August 24, 2013

ඇයට හිමි මගේ නුඹ


දස වසරකට පෙර අප වෙල් ඉපනැල්ලේ
කෙළි සෙල්ලම් කළා පොල් තුරුසෙවණැල්ලේ
වෙහෙස නිවා ගන්නට ගං දියඇල්ලේ
දියබුං ගැසූ හැටි සිහි වෙයි සිහිලැල්ලේ
  
කාලය ගත වුණා අපටත් නොදැනීම
ආලය කළා නුඹ හට රහසින් බෝම
හැකි හැම විට ම නුඹ ඇසුරේදැවටීම
කුල්මත් කළා මගෙ ළය මතක යිතාම
  
නුඹේ සුරත ගෙන බැද්දේ ඇවිදින්න
ඔරුවක නැගී ගං දිය රැළිනංවන්න
දවසක නුඹෙ සොඳුරු මනමාලියවෙන්න
මම ආස යි මට හිමි නුඹ ළඟඉන්න
  
අද නුඹ ගිහින් සරසවියට බොහොමදුර යි
දෙවැට අයිනේ ඉන්නේ ලිපි ලැබෙනතුරු යි
එනමුදු නුඹට කල් වේලා නොමැති හැඩ යි
නුඹ හිමි මට වුණත් නුඹෙ හද ඇගේ ළඟ යි
  

51 comments:

  1. ෂා ලස්සන කතාවක් ඉවර උනාට පස්සේ හොද කවියකුත් දාලා තියෙන්නේ මේ කවිකාරි අපේ :)

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්න ද මන්දා :)

      Delete
  2. නුඹේ සුරත ගෙන බැද්දේ ඇවිදි‍න්න
    ඔරුවක නැගී ගං දිය රැළි නංවන්න
    දවසක නුඹෙ සොඳුරු මනමාලයා වෙන්න
    මම ආස යි මට හිමි නුඹ ළඟ ඉන්න//

    මමත් ආසයි අනේ ..

    ReplyDelete
    Replies
    1. ආස නං ඉතින් කෙල්ලෙක් හොයා ගෙන ඕනේ මඟුලක් කර ගන්න එක යි ඇත්තේ. මොකද අපි එපා කිව්ව ද?

      Delete
  3. සුපිරියි ඈ...
    මං ගැනත් මෙහෙම කියන්න කෙනෙක් හිටියනම්....අන්තිම කවිය කියන්න දෙන්නේ නෑ මම. ^_^

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඈ :D කියන්න කෙනෙක් හොයා ගන්නකෝ. එතකොට ඉවර යි!

      Delete
  4. මොකටද අනේ ලියුම් ලියන්නේ.. sms නැද්ද ?
    මේ ඒක නෙවෙයි, එයා කැම්පස් ගියාම ඔයාට හොරෙන් වෙන කෙල්ලෙක් සෙට් කර ගත්තොත් මොකද වෙන්නෙ ආ... :(

    ReplyDelete
    Replies
    1. මේක පොඩි ගම්මානෙක කාලෙකට කලින් වුණ දෙයක්, මැට්ටෝ. අනික SMS කොටනවට වඩා කොච්චර ලස්සණ ද ලියුමක් ලියන එක! හ්ම්ම්, එයාට කැම්පස් යන්න දෙයක් නැතෝ. අනික මට හොරෙන් වෙන කෙල්ලෙක් සෙට් කර ගන්න? ඒවා හ‍ඳේ :D

      මෙහෙම යි, යසිත් මැට්ටෝ, එයා වෙන කෙල්ලෙක් සෙට් කර ගත්තොත් මටත් තියෙන්නේ කැම්පස් ගිහින් වෙන කොල්ලෙක් සෙට් කර ගන්නනේ. හැබැයි ඉතින් ඕවා වෙන දේවල් නෙමෙයි. අනේ, පව්, අෆ්‍ෆා! ඒකවත් තේරෙන්නේ නෑනේ.

      Delete
  5. ලස්සන කවි ටිකක් ධාරෝ.. ලස්සනම ලස්සන හීනයක් බැලුවා කියවන ගමන්.. ඒ අස්සේ ගමේ ඉස්කෝලේ ලව් එක මතක් උනා..මම මෙහෙ,එයා එහෙ.. :( ඉස්සර මම ඉස්කෝලේ ඇරිලා දුවන් ආපු ගමන් පුටාර් එක තියන් ඉන්නවා අඹ ගහ යට එයාට ක්ලාස් ඇරිලා එනකන්.. ඊට පස්සේ එයත් එක්ක බයිසිකලේ යනවා වෙල් මැද්දෙන් එයාලගේ ගමට යනකන්ම... පස්සේ ඉතින් ඕවා වෙනස් උනා.ඒත් තාම කතා කරන්න එනවා,නැති ප්‍රශ්න එයි කියලා මම කතා කරන්නේ නෑ දැන්.. :(

    මේක දාගන්නකෝ මගේ ගානේ ;)


    කොලොම්පුරේ මම ඉන්නා ඉසව්වේ
    කිරිල්ලියෝ ඉගිලෙනවා නිදැල්ලේ
    අත වැනුවත් නොවැටී මං මුලාවී
    හිත රැඳුනේ ඔබේ සෙනේ කැදැල්ලේ

    දේදුන්නෙන් පාට අරන් සේල අදිනවා මුත්
    ඔමරි හිනා කෝල බැලුම් වැහි වස්සනවා මුත්
    ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටන් එනමුත්
    නුඹේ රන් කඳ ඒ පුසුඹට රවටන්නට බෑ ලු


    වෙල් එළියේ වෑ කන්දේ දුව පැන නැටුවාලු
    දෙවට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලු
    කොයි දේසේ හිටියත් මම නුඹේමයි කීවාලු
    මගේ රන් කඳ මට මතකයි දෙන්නා යාලු...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා, සහෝ. මට කවි ටික ලියන ගමන් මතක් වුණේ උඹ අර කාලෙකට කලින් ලියලා තිබුණ ගමේ කතා ගැන පෝස්ට් එක. මතක විදියට "සුදු වැලි පාර" තමයි නම!

      වටින් ගොඩින් නොකියා පුළුවන්කමක් තියෙනවා නං උඹේ ගමේ ලව් ස්ටෝරිය බ්ලොග් කටුවේ දාන්න. හ්ම්ම්, ප්‍රශ්න එන්න තියෙන ඉඩ වැඩි නං ඉතින් කතාබහ නොකර එක තමයි හොඳ!

      සින්දුව නං මමත් ආස එකක්. කොමෙන්ටුව දැක්කට පස්සේ ආයෙත් ඇහුවා. ඒකටත් තැන්කූ වේවා :)

      Delete
    2. සින්දුවට මමත් ආසයි ධාරෝ, මම මෙහෙ එයා එහෙ කාලේ මට එව්වා ඔය සින්දුවේ මුල.. එකයි මමත් මේල් වර්ෂන් එකක් දැම්මේ.. ;)

      ඒ කතාව අන්ත දුක්ඛිතයි අප්පා, :( අන්න දැන් ලංකාවේ උසම වොලිබෝල් ප්ලේයර් කෙනෙක් එක්ක යාලු වෙලා :/

      සුදු වැලි පාර.. ඔව්! එකේ තියෙන්නේ ගමේ මතක සටහන් තමයි.. ගමේ ඉස්කෝලේ හිත ගිය මතක ගැනත් එකක් ලියවෙනෝ.. මග එනවා ඒකත්..

      ඔන්න අද දැම්මා කෙටි කතාවක්,මම දාපු මුල්ම එක ඔන්න.. ඇවිත් යන්න එන්නකෝ ඉතින්..

      Delete
    3. සමහර ආදර කතා එහෙම තමයි. ආයෙමත් මතක් කරන එකත් දුක යි. පරණ කතා ගැන විස්තර හොයන එක දැන් නතර කරන්න කාලේ හරි, කරූ. ඒක එයාගේ කැමැත්තනේ.

      Delete
    4. චූටි කාලෙ අහපු ලස්සන සින්දුවක්.. මල්ලි mp3 එක හොයාගන්න පුලුවං උනොත් බුකියට ඉන්බොක්ස් කරන්න :)

      Delete
    5. මේ කවි ටිකට මම ලියන රිප්ලයි එක ඉවර කරන්න කලින් ආපහු ධරාගේ කවි ටික බලන්න ආවාමයි දැක්කේ සමී අයියේ, හපොයි සතියක් වගේ ගිහින්! මෙන්න සින්දුව බාගන්න පාර,බුකියටත් දාන්නම්. http://www.ananmanan.lk/free-sinhala-mp3/song/351/kolompure-nuba-inna-isawwe-samitha-mudunkotuwa-sinhala-mp3.html

      එහෙනං එහෙනං.. දැන් කතාව හැම අතින්ම සැනසීමයි,සතුටක් ධාරා.. :) අතීතය සිහිනයක් පමණයි හැබෑ සුවඳක් නෑ කියන්නේ නිකං නෙව්,හැබැයි තාම ඒ සින්දුව අහන් ඉන්න නම් බෑ.

      Delete
  6. Replies
    1. අප්පොච්චෝ, ඩ්‍රැකියාට පපුවේ අමාරුවක් හැදුනෝ. ඉක්මනින් වාහනයක් ගෙනවා නං ඉස්පිරිතාලෙකටවත් ඇරගෙන යන්ට. නැත්තං මට උසාවි යන්ට වෙයි මිනීමරුවෙක් වෙලා!

      Delete
    2. ඕකට ලේ ටිකක් හරි විස්කි බෝතලයක් හරි පොවන්න, එතකොට හරි :D

      Delete
    3. මගේ ඇගේ නං මේ දවස්වල ලේ කඳුළක්වත් නැතෝ. තමුන්ගේ එහෙම බව පේනව මූණ දැක්ක ම! අහ්, මේක අමද්‍යප බ්ලොග් එකක්. සැර ජාති නැතෝ. ඇල් වතුර පමණි.

      Delete
  7. Replies
    1. හෆොයි! ඔව්. කවි පෙළක් පමණි! හිතට ආපු පොඩි අදහසක් කවියකට ගත්තා. හැබැයි කවුරුත් තාම මම හිතුව විදියට හිතුවේ නෑ වගේ.

      Delete
  8. ලස්සනයි ධාරා.

    ගමේන් ගිහින් පිට හිටපු කාලෙ මතක් උනා. ගම තරම් හිතට ෆිට් වෙන තැනක් කොහෙද ඉතින් ඒක නිසාම ආයෙත් ගමටම ආව.

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත. ඒත් දැන් නං ගමත් වෙනස් වෙලා.

      Delete
  9. කාලෙකින් ආවෙ මෙහාට. අපූරු කවි ටික ධාරා.... ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, කාලෙකින් හිතූ අක්ක ව දැක්කේ. තැන්කූ ඈ :)

      Delete
  10. //මම ආස යි මට හිමි නුඹ ළඟ ඉන්න//

    කවි ටිකෙන් කියන්ට හදන ඔක්කොම මේ එක පෙලෙන් කියවෙනවා...

    අර ඩ්‍රැකියට වගේ මගෙත් පපුවට මොකක්ද උණා. ඒත් මට නම් ලේත් එපා විස්කිත් එපා හී හී....

    ReplyDelete
    Replies
    1. හොඳට නිවපු ඇල් වතුර ටිකක් දෙන්න ද?

      Delete
  11. මට මතක් වුනේ "හන්තානට පායන සඳ ලස්සනයි ඩ බලන්න" සිංදුව. මේ එකේ අනිත් පැත්ත වගේ අන්තිම පදේ නැත්තං,

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, ඒකත් ඇත්ත තමයි. හන්තානෙට පායන හඳ මමත් ආස ම සින්දුවක්. හැබැයි හැබෑ කරන්න නං තුන් හිතකවත් අදහසක් නැතෝ.

      Delete
  12. ම්ම්ම් මේ වගේම කතාවකුත් කියෙව්ව මතකයි ධාරගේමද මංදා...අර හොඳම යාලුවාට ආදරේ යෙහෙලිය ,නමුත් වෙන කෙනෙකුට ආදරෙ කරන යහලුවා...!

    ReplyDelete
    Replies
    1. මෙතන මම කියන්නේ හැදුවේ නෑනා-මස්සිනා ගැන. කතාවක් තියෙනවනේ මස්සිනා අයිති නෑනට, නෑනා අයිති මස්සිනාට කියලා. ඒක යි //නුඹ හිමි මට වුණත් නුඹෙ හද ඇගේ ළඟ යි// කියලා ලිව්වේ. ඒත් ඉතින් හැමෝම මම හිතන විදියට ම හිතන්න ඕනේ නෑනේ. ඒ නිසා යාළුවෝ දෙන්නෙක් කියලත් හිතන්න පුළුවන් :)

      Delete
  13. http://kiyagannaba.blogspot.com/2013/08/blog-post_21.html ( ආ මේ තියෙන්නේ ඒක)

    ReplyDelete
    Replies
    1. මේක මම බැලුවෝ.

      Delete
  14. කවි පද ගෙනෙයි සුසුවඳ ගැමි පවනැල්ලේ....

    ReplyDelete
    Replies
    1. ආදර සිහිනයක් දැක්කා අරුණල්ලේ
      කවියක් ලෙසින් ලිව්වා මම ඉවසිල්ලේ

      Delete
  15. හරි අපුරු කවි පංතියක්..:)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි! අද නේද මේ දිහාට ආවේ? සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. දිගට ම ඇවිත් යන්න එන්න.

      Delete
  16. අවාසනාවන්ත දෛවය...

    ඉස්සර ඉඳන් මම ඔහොම කතාවක චරිතයක් වෙන්න හීන මැව්වා. ඒත් අනික් චරිතේ හම්බුනේ නෑ

    ReplyDelete
    Replies
    1. හෆොයි! කලින් කිව්වා නං ඔයාගේ නමත් ඈඳලා තව කවි පදයක් දානවනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ :D

      Delete
  17. Replies
    1. මොකද්ද විරහ කවියක තියෙන සෝයි එක?

      Delete
    2. වීරහ යන්නෙහිත් රහ යනුවෙන් යෙදී ඇති බව නොදුටුවේද ධාරා? රහ කොතනද එය සෝයි බව මුදි තුමා අවධාරණය කර ඇත!
      මුදි තුමා වෙනුවෙන්,
      තල්අයීර්!

      Delete
  18. Replies
    1. එහෙම තමයි විරහව, අප්පා!

      Delete
  19. ලියුමක් එයිද කවද හරි ඒත් වෙල් ඉපනැල්ලේ දුවපු තරම් ඉක්මනට නෙමේ ගං දිය ඔරු පදිනකොට ගැබුර ගැන නොහොතුනා වගේම නොහිතු වෙලාවක ඔනේ ම ලිපියක් බලාපොරොත්තුවෙන්

    ReplyDelete
    Replies
    1. ඔන්න අපේ අල්තයීර් හෙවත් කරූ පිළිතුරක් ලියනවා කිව්වා. තාමත් ආරංචියක් නැහැ. අද නේද මුලින් ම මේ දිහාට ගොඩ වුණේ. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. දිගට ම ඇවිත් යන්න එන්න.

      Delete
    2. තාම ආරංචියක් නෑ! හිටු තොට දෙන්නම්! තැපැල් කරලා එවන්නම්,වැට අයිනේ බලන් ඉන්නෝ!! :D මේ දවස්වල මට වෙච්ච ඇබැද්දි දන්නවනේ ධාරෝ,මූඩ් තිබ්බේ නෑ කවි ලියන්න :( ඔන්න හෙට හවස හයේ පොස්ට් එකෙන් එනවෝ.. ඊයේ එකක් දැම්ම නිසා පමා කරන්න වෙනෝ..

      Delete
    3. ආව බං :) උඹ ඉතින් හොඳ එකානේ. තරහ වෙන්න එපා. මේ දවස් ටිකේ වැඩ වැඩිනේ. ඒ නිසා මේ පැත්ත බලන්න බැරි වුණා.

      Delete
  20. රස කවි ගොතා ගම්මානේ අසිරිය පානා
    ධාරා අක්කා අපේ බ්ලොග් එක හැඩ කරනා
    අක්කට දුකක් දැනිලද මෙන් මට හිතෙනා
    ලස්සන පැදි පෙලට මම දැන් ආසිරි ගෙනා

    ලස්සනයි අක්කි ... ගොඩක්

    ReplyDelete
  21. බොහෝම ස්තූතයි, සුළඟ :)

    ReplyDelete
  22. ධාරා නංගී හොඳ කවි කාරියක්නේ. හරිම සංවේදි අහිංසක ඒ වගේම ඇත්තටම ආදරය කල ගමේ කෙල්ලගේ සිතිවිලි. හරිම අපූරැයි නඟේ!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, චන්දන අයියේ.

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...