මල් කුමාරයා (පළමු දිග හැරුම) කියවන්න
බැරි වුණ අය මේ පාර දිගේ ගිහිල්ලා ඉක්මනට ඒක කියවලා මේ දිහාට එන්න . . .
ඊළඟ සතියේ ඩොරිටා,
ඇගේ වයස අවුරුදු තුනක් වුණ කුඩා සහෝදරයා, මයිකල් එක්ක විලියම්ගේ ගෙදර ආවා. ඇය
ඕවලාකාර මුහුණක් සහ තද පැහැ කෙහෙරැල් ඇති කෙට්ටු එහෙත් සුන්දර දැරියක්.
ග්‍රාන්ට්
මෙනවිය නිවසට ඇතුළු වෙන දොර ළඟ දී ඇය ව පිළි ගත්තේ හරිම සතුටින්.
“ඉතින්, කොහොම ද
මගේ මල් කුමාරිට?” ඇය ඇහුවේ හරිම
ආදරණීය විදියට. “ආදරයෙන් පිළි
ගන්නවා ඔයා ව! අපි හොඳ යාළුවෝ වෙන්න යි යන්නේ. ඔය යි, මම යි, විලියමු යි. ඒ
කියන්නේ මනමාලි යි (මෙහෙම කියනකොට ග්‍රාන්ට් මෙනවියගේ කම්මුල් ලැජ්ජාවෙන් රෝස පාට වුණා),
මල් කුමාරය යි, මල් කුමාරි යි! විලියම් කොල්ලෙක් නිසා මේක ගැන එයාට ලොකු හැඟීමක්
නැහැනේ. ඒත් මට විශ්වාස යි ඔයා නං මේ ගැන හුඟක් ආසාවෙන් ඉන්නවා කියලා. මට ඒක පේනවා
ඔයාගේ මූණෙන් ම! අපි හොඳට යාළු වෙලා ඉන්න ඕනේ.” ඒ අතරේ මයිකල් දිහාට යොමු වුණ ඇගේ දෑස් එකවර ම පටු
වුණා. “මයිකල් හරිම
හුරුබුහුටි යි! එයාටත් සුදු පාට සැටින් ඇඳුමක් ගැළපෙයි නේද?” ඇය ඇහුවේ බ්‍රවුන් මහත්මිය දිහා බලන ගමන්. “මයිකල්ට පුළුවන්නෙ මේ දෙන්නා අතරින් ඇවිදගෙන එන්න. මම
හිතන්නේ අපි තව සැටින් රෙදි ටිකක් අරගන්න ඕනේ . . .”
ඉතින්, ඔවුන්
ගියාට පස්සේ මල් කුමාරි, දිගු ඇසිපිය අතරට මැදි වුණ ඇගේ ලැජ්ජාශීලී, තද පාට ඇස්
දෙක විලියම් දිහාට යොමු කළා.
“පිස්සු විකාරේ,” දොරකඩ අතරින්
නොපෙනී යන ග්‍රාන්ට් මෙනවියගේ ඡායාව දිහා බලාගෙන ඇය කිව්වේ පැහැදිලි කටහඬකින්. ඇගේ
කතා විලාසයට එකවර ම විලියම්ගේ හිත් ගත්තා.
“ඔයා මේ පිස්සු
මගුල් ගෙදර ගැන උනන්දු ද?” ඇය දිගට ම කතා
කරගෙන ගියේ හරිම නොසැලකිලිමත් විදියට. “මම නං
පොඩ්ඩක්වත් උනන්දු නැහැ.”
තමන් විදියට ම
හිතන කෙනෙක් මුණ ගැහුණ එක ගැන විලියම් හිටියේ හරිම සතුටින්. ඔහු දිගට ම ඇය එක්ක
කතා කරමින් ඉස්තාලේ දිහාට ඇවිදගෙන ගියේ ටික දිනකට කලින් අල්ලගෙන, කාඩ්බෝඩ්
පෙට්ටියක හිර කරලා තියාගෙන ඉන්න මී පැටිය ව ඇයට පෙන්නන්න.
“මම ඌට නටන්න
උගන්නනවා,” ඔහු කිව්වේ විශ්වාසයෙන්. “ඌට හොඳට නටන්න පුළුවන් වුණා ම මට සල්ලි ගොඩක් හම්බ කරන්න
පුළුවන් වෙයි. ඔයා දන්නවනේ, උන් ව සංදර්ශනවල පෙන්නන්න පුළුවන්. එහෙම කළා ම මට රන්
පවුම් කන්දක් හොයන්න පුළුවන්. මම ඌට විස්කෝතුවක් ඔළුව උඩ තියාගෙන නටන හැටි
උගන්නන්න යන්නෙ. මේ බලන්නකෝ, ඌ ඊයේ දෙපාරක් ම මගේ ඇඟිල්ල හැපුවා.” විලියම් ආඩම්බරයෙන් ඔහුගේ තුවාල වුණ ඇඟිල්ල පෙන්නුවා. “මම ඊයේ තමයි ඌව අල්ල ගත්තෙ. ඌ ඉක්මනින් ඉගෙන ගන්නවා,” ඔහු තව දුරටත් කිව්වේ හුඟක් බලාපොරොත්තු සහගත ව!
ඒත් ඉස්තාලෙන්
ඔවුන්‍ට හොයා ගන්න පුළුවන් වුණේ එක කොනක ලොකු හිලක් ඉතුරු වුණ කාඩ්බෝඩ් පෙට්ටියක්
විතර යි! මී පැටියා පැනලා ගිය එක ගැන ඩොරිටා දුක් වුණ විදිය දැක්ක ම විලියම්ගේ හිත
තව තවත් ඈ දිහාට ඇදිලා ගියා.
දැන් ඔහුට
හෙන්රි, ඩග්ලස් සහ ජින්ජර් ව අමතක වෙලා. ඒත් ඔවුන් දිවුරා කියලා තියෙන්නේ සුදු පාට
සැටින් ඇඳුමෙන් සැරසිලා, අශ්ව කරත්තෙකින් දේවස්ථානයට එන විලියම් ව බලන්න එනවා
කියලා. ඒ නිසා යාළුවෝ එක්ක විලියම් හිටියේ ටිකක් හිත් අමනාපෙන්.
ඔහු දවසක්
ඩොරිටා එක්ක ගෙවත්තේ තාප්පේ උඩ සුව පහසු විදියට වාඩි වෙලා ඔවුන්ගේ ඥාති සහෝදරී, සිබිල්ගේ
මගුල් ගෙදර ගැන කතා කරමින් හිටියා. ඇය කතා කරන විදියට විලියම් වශී වෙලා හිටියේ.
“එයා නං හරිම
පිස්සු විකාරයක් තමයි,” ඇය කිව්වේ
හරිම හුරතල් විදියට කෙහෙරැලි සොලවමින්. “මං නං හිතන්නේ
මේ ලෝකෙ ඉන්න පිස්සු ම කෙනා තමා එයා! වෙලාවකට එයා කරන්නෙත් හරිම මෝඩ වැඩ. එයා නං ඇත්තට
ම පිස්සු හටනක් තමයි!”
මංගල උත්සවේ
තියෙන දවස ටිකෙන් ටික ළං වෙන කොට විලියම්ගේ හිතේ තියෙන ඒ ගැන තියෙන උනන්දුව දවසින්
දවස අඩු වෙලා ගියා. මල් කුමාරයෙක් විදියට අඳින්න වෙන නිසා තමන්ගේ වැඩිහිටි පෙනුම
සහ ප්‍රතිරූපය නැති වෙලා යනවා කියලා ඔහුට නිතර ම හිතුනා. ඔහුට මුහුණ දෙන්න වෙන
අපකීර්තිය! ඔහුගේ ගෞරවය සහ ප්‍රසිද්ධිය සදහට ම නැති වෙලා යාවි. ඔහු තව දුරටත් සැබෑ
විලියම් වෙන එකක් නැහැ. ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානුවා! නිර්භීත මුහුදු කොල්ලකාරයා! ඔහු
සුදු සැටින් ඇඳුමකින් සැරසිලා මගුල් ගෙදර ගිය නිකං ම නිකං කොල්ලෙක් වෙයි. මගුල්
දවසේ සුදෝ සුදු ඇඳුමෙන් සැරසිලා දේවස්ථානයට එන විලියම් ව බලන්න දැනට ම කොලු
රංචුවක් සූදානම් වෙලා ඉන්නේ. එක ම එක සැරයක් හරි විලියම් ව දැකලා තියෙන කොල්ලෝ
කුරුට්ටෝ වුණත් දැනටමත් තීරණය කරලා ඉවර යි එදාට දේවස්ථානෙට එන්න.
විලියම්,
ඩොරිටා සහ මයිකල් දේවස්ථානයට පැමිණෙන්න නියමිත වෙලා තිබුණේ මනාලිය එන අශ්ව
කරත්තයෙන්. දෑස් ඉදිරියේ මැවිලා පේන සුදු රිබන්වලින් සැරසූ අශ්ව කරත්තයේ රෝද හඬ තමන්ට
සමච්චල් කරනවා කියලා විලියම්ට හිතුනා. කෝපය නිසා ඔහුගේ කම්මුල් දෙක රතු පැහැයට
හැරුනා.
දවසින් දවස
ගෙවිලා ගිහින් මංගල උත්සහය තියෙන දවස උදා වුණා. එදා සීතල සුළං හමාගෙන ගිය
දීප්තිමත් දවසක්. විලියම්ගේ ගෙදර අය ඔහු කෝපයෙන් සිදු කළ කෑ ගැසීම් සහ විවිධ අසනීප
ගැන කියපු දුක් ගැනවිලි නොසලකා හැරියේ ඔහු ගැන හොඳින් දන්න නිසා!
මුලින් ම සුදු
පාට සැටින් ඇඳුමකින් සරසවපු මයිකල් ව ඉදිරිපස සාලයට පිටත් කරලා යැව්වේ නිහඬ ව ම
සෙල්ලම් කරන්න යි. ඉන් පසු මල් කුමාරයාගේ ඇඳුමෙන් සැරසෙන්න කිසිම කැමැත්තක් නැතු ව
හිටිය විලියම් ව කාමරයට අරගෙන ගියේ මස් කඩයට අරගෙන යන විදියට.
“මෙහෙම ගියොත්
මම ඉක්මනට ම මැරෙයි,” විලියම් හරිම
සානුකම්පිත විදියට කිව්වා. “එහෙම වුණොත්
සමහර විට ඔයාලට මං ගැන හුඟක් දුක හිතෙයි.”
අනිත් හැම
පුංචි ළමයෙක් වගේ ම හැම වෙලාවෙ ම කෑමවලට ආසාවෙන් හිටිය මයිකල් උදේ පාන්දරින් ම කෑම
ටිකක් හොයා ගෙන කුස්සියට ගියත් කුස්සියේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඒ වෙනුවෙට මේසේ
උඩ දැවැන්ත බටර් කුට්ටියක් සහ දොඩම් පුරවපු මල්ලක් තිබුණා. මයිකල් ඉතාමත් සතුටින්
තමන් තනියම හොයා ගත්ත කෑම අරගෙන ඉදිරිපස සාලයේ තිබුණේ මේස යටින් වාඩි වුණත් ඔහු ව
ඇඳුම් අන්දවන්න උඩු මහළට අරගෙන ගියා නිසා ඒ කෑම කන්න ලැබුණේ නැහැ. ඉතින්, සුදෝ
සුදු ඇඳුමෙන් ජේත්තුවට සැරසිලා ආයෙත්
ඉදිරිපස සාලයට ආපු මයිකල්ට තමන් හංගලා ගිය වටිනා වස්තුව දැක්ක ම ඇති වුණේ
පුදුම සතුටක්.
මුලින් ම
දැවැන්ත බටර් කුට්ටියෙන් වැඩ පටන් ගන්න තීරණය කරපු ඔහුගේ මුහුණ සහ කෙස් කළඹ පුරා ම
බටර් තැවරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒ ගැන වරදකාරී හැඟීමක් දැනුන නිසා ඔහු කළේ
පුළුවන් තරම් ඉක්මනින් ලොම්වලින් ගොතපු අත් පිස්නාවකින් මුහුණ පිහදා ගන්න එක! ඉන්
පස්සේ ඔහු දිග සෝපාවේ වාඩි වෙලා දොඩම් කන්න පටන් ගත්තා. ඒ හැම එකක් ම පමණට වඩා
ඉදුණ, යුෂ පිරිච්ච, කහ පාට දොඩම්! ඔහු හරිම සතුටෙන් කෑදර විදියට අත් දෙකෙන් දොඩම්
පිපිරෙව්වේ සෝපාව දොඩම් යුෂ සාගරයකට මැදි කරමින්. ඔහුගේ සුදු පැහැ ලේස් කරපටිය
සම්පූර්ණයෙන් ම කහ පැහැයට හැරිලා!
ඒ අතරේ සුදෝ
සුදු සැටින් ඇඳුම්වලින් සැරසිලා, හරිම දුක්බර විදියට අත් අල්ලගෙන පහත මාලයට ආපු
විලියම් සහ ඩොරිටා තමයි ඔහුට මුලින් ම බාධා කළේ. ඔවුන් දෙන්නවත් ඉදිරිපස සාලයට
එවලා තිබුණේ ආයෙත් අඬ ගහන තුරු නිශ්ශබ්ද ව සෙල්ලම් කරන්න යි.
“සෙල්ලම් කරන්න?” විලියම් සම්ච්චලේට ඇහුවා. “මට නං සෙල්ලම් කරන්න කොහෙත් ම ආසාවක් නැහැ මේ වෙලාවේ.”
ඔවුන්
පුදුමයෙන් ඇස් මහත් කරගෙන බටර් සහ ලොම්වලින් වැසුණ මයිකල් දිහා බලාගෙන හිටියේ
කිසිවක් කියා ගන්න බැරු ව! ඔහුගේ ලස්සණ ඇඳුම දැන් සම්පූර්ණයෙන් ම කහ පැහැයට
හැරිලා. ඒත් මයිකල් හිටියේ තෘප්තිමත් විදියට හිනාවෙමින්.
“විනාස යි!” අන්තිමේ දී විලියම් කිව්වා.
“ඔයා හොඳට ම
බැනුම් අහයි,” ඔහුගේ සොයුරිය
කිව්වා.
“මිකීට . . . බදගිනී,” තමන් කරපු වැරදි වැඩේ ගැන බය වෙලා මේසේ යටට පසු බහින
ගමන් මයිකල් කිව්වේ ගොත ගහන ගමන්.
විලියම් සහ
ඩොරිටා ටික වෙලාවක් දොඩම් කැබලි සහ කහ පාට යුෂවලින් වැහිල තිබිච්ච සෝපාව දිහා
බලාගෙන හිටියා. ඉන් පස්සේ ඔවුන් එකිනෙකා දිහා බැලුවා.
“එයාට යන්න වෙන
එකක් නෑ,” ඩොරිටා සිහින්
හඬින් කිව්වා.
ඔවුන් ආයෙමත්
වතාවත් දොඩම් යුෂවලින් වැසුණ සෝපාව දිහාත්, ඔවුනොවුන් දිහා බැලුවා.
“දොඩම් හලී . .
. සසයි,” මයිකල් ආයෙමත්
වතාවක් කිව්වා.
ඒ වෙලාවේ
තමන්ගේ හිතට නැගුන අපූරු අදහස නිසා උද්දාමයට පත් වුණ මල් කුමරිය, විලියම්ගේ අතකින්
අල්ලා ගත්තා.
“ඉඳගන්න . . .
ඉක්මනට,” ඇය රහසින්
කෙඳිරුවා.
කිසිම කතාවක්
නැතු ව ඔවුන් සෝපාවේ වාඩි වුණා. දොඩම් යුෂවල සීතල බව සමට දැනෙන තුරු ඔවුන් වාඩි
වෙලා හිටියා. ඊට පස්සේ විලියම් ගැඹුරු සුසුමක් හෙලුවා.
“දැන් අපිටත්
යන්න බැහැනේ,” ඔහු කිව්වා.
෴ මතු
සම්බන්ධ යි ෴
උදේ පාන්දරම දෙවෙනි එකත් දාලා තියෙන්නේ යසයි යසයි ;D
ReplyDeleteපලවෙනි එක වගේම දෙවෙනි එකත් ලස්සනයි ධාරා...
බොහෝම ස්තූතියි, මෙයා! ඔයාට ඉතින් උදේ පාන්දර වෙන්නේ 11 විතර කියලා මම දන්නවනේ :P
Deleteනොසෑහෙන්න මහන්සි වෙන්න වෙලා නේ.. අයියෝ වැඩ පටන් අරන් තියෙන්නේ හොදම කුට්ටියකින් තමා.... ඔයාගේ වෑයම ඉතා සාර්ථකයි ධාරා..
ReplyDeleteබොහෝම ස්තූතියි, දේශකයෝ.
Deleteකතාව නං මාල සසයි ධාලා, ඉතිං ඊට පත්තෙ මොකෝ උනේ....?
ReplyDeleteමාල සස බලනකොට පබළු ඇට එහෙම හැපෙයි. ඒ නිසා පරිස්සමින්. ඉතින්, ඊට පස්සේ . . . වුණ දේ මල් කුමාරයා (තෙවැනි දිග හැරුම) දැම්ම ම බලා ගන්න එක යි ඇත්තේ :P
Deleteකතාවත් හලී . . . සසයි
ReplyDeleteතැන්කූ වේවා, දිලිනියෝ.
Deleteකොට කොට හිටපු කමෙන්ට් එක කොහේ ගියාද මංදා.
ReplyDeleteමං කිව්වේ මේක මාර ලස්සනයි ධාරා... දිගටම ලියන්න...
ස්පෑම් එකෙත් බැලුවා. ඒත් නැතෝ. බොහෝම ස්තූතියි, තව එක කොටස යි තියෙන්නේ.
Deleteඅයියෝ මී පැටියා වුනාට කමක් නෑ ඇඟිල්ල හපන්න දෙන්න එපා හපොයි, මට ඉන්ජක්ෂන් හතරක් ගැහුවා මීයෙක් ඇඟිල්ල හපලා.... හපොයි.
ReplyDeleteඒක නං ඇත්ත! හැබැයි, විලියම්ගේ නං ඇඟිල්ල පස් හය වතාවක් ම මීයෝ හපනවා. ඉස්සරහට අහුවෙයි.
Deleteඅප්පා මේක අදනේ ඇහැ ගැටුනේ! විලියම් පොත් සෙට් එක සිංහලට පරිවර්තනය වමින් පැවතුනේ අපි 6 වසරේ වගේ ඉන්න කාලේ,(ඔව් ඔව් අවූරුදු විසි පහකට විතර කලින්!) ඒ කාලේ අලුත් පොතක් එන්නේ කොයි වෙලේද කියල බලන් උන්නේ,ආවට පස්සේ මුලින්ම ගන්න මොකා හරි එකාගෙන් බුක් එක book කරගන්නත් මාර අමාරුයි,සැහෙන්න පොර කන්න ඕනේ.ශේප් එකේ එකෙක් කියවනවා දැකල උගෙන් ඇහුවත් කලින් වෙන් කර ගත් අයගේ නාමාවලියක්ම තියෙනවා,මාර ඉල්ලුමක් තියෙන්නේ..
ReplyDeleteඑතකොට උඹ උසස් පෙළ කරන්නේ අවුරුදු 35 දී ද බං? විලියම් සිංහල පරිවර්තනේ නං මට අහුවෙලා නෑ තාම! ඒකනේ, මම වැඩ පටන් ගත්තේ.
Deleteහිකි හිකි! උසස්පෙළ ගැන කතා කිරීම,සම්මුඛ සාකච්චාවලට මුහුණ දීම,ප්‍රශ්නවලට පිළිතුරු දීම,ඒ පොත් දෙස බැලීම අත් හිටුවා ඇත. ;)
Deleteතියෙනෝ තියෙනෝ ධාරෝ මට 7න් පස්සේ සෙට් වුනේ නෑ අපි වයසට ගියානේ.. ;)ඔන්න අදයි අඳුනගත්තෙ, මම මේ කියපු පොත් ගැන්සියේ උන්න අයියෙක් තමයි මෙච්චර කල් සමී (පුංචි ලෝකය) නමින් ඉඳල තියෙන්නේ.අද තමයි දන්නේ දෙන්නම එක්කෙනෙක් කියලා..
සාර්තකයි මෙවරත්...!
ReplyDeleteකුට්ටිය නිසා හොඳට ගියා කියලා මයිකල්ට හිතෙන්න ඇති ... :D
තැන්කූ වේවා, රෙහානි අක්කේ. නැතු ව! නැතු ව! මයිකල්ට විතරක් නෙමෙයි විලියම්ටත් එහෙම හිතෙන්න ඇති.
Deleteකෝ බොල මම ඊයේ දාල ගියේ කොමෙන්ටුව?
ReplyDeleteඋඩහින් ඇති බොලව් :D පුදුම හදිස්සියක්නේ.
Deleteඅනේ මල් කුමාරයයි කුමාරියි දොඩම් ඉස්මයි බටරුයි වැදිච්චි සැටිය උඩ වාඩිවෙලා ඉද්දි කොච්චර ලස්සනට තියෙන්න ඇත්ද.
ReplyDeleteලස්සනට ලියල තියෙනවා ධාරා. වැඩේ කියන්නේ කුතුහලය උත්සන්න වෙලා ප්‍රෙෂර් වැඩිවෙලා යන තැනකින්නෙ ඔයා කතාව නවත්තල තියෙන්නෙ. නියමයි ඈ එල කිරි වගේ. ජය වේවා.
එහෙම තමයි, මල්ලියෝ. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. දිගට ම එන්නකෝ.
Deleteආ මෙන්න කතුවරීගෙන් පස්සේ තව කතාවක්.. බලමු මේකත් මැදක ඉඳන් කියවල.. ජය වේවා! දිගටම ලියන්න හොඳේ!
ReplyDeleteකාලෙකට පස්සේ අඟහරුවා සිංහලෙන් කොමෙන්ටුවක් දැම්මේ. මුල කොටසත් කියවලා ඉන්නකෝ. නැත්තං සෙනසුරු වගේ වෙයි.
Deleteමටත් ඕන අර වගේ හුරතල් ඌරු මීයෙක් :)
ReplyDeleteඌරු මීයෝ මොකට ද බොලව් තමුන් ඉන්නකොට? :P
Deleteඅනේ මල් කුමාරයාට පුදුම ආදරයක් දැනෙන්නේ...:)
ReplyDeleteඇයි මල් කුමාරිට ආදරේ නැද්ද?
Deleteරෙහානි කියන කතාව ඇත්ත. මගේ කමෙන්ට් එකත් පේන්ට නෑ.:(
ReplyDeleteබැන්දට පස්සේ පොඩ්ඩි අක්කගේ ඇස් පෙන්නේ නැද්ද මන්දා! ඔය උඩහින් තියන්නේ ඔයාගේ කොමෙන්ටුව තමයි :D
Deleteඅදත් ඔයා කථාව හරිම ලස්සනට පරිවර්ථනය කරල තියෙනව ධාරා..ආසාවෙන් කියෙව්වා :)
ReplyDeleteතැන්කූ වේවා, චාම්ස් අක්කියෝ. දැන් ඔයාගේ ලැප් රාජයට කොහොම ද?
Deleteතාමත් එයාට හොඳ නෑ නංගා. වෙන කෙනෙක්ගෙ කම්පියුටරක් තමයි දැනට පාවිච්චි කරන්නෙ.. :(
Deleteඑහෙම හරි අපි ව බලන්න එන එක කොච්චර දෙයක් ද :)
Deleteලස්සනයි ඔයාගෙ පරිවර්ථනය, ධාරා.. ලියන්නකො ඉතිරි ටිකත්.
ReplyDeleteඉක්මනට දාන්නං, චන්දන අයියේ. මේ පැත්තට ගොඩ වැදුණට බොහෝම ස්තූතියි!
Deleteමගේ කමෙන්ට් එකට මොකද කලේ ?
ReplyDeleteමොන කොමෙන්ටුවට ද භූතයෝ?
Deleteඇයි බොල මම ඊයේ කමෙන්ට් එකක් දැම්මා... කතාව අගය කරලා ..හික් ,
Deleteඒ කමෙන්ට් එක භුතයෙක්වත් ගිල්ලද ...
අනේ මන්දා, බොලව්! මම ස්පෑම් එකෙත් බැලුවා. ඒත් නැතෝ.
Delete