August 29, 2013

වැස්ස දවසක!


හිරු වසාගෙන ඝන වලාකුළු මතු වෙලා නුබ ගැබපුරාවට
නැවුම් බව රැඳි සිසිල් සුළඟක් හමා‍‍‍‍ගෙන යයි සිව්දිසාවට
සුළඟ ගෙන ආ ගීයෙ තාලෙට සෙමෙන් සැලෙනා පුංචිමලකට
උඩින් පියඹා ගිය කිරිල්ලිය අකැමති ද මන්දාතෙමෙන්නට
  
සිහින් පොද වැසි ඇද හැලෙයි සීතලෙන් මාගේ ගතවෙලාගෙන
සිටිය නම් නුඹ ඉන්න තිබුණා සීත යන්නට තුරුලු වීගෙන
නියම පදමට කහට එක් කළ තේ එකක් උණුවේබෙදාගෙන
බොන්න තිබුණා කවුළුවට එපිටින් වැටෙන වැහි දෙසබලාගෙන
  
මාත් එක්කලා ආදරෙන් වැස්සේ තෙමෙන්නට එන්නෙකවද ද
හොඳට තෙමිලා එක ම කම්බිලියක් ඇතුළෙ ගුලි වෙන්නආස ද
පාට කඩදාසියක් අරගෙන පුංචි ඔරුවක් හදනු බොළඳ ද
දුරින් ඉන්නට බෑ තවත් මට මා ව අරගෙන යන්නෙකවද ද
  

52 comments:

  1. පොඩි පොද වැස්සක් අද තිබ්බ නිසාමද දන්නේ නැහැ මෙයා ට කවි සිතුවිලි පහල වෙලා.. :D ලස්සනයි ලස්සනයි සුබ පතනවා ඉස්සහරට කරන වැඩ වලට ධාරා..

    ReplyDelete
    Replies
    1. නැතු ව! වැස්ස ‍වෙලාවේ කතා කරපු ‍‍දේවල් නිසා තමයි කවි සිතුවිලි පහළ වු‍ණේ :) සුභ පැතුමට තැන්කූ වේවා!

      Delete

  2. නුබ ගැබ දිලෙයි කළුවර වැහි වලාවට....
    සිසිලස ගලයි මා ගත අද පුරාවට....
    මල් පෙති වගෙයි නුබ මුව අද සිනාවට...
    තෙමි තෙමි හිඳිමු තුරුලේ අපි මුලාවට.....

    වහින මේ වැස්ස අපේ උණුහුම හොරා යන....
    මතක මංපෙතට හුස්ම බිඳ ගෙනත් උරාගෙන....
    කහට නැතුවමත් සුසුම් උනුහුමට වෙලී යන.....
    නුබව සිඹින්නට වැස්ස අද නපුරු වෙලාගෙන.....


    පොද වැස්සේ තෙමුනොතින් ලෙඩ හැදෙයි බෝමයි....
    නුබේ ගතේ වැහි බිඳීතු වැටෙනකොට ලෝභයි.....
    කඩදාසි ඔරු මතින් දුර යන්න ආසයි....
    ළඟ ඉන්නේ තුරුලුවෙමු වැහි අස්සේ සීතයි....

    මේ වැස්ස මගෙ හිතට කවි හැඟුම් ගේනවා...
    ඒ හැඟුම් ළඟ ඉඳන් නුබ සුවඳ දැනෙනවා....
    පොද වැස්සේ නුබ එක්ක හැමදාම යනෙනවා...
    ඒ මතක මැද ඉඳන් මම තාම හඬනවා....


    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. මගේ පොස්ටුවට වඩා දිග පිළිතුරු කවියට බොහොම ස්තුතියි, ‍බෙන්.

      Delete
    2. පොස්ටුවට වඩා දිගු කමෙන්ට් :D මූට වෙලාව කොහෙන්ද දන්නෑ :D ..

      Delete
    3. බෙන් හරිම අගෙයි පැදි පෙල. ධෘරා කැලේ...

      Delete
    4. මක්කෙටෙයි ස්තුති.... ඔය වචනෙන් බැමි බඳින්න එපා ඈ.. ආයේ එන්නෙම නැතෝ එහෙම උනොත්...
      :D

      Delete
    5. @ සමී - වෙලාව කොහෙන් හරි හොයා ගන්නේ නැතෑ :) ලියනවා නං එච්චර යි!

      @ දේශකයා - ආ! එහෙම ද?

      @ බෙන් - හෆොයි! ඉල්ලා අස් කර ගන්නවා එහෙම නං ඈ :)

      Delete
  3. වැහි ධාරා.. වගේ...


    සුන්දරයි.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ආහ්, එක එක නම් දාන්න ඔට්ටු නැතෝ :) ජය වේවා!

      Delete
  4. ලියන විදිහ පට්ටයි නියමයි

    ReplyDelete
    Replies
    1. පට්ට යි = නියම යි නෙමෙයි ද? කොහොම වුණත් තැන්කූ වේවා!

      Delete
  5. මං මේක හිතෙන් කියපු තාලෙත් එක්ක සමහර තැන් ගැලපෙන්නෙ නැතුව ගියා.. ඊට පස්සෙ බොහොම හෙමීට කියෙව්වාම මගෙ තාලෙට් මුලු කවි පන්තියම ගන්න පුලුවන් උනා :)

    සාර්තකයි!!

    සිටියා නම් නුඹ ඉන්න තිබුණා සීත යන්නට තුරුලු වී ගෙන කියන එක එහෙම ලියල තිබුනට
    සිටියා කියන එක සිටිය කියල කිව්වනම් නියමෙට යනෝ තාලෙ එක්ක

    සිටිය නම් නුඹ ඉන්න තිබුණා සීත යන්නට තුරුලු වී ගෙන

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවෝ :) දැන් හරි. මට කියන්න ඕනේ වුණේ "සිටිය" කියලා තමයි. ඒත් ටයිප් කිරීමේ දී අවුලක් මතු වෙලා :(

      Delete
  6. වාව්! ධාරා මම නඩු දානවා!
    මගේ මතක පොත ඇවිස්සුවට කමක් නෑ එක දිගට,පිට පිටම අවුස්සන්න එපා!
    වැස්සේ තෙමෙන්න.. හ්ම්ම්ම්...

    මෙන්න එක්තරා දෙබසක්,
    ස්ථානය:
    පාසලක සිට දුම්රියපොලක් වෙත යන පාර..

    "අයිය මාත් එක්ක තරහයි කියලා මං හිතුවේ.."

    "නෑ නංග,තරහක් නෑ.නංගි මාත් එක්ක තරහද?"

    "නෑ.."

    (වැස්සක් පටන් ගනී)

    "අයියේ මම කුඩේ ඉහලන්නද?"

    "හා ! ඔයාට විතරක් ඉහලගන්න..!"


    ඔන්න ඔහොමයි එදා මුල්මවතාවට අම්මා නොවන කෙනෙක් එක්ක කුඩයක් යටින් යන පලවෙනි වතාව "විශේෂ කෙනෙක්" වෙනුවෙන් රැක ගත්තේ..

    පස්සේ කාලෙක මේ සිද්දිය විශේෂ කෙනාට වාර්තා උනා.
    එයාට දැනුන වටිනාකම නිමක් නෑ,
    අපි දෙන්නට මුලින්ම වැස්සේ නටන්න වාරයක් ලැබුනා,ජිවිතේ පලවෙනි වතාවට දෙන්න එකට..
    මගේ ජීවිතේ දැකපු ලස්සනම වැස්ස!
    මුල්ම වතාවට මම කෙල්ලෙක් එක්ක වැස්සේ කුඩේ යටින් ගියේ එහෙමයි!

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියා ම උඹේ මතක පොතත් මගේ එක වගේනේ. උඹ කොපි කරා නේද? මට තාමත් ඒ ලස්සණ හීනේ හැබෑ කර ගන්න ලැබුණේ නෑ :( ඉක්මනට ම අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා.

      Delete
    2. :'( මතකයන් හැමදාම දුන්නේ වේදනාව මිසක්.. සිනහව නෙමේ.

      Delete
    3. එහෙම කියන්න බැහැ, බෙන්. මතකයන් කඳුළු වගේ ම සිනහවත් අරගෙන එනවා.

      Delete
  7. ධෘරා මේකේ අන්තිම කවි පේලි කියවද්දි මගේ ඇගෙත් විද්‍යුත් ධෘරාවක් ගියා වගේයි... තව ලස්සනට ලියන්න පුළුවන් ධෘරා..

    ReplyDelete
    Replies
    1. මේක ලියන්න හිතපු කවියක් නෙමෙයි, දේශකයෝ. ඊයේ වැස්ස වෙලාවේ කතා කර කර ඉන්නකොට ඉබේ ම ලියවුණ එකක්.

      Delete
    2. ෂුවර් එහෙනම් දේශකයා ට අකුණක් ගහලා...

      හූ ඈ...

      Delete
    3. දෙන දේශනාවල හැටියට අකුණු ගහන්නේ නැතු ව තියෙයි ද?

      Delete
  8. බලාගෙන හෙම්බිරිස්සාව හැදෙයි :D
    මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා ගීතය මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. හෙම්බිරිස්සාව හැදෙන්නේ කොහොම ද අෆ්‍ෆා හොඳ උණුසුමට තුරුල් වෙලා ඉන්නකොට?

      Delete
    2. ◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘

      ◘◘◘◘◘◘◘◘◘◘ මෙම දර්ශණ දැකීමෙන් ඔබේ හය හතර නොදත් දරුවාද ඊට ඇබ්බැහි විය හැක ◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘

      Delete
    3. අනේ මේ, දැන් ඉන්න පොඩි උන් හය හතර දන්නේ නැතු වුණාට අනිත් ඔක්කොම මගුල් දන්නවා :D

      Delete
  9. "//දුරින් ඉන්නට බෑ තවත් මට මා ව අරගෙන යන්නෙ කවද ද"// ඔන්න ඔහේ තියෙන ඔප්පු තිරප්පු ටිකයි, රත්තරන් බඩු ටිකයි,බැංකුපොතයි, ගෙදර තියෙන වාහනෙයි අරගෙන ඇවිත් මාවත් මෙතැනින්ම දාගෙන හෙටම යන දිහාක යමු නගා

    ReplyDelete
    Replies
    1. ඕවා නැතු ව ම වෙන කෙනෙක් බාර ගන්නවා කිව්වා, අයියණ්ඩි :) ඒ නිසා ලබන ආත්මෙවත් බලමුකෝ.

      Delete
    2. ඔව්, අ‍ෆ්‍ෆා! එයා කිව්වා මේ ආත්මේ විතරක් නෙමෙයි ලබන ආත්මෙත් දෙන්න බෑ කියලා.

      Delete
  10. ලස්සනයි ..

    ධාරා ගේ කවියට දෙවෙනි නැහැනේ බෙන්ගේ කවියත් බලද්දී දෙන්නම හොද කවි කාරයෝ නෙවැ

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි, චමියෝ :)

      Delete
  11. සෑහෙන ඈතකට මතකය අරගෙන ගියා...
    මේ වගේ කවි මමත් ලිව්වා...
    :P

    ReplyDelete
    Replies
    1. හිත සතුටෙන් පිරිලා තියෙද්දී ඉබේ ම කවි ලියවෙනවනේ :D නැද්ද මම අහන්නෙ?

      Delete
  12. ඉක්මනට ඇවිත් අරගෙන යාවි :D

    ලස්සනයි කවිය..!

    ReplyDelete
    Replies
    1. ඒකට තව කල් තියෙනවා, රෙහානියෝ. ඔක්කොට ම කලින් දෙන්නගෙ ම ඉගෙනීමේ කටයුතු ඉවරයක් කර ගන්න ඕනෙනේ.

      Delete
  13. මේ වගේ හීනයක් ඉස්සරෝම කාලෙක මගේ හිත ඇතුලෙත් තිබුනා නංගි....

    හරිම ලස්සනයි...


    නියම පදමට කහට එක් කළ තේ එකක් උණුවේ බෙදාගෙන
    බොන්න තිබුණා කවුළුවට එපිටින් වැටෙන වැහි දෙස බලාගෙන

    මම ආසම මෙන්න මේ ටිකට...ඒකේ දැනෙන ගතිය වැඩියි...

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක වියපත් වෙනකොට බොළඳ හීන අපේ ජීවිතෙන් ඈත් වෙනවා. ඒත් දැන් ම ඒ ගැන හිතලා ජීවිතේ දුකෙන් පුරව ගන්නේ මොකට ද?

      Delete
  14. අපුරු හැගීමක් හිතට ආවේ ධාරා මේක කියවන කොට...:)

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට වගේ ම +1 එකටත් බොහෝම ස්තූතියි, මනෝජ්

      Delete
  15. හොඳ කෙලී වගේ ගොහින් ස්පෑම් කොමෙන්ට් ගොඩේ බලල වරෙන් මං ඉන්නවද කියලා :(

    ReplyDelete
    Replies
    1. අපරාදේ මෙයාගේ බටර් තලිය! ස්පෑම් එකේ මුකුත් නැතෝ.

      Delete
    2. අන්න ඒකනෙ... මගේ කොමෙන්ට් කවදාවත් ස්පෑම් වෙන්නෙ නෑ... ;)
      මං බොරුවට කිව්වෙ

      Delete
    3. කූඹියා කාපිය!

      Delete
  16. කෝ බොලේ අත දෙන සින්ඩි ටික? අයින් කලාද?

    ReplyDelete
    Replies
    1. හපොයි! කරූ, උඹට දැන් ඇස් පේන්නේ නැද්ද බොලව්? අත හිත දෙන සින්ඩි ‍ටික ඔය දකුණු පැත්තේ පහළට වෙන්න එල්ලලා තියෙන්නේ.

      Delete
  17. //මාත් එක්කලා ආදරෙන් වැස්සේ තෙමෙන්නට එන්නෙ කවද ද
    හොඳට තෙමිලා එක ම කම්බිලියක් ඇතුළෙ ගුලි වෙන්න ආස ද//

    මේවා ඉතින් දවස ගානේ අහලා තියෙනවා. කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ.:)
    හරිම අපූරුයි කවි පෙල.

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ. පොඩ්ඩි අක්කට නං ඉතින් ඕනේ හැටියකට කම්බිලි අස්සේ ගුලි වෙලා ඉන්න බැරියැ :) අපිට ඉතින් තව කල් තියෙනවනේ.

      Delete
  18. Replies
    1. තව කල් තියෙනවනේ, සයුරි අක්කේ.

      Delete
  19. මටත් ඉතිං ටිකක් feel වෙලා තියන එකක් තමා .....

    ReplyDelete
    Replies
    1. ටිකක් මොකද බොලව්? හ්ම්ම්, තනි අලියා මේ දිහා ආව පළවෙනි වතාව නේද? සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට!

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...