මේ අලුත් වැඩේ ගැන දන්නේ නැති උදවිය මේ පාර දිගේ ගිහින් හැඳින්වීම බලලා ආවොත් හොඳයි! නැත්තං එහෙම තේරුනේ නෑ කියලා පස්සේ කියන්න බැහැ ඔන්න . . .
“මම ඇත්තට ම
කැමති යි මල් කුමාරයෙක් ඉන්නවා නං,” ග්‍රාන්ට්
මෙනවිය මිමිනුවේ කල්පනාවෙන් බර වුණ කටහඬකින්. “මල් කුමාරයෙක් නැති මගුල් ගෙදරක කිසිම ලස්සණක් නැහැ.”
ඇගේ නැන්දා ඒ
කියන්නේ බ්‍රවුන් මහත්මිය, තේ මේසේ සිදු වෙන කතා බහ ගැන කිසිම උනන්දුවක් නැතු ව කෑදර
විදියට ලොකු ම ලොකු අයිසින් කේක් කැබැල්ලක් කමින් හිටිය ඇගේ පුතා දිහා බැලුවා.
“මේ ඉන්නේ
විලියම්,” ඇය කිව්වේ
කල්පනාවෙන්. “විලියම්, මම
හිතන්නෙ ඔයා දැන් කේක් කෑවා හොඳට ම ඇති.”
ග්‍රාන්ට්
මෙනවිය, හරිම අහිංසක බැල්මකින් හැඩ වෙලා තිබුණ විලියම්ගේ මුහුණ දිහා ටික වෙලාවක් විමසිල්ලෙන්
වගේ බලාගෙන හිටියා.
“ඇති?” විලියම් ඇහුවේ පුදුමයෙන් වගේ. “මම තාම එකක්වත් හරියට කෑවේ නැහැනේ. ඔයා මගේ දිහා බලනකොට
මම කන්න පටන් ගත්තා විතර යි! මේක මේ බටර් කේක් කෑල්ලක්නේ. ඒවා කෑවට මුකුත් වෙන්නේ
නැහැ. මොනවා හරි වෙනවා නං මම කන්නේ නෑ . . . ඇත්තම යි. සීනි කන එක හොඳයි. සත්තුත්
ලෙඩක් නැතු ව ඉන්න සීනි කනවනේ. දැන් බලන්නකෝ අශ්වයෝ. ඇයි තව ගිරවු? කොච්චර නං සීනි
කනව ද? ඒත් ඒ කිසිම සතෙක්ට මුකුත් ම ලෙඩක් . . .”
“විලියම්, තර්ක
කරන්න එපා,” විලියම්ගේ කටකාරකම ගැන හොඳින් ම දැනගෙන හිටිය අම්මා
කිව්වේ වෙහෙසට පත් වුණ කටහඬකින්.
මෙතෙක් වෙලා
විලියම්ගේ මුහුණ දිහා විමසිලිමත් ව බලාගෙන හිටිය ග්‍රාන්ට් මෙනවිය කතා කළා. “විලියම්ට තියෙන්නේ හරිම ලස්සණ මූණක්නෙ,” ඇය කිව්වා. “මගුල් ගෙදරක
මල් කුමාරයෙකුට ගැළපෙන ආදරබර ගතියකුත් තියෙනවා.”
ඒත් බ්‍රවුන්
මහත්මිය නං ඒ ගැන කතා කළේ දුක්බර කටහඬකින්, “ඔය කියන තරම් අපූරු පෙනුමක් විලියම්ට නැහැ කියල යි මම නං
හිතන්නෙ.”
“හොඳයි,” ග්‍රාන්ට් මෙනවිය කතා කරනකොට ඇගේ බුද්ධිමත් පෙනුමැති
මුහුණ දීප්තියෙන් බැබළුනා. “එයාගේ ඥාති
සහෝදරිය, ඩොරිටා ගැන මොකද කියන්නෙ? ඒ දෙන්න ම එක ම වයසේ. එහෙම නේද? දෙන්නට ම එකොළහ
යි! හ්ම්ම්, දෙන්න ම සුදු සැටින් ඇඳුම් ඇඳලා හෝලි පොකුරු අරගෙන ඉන්නකොට . . . ඔයා
මොකද හිතන්නෙ එයා ව උත්සවේට ගෙන්න ගන්න එක ගැන?” (ග්‍රාන්ට් මෙනවිය හැම වෙලාවෙ ම තමන්ගේ විවාහ මංගල්‍යය
ගැන සඳහන් කළේ ‘උත්සවය’ කියලා) “විලියම්ගේ
කොණ්ඩේ පොඩ්ඩක් කැපුවොත් කොහොම ද? එයාගේ පෙනුම තවත් අපූරු වේවි!”
මේ අතරේ
විලියම් තමන්ගේ හොඳම යාළුවෝ තුන් දෙනා වුණ ජින්ජර්, හෙන්රි සහ ඩග්ලස් එක්ක ගෙවත්තට
ගියේ ඔවුන් අලුතෙන් ම හොයා ගත්ත ‘කඳු නැගීම’ කියන සෙල්ලම කරන්න. ලණුවක එල්ලිලා, තොප්පිවල කුරුලු
පිහාටු කිහිපයක් සවි කරගෙන තාප්පෙට හේත්තු කරලා තියෙන ලෑල්ලක් දිගේ බඩ ගාගෙන ඉහළට
නගින එක තමයි ඔවුන් කළේ . . . විලියම්, තමන් කතා පොත්වල ඉන්න වීරයෙක් වගේ පෙනෙයි
කියලා හිතලා අම්මගේ පරණ ගොල්ෆ් තොප්පියක් ඔළුවේ දාගෙන යි හිටියේ. ඔවුන් නිතර ම
තාප්පේ උඩට ම නගින්න කලින් බිමට ඇදගෙන වැටිලා හොඳට ම තුවාල වුණත් සෙල්ලම ගැන ඔවුන්ගේ
හිතේ තිබුණ උද්‍යෝගය නං පොඩ්ඩක්වත් නැති වෙලා ගියේ නම් නැහැ. මොකද මේ වගේ අවදානම්
සහිත සෙල්ලම් කරන එක විලියම්ගේ හිතට ලොකු සතුටක්.
මේ අපූරු කඳු
නැගීමේ සෙල්ලම ගැන මුලින් ම විලියම්ට අදහසක් ඇති වුණේ බ්‍රවුන් මහත්මයාගේ මිතුරෙක්
නොසැලකිලිමත් විදියට විලියම්ට තෑගි කරපු කඳු නැගීම සඳහා යොදා ගන්න උපකරණ කට්ටලයක්
නිසා! මේ අපූරු තෑග්ග ගැන පවුලේ අය දැන ගන්නකොට ගෙදර බිත්ති සහ පඩිපෙළ
සම්පූර්ණයෙන් ම වගේ විනාශ වෙලා ඉවර යි. ඉතින්, සතියක් තිස්සේ තාත්තගේ අත් අඩංගුවේ තිබුණ
මේ අපූරු උපකරණ කට්ටලය ආයෙත් විලියම් අතට ලැබුණේ ගෙදර ඇතුළේ පාවිච්චි කරන්නේ නැහැ
කියන දැඩි කොන්දේසිය මත. ඔන්න ඔය විදියට යි ‘කඳු නැගීම’ කියන සෙල්ලම
නිර්මාණය වුණේ. හැම කෙනෙක්ට ම මේ උපකරණ පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබුණා වගේ ම එකේ
අයිතිකාරයා වුණ විලියම්ට අනිත් අයට වඩා වැඩිපුර වාරයකුත් හිමි වුණා.
මල් කුමාරයා විදියට
ඉන්න එක ගැන කතා කරන්න හිතාගෙන බ්‍රවුන් මහත්මිය හවස් වරුවේ විලියම් ව හොයා ගෙන
ආවේ හිතේ සැකයකුත් හංගගෙන.
“ඔයා කැමති ද
ඔයාගේ ඥාති සහෝදරිය, සිබිල්ගේ මගුල් ගෙදර යන්න?” ඇය ඇහුවා.
“අපොයි! නැහැ,” විලියම් කිව්වේ කිසිම පැකිලීමක් නැති ව.
“ඔයා කැමති
නැද්ද හොඳට ඇඳලා මගුල් ගෙදර යන්න?” ඇය ඇහුවා.
“රතු
ඉන්දියානුවෙක් වගේ ද?” විලියම් ඇහුවේ
බලාපොරොත්තු සහගත කටහඬකින්.
“හ්ම්ම් . . .
එහෙම නෙමෙයි.”
“මුහුදු
කොල්ලකාරයෙක් වගේ ද?”
“අපොයි! නැහැ.”
“මම යනවා නං
යන්නේ රතු ඉන්දියානුවෙක් විදියට හරි, මුහුදු කොල්ලකාරයෙක් විදියට හරි විතර යි,” ඔහු ස්ථිර විදියට කිව්වා. “එහෙම නැත්තං මම වෙන කිසිම ඇඳුමක් අඳින්නේ නැහැ.”
“මල් කුමාරයෙක්
කියන්නේ . . .” එතනට ආපු ග්‍රාන්ට් මෙනවිය කිව්වේ පැහැදිලි කටහඬකින්. “හරිම ආදරණීය චරිතයක්නේ, විලියම්. ඔයාගේ වයසේ ළමයෙකුට මේ
වගේ වාසනාවක් ලැබෙන එක හරිම අපූරු දෙයක්.”
විලියම්, ඇය
දිහා බැලුවේ කෝපය පිරුණු මුහුණකින්. ඒ නිසා බ්‍රවුන් මහත්මියට සිදු වුණා නිවාඩු
පාඩුවේ විලියම් එක්ක ආයෙමත් මේ ගැන කතා කරන්න.
“මම ඔයාට ලස්සණ,
සුදු සේද මේස් ජෝඩුවක් ගෙනාවා,” ඔහුගේ අම්මා
කිව්වා. “ඒ වගේ ම එතල්ට
තියෙනවා සැටින් යට ගවුමක්. ඒක දැන් එයාට මදි. ඒ නිසා අපිට පුළුවන් ඒකෙන් ඔයාට හොඳ
ඇඳුමක් හදා ගන්න. එහෙම නේද? අපිට තව සුදු සැටින් රෙදි ටිකක් අරගෙන මොකක් හරි
මෝස්තරයක් දාන්නත් පුළුවන්.”
“එපා! මම කීයටවත්
එතල්ගේ පරණ ඇඳුම් අඳින්නේ නැහැ,” විලියම්
කේන්තියෙන් කිව්වා. “ඔයාලට ඕනේ මම
විකටයෙක් වගේ ඉන්නවා බලන්න ද? එතල්ගේ පරණ ඇඳුම් ඇඳගෙන ගියොත් මගේ යාළුවෝ ඉතුරු
ජීවිත කාලෙ ම මා ව විහිළුවකට ගනී. මම නං පරණ කිසිම දෙයක් අඳින්නේ නැහැ මගුල්
ගෙදරට. එතල්ගේ පරණ ඇඳුම් අඳින්න වුණොත් මම සිබිල්ගේ මගුල් ගෙදර පස් පාගන්න නැහැ .
. . හොඳ ද?”
කවුරු මොනවා
කිව්වත්, තර්ජනේ කරත්, රවට්ටන්න හැදුවත් විලියම් තමන්ගේ අදහස වෙනස් කරේ නැහැ. මේ
කලබල නිසා විලියම් හිටියේ හරිම කලකිරීමෙන්. වෙන එකක් තියා ‘කඳු නැගීම’ ගැනවත් ඔහුගේ
උනන්දුවක් තිබුණේ නැහැ. ඒකට යොදා ගත්ත උපකරණ කට්ටලය තාප්පෙට හේත්තු කරලා තිබුණා
කාලෙකින් අතවත් තියන්නේ නැතු ව! ඒ වගේ ම මේ ආරංචිය දැන ගත්ත යාළුවන්ගේ විහිළු තහළුවලින්
බේරිලා ඉන්නත් විලියම්ට ලොකු උත්සාහයක් දරන්න සිදු වුණා.
“ආ! මල්
කුමාරයා! කවුද මල් කුමාරයෙක් වෙන්න යන්නෙ? අපොයි! දෙවියනේ, තනිකර සුදු පාට ඇඳුම්
ඇඳපු මල් කුමාරයෙක්. පව්! අහිංසක, විලී! ල . . . ස් . . . ස . . . ණට ඉඳීවි නේද?”
විලියම්ගේ
ජීවිතේ කටුක වුණා දවසින් දවස ම. යාළුවන්ගේ විහිළු මැද්දේ දවස් ගෙවිලා ගියේ හරිම
හෙමින්. මගුල් ගෙදර යන්න තියෙන අවස්ථාව මග අරින්න විලියම් හුඟක් උපක්‍රම යෙදුවා.
ඒත් අන්තිමට සිදු වුණේ දරුණු වේදනාවක් එක්ක නළල පොඩ්ඩක් ඉදිමුණ එක විතර යි!
෴ මතු සම්බන්ධ යි ෴
7 ඉදන් බලා ගෙන හිටියේ ඔයාගේ කතාව රසවිදින්න..ඔහොමත් මිනිසුන්ව රවටනවද මම අහන්නේ ????? :S
ReplyDeleteආ! ඇත්ත ද? උදේ 7.15 ට නැගිටපු කෙනා කොහොම ද 7 ඉඳලා බලාගෙන හිටියේ. හීනෙන් වෙන්න ඇති නේද?
Deleteසහ්.. කියල වැඩක් නෑ ඔයාට හොදට අත් ගුනේ පිහිටල තියෙනවා.. ජයම වේවා ධාරානිපාත වර්ෂාවක්ම වැටේවා!!!
ReplyDeleteබොහෝම ස්තූතියි, දේශකයෝ. හෆොයි! මේ දවස්වල වැස්සේ තෙමෙන්න නං බැරියෝ. හෙම්බිරිස්සාව හැදිලා තියෙන්නේ.
Deleteලස්සණ යි ලස්සණ යි. අපි කොච්චර උස් මහත් වුණත් මේ වගේ කතා කියවන්න ආසයි. දිගට ම ලියන්න කෝ.
ReplyDeleteනැතු ව! මේක මගේ ආසම පොතක්. ඊළඟ කොටසත් ඉක්මනින් ම දාන්නංකෝ.
Deleteනියමයි කියන්න වචන නැහැ.. මාරයි.. අමුතුම රසයක් දැනෙනවා.
ReplyDeleteBora Diyaka Induwara
තැන්කූ වේවා! මොන වගේ රසක් ද මෙයා?
Deleteඑල , මරු පරිවර්තනයක් කරනකොට මුල් රසය නොමරා කරන්න පුළුවන් පරිවර්තකයෝ බොහොම අඩුයි ,ඔයාට ඒ ශක්‍යතාව තියෙනවා, ඔහොම යමු, අමාරු වැඩක් වුනත් කල්ගන්නේ නැතුව කොටස් දාමු.
ReplyDeleteස්තූතියි, ඉවාන් අයියේ. මෙහෙම යි, මේකේ ඉතුරු කොටස් ටික ඉක්මනට දාන්නං. අනිත් කතා ටික ඉතින් හෙමින් හෙමින් තමයි. පළවෙනි පොතේ කතා 10 ක් තියෙනවා. මේක එකක් විතර යි. ඉතුරු ටික මගේ කතා අස්සේ වෙලාව තිබුණ ම දාන්නං.
Deleteමම නම් අලුත්ය... පට්ටම ආස හිතෙන කතාවක්ය....තව ලියන්ට ඈ...
ReplyDeleteඅලුත් කෙනා ව එහෙම නං සොඳුරු මංපෙතට සාදරෙන් පිළි ගන්නවා. තව ලියන්නං ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.
Deleteනියමයි ධාරා... මේ ශෙලියටත් මං ආසයි....
ReplyDeleteමම ඒත් කල්පනා කරා නලින් මාමා නැත්තේ මොකද කියලා. මේ ඇවිල්ලා ඉන්නේ.
Deleteමම බයේ හිටියේ, මොකද අපේ සමහරක් පරිවර්තන කියවද්දී ඇඩෙනවා. කියවගෙන යද්දී තියෙන්න ඕනේ එකදිගට ගලාගෙන යන්න. ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද, කතයානා අමරතුංග, මානෙල් ගුණසේකර, සුදත් රොහාන් වගේ අයගේ පර්වර්තන කියවද්දී ඒ ගතිය දැනෙනවා. මම කිව්වේ මතක් උන ටික දෙනෙක් විතරයි. පොඩි අයට කතාව තේරෙනවා වගේම ලොකු කෙනෙක්ට කියවන්න පුළුවන් විදිය ඒ පොත් ලියවෙලා තියෙන්නේ. මම එයාලා ගැන කිව්වේ සංසන්දනයට නෙවේ, මට ඔයාගේ කතාව කියවද්දී හරිම ආසාවෙන් කියවන්න පුළුවන් උණා. පරිවර්තනය කියන දේ හැමෝටම කරන්න බෑ. තමන්ගේ නිර්මානයක පුර්ණ බලතල තිබ්බට පරිවර්තනයක දී ඒ අයිතිය නෑ. ඒ දේ වැරදුනොත් හරියට අභය හේවාවසම් කියන පරිවර්තන කරුවා වෙනුවට "හැරී පෝටර්" අවසාන පොත් මාලාව පරිවර්තනය කරන්න ගිහින් තිබ්බ නාම මාත්‍රික ප්‍රසිද්දියත් නැති කරගත්තු තොම්සන් වැන්දබෝනා වගේ වෙන්න පුළුවන්. අති සාර්ථකයි මට නම් මේ කොටස. දිගටම එනවා ආයෙමත්.
ReplyDeleteබොහෝම ස්තූතියි, බ්ලැක් අයියේ. දැන් නං මට ලැජ්ජත් හිතෙනවා. හිතුවේ නැහැ මෙච්චර ප්‍රතිචාර එයි කියලා. ඉතුරු කොටසත් ඉක්මනට දාන්නං. හ්ම්ම්, පරිවර්තන ගැන කියනවා නං ලංකාවේ සමහර පරිවර්තකයෝ නං ගන්න දෙයක් නෑ. කොටින් ම කිව්වොත් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරන්න කලින් මට ෂර්ලොක් හෝම්ස් කතා පේන්න බෑ. මේ ළඟ දී මම සරසවියට (පොත් සාප්පුව ගැන කියන්නේ) ගිය වෙලාවේ දැක්කා කවුරු හරි කෙනෙක් Twilight කතා මාලාව සිංහලට නගලා. එක පිටුව යි කියවන්න පුළුවන් වුණේ තනි ඇහැට ඇඬුවා. එකට අපේ පොඩ්ඩි අක්කගේ පරිවර්තනේ එක හුස්මට කියෙව්වේ. එක ම පොත ඒත් ලොකු වෙනසක්. හ්ම්ම්, මොනවා වුණත් හිතුවේ නෑ මේක මේ තරම් සාර්ථක වෙයි කියලා.
Deleteමං හිතුවෙ ධාරගෙ ඇත්ත මල් කුමාරය ගැන කියලා... හෝහෝ... ඔන්න එහෙනම් තව කතා කාරියෙක් බිහි උනා
ReplyDelete( ඔයා මේ පාර Exam ලියන පොඩි එකෙක් කියල මං හිතන් හිටියෙ )
අනේ, මේ, මට මල් කුමාරයෝ හොයන්න තව අවුරුදු 5 ක්වත් තියෙනෝ. තමුන් නං දැන් ම හොයලා තියා ගත්තොත් හොඳයි. කල වයසත් හරියාගෙන එනවනේ.
Deleteඒ කියන්නෙ දැං ඔයාට 30 පැනලද ? :P තව අවුරුදු 5කින් හතලිස් ඇඳිරියත් ඒවි ....
Deleteගොන් අලියෝ, අවුරුදු 30 ට 5 ක් එකතු කරා ම 40 යි ද?
Deleteමෙන්න බොලේ ධාරත් පරිවර්තනේ කරනවා ... ජයවේවා !!! දිගටම කරමු...
ReplyDeleteදිගටම පරිවර්තනේ කරලා අපි මේක මුදුනේ කරමු ...
හෆොයි! "මුදුනේ" කරා ම ඔයාටත් ඕනෙ ද අත්සනක් දාපු කොපියක්?
Deleteසිරා කතාව ධාරා. මට මතක් උනේ ‘ස්වාමි සහ යහළුවෝ‘. සාර්ථකයි. දිගටම ලියන්න.
ReplyDeleteස්තූතියි, ඩ්‍රැකියෝ. මේක පරිවර්තනය කරන්න අමාරු යි ඡේද ටිකක් වැඩි නිසා!
Deleteපරිවර්තනයක් නේද.... නියමයි....!!
ReplyDeleteදිගටම ලියන්න
ලියනෝ. තව දවස් දෙක තුනකින් ඊළඟ කොටසත් දාන්නංකෝ.
Deleteෂා හරිම අපුරු කතාවක් ඉතුරු කොටස් ටිකත් ඉක්මන්ටම ලියන්න
ReplyDeleteබොහෝම ස්තූතියි, කළුවර හීනය!
Deleteකලින් පෝස්ට් එකට ගිහින් ඒකත් කියවල එන්න කියල තිබ්බ නිසා ඔන්න ඒකත් කියවල ආවෙ:) ඔයා කථාව ලස්සනට පරිවර්ථනය කරල තියෙනව නංගියා. දිගටම ලියන්න..පුලු පුලුවන් විදිහට මාත් ඇවිත් කථා ටික කියවන්නම්කො.
ReplyDeleteතැන්කූ, අක්කියෝ. ඉක්මනින් ම ඔයාගේ ලැප හදා ගන්න.
Deleteලස්සනයි. පරිවර්තනයක්ද? :)
ReplyDeleteඔව්, පොඩ්ඩි අක්කේ. කලින් ලිපිය කියෙව්වේ නැද්ද? එහෙම නං වැඩේ මොකද්ද කියලා අහු වෙනවා.
Deleteඇත්තටම නියමයි.... ඉතුරු ටිකත් කියවන්න අනිවා එනවා.
ReplyDeleteතැන්කූ වේවා, ඉමල්ක අයියේ. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. දිගට ම එන්නකෝ.
Deleteකතාවනං නියමයි...කියවගෙන යනකොට කම්මැලි නොහිතෙන, කියවන්න තව තව ආසහිතෙන ශෛලියකින් ලියලා තියෙන්නේ. මං හිතනවා "ඊළඟ කෑල්ල තවත් රසවත්" වෙයි කියලා....
ReplyDeleteඊළඟ කෑල්ල තවත් රසවත් ද කියලා ඔයා ව කියවලා බලන්නකෝ. හෝම්ස් මල්ලිවත් සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට.
Deleteඔන්න අද තමයි කියවන්න පටන් ගත්තෙ, කලෛන් දවසක කලබලෙන් ඇවිත් ගියාට.. ලස්සන කතාවක් වගෙ. බලමුකො ඉස්සරහට ගිහිල්ල..
ReplyDeleteඑහෙම නං හෙමින් සැරේ කියවලා බලමුකෝ.
Delete