මල් කුමාරයා (පළමු දිග හැරුම) සහ මල් කුමාරයා (දෙවැනි දිග හැරුම) කියවන්න බැරි වුණ අයට මේක තේරෙන්නේ නැති වුණාට මට කරන්න දෙයක් නෑ ඔන්න . . .
විවෘත වුණ ඉදිරිපස සාලේ දොරෙන් කුඩා කණ්ඩායමක් ඇතුළට ආවා. මුලින් ම ආවේ ග්‍රාන්ට් මෙනවිය, ඇගේ සුදු පැහැ අලංකාර මංගල ඇඳුමෙන් සැරසිලා. ඇයට පිටුපසින් හොඳම ඇඳුමෙන් සැරසුණ විලියම්ගේ අම්මා සහ ඉන් පස්සේ වෙහෙසට පත් වුණ බැල්මක් මුහුණේ රඳවා ගත්ත විලියම්ගේ තාත්තා කාමරයට ඇතුළු වුණා.
“මෙන්න එනවා කරදරකාරයෝ ටික,” ඩොරිටා මිමිනුවා.
“විලියම්! ඩොරිටා! මයිකල්!” ඔවුන් කතා කළා.
ළමයින් තුන්දෙනා හෙමින් හෙමින් ඒ දිහාට ගියා.
බටර්, ලොම් කැබලි සහ දොඩම් යුෂවලින් අපිරිසිදු වෙලා හිටිය මයිකල් දැක්ක ම ගමන් ග්‍රාන්ට් මෙනවිය පුදුමයෙන් බෙරිහන් දුන්නා.
“මයිකල්! ඔයා නං හරිම නරක ළමයෙක්!”
ඇය දොර දිහාට බර වුණේ සිහි නැති වෙන්න වගේ. ඒ අතරේ මයිකල් අඬන්න පටන් ගත්තා.
“පව්! මිකී,” ඔහු කිව්වේ කඳුළු අතරින්. “එයා ලෙඩ වෙලා!”
ඔවුන් ඉක්මනින් මයිකල් ව එතනින් ඉවතට අරගෙන ගියා.
“දුක් වෙන්න එපා, වස්තුවේ,” බ්‍රවුන් මහත්මිය කාරුණික ව කිව්වා. “අනිත් දෙන්නා ලස්සණට ඉන්නවනේ.”
ඒ වෙලාවේ බ්‍රවුන් මහත්මයා කාමරේ වටේ ඇවිදිමින් හිටියේ. ඔහු පුදුමයෙන් මහත් කර ගත්ත දෑස්වලින් යුතු ව විලියම් සහ ඩොරිටාගේ පසු පසින් හිට ගත්තා.
“කොහොම ද මෙහෙම වුණේ?” ඔහු කඩා පැන්නා.
විලියම් සහ ඩොරිටා ඉබේ ම ඔහු දිහාට හැරුනේ බ්‍රවුන් මහත්මියට සහ මනාලියට පිටුපස හරවමින්.
මනාලිය කලින් වතාවටත් වඩා කර්කශ විදියට බෙරිහන් දුන්නා.
“දෙවියනේ, ඔයාලා මොනව ද මේ කරගෙන තියෙන්නෙ? ඔයාලා නං හරිම නපුරු ළමයි! මට සන්සුන් ව ඉන්න ඕනේ වුණ දවසෙ ම . . . මට ඕනේ වුණ දවසෙ ම . . .”
“අපි කාමරේ ඇතුළේ ඇවිද ඇවිද හිටියේ. ඊට පස්සේ අපි සෝපාවේ වාඩි වුණා. සෝපාවේ දොඩම් යුෂ තිබිලා ඒවා අපේ ඇඳුම්වල ගෑවිලා,” විලියම් එක හුස්මට පැහැදිලි කළා.
“ඇයි ඔයාලා ඉඳ ගත්තෙ?” ඔහුගේ අම්මා ඇහුවා.
“අපි කාමරේ එහෙට මෙහෙට ඇවිදිමින් හිටිය නිසා මහන්සියක් දැනුනා. ඒ නිසා යි අපි සෝපාවෙන් වාඩි වුණේ. ඒකෙ දොඩම් යුෂ තිබිලා. ඒ නිසා අපේ ඇඳුම් . . .”
“ඇති! ඔයාලා දැක්කේ නැද්ද සෝපාවේ දොඩම් යුෂ තියෙනවා කියලා?”
විලියම් ආයෙමත් කතාව පටන් ගත්තා. “හ්ම්ම්, අපි නිකමට වගේ කාමරේ ඇවිද ඇවිද හිටියා. ඉතින් අපිට මහන්සි දැනුන නිසා අපි ඉඳ ගන්න . . .”
“එක ම දේ කියන එක නතර කරන්න, විලියම්.”
“අපිට ලෝගුවක් හදා ගන්න බැරි වෙයි ද?” මනමාලි දුක්බර කටහඬකින් ඇහුවා. “උරහිසේ ඉඳලා එල්ලා වැටෙන්න තිබුණොත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැනේ. ඒකට හුඟක් වෙලා යන එකක් නැහැනේ.”
බ්‍රවුන් මහත්මයා ඔරලෝසුව දිහා බැලුවා.
“අශ්ව කරත්තේ ඇවිල්ලා දැන් පැය කාලක් වෙනවා,” ඔහු ස්ථිර හඬකින් කිව්වා. “අපිට නාස්ති කරන්න වෙලාවක් නැහැ. මෙහේ එන්න, ළමයෝ. අපි පූජාවෙන් පස්සේ මේ ගැන හොයලා බලමුකෝ. හ්ම්ම්, ඔයාලට එන්න බැහැ අපි එක්ක. ඒ නිසා ගෙදරට වෙලා ඉන්න,” ඔහු කතාව ඉවර කරේ විලියම් දිහාට දැඩි බැල්මක් යොමු කරමින්. ඔහුගේ කටහඬේ ළාවට වගේ ඉරිසියාකර ස්වරයකුත් තිබුණා.
“අනේ, මට මල් කුමාරයෙක් ඕනෙ ම වෙලා හිටියේ,” ග්‍රාන්ට් මෙනවිය ආපසු හැරෙන ගමන් දුක්මුසු කටහඬකින් කිව්වා.
නැති වෙලා තිබුණ සතුට සහ බලාපොරොත්තුව ආයෙත් විලියම් ළඟට ආවා. අශ්ව කරත්තයේ නොපෙනී යනකං ම ඔහු තණ පිට්ටනිය දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවේ තමයි නොසැලකිලිමත් විදියට අත් ඇරලා දාපු කඳු නගින උපකරණ කට්ටලයේ ආයෙත් වතාවක් ඔහු දැක්කේ.
“මෙහෙ එන්න,” ඔහු සතුටින් කෑ ගැහුවා. “මම ඔයාට මම ම හදපු සෙල්ලමක් කියලා දෙන්නං. ඒකට කියන්නෙ ‘කඳු නැගීම’ කියලා.”
ඔහු තාප්පෙට ලෑල්ලක් හේත්තු කරන දිහා ඇය බලාගෙන හිටියා.
“ඔයා කිසිම කමකට නෑ,” ඇයි කිව්වේ ඇගේ පැහැදිලි කටහඬින්. “මම ඔයාගේ පරණ සෙල්ලමට වඩා දහ ගුණයක් හොඳ ‘කඳු නැගීම’ කියලා සෙල්ලමක් දන්නවා.”
ඊට පස්සේ මල් කුමාරි හරිම ආඩම්බරෙන් තමන් දන්න සෙල්ලම ගැන දැනමුතුකම් දෙන්න පටන් ගත්තා. විලියම් කීකරු ශිෂ්‍යයෙක් වගේ ඇයට ඇහුම්කන් දුන්නා.
මේ වෙලාවේ බ්‍රවුන් නිවසේ සේවක සේවිකාවේ හැමෝම ගෙවත්තේ තිබුණ ලොකු මඩුවේ කෑම බීම සූදානම් කරමින් හිටියේ. ඒ නිසා නිවසේ ඇතුළ සම්පූර්ණයෙන් ම වගේ පාළුවට ගිහින්.
පැය කාලකට පස්සේ අලුත් ‘කඳු නැගීමේ’ සෙල්ලමට හැම දෙයක් ම සූදානම් වෙමින් තිබුණේ. උඩු මහළට යන පඩි පෙළ පාමුල විලියම්ගේ අම්මාගේ සහ තාත්තගේ නිදන කාමරයෙන් ගෙනාපු ලොකු මෙට්ටයක් අතුරලා තිබුණා. ඊට උඩින් ග්‍රාන්ට් මෙනවියගේ මෙට්ටයත්, ඊටත් උඩින් විලියම්ගේ මෙට්ටයත්, අවසානයට පඩි පෙළ උඩින් ම ඩොරිටාගේ කාමරයෙන් රැගෙන ආපු මෙට්ටයකුත් අතුරලා තිබුණා. හැම නිදන කාමරයක ම බිම ඇඳ රෙදි වැටිලා අවුල් වෙලා!
මෙට්ට ටික ඇණ කිහිපයකින් පඩි පෙළට සවි කරාට පස්සේ ඔවුන්ගේ ‘කන්ද’ තවත් ස්ථාවර විදියට නැගී හිටියා. ඔවුන් මගුල් ගෙදර යන්න ඇඳපු සැටින් ඇඳුම් ඇඳගෙන මේස දාගෙන ම කන්ද නගින්න පටන් ගත්තා. පය පැටලිලා කන්දෙන් පහළ තිබුණ පිහාටු කොට්ට ගොඩට (මේවා කිසිම වග විභාගයක් නැතු ව නිදන කාමරවලින් අරගෙන ඇවිත් තිබුණේ) ඇද වැටෙන හැම වෙලාවෙ ම ආයෙත් මුල ඉඳලා ම කන්ද නගින්න සිදු වෙනවා. ඒක තමයි නීතිය!
ඔවුන්ගේ සෙල්ලම ඉතාමත් ඝෝෂාකාරී ඒ වගේ ම විනෝදකාමී එකක්. කන්ද නගින්න ඔවුන් මාරුවෙන් මාරුවට විලියම්ගේ කඳු නැගීමේ උපකරණ කට්ටලය භාවිතා කළා. ඒක ඇත්තට ම ලොකු උදව්වක් වුණා කන්ද හොඳින් ග්‍රහණය කර ගන්න. අන්තිමේ දී විලියම් දාඩියෙන් තෙත් වෙලා කන්ද උඩට ම නැගලා විජයග්‍රාහී විදියට හිනා වුණේ එක අතකින් තමන්ගේ උපකරණ කට්ටලෙත් අරගෙන.
ඔහු හොඳින් ම දැනගෙන හිටියා මංගල උත්සවේ පැවැත් වුණේ ළඟින් ම තිබුණ දේවස්ථානේ බවත්, තව මිනිත්තු කිහිපයකින් මනාල ජෝඩුව රැගත් අශ්ව කරත්තය නිවසට ළඟ වෙන බවත්. ඒ වගේ ඇඳුම්වල දොඩම් යුෂ තැවරුණ විදිය ගැන තමන්ට පැහැදිලි කරන්න වෙන බවත් ඔහු දැනගෙන හිටියා. ඒ වගේ නිවසේ මෙට්ට මේ වගේ සෙල්ලමකට පාවිච්චි කරන්න බැරි බවත් හොඳින් ම දැනගෙන හිටියත් ඒ ගැන ඔහු ගැන කිසිම තැකීමක් කළේ නැහැ. එයා සතුටින් කල්පනා කරමින් හිටියේ මනමාලි එක්ක අශ්ව කරත්තෙන් එන විලියම් ව බලන්න දේවස්ථානේ ළඟ රැස් වෙලා ඉන්න කොල්ලෝ කුරුට්ටෝ ගැන!ඒ ගැන කල්පනා කරනකොට ඔහුෙග් දෙතොල්වල ජයග්‍රාහී සිනාවක් ඇඳුනා.
“ආ! කවදාවත් එන්නේ නැති කෙනෙක් වෙනුවෙන් කවුද පල්ලිය ළඟ බලාගෙන හිටියෙ?”
“මම හිතන්නේ බදාදා උදේ පාන්දර පින්නේ තෙමීගෙන මං එනකං පල්ලිය ළඟ බලාගෙන ඉඳලා ඔයාට දරුණු හෙම්බිරිස්සාවක් හැදෙන්න නැතු ව ඇති නේද?”
“සමහරුන් ව මෝඩයා කරන්න හරිම ලේසි යි! මම හිතන්නේ ඔයාලා හැමෝම මම බදාදා එයි කියලා විශ්වාස කරන්න ඇති.”
මේ වගේ සමච්චල් සහගත වදන් දිගට ම විලියම්ගේ හිතට ගලාගෙන ආවා.
“මං කියන්නේ, දැන් ඕක පාවිච්චි කරන්න මගේ වාරේ.”
විලියම් කිසිම කතාවක් නැතු ව කඳු නැගීමේ උපකරණ ටික ඇයට දුන්නා.
“ඒක නෙමෙයි,” ඇය ආයෙත් කතා කළා. “කසාද බඳින එක ගැන ඔයා මොකද හිතන්නෙ?”
“දන්නේ නෑ,” විලියම් කෙටියෙන් කිව්වා.
“මට කවදා හරි කසාද බඳින්න වුණොත්,” මල් කුමරිය දිගට ම කතා කරගෙන ගියා. “මම කවදා හරි බඳින්නේ ඔයා වගේ කෙනෙක්.”
“මම නං ඒ ගැන එච්චර හිතන්නේ නෑ,” මල් කුමාරයා කිව්වේ හරිම නිර්භීත විදියට. “ඒත් මම බඳින්නේ සාමාන්‍ය ඇඳුම් ඇඳලා.”
“අපොයි! ඔව්,” ඇය එහෙම කියද්දී පය පැටලිලා කන්ද පහළ තියෙන කොට්ට ගොඩ උඩට ඇදගෙන වැටුනා. එතන වැතිරිලා ඉන්න ගමන් ඇහිරුණු ඒත් වෙනදා වගේ ම පැහැදිලි කටහඬකින් ඩොරිටා මෙහෙම කිව්වා, “ඇත්තට ම! හරිම සාමාන්‍ය ඇඳුම්වලින්!”
෴ නිමි ෴
ඔන්න දවල් කෑම එකත් කාලා ඇවිත් ආලවක ට හොරෙන් අතුරුපස විදියට ඔයාගේ කතාව කියෙව්වා...කතාව නම් පංකාදු 5 යි ධාරා...
ReplyDeleteහොඳ වෙලාවට මේක දැම්මේ එහෙම නං. නැත්තං ඉතින් ඔයාට අතුරුපස නැති වෙනවනේ. තැන්කූ වේවා, මෙයා!
Deleteමට මොකටද අනේ තැන්කු ?? :D
Deleteඑහෙම නං ආයෙත් නැතෝ. ඔන්න දැන් ම කිව්වා :P
Deleteඅහ්හ් එහෙමද ?? එකත් කමක් නැතෝ... :P
Deleteපොඩ්ඩන්ගේ ලෝකය... හරිම ලස්සනයි. ඒ වගේම කතාවත්.
ReplyDeleteඒක නං ඇත්ත! තැන්කූ වේවා, චන්දන අයියේ. මම ඊයක් එව්වා, ලැබුණ ද?
Deleteරිප්ලයි කළා. බැලුවේ නෑ..??
Deleteබැලුවා :) බොහෝම ස්තූතියි!
Deleteපුංචි ඈයොන්ගේ මනස ගැන කියවෙන ලස්සන කතාවක්....
ReplyDeleteඔයාගේ උත්සාහය සාර්තකයි කියලා හිතෙනවා
මමත් ආස යි මේ කතා පෙළට. තෑන්කූ, රෙහානි අක්කේ. ඉස්සරහට තව කතා දෙක තුනක් දාන්නංකෝ.
Deleteහහ්...මාර නරක ලමයි දෙන්නෙක්. :D:D
ReplyDeleteඒ මොකද පොඩ්ඩි අක්කෙ?
Delete“මට කවදා හරි කසාද බඳින්න වුණොත්,” “මම කවදා හරි බඳින්නේ ඔයා වගේ කෙනෙක්.”
ReplyDeleteකාට හරි මෙහෙම කියලා බලන්න ඕන........:D
කියලා විතරක් මදි. ඊට පස්සේ වුණ දේවල් (ගුටි කාපු හැටි එහෙම) අපිටත් කියන්නකෝ.
Deleteපුංචි උන්ගෙ ලෝකෙ ලස්සන දගකාර වැඩක්.
ReplyDeleteඅද තමයි ඔක්කොම කිවෙව්වෙ. ලස්සනයි ධාර. ඔයාගෙ උත්සාහය හොදටම සාර්තකයි. අනිත් ටිකත් දාන්න පුළුවන්නම් හොදයි.
ලොකු ශානා ව සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. අනිත් කතා ටිකත් හෙමින් සැරේ දාන්නංකෝ.
Deleteමරු ඈ...පංකාදුයි... මරු පොඩි වුන්. මාත් කවදාහරි බඳින්නේ සාමාන්‍ය ඇඳුම් වලින්...
ReplyDeleteමෙහ්..."මමත් කවදා හරි බඳින්නේ ඔයා වගේ කෙනෙක්."
:D
ඒ කිව්වේ රතු ඉන්දියානුවෙක් වගේ ද?
Deleteවාව් නියමයි ඈ. අනේ මගුල් ගෙදර ගිය කස්ටිය ගෙදර ඇවිල්ල පඩි පෙල දිගට මෙට්ට දාල තියෙනව දැක්කම මොනා නොහිතෙයිද? ජයවේවා ධාරා අනිත් කොටසක් ඉක්මනට ලියන්න.
ReplyDeleteඅනිත් කොටසක් නැතෝ. මේ කතාව මෙතනින් ඉවර යි! ඊළඟට වෙන කතාවක්.
Deleteමගේ කෙල්ලෝ දෙන්නා ගේ පුංචි කාලේ මතකයට ආවා මේ ලස්සන කතාවෙන් ධාරා
ReplyDeleteපොඩි ළමයි ඉන්න ඕනෙ ම තැනක රස කතා ගොඩ යි, නලීන් මාමේ.
Deleteහරිම අපුරුයි.....
ReplyDeleteබොහෝම ස්තූතියි, සචිත්.
Deleteලස්සණ යි අනේ හැම දා ම වගේ. මේ අකුරුවල ප්‍රමාණය තැනින් තැන වෙනස් කරන එක අපෙ ඇස් ඇද ගන්න පුළුවන් හොඳ ක්‍රමයක්.
ReplyDeleteඕක මුලින් ම දෙබස්වල පාට මාරු කරන්න කම්මැලි නිසා කරපු වැඩක්නේ, දිලිනියෝ. අන්තිමට මටත් හිතුනා ඒක හොඳ ක්‍රමයක් කියලා. තැන්කූ වේවා!
Deleteහරිම ලස්සන කතාවක් නේ.... //මමත් කවදා හරි බඳින්නේ ඔයා වගේ කෙනෙක්// මෙහෙම කාටහරි කියල ගුටි කන්න වෙයිද... :ඩී
ReplyDeleteකියල ම තමයි බලන්න වෙන්නේ ප්‍රතිචාර කොහොම ද කියලා :D
Deleteලස්සන කතාව... තවත් මේ වගේ එකක් පරිවර්තනේ කරමු එහෙනම් ආයෙත් ...
ReplyDelete(මේ කමෙන්ට් එකට මොනවා හරි කලොත් බලා ගත්තෑගකී ඈ )
හෙමින් සැරේ පරිවර්තනේ කරන්නංකෝ.
Deleteමේ මම බං මම ...
Deleteපින්තූරේ දැක්ක ම මම හිතුවා තමුන් වෙන්න ඇති කියලා. ඒ වුණාට හරියට ම කියන්න බැහැනේ. දැන් මොකද සංහිඳ බ්ලොග් එක ලියන්නේ නැත්තෙ?
Deleteඅර උඩින්ම කියල තියන කතාවට අදාල කෙනෙක් නේ මමත්...ඒ දෙකම කියවලා එන්න බලන්න ඕන. දවස් ගානකින් අද තමා බ්ලොග් බලන්න ගත්තේ..හ්ම්ම්ම්
ReplyDeleteඑහෙම නං හෙමින් සැරේ කියලා බලලා ගුණදොස් කියන්නකෝ.
Deleteඔන්න මාත් ආවා :)
ReplyDeleteලියමු දිගටම....
සාදරයෙන් පිළි ගන්නවා, සොඳුරු මංපෙතට. දිගට ම ඇවිත් යන්න එන්නකෝ.
Delete