෙ ම ඉගෙනීමේ කටයුතු ඉවරයක් කර ගන්න ඕනෙනේ.
Deleteමේ වගේ හීනයක් ඉස්සරෝම කාලෙක මගේ හිත ඇතුලෙත් තිබුනා නංගි....
ReplyDeleteහරිම ලස්සනයි...
නියම පදමට කහට එක් කළ තේ එකක් උණුවේ බෙදාගෙන
බොන්න තිබුණා කවුළුවට එපිටින් වැටෙන වැහි දෙස බලාගෙන
මම ආසම මෙන්න මේ ටිකට...ඒකේ දැනෙන ගතිය වැඩියි...
කාලයත් එක්ක වියපත් වෙනකොට බොළඳ හීන අපේ ජීවිතෙන් ඈත් වෙනවා. ඒත් දැන් ම ඒ ගැන හිතලා ජීවිතේ දුකෙන් පුරව ගන්නේ මොකට ද?
Deleteඅපුරු හැගීමක් හිතට ආවේ ධාරා මේක කියවන කොට...:)
ReplyDeleteකොමෙන්ටුවට වගේ ම +1 එකටත් බොහෝම ස්තූතියි, මනෝජ්
Deleteහොඳ කෙලී වගේ ගොහින් ස්පෑම් කොමෙන්ට් ගොඩේ බලල වරෙන් මං ඉන්නවද කියලා :(
ReplyDeleteඅපරාදේ මෙයාගේ බටර් තලිය! ස්පෑම් එකේ මුකුත් නැතෝ.
Deleteඅන්න ඒකනෙ... මගේ කොමෙන්ට් කවදාවත් ස්පෑම් වෙන්නෙ නෑ... ;)
Deleteමං බොරුවට කිව්වෙ
කූඹියා කාපිය!
Deleteකෝ බොලේ අත දෙන සින්ඩි ටික? අයින් කලාද?
ReplyDeleteහපොයි! කරූ, උඹට දැන් ඇස් පේන්නේ නැද්ද බොලව්? අත හිත දෙන සින්ඩි ටික ඔය දකුණු පැත්තේ පහළට වෙන්න එල්ලලා තියෙන්නේ.
Delete//මාත් එක්කලා ආදරෙන් වැස්සේ තෙමෙන්නට එන්නෙ කවද ද
ReplyDeleteහොඳට තෙමිලා එක ම කම්බිලියක් ඇතුළෙ ගුලි වෙන්න ආස ද//
මේවා ඉතින් දවස ගානේ අහලා තියෙනවා. කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ.:)
හරිම අපූරුයි කවි පෙල.
ඒක නං ඇත්ත. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ. පොඩ්ඩි අක්කට නං ඉතින් ඕනේ හැටියකට කම්බිලි අස්සේ ගුලි වෙලා ඉන්න බැරියැ :) අපිට ඉතින් තව කල් තියෙනවනේ.
Deleteikmanatama aragena yawi oyawa :)
ReplyDeleteතව කල් තියෙනවනේ, සයුරි අක්කේ.
Deleteමටත් ඉතිං ටිකක් feel වෙලා තියන එකක් තමා .....
ReplyDeleteටිකක් මොකද බොලව්? හ්ම්ම්, තනි අලියා මේ දිහා ආව පළවෙනි වතාව නේද? සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට!
DeleteGodak lassanai.mata ewanawd kawi sambanda thorathuru tikk
ReplyDelete