පහුගිය දවස් ටිකේ වැඩ කන්දක් ගොඩ ගැහිලා තිබුණ නිසා යාළුවන්ගේ බ්ලොග් කියවන්න සහ කමෙන්ට් කරන්න බැරි වුණා. ඒ ගැන මට සමාවෙන්න!
අමන්දාගේ වදන් හමුවේ කාර්යාල කාමරය පුරා පැතිරිලා ගියේ දැඬි නිහඬතාවයක්. අමාරුවෙන් එක්තැන් කර ගත් අනුරාධගේ සිත යළිත් වතාවක් සීසීකඩ විසුරුවමින් සුළි කුණාටුවක් හමාගෙන ගියේ ඔහු ව දෙලොවක් අතර තනි කරමින්. කළ යුත්තේ කුමක් දැයි නොදැන අතරමං වුණ ඔහුගේ හදවත හඬා වැටුණා.
"නයෝමිට මොකද වුණේ, අමන්දා?" අන්තිමේ දී ඔහු කටහඬ අවදි කළා.
"මම ඔයාට කිව්වනේ, අනුරාධ. නයෝමි මේ වෙලාවේ ජෙනරල් හොස්පිටල් එකේ ඉන්නේ. සමහර විට මේ වෙනකොටත් එයා අපි ව දාල ගිහින් ඇති. ඔයාට පුළුවන් කමක් තියෙනවා නං එක ම එක වතාවක් ඇවිල්ලා එයා ව බලලා යන්න," අමන්දා කිව්වේ පිට වී යාමට සූදානම් වෙමින්.
"මට කියන්න මොකද්ද වුණේ කියලා."
අනුරාධගේ ස්වරය ආයාචනාත්මක යි. දුක්මුසු යි. නමුත් පිට ව යන්නට සූදානම් අමන්දා ව රඳවා ගන්නට තරම් ඒ ස්වරය ප්‍රබල වුණේ නැහැ.
"වෙච්ච හැම දෙයක් ම දැන් වෙලා ඉවර යි, අනුරාධ. ඔයාට පුළුවන් නං එන්න," ඇය පැවසුවේ කාර්යාල කාමරයේ අනුරාධ ව තනි කර පිටවෙලා යන ගමන්.
ඇය පිටවෙලා ගියේ සතියක් පුරා ඔහුගේ හිතේ රැඳිලා තිබුණ සතුට හා සැනසීම අරගෙන යි. රුධිරය සමග මුසු වුණ වේදනාව සිරුර පුරා දිව ගියේ බිඳී විසුරුණු ඔහුගේ සිත තව තවත් ඔත්පල කරමින්. එහෙත් හද පෙළන වේදනාව අමතක කර කුලුඳුල් ප්‍රේමයේ මතකයන් මතින් සිතට එකඟ ව හෝ නැති ව සම්මතය හා එක් ව නිවැරදි තීරණයක් ඔහු ගත යුතු යි.
"අනුරාධ!"
මාලින්ගේ ගැඹුරු කටහඬ අන් කවරදාටත් වඩා සන්සුන්. අනුරාධ ව පියවි ලොවට කැඳවමින් මාලින් ඔහු ඉදිරියෙන් අසුන් ගත්තේ අනුකම්පාව රැඳුණු දෑසක් එක්ක.
"මම මොකද්ද මාලින් කරන්නෙ ඕනෙ? මට පිස්සු හැදෙයි," අනුරාධ පැවසුවේ බිඳුණු කටහඬින්. බර දරා ගත නොහැකි විලසින් ඔහුගේ හිස බිමට නැඹුරු වෙලා තිබුණා.
"අමන්දා අද උඹට කියපු හැම දෙයක් ම ඇත්ත නෙමෙයි, අනුරාධ. මාව විශ්වාස කරපන්," මාලින් කිව්වේ අනුරාධගේ සුරත තදින් ග්‍රහණය කර ගනිමින්.
අනුරාධගේ දෑසේ රැඳුණු හිස් බැල්ම මකාගෙන මතු වුණේ මවිතයක්. හිතේ තෙරපෙන කිසිවෙක් වචනයට නගා ගත නොහැකි ව මොහොතකට ඔහු ගොළු වුණා. ඔහුගේ බැල්ම වටහා ගත් මාලින් සෙමින් හිස සළමින් දිගු කතාවකට මුල පිරුවේ අනුරාධට අමන්දාගෙන් විමසන්න බැරි වුණ ප්‍රශ්න බොහෝමයකට උත්තර බඳිමින්.
"දවස් හතරකට විතර කලින් හවස් වරුවේ නයෝමි ව හොස්පිට්ල් එකට අරගෙන ආවේ අමන්දා. නයෝමි හිටියේ සිහි නැතු ව. පැනඩෝල් කාඩ් දෙකක් බීලා මැරෙන්න හදලා. දැන් විතරක් නෙමෙයි ඇඩ්මිට් කරනකොට වුණත් මැරෙන්න තරම් ලොකු අමාරුවක් තිබුණේ නෑ එයාට."
"උඹ කොහොම ද . . ."
"පැය දෙක තුනකින් සිහිය ආව එයාට. හෙට ගෙදර යන්නත් පුළුවන් වෙයි. හ්ම්ම්, ඩොක්ටර් කියන විදියට ස්ට්‍රෙස් එක නිසා තමයි ඔහොම කරලා තියෙන්නේ. මම හිතන්නේ පහුගිය දවස් දෙක තුනේ ම එක දිගට නයෝමි උඹට කෝල් කරන්න ඇති. ඒත් උඹ ආන්සර් කරේ නැති නිසා තමයි අද අමන්දා උඹ ව මීට් වෙන්න ඔෆිස් එකට ම ආවේ. නයෝමිට . . ."
"මාලින්, උඹ කොහොම ද . . ."
"නයෝමිට මැරෙන්න තව කල් තියෙනවා බං. උඹ බලන්න නොගියා කියලා ඒකි මැරෙන්නේ නෑ. උඹ බලන්න ගියත් නැතත් හෙට ටිකට් කපනවා."
"උඹ මේ දේවල් දන්නේ කොහොම ද කියපන්."
"මේනකා ඉන්ට’න් කරන්නේ ජෙනරල් හොස්පිට්ල් එකේ."
මාලින්ගේ පිළිතුරෙන් සියල්ල පැහැදිලි විය. එසේ නම් නයෝමි රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ හදිසි අනතුරු ඒකකයේ මේනකා සේවය කරන්නට ඇත. නයෝමි ව හොඳින් හඳුනන ඇය ඒ පිළිබඳ සියලු තතු චරිත්ට පවසා ඇති සෙයකි. චරිත්ගේ මාර්ගයෙන් මාලින් ඒ සියලු විස්තර දැන ගත්තා විය යුතු ය.
"මේක වෙච්ච දවසේ ම චරිත් මට හැම දෙයක් ම කිව්වා. අපි උඹට කිව්වේ නැත්තේ කියලා වැඩක් නැති නිසා. දැන් ටිකකට කලින් අමන්දා උඹේ ඔෆිස් එකේ ඉඳලා යනවා දකිනකං උඹ මේ ගැන දැනගෙන හිටියේ නැති බව මම දන්නවා. මම දැන් මේක උඹට කිව්වේ උඹ මෝඩයෙක් වගේ හොස්පිට්ල් එකට දුවන එක නතර කරන්න. නයෝමිට ඕනේ උඹ ව ගෙන්නා ගන්න. කැම්පස් ගිය කාලේ වගේ උඹ එයාට ආදරේ කරනවා බලන්න. ආයෙත් උඹ ළඟට එන්න. උඹ මෝඩයෙක් වගේ හැසිරෙන්න ගියොත් ඒක කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි එයාට. අන්තිමේ දී උඹට නයෝමිත් නැති වෙයි. ඉමාලිත් නැති වෙයි."
මාලින‍්ගේ සන්සුන් ස්වරයෙන් විස්තර කෙරෙන කටුක සත්‍යයට සවන් දුන් අනුරාධගේ හිතේ ඇති වුණේ ආත්මානුකම්පාවක්. ඉමාලි නැති ජීවිතයක් මනසේ සිතුවම් වෙද්දී ඔහුගේ දෑස් එළියට පනින්න වෙර දරණ කඳුළු පටලයකින් බොඳ වෙලා ගියා. පේරාදෙණිය සරසවි බිමේ දී ඔහුට පෙම් කළ අහිංසක යුවතිය සදහට ම නයෝමි ව හැර ගොස් ඇති බව සිහිවෙන විට ඒ කඳුළු අතරින් නැගුනේ කවදාවත් ඇති වේවි යැයි ඔහු බලාපොරොත්තු නොවූ හැඟීමක්. කලකිරීම සමග මුසු වුණ පිළිකුලක්.
"උඹ දැන්වත් තේරුම් ගනිං, අනුරාධ. නයෝමි උඹ ව දාල ගියේ මීට අවුරුදු හතරකට කලින්. සල්ලි නිසා ඒකි වෙනස් වුණා. අදටත් ඒ වෙනස වලංගු යි. යන එන මං නැති වුණා ම ආයෙමත් උඹ ව මතක් වුණා. ඒත් දැන් උඹ ළඟට එන්න ඒකි පරක්ක වැඩි යි. හැබැයි උත්සාහ කරොත් ආයෙමත් උඹ ළඟට එන්න බැරි වෙන්නේ නැති බවත් නයෝමි දන්නවා. මම මේ කියන දේ පිළිගන්න උඹ කැමති නැති බව මම දන්නවා. ඒත් ඒක යි ඇත්ත. උඹ ආදරේ කරපු නයෝමි මැරිලා හුඟක් කල්."
"හ්ම්ම්ම්."
"උඹ හොඳට හිතලා බලපන් ඇත්ත මොකද්ද කියලා. නයෝමි නිසා එක පාරක් උඹ අතරමං වුණා. ඒත් ඉමාලි ඇවිත් උඹට යන්න අලුත් පාරක් පෙන්නලා දුන්නා. උඹට ඕනේ නයෝමි පස්සේ ගිහින් ආයෙමත් සැරයක් අතරමං වෙන්න ද? එහෙම වුණොත් මේ වතාවේ උඹට පාර පෙන්නන්න ඉමාලි එන්නේ නැති බව හොඳට හිතේ තියාගෙන වැඩ කරපන්."
"උඹ කියන දේ මම පිළිගන්නවා, මාලින්. ඒත් . . ."
"එහෙම නං මොළේ කල්පනා කරලා වැඩ කරපන්. ඉමාලි උඹේ අතීතේ හරා අවුස්සන්නේ නැතු ව උඹ ව කසාඳ බැන්දේ විශ්වාසේ නිසා. ඒ විශ්වාසේ කැඩුවොත් උඹට ශාප වෙයි, අනුරාධ."
"මම ඉමාලිට වැරැද්දක් කරේ නෑ, මාලින්."
"උඹ එදා නයෝමි එක්ක මැක්ඩොනල්ඩ්ස් ගිය එක වැරැද්දක් නෙමෙයි ද? ඒ වෙලාවේ මම සමාධි එක්ක උඩ තට්ටුවේ හිටියේ. මට හිතා ගන්න බැරි වුණා උඹ නයෝමි එකක් ඉන්නවා දැක්ක ම. දැන්වත් උඹ නයෝමි ගැන හිතන එක නතර කරපන්. නැත්තං උඹටත් නොදැනීම උඹේ අතින් ඉමාලිට ලොකු වැරැද්දක් වෙයි. එදාට උඹ තනි වෙලා පසු තැවෙයි. උඹ කල්පනා කරලා තීරණයක් ගනිං. මම දැන් යනවා. මම ආවේ මේක උඹට දීලා යන්න," කුඩා සංයුක්ත තැටියක් අනුරාධගේ මේසය මතින් තබමින් මාලින් කිව්වේ පිට වී යාමට සූදානමින්. "එදා උඹ ඉල්ලපු ප්ලෑන් එක ඕකේ ඇති."
"උඹ කියපු දේවල් ඔක්කොම ඇත්ත," අනුරාධ දැඬි හඬකින් කිව්වේ අත් ඔරලෝසුව පිරික්සමින්. "මට ඒ ගැන තවත් හිතන්න දෙයක් නෑ, මාලින්. ඒත් මට අන්තිම වතාවට නයෝමි ව මුණ ගැහිලා කතා කරන්න දෙයක් තියෙනවා. ඊට පස්සේ මේ හැම දෙයක් ම ඉවර යි."
෴ මතු සම්බන්ධ යි ෴
නයෝමි ඔච්චර මෝඩයි කියලා නම් හිතුවේ නැහැ..යන විදිය නම් එච්චර හොද නෑ..බලමුකෝ මෙයා ඉස්සහරට මොකෝ වෙන්නේ කියලා..මම විතරද නයෝමි ගේ සයිඩ් එකේ ?? :P
ReplyDeleteඔයා නයෝමිගේ සයිඩ් එකේ ඉන්නේ ඔයත් නයෝමි වගේ ම මොට්ට නිසානේ :P
Deleteමම තව මත් නයෝමිට අනුකම්පා කරන්නෙ නෑ ධාරා.
Deleteඒකට කමක් නෑ, දිලිනියෝ. නයෝමි දැන දැන ම කරදරේ වැටුණ එකට අපිට කරන්න දෙයක් නෑ :)
Deleteඅනුරාධ ගැන කලින් කොටසේ මම හිතුවා වැරදියි නෙහ්.. බලමු. මේවා මේ කොටස් වලට කඩ කඩ කියවන එක තමා එපා වෙන්නේ..
ReplyDeleteඑක දිගට දැම්මොත් දිග වැඩි යි, දේශකයෝ :)
Deleteඅනුරාධ පිස්සුවක් නටන්න වගේ හදන්නෙ.
ReplyDeleteප්‍රියා අය්යට හිතෙන දේවල් :)
Deleteමම අනුමාන කරපු අවසානය නෙමේ.. බලමු :)
ReplyDeleteමෙයා මාවත් අවුල් කරලා තියෙන්නේ අවසානේ හිතා ගන්න බැරුව. -__________-
Delete@ සමියා : මම කිව්වට උඹට මේක අනුමාන කරන්න බෑ කියලා!
Delete@ ළහිරු : ඒක ඉතින් මගේ හැටිනේ :)
හැම දෙයක්ම ඉවරයි කියල තමයි යන්නෙ.හැබැයි ඊට පස්සෙ තමයි හැමදෙයක්ම පටන් ගන්නෙ.ආදරේ අන්ධයි අෆ්ෆා..
ReplyDeleteකෑ ගහන්න එපෝ :) මෙයාට අත්දැකීම් තියෙනවා වගේ.
Deleteමාලින් ඔච්චර කියලත් අනුරාධ යනවද නයෝමි බලන්න..බලමුකො මොනව කියන්නද යන්නෙ කියල
ReplyDeleteඒකනේ කියන්නේ චාම්ස් අක්කේ :( මටවත් මේ යකා ව නතර කර ගන්න බැරි වුණානේ.
Deleteඅනුරාධ මොකක්ද ඒ ගමන කරන්න යන්නෙ
ReplyDeleteබලමුකෝ හැලප මාමේ ඊළඟ කොටසින් :)
Deleteඅද තමයි සේරම කියෙව්වේ. ගෑණු එපා වෙනවානේ අප්පා
ReplyDeleteහැමෝම එහෙම නෑ යකෝ :D
Deleteමම අනුරාධනම් මම යන්නේ නැහැ.ගියොත් නයෝමි අනිවාර්යෙන් අර හැටහතර මායිම් වලින් එකක් දාලා අර අහිංසකයාව අල්ලා ගන්න බැරි නැහැ.
ReplyDeleteඔයා අනුරාධ නෙමෙයි නිසා දැන් කරන්න දෙයක් නෑ :)
Deleteමැරෙන්න තෝරගෙන තියෙන්නේ සෑහෙන දුර්වල ක්‍රමයක්නේ... මැරෙන්න පැන්ඩෝල් බොන්න බෑනේ..
ReplyDeleteපැනඩෝල් පෙත්තක බර මිලිග්‍රැම් 500යි. මැරෙන්නම පැනඩෝල් බොන්න නම් ග්‍රෑම් 35ක්වත් බොන්න ඕනේ. ඒ කියන්නේ පෙති 70ක් විතර. ඒ ප්‍රමාණය බීගෙන බීගෙන එද්දි වමනේ යනවා. ඒ නිසා මේ ක්‍රමය හෙනම අසාර්ථකයි.
මැරෙන්නම බොන්නත් එක ක්‍රමයක් තියෙනවා කියලා එපේ මල්ලි මට කිව්වා. ඒක මෙතන ලියන්නේ නෑ. බැරි වෙලාවකවත් මුන් බීලා මලොත් එහෙම....
කතාව ගලාගෙන යෑම ලස්සනයි.. ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න ධාරා !
කාඩ් දෙකක් බොනකොට නයෝමිට එපා වෙන්න ඇති! ඊළඟ කොටස පුළුවන් ඉක්මනට දාන්නං, මධූ අයියේ. මේ කොටස දාන්නත් සතියක් පරක්කු වුණා වැඩ නිසා!
Deleteකෝ මයේ කමෙන්ට් එක ?
ReplyDeleteඔන්න උඩින් තියෙනවෝ :) මෙයාට මල්ලි මැරෙන්න උපදෙස් දෙනව ද මන්දා!
Deleteමේකේ කමෙන්ට් වල පාඩ ටිකක් ලා ගතියක් තියෙනවා වාගේ... අඳුරු පාටක් දාන්න පුලුවන්ද ?
Deleteඅඳුරු කරන්න අමාරු යි, මධූ අයියේ :( එතකොට සයිඩ් බාර්වල තියෙන අකුරු නොපෙනී යනවා.
Deleteඕ..ඕ..ඕ.. ඒකත් එහෙමයි එහෙනං...
Deleteහරි එහෙනම් මෙහෙම්ම තියෙන්ඩ අරිමු ! :)
වැඩි වැඩ කරන්න ගිහින් අමාරුවෙන් අටවා ගත්ත බ්ලොග් කටුව අතුරුදන් වුණොත් එහෙම කාට කියන්න ද?
Deleteවැඩේ වෙයි වගේ ...අනේ මෙහෙම මෝඩයෙක් ..?
ReplyDeleteමොන වැඩේ ද? අනුරාධ කියන නම තියෙන හැමෝම එක වගේ මොට්ට යි, අෆ්ෆා :P
Deleteමොකක්ද මැට්ටි කිව්වේ , හහ් යූ ඩෝන්ට් නෝ හූ මීයා ..?
Deleteකිව්වා කියලා හිතා ගන්න, ඉවාන් අයියේ :O
Deleteමම කිව්වේ නොම්මර එකේ අම්මන්ඩිලා දෙන්නෙක් කියලා... :D
ReplyDeleteගන්දරයා ගෑනු ළමයි ගැන සෑහෙන්න දන්න පාට යි :D
Deleteමම මාලින්ට කැමතියි! ඔහු සැබෑ යාළුවෙක්. දැන්නම් කථාව කොයි පැත්‍තට යයිද කියලා හිතා ගන්න බෑ. හැම සතියෙම මම හිතන දේ නෙමෙයි වෙන්නේ. බලමුකෝ ලබන සතියේ....
ReplyDeleteනංගිට ජය හා සතුට!!!
මාලින් ව ප්‍රතිනිර්මාණය කරේ මම ආස චරිත ලක්ෂණ අතරින් :) කොහොමත් මනුස්සයෙක්ට හොඳ යාළුවෝ නැත්තං ජීවිතේ කඩා වැටීම් වැඩි යි!
Deleteඅනුරාධ ඒ පාර මොනාද කියන්න යන්නේ
ReplyDeleteබලමුකෝ රෙහානි අක්කේ ඊළඟ කොටසින් :)
Deleteගැහැණුන් වනාහි ගැහැණුන්මය...
ReplyDeleteකියනකං දැනගෙන උන්නේ නෑ හොඳේ :)
Deleteහරිම ලස්සන කතාවක්..... අද දැක්කෙ ...ඔක්කොම කියෙව්වා... ඉක්මනට ඉතුරු කොටස ලියන්න :)
ReplyDeleteබොහෝම ස්තූතියි, නාඳුනන්නෝ. මේ දවස්වල වැඩ වැඩි නිසා ලියවෙනවා අඩු යි!
Deleteඔක්කොම කියවන්ඩ ඕනා වෙලාවක් දාගෙන...
ReplyDeleteනීමයි හොඳේ..........
එහෙම නං විවේකයක් තියෙන වෙලාවක් බලලා කියවන්නකෝ. උමා ව සාදරයෙන් පිළි ගන්නවා, සොඳුරු මංපෙතට!
Deleteමාලින් !!!!!
ReplyDeleteඌ එල කොල්ලෙකි ..:)
ඉඳලා ඉඳලා ඇවිල්ලා කසුන් අයියා මාලින්ගේ පැත්තට කතා කරනවා! පව් නැද්ද අනේ නයෝමි?
Deleteපව් තමා ..කොරන්න දෙයක් නෑ .සල්ලි පස්සේ ගියාම ඔහොම වෙනවා .. :(
Deleteඅත්දැකීමෙන් ද මන්දා කිව්වේ :P
Deleteඅනේ මන්දා ..වෙන්න ඇති සමහර විට :D :D
Deleteඅනුරාද ගොනා.. මාලින් නම් අපුරු කොල්ලෙකි. මාලින්ලා වගේ යාලුවෝ ඉන්න එක අපුරුයි
ReplyDeleteඒ කියන්නේ උඹ අනුරාධ නං මම මාලින් වගේ ;)
Deleteඒක තමා :3
Deleteඅපි බොරු කියන්නේ නෑ :)
Deleteටික දවසකින් බ්ලොග් පැත්තෙ එන්න බැරි වුනා. ආපු ගමන් බැලුවෙ ධාරා මේක ලියලද කියල. අනේ තැන්කූ තැන්කූ මාලින් වගේ යාළුවෙක් ඉන්න එක ගැන. හැබැයි ඉතිං අනුරාධගෙ ඒත් මේත් නං ඇල්ලුවෙ නෑ. කමක් නෑ කමක් නෑ. බලමුකො ධාරා මේක හොදට ලියයි. දැනටත් අසාධාරණම නෑනෙ. :)
ReplyDeleteමහත්තයා ඩොන්ගල් එකත් අරගෙන ගියා ද? බලමු නේද මොකද වෙන්නේ කියලා! දැන් නං සිඟිති අක්කගේ තර්ජන ටිකක් අඩු වෙලා වගේ :)
Deleteකොටස් 6ම කියෙව්වා.. සාමාන්‍යයෙන් මේ වර්ගයේ කතා ගැන එච්චර උනන්දුවක් නැති වුණත් මේක නම් දිගටම කියවන්න ඕන කියල හිතුණ නිසා ඔන්න මමත් Google Friend Connect එකෙන් join වුණා. දිගටම ලියන්න... :) :) :)
ReplyDeleteබොහෝම ස්තූතියි, අශාන්. සොඳුරු මංපෙතට සාදරයෙන් පිළි ගන්නවා. දිගට ම ඇවිත් යන්න එන්නකෝ.
Deleteඅනිවාර්යයෙන්ම එන්නම්... :) නිදහස් වෙලාවක අපේ පැත්තෙත් එන්න...
Deleteඑදා කලබලෙන් ඇවිල්ලා මන්දාකිනියට ඔළුව දාල ගියා! මම ආස ම විෂයයක් ගැන ලියපු බ්ලොග් එකක්. නිදහස් වෙලාවක ආයෙමත් ඇවිත් ලිපි ඔක්කොම කියවන්න ඕනේ :)
Deleteළඟකදී පටන් ගත්තේ.. විෂයයට කැමති කෙනෙක් අඳුර ගන්න ලැබීම ගැන සතුටුයි... :)
Deleteලස්සනයි ධාරා. ඊගාව කොටස කියවන්න බලාගෙන ඉන්නවා
ReplyDeleteතැන්කූ වේවා, අනූ අක්කේ. හෙට වෙනකොට ඔන්න ඊළඟ කොටසත් දානවෝ :)
Deleteමෙහෙම බෑ. මුල සිට කියවා පැමිණිය යුතුය.
ReplyDeleteඑහෙම නං මුල ඉඳලා කියවාගෙන එන්නකෝ, ධනා :)
Deleteසුන්දරයි.. මම බ්ලොග් කියවන්න ආවෙ ලඟදි.. ධාරා දීපු පලවෙනි අත්දැකීම නියමයි.. ඔහොම යං.. සුබ පතනවා..
ReplyDeleteසුබ පැතුමට බොහෝම ස්තූතියි, අරෝෂ. දිගට ම ඇවිත් යන්න එන්න.
Delete