කාලෙකට පස්සේ
අද තමයි ආයෙමත් වතාවක් බ්ලොග් එකට ගොඩ වෙන්න ඉඩක් ලැබුණේ. පහු ගිය දවස් ටිකේ ම
විභාග, පාඩම් වැඩ තිබුණ නිසා හැම දෙයක් ම අත් හිටුවන්න වුණානේ. දැන් නං ඉතින් ඒවා
හුඟක් දුරට ඉවර යි (ඔක්කොම නෙමෙයි බරපතල දේවල් ටික). හිතුවටත් වඩා හොඳින් ඒ වැඩ කර ගන්න ලැබුණා.
ඒ නිසා දැන් ආයෙමත් නිදහසේ බ්ලොග් එක ලියන්න පුළුවන්.
ලියන්න නං
හුඟක් දේවල් තියෙනවා. ඒත් ඉතින් ඒවා එකලස් කර ගන්න ටිකක් කල් යනවනේ. ඒ නිසා අලුත්
වැඩකට අත ගැහුවා. කාලෙකට කලින් මම කියවපු ඉංග්‍රීසි පොතක් විවේක තිබුණ වෙලාවට
සිංහලට නැගුවා. කොච්චර දුරට සාර්ථක ද කියලා දැන ගන්න වෙන්නේ ඔයාලගේ අදහස් අනුව
තමයි. අද ඉඳලා ඒක බ්ලොග් එකේ පළ කරන්න යි මගේ අදහස!
මේක රිච්මල් ක්‍රොම්ප්ටන්
ලැම්බර්න් කියන ඉංග්‍රීසි ජාතික ලේඛිකාවගේ “විලියම්” පොත් මාලාවේ සිංහල
පරිවර්තනයක්. විලියම් බ්‍රවුන් කියන දඟකාර කොල්ලෙක් ගැන ලියපු කෙටි කතා රැසක
එකතුවක්. එක දිගට ඔක්කොම කතා පළ කරන්න නං මගේ අදහසක් නැහැ. කඩින් කඩි සිංහලට නගන
පිළිවෙළට කතා ටික දාන්න යි දැනට හිතාගෙන ඉන්නේ.
මේ “විලියම්” කතා මාලාව ගැන
කියනවා නං මේක ප්‍රධාන චරිතය අවුරුදු එකොළහක් වයසැති විලියම් බ්‍රවුන්. එයාගේ
දඟකාරකම් ගැන ලියවුණ මේ පොත් මාලාවේ පොත් හතළිහක් පමණ ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
දැනට ඉංග්‍රීසි සාහිත්‍යයේ පිරිමි ළමයෙක් ගැන ලියපු දිගට ම කතා මාලාව විදියට
සැලකෙන්නෙත් මේ පොත් පෙළ තමයි! තෝමස් හෙන්රිගේ සිතුවම්වලින් හැඩ වුණ මේ කතා මාලාවේ
මුල් ම පොත, Just William ප්‍රකාශයට පත් කළේ 1922 අවුරුද්දේ. ඊට අවුරුදු හතළිස්
දෙකකට පස්සේ 1970 අවුරුද්දේ මේ කතා මාලාවේ අවසන් පොත, William the Lawless නමින් ප්‍රකාශයට පත් කළේ ලේඛිකාවගේ මරණයෙන් වසරක් ඉක්ම ගියාටත් පසු ව!
මේ කතා මාලාවේ ලේඛිකාව, ඉංග්‍රීසි ජාතික රිච්මල් ක්‍රොම්ප්ටන් ලැම්බර්න් 1890 නොවැම්බර් 15 වැනි දා උපන්නේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ
බරී කියන නගරයේ. ශාන්ත එල්ෆින්ස් නේවාසික පාසලෙන් අධ්‍යාපනය ලැබුව ඇය උපාධිය
සම්පූර්ණ කළේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්. ඉන් පස්සේ ටික කාලයක් ඇය ගුරුවරියක්
විදියට සේවය කළා. නමුත් 1923 දී පෝලියෝ රෝගයට ගොදුරු වීම නිසා එක තැන් වුණ ඇය ගුරු
වෘත්තියෙන් ඉවත් වෙලා 1969 ජනවාරි 11 වැනි දා මිය යන තුරු ම පූර්ණ කාලීන ව ලේඛිකාවක්
විදියට කටයුතු කළා.
මගේ සිත් ගත් පොතකුත්
එක්ක ආයෙමත් බ්ලොග් ලියන්න පුළුවන් වුණ එක ගැන සතුටු යි! එහෙම නං ඉක්මනින් ම “විලියම්” කතා මාලාවත්
එක්ක ආයෙත් හමුවෙමු. මේ කතා මාලාව ඉංග්‍රීසියෙන් කියවන්න කැමති අය ඉන්නවා නං මේ පාර දිගේ යන්න . . .
ආයෙමත් දකින්න ලැබීම සතුටක් ඔයාව,බලාපොරොත්තු වෙනවා ඉක්මනින් ම ඔයාගෙන් අලුත් ලිපි පෙළක්.....එතකම් සුබ අනාගත වැඩ වලට ඔයාගේ :D
ReplyDeleteබොහෝම ස්තූතියි! පහු ගිය දවස් ටිකේ ම බලධාරියාගේ නීති යටතේ වැඩ කරපු නිසා බ්ලොග් එකට ඇහැ දාන්න බැරි වුණානේ. දැන් නං හරි :)
Deleteඅහ්හ් එහෙමත් එකක් ද හොදා හොදා xD
Deleteනැතු ව! නැතු ව!
Deleteකියවන්න ඔනේ. නමත් එක්ක අමුතු කැමැත්තක් ඇති වුනා කියවන්න. ;)
ReplyDeleteඅෆ්ෆා! එහෙමත් එකක් ද? එහෙම නං හෙට දිහාට ඇවිත් යන්න එන්නකෝ. මුලින් ම කොටස හෙට එළි දක්වනවා.
Deleteලියන්න ධාරා...බලන් ඉන්නවා කියවන්න...
ReplyDeleteතැන්කූ වේවා, සාජානි අක්කේ. හෙට ඇවිත් යන්න එන්නකෝ.
Deleteජය වේවා... ලියන්න අපි කියනෝ.. මේ පැත්තටත් එන්න කෝ.. :)
ReplyDeleteබොර දියක ඉඳුවර
මං ආවේ නැද්ද, බොලව්? මට මතක නිකං එනවා වගේනේ. හීනයක් ද මන්දා! එන්නං කොලුවෝ එන්නං :)
Deleteමටත් හීනයක් වගේ මුකුත් මතක නෑ අෆ්ෆා..
Deleteඑලස්.. පරිවර්ථන දානව නම් හෙන්රිය තමා පොර..
ReplyDeleteලෙසටම දාන්ටෝ.. අපි කියවනෝ...
මම ඩෙනිමට යන්නේ මේ ළඟක ඉඳලනේ. තාම පරිවර්තනයක් නං අහු වුණේ නැහැ. ලෙසට ම දාන්නංකෝ. කියවලා බලලා කියහල්ලා වැඩේ කොහොම ද කියලා! අවුල් වගේ නං ආයෙත් දාන්නේ නැතෝ.
Deleteපලි - හෙන්රිය වගේම වෙන්න කියල නෙවෙ කිව්වෙ.. මම ඒ විදිහට කැමතියි..
ReplyDelete;)
එහෙම වෙන්න තව අවුරුදු 40 ක් විතර යයි, බොලව්!
Deleteනිසි බලධරයා පාස්වර්ඩ් එක ගත්තම ඔහොම වෙනවා. එමුකෝ එහෙනං කල එළි බහින්න හෙමීට..
ReplyDeleteනැතු ව! නැතු ව! මම මේ බලාගෙන බලධාරියාට විභාගයක් එනකං පාලනේ මගේ අතට ගන්න.
Deleteමම නම් විලියම් පොත් දෙකක් ද කොහෙද කියවලා තියනවා වගේ මතකයි. මමයි අපේ නංගියි තාමත් පොඩි උන් වගේ අතට හමුවන හැම පරිවර්තනයම කියවනවා. ගොඩක් ආසා ඈන්, ලෝරා, ලිට්ල් විමෙන් වගේ ඒවාට. විලියම් එකත් ඒ විදියටම ළමා විය ගැන සුන්දර මතකයන් තියන පොතක් වගේ මතක. මම නම් හෙට උදේ ඉදන් ඔන්න ඇවිත් ඉදියි
ReplyDeleteඑහෙම නං උදේ හත වෙනකොට එමුකෝ බලන්න මේ දිහාට.
Deleteකාලෙකින් ඇවිත් තියෙන්නේ ගොඩක් වටින දෙයක් අරගෙන....
ReplyDeleteවටිනව ද නැද්ද කියලා ඉතින් කියවලා ම තමයි බලන්න වෙන්නේ.
Deleteඑහෙනම් ඒ පරිවර්තනයත් දකින්න එන්නම්.. නැවත ලියන එක සතුටක් ධාරා
ReplyDeleteස්තූතියි, රෙහානි අක්කේ. හෙටත් එන්නකෝ වැඩේ කොහොම ද බලන්න.
Deleteඅපොයි හෙටත් ඉන්නවද?? හැක්
Deleteවිභාග කටයුතු ඉතාමත් හොඳින් කළා කියල හිතනවා. සුභ පැතුම් !
ReplyDeleteබොහෝම ස්තූතියි, හසල අයියට. ප්‍රතිඵල එනකොට බලන්න බැරියෑ. බ්ලොග් එකේ ලියන්නේ නැත්තේ මොකෝ මේ දවස්වල? උපන්දිනේට අපිට කේක් කෑල්ලක්වත් ලැබුණේ නෑ. ඒවට නං සමාවක් නෑ ඔන්න.
Deleteniyamai..mekath ara Tom Sawyer wage ekakda?
ReplyDeleteඔව්. ඒ වගේ තමයි! හෙට උදේට ඇවිල්ල ම බලන්නකෝ.
Deleteඇලුත් වැඩේට සුබ පතමින් සොඳුරු මංපෙත ට පියවර මැන්නා
ReplyDeleteසාදරයෙන් පිළි ගන්නවා එහෙම නං :) ආවට බොහෝම ස්තූතියි!
Deleteආපහු ආවට ගොඩක් සතුටුයි ධාරා, හොඳ වැඩක් සුබපැතුම් දිගටම ලියමු, ජයවේවා.
ReplyDeleteආපහු එන්න ලැබුණ එක ගැන මටත් සතුටු යි! ලියමු එහෙම නං.
Deleteකාලෙකින් ධාරා ව දැක්කෙ. දිගටම ලියමු. අපිත් කියවඤ්ඤං.
ReplyDeleteපරිවර්තන කාරිය තමා මාත් ආසම. ඒත් හැකියාව තමා ඉතිං ප්‍රශ්නෙ.
ජස්ට් විලියම් කිව්වම මතක් උනේ, හැරී පොටර් පළවෙනි පොතේ හැරී කියන එක අර තඩි රැවුලට, “අයිම් නොට් අ විසර්ඩ්, අයිම් ජස්ට් හැරී“ කියලා.
මං විතරක් ද ඩ්‍රැකිය ව දැක්කෙත් කාලෙකින්. මම බලාගෙන හිටියේ මේ දිහාට එනකං.
Deleteමම මේ පැත්තට ආපු පළවෙනි පාර මේ... මාත් ගොඩක් කාලෙකට පස්සේ බ්ලොග් ලෝකේ පැත්තේ ආවේ... කතාව දාලා තියෙනවා දැක්කා... ඒක කියවලා එන්නංකෝ...
ReplyDeleteකියවලා කමෙන්ටුවකුත් දාල තිබුණ බව දැක්කා.
Deleteඒකනෙ... මං හිතුව හරි... ධාරා මේ පාරනෙ විභාගෙ කරල තියෙන්නෙ...
ReplyDeleteමෙන්න යසිත් අයියා අලුත් සොයා ගැනීමක් කරලෝ :D
Deleteඔන්න මාත් අද කොටස් ඔක්කොම කියවනවා....
ReplyDeleteඑහෙම නං කියවල ම ගුණදොස් කියන්නකෝ.
Delete