October 15, 2013

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය (දෙවැනි දිග හැරුම)

කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය (පළමු දිග හැරුම) කියවන්න බැරි වුණ අය මේ අතුරු මංපෙත දිගේ ගිහින් එන්න . . .


බ්‍රවුන් මහත්මියගේ විසිත්ත කාමරයට ඇතුළු වෙනකොට ඇය දැක්කේ හරිම පිරිසිදු ඇඳුම් කට්ටලයක් ඇඳලා හොඳට කොණ්ඩේ පීරලා හිටිය පොඩි කොල්ලෙක් සැප පහසු විදියට පුටුවක වාඩි වෙලා පොතක් කියවන හැටි!

"හරිම අපූරු කොලු පැංචෙක්," බ්‍රවුන් මහත්මියට අතට අත දීලා ආචාර කරන ගමන් ඇය මිමිනුවා.

විලියම්ගේ මුහුණ එකවර ම අඳුරු වුණා.

දි වේරා කාටර් මහත්මිය ඔහු දිහාට හැරුනා.

"ඉතින්, පොඩ්ඩෝ, ඔයාට කොහොම ද?"

නමුත් ඇගේ පොඩ්ඩා ඇයට උත්තරයක් දුන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ දි වේරා කාටර් මහත්මිය ඔහුගේ බෙල්ල වටේ අතක් දා ගෙන තද විලවුන් සුවඳක් හමාගෙන ආපු ඇගේ පපුවට ඔහු ව තුරුල් කර ගත්තා. ඒ මොහොතේ ඇගේ බොත්තම් කාසේ රඳවලා තිබුණ රෝස මලේ නටුව විලියම්ගේ නහය ඇතුළට නොගියේ අනූ නවයෙන්.

"මම හරිම ආදරෙයි පුංචි ළමයින්ට!" ඇය හරිම ආදරණිය කටහඬකින් බ්‍රවුන් මහත්මියට කිව්වා.

ඒ වෙලාවේ විලියම් බොහොම අමාරුවෙන් ඇගේ පපුවට තද වෙලා තිබුණ ඔහුගේ මුහුණ නිදහස් කර ගත්තා. එතකොට තමයි විලියම්ගේ අතේ රැඳිලා තිබුණ පොත ඇය දැක්කේ.

"ස්කොට්!" ඇය කිව්වේ පුදුමයට පත් වෙලා. "කොච්චර හොඳ දරුවෙක් ද!"  

විලියම්ගේ මුහුණේ මතු වුණ බැල්ම දැකපු ඔහුගේ අම්මා ඉක්මනින් ම කතාව වෙනස් කළා.

"ඇවිත් මෙතනින් වාඩි වෙන්නකෝ," ඇය කිව්වේ කලබලයෙන් වගේ. "බලන්නකෝ, අද කාලගුණය කොච්චර හොඳ ද කියලා!"

ඒ වෙලාවේ විලියම් හෙමින් සැරේ විසිත්ත කාමරෙන් එළියට පැන්නා.

"ඔයා දන්නවනේ, මම හුඟක් උනන්දු යි සමාජ සේවා වැඩ ගැන," ගෙදරට ආපු අමුත්තිය එක දිගට කියාගෙන ගියා. "විශේෂයන් ම ළමයි වෙනුවෙන් කරන වැඩ සටහන් ගැන! මම හරිම ආදරෙයි ළමයින්ට. ඔයාගේ පුතා හරිම අපූරු දරුවෙක්. ඒ වගේ ම මම ළමයි එක්ක වැඩ කරන්න දක්ෂ යි. ඇත්තට ම මට හරිම ඉක්මනින් මිනිස්සුන්ගේ හිත් ඇද ගන්න පුළුවන්. ඔයා දන්නවනේ, හුඟක් අය කියනවා ඒ මගේ  පෞරුෂය නිසා කියලා. අනික ඔයා අහලා ඇති මම අලුතෙන් පිහිටවපු අපේක්ෂාවේ සංගමය ගැන. ඒක දැනට ම හුඟක් සාර්ථක යි! ඉතින්, මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ. ඔයා මට උදව් කරනවා නේද? මම කැමති යි ඔයා මේකට සම්බන්ධ වෙනවා නම්. ඒ වගේ ම ඔයාගේ පුතාවත් එකට සම්බන්ධ කරනවා නම්. එතකොට එයාටත් ගමේ අනිත් ළමයි එක්ක හුඟක් විනෝද වෙන්න පුළුවන් වේවි!"

රැන්ඩල් පවුලේ කෙනෙක්ගෙන් මේ වගේ ආරාධනාවක් ලැබුණ එක ගැන බ්‍රවුන් මහත්මියට දැනුනේ ලොකු සතුටක්.

"උදාහරණයක් විදියට," ඇය දිගට ම කියාගෙන ගියා. "මම මෙහේ ආපු වෙලාවේ ඔයාගේ හුරුබුහුටි කොලු පැංචා සන්සුන් විදියට වාඩි වෙලා පොතක් කියවන හැටි දැක්ක ම මට හරිම සතුටක් දැනුනා," ඇය කිව්වේ විලියම් වාඩි වෙලා හිටිය පුටුව දිහාට අත දිගු කරන ගමන්. "මම මට ම කියා ගත්තා, 'අනේ, කොච්චර හොඳ ළමයෙක් ද! මෙයා අපේ සංගමේ අනිත් ළමයින්ටත් හොඳ ආදර්ශයක් වේවි!' කියලා. ඔයා එහෙම නම් එයා ව එවනවා නේද? අපි සතියට සැරයක් රැස්වීමක් තියනවා. බදාදා හවස් වරුවේ. එයා එයි නේද? මම එයා ව හොඳින් බලා ගන්නම්."

ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බ්‍රවූන් මහත්මිය ටිකක් පසුබට වුණා.

"හ්ම්ම්, හොඳයි," ඇය කිව්වේ සැකයෙන් වගේ. "ඒත් මම හිතන්නේ නැහැ ඔය වගේ දේකට විලියම් ගැළපෙනවා කියලා. කොහොම වුණත් . . ."

"අනේ, මට බැහැ කියන්න එපා," දි වේරා කාටර් මහත්මිය ආයාචනා කළේ දැවැන්ත මුදුවලින් සරසපු ඇගේ අතින් බ්‍රවුන් මහත්මියගේ අත අල්ලා ගන්න ගමන්. "මම දැනටමත් එයා ව දන්නවනේ. මට විශ්වාස යි එයා හොඳ ළමයෙක් කියලා. මට දැක්ක ගමන් ළමයින් ව අඳුර ගන්න පුළුවන්. මම ළමයි එක්කනේ නිතරම ඉන්නේ."   

කතාබහ ඉවර වෙලා දි වේරා කාටර් මහත්මිය, බ්‍රවුන් මහත්මිය එක්ක විසිත්ත කාමරයෙන් එළියට එනකොට විලියම් හිටියේ කොරිඩෝව දිගේ ඇවිදගෙන යමින්.

"ආ! මේ ඉන්නේ ඔයා!" ඇය කිව්වා. "මම හිතුවා මට ගුඩ්-බායි කියන්න ඔයා බලාගෙන ඇති කියලා. "

ඇය විලියම් ව වැළඳ ගන්න ඉදිරියට ආවත් ඔහු ඉක්මනින් ම අඩි කිහිපයක් පිටි පස්සට ගියේ කෝපයෙන් ඇය දිහා රවා බලමින්.

"ඔ_යා අ_ද ආපු එක ගැන මට හුඟක් සතුටු යි. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ," බ්‍රවුන් මහත්මිය කිව්වේ පුංචි ගොතයක් එක්ක. ඇය ඉක්මනින් ම විලියම් ව ආවරණය වෙන විදියට ඔහු ඉදිරියෙන් හිට ගත්තා. නමුත් විලියම්ගේ මුහුණේ තිබුණ නපුරු බැල්ම ගැන කිසිම හැඟීමක් නොතිබුණ දි වේරා කාටර් මහත්මිය ආයෙමත් විලියම් දිහාට ළං වුණා.

"ගුඩ්-බායි, විලී. මට හාදුවක් නොදී ඉන්න තරම් ඔයා වයසට ගිහින් නැ නේද?"

බ්‍රවුන් මහත්මිය තිගැස්සුනා.

ටික වෙලාවක් කෝපයෙන් රතු වුණ මුහුණෙන් දි වේරා කාටර් මහත්මිය දිහා බලාගෙන හිටිය විලියම් වචනයක්වත් කියන්නේ නැතු ව යන්න ගියේ බ්‍රවුන් මහත්මියගේ හිතට සහනයක් ලබා දෙමින්.

"අනේ, අනේ, පොඩි එකාට ලැජ්ජා හිතිලා!" ඇය කිව්වේ ආදරබර ස්වරයකින්. "මම ආදරෙයි මේ වගේ ලැජ්ජකාර පොඩ්ඩන්ට!"

දි වේරා කාටර් මහත්මිය ගියාට පස්සේ බ්‍රවුන් මහත්මිය මේ ගැන බ්‍රවුන් මහත්මයාට කිව්වා.

"හොඳයි," ඔහු හෙමින් කිව්වා. "මට හිතා ගන්න බැහැ විලියම් ඔය වගේ තැනකට ගිහින් කොහොම ඉඳීවි ද කියලා. හ්ම්ම්, එයා යනවට ඔයා කැමති නම් ඉතින් එයා ව යවන්න."

"ඔයාට තේරෙනවනේ," බ්‍රවුන් මහත්මිය කිව්වේ දුක්බර බැල්මක් මුහුණේ රඳවාගෙන. "එයා බල කරලා ම කිව්වා විලියම් ව එවන්න කියලා. අනික මම කොහොම ද එයාට බැහැ කියන්නේ. මම හිතනවා විලියම්ට බලපෑමක් කරන්න එයාට පුළුවන් වෙයි කියලා. රැන්ඩල් කෙනෙක් ව නොසලකා ඉන්න බැහැනේ."

"විලියම් එයාට කැමති ද?"

"අනේ මන්දා! හැබැයි, එයා නම් විලියම්ට හුඟක් කැමති යි!" ඇය කිව්වා. "ඔයා දන්නවනේ විලී කියලා කතා කරා ම විලියම්ට කොච්චර කේන්ති යනවා ද කියලා. මම දන්නේ නෑ ඇයි කියලා. හැබැයි, අද නම් එයා වෙනදා වගේ ලොකු කලබලයක් කරේ නැහැ."

෴ මතු සම්බන්ධ යි 

35 comments:

  1. අල්ලලා ගස් බදිනවා ඉතුරු කැල්ල ඉක්මනට දැම්මේ නැත්තම් මේකෙ.... ඔන්න කිව්වා ඇත්තමයි ධාරා කෙල්ලේ.... :X

    ReplyDelete
    Replies
    1. මාව ගස් බැන්දොත් කාට ද අවාසි?

      Delete
    2. බලධාරියාට!!!

      Delete
  2. මේ අවුල් වියවුල් මඟුල් තොවිල් අස්සේ මෙහෙම කතාවක් හිතට සහනයක් :D

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්න ඔළුවට ගන්න එපා, දිලිනියෝ. සැහැල්ලුවෙන් ඉන්න.

      Delete
  3. දි වේරා කාටර් මහත්මියට වැඩ වැරදියි වාගේ.

    ReplyDelete
    Replies
    1. ඒවා බලමුකෝ ඉස්සරහට :)

      Delete
  4. අද ටිකයිනෙ ධාරා.....මොකද මේ තරම් හදිසි ..? ටිකක දිගට ලියනවකෝ හලෝ.....!

    ReplyDelete
    Replies
    1. මෙච්චර ලියලත් ටිකයි ද?

      Delete
  5. තව ගොඩක් තියෙනවද ??/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, කොටස් දෙකක් වගේ තමයි!

      Delete
  6. ඉස්සර වගේ නෙවේ. දැන් කඩෙන් අරන් විලියම් වගේ පොතක් ගන්න වෙන්නේ නෑ. ඒ හින්දා මේ විදියට තමයි කියවන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඉතින්, මෙහෙම හරි කියවන්නකෝ.

      Delete
  7. මුල කොටසත් කියෙව්වා... මේකත් කියෙව්වා.. කමෙන්ට් ව්ල තිබුන විදියට තව සීරීස් එකක්ම තිබිල වගේ.. හොයාගෙන කියෝන්නම්කො ඈ

    ReplyDelete
    Replies
    1. සීරීස් එකක් ම තියෙනවා තමයි. හැබැයි තාම දාල තියෙන්නේ එක කතාව යි!

      Delete
    2. ඊලඟ එක ලියන්නෙ විලියම් මැරුනාමද ඈ? ලියුකො

      Delete
    3. ඔන්න ලිව්වා. දැන් බලා ගන්න එක යි ඇත්තේ :)

      Delete
  8. අම්මපා පළවෙනි එක ලියලා ගොඩක් දවසකින් මේක දාලා ඒකත් පොඩ්ඩක්..

    ReplyDelete
    Replies
    1. හෆොයි! ගොඩක් දවසක් වෙන්නේ කොහොම ද? සතියක් ගියේ නැහැනේ.

      Delete
  9. මට මුල ඉදලම එන්න වෙනව නේ... එන්නං

    ReplyDelete
    Replies
    1. එන්ට එන්ට :) ඔන්න උඩින් ම පාර පෙන්නලා තියෙන්නේ.

      Delete
  10. ඔන්න ක්ටස් දෙකම කියෙව්වේ අද...
    කාටර් මහත්මියට මහා පුරස්නෙකට මූන දෙන්න වෙයිද මන්දා

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා! බලමුකෝ ඉස්සරහට :)

      Delete
  11. මගේ බ්ලොග් අඩවියට ගොඩ උන අඩිපාර දිගේ ආවේ..
    යන ගමන් ෆලෝ පාරකුත් දැම්මා. දිගටම කියවන්න එන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මේ පැත්තට ගොඩ වුණාට. දිගට ම ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  12. අද තමයි කොටස් දෙකම කියවන්න පුලුවන් උනේ...ඔයාගෙ පරිවර්ථනය ගොඩක් සාර්ථකයි නංගි..
    Keep it up :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා, අක්කේ. ඔයාගේ ලැප් රාජයට දැන් සනීප ද?

      Delete
  13. බලමු ඊළඟ එක අපි ..... අර අක්කට කොහොමද දැන් ............?

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න. ඒ අක්කට ටිකක් සනීප වෙලා පිටරට අරගෙන ගියා.

      Delete
  14. ෂා... මරු කට ගැස්මක්.. අමුතු ආකාරයක බ්ලොග් එක්ක් වගේ.. හොඳයි...

    ReplyDelete
    Replies
    1. ජනියා අද නේද මුලින් ම මේ දිහාට ආවේ? සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. දිගට ම ඇවිත් යන්න එන්න.

      Delete
  15. හෑ.... මට මේක මිස් වෙලානෙ... රීඩරේ අප්ඩේට් වෙලා නෑ...
    හුඟ කාලෙකින් ලියලත් නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව්, අෆ්‍ෆා. මේ දවස් ටිකේ මම කාර්යබහුල වුණානේ. බලධාරියට පින් සිද්ධ වෙන්න මතක් වුණා බ්ලොග් එකක් තියෙනවා කියලා. ඔන්න අලුත් කොටසක් දාල ඇති!

      Delete
  16. අදයි මේ පැත්තට ආවේ.. ඔන්න කොටස් දෙකම කියෙව්වා. බලමුකෝ ඊළඟට මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට! දිගට ම ඇවිත් යන්න එන්නකෝ එහෙම නං :)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...