September 23, 2013

කඩවලින් තෙල් කෑම කන්නේ පරිස්සමින්


පහුගිය දවස් ටිකේ මට බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුණානේ. ඒ නිසා බ්ලොග් කියවන්නත්, කොමෙන්ටු දාන්නත් බැරි වුණා. මුලින් ම ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. (මේ අහිංසකීට සමාව දෙන්න. පව්නේ!) මේ විදියට බ්ලොග් එක අමතක කරන්න හේතු ගොඩක් සිද්ධ වුණා ගෙවිල ගිය දෙසතියේ. එයින් ප්‍රධාන ම හේතුවක් තමයි සිංහරාජයට ගිය විනෝද චාරිකාව! තවත් හේතුවක් තමයි කොළඹ පොත් ප්‍රදර්ශනේට ගිහින් අරගෙන ආපු පොත් කන්ද කියවමින් කාලය ගත කරපු එක. ඒ ගැන නම් ලියන්න හුඟක් විස්තර තිබුණත් අද ලියන්නේ නම් ඒ ගැන නෙමෙයි. මට මුහුණ දෙන්න වුණ වෙනත් අත්දැකීමක් ගැන.

මගේ හොඳ ම මිතුරියකගේ අක්කා (නමින් එරන්දි කියලා කියමු) අසනීප වෙලා රෝහල් ගත වෙලා හිටිය නිසා මට මීට දවස් පහ හයකට කලින් ඉස්පිරිතාලේ යන්න වුණා. ගියාට පස්සේ තමයි දැන ගන්නේ ලැබුණේ එරන්දි අක්කගේ තත්ත්වය බරපතළ නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරපු විත්තිය! ඒ නිසා කාටවත් ඇය ව බලන්න යන්න අවසර ලැබුණේ නැහැ.

කොහොම  හරි අහලා බලනකොට දැන ගන්න ලැබුණා ඒ අක්කා මෙහෙම ලෙඩ වෙන්න හේතුව. දින කිහිපයකට කලින් දවල් කෑම වේල මග ඇරුන නිසා එරන්දි අක්කා ඔෆිස් එක ළඟ තිබුණ කඩේකින් රෝල්ස් දෙකක් අරගෙන කාල තියෙනවා. එදා රෑ සුළුවෙන් හැදිච්ච බඩේ අමාරුව පහු වෙනිදා දවල් වෙන තුරු හොඳ අතට හැරුනේ නැති නිසා එරන්දි අක්කගේ මහත්තයා එයා ව දොස්තර කෙනෙක්  ළඟට අරගෙන ගිහින්. ඒ දුන්න බෙහෙත්වලින් සුව අතට හැරුනේ නැති නිසා තමයි අක්ක ව රෝහලට ඇතුළත් කරලා තියෙන්නේ. පරීක්ෂණ කිහිපයක් කරලා බලනකොට තමයි මේ බඩේ අමාරුවට හේතුව හොයා ගන්න හැකි වුණේ. පරීක්ෂණ වාර්තාවට අනුව හේතුව : තෙල් විෂවීමක්

කොහොම වුණත් එදා කලබලේට කඩෙන් කාපු රෝල්ස් දෙක නිසා අද ඇගේ ජීවිතේ අනතුරේ. අද උදේ මට දුරකථන ඇමතුමක් දීපු මගේ මිතුරිය ඇඬූ කඳුළෙන් කිව්වේ එරන්දි අක්කගේ ජීවිතේ බේරා ගන්න බැරි බවට වෛද්‍යවරුන් කියපු දුක්බර ආරංචිය . . .  මේ නිසා අක්කගේ මහත්තයා වගේ ම ගෙදර අයත් හුඟක් දුකෙන් ඉන්නේ. තව දින කිහිපයකින් තමන්ට අම්මගේ උණුසුම සදහට ම නැති වෙන බව නොදන්න පුංචි පුතු පැටියා විතරක් තාත්තගේ උණුසුමට තුරුල් වෙලා සතුටින් හිනා වෙනවා.

මේ මාස ගණන් පරණ වුණ තෙලේ බදින කෑම නිසා සිදු වුණ එක දුක්බර කතාවක් විතර යි. කලබලේට කඩවලින් කෑම කාල අපේ ජීවිතේ අනතුරේ හෙලන්නේ නැතු ව තෙල් කෑම කන්න කලින් දෙපාරක් නෙමෙයි තවත් පාරක් හොඳින් හිතුවොත් නරක ද?

50 comments:

  1. කඩෙන් කන අය‍ට දෙපාරක් හිතන්න වෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. ඔව් :) ඔයා වගේ නං දහ පාරක් විතර හිතුවත් කමක් නෑ ඔන්න. මොකද දෙපාරක් හිතලා අන්තිමට කඩෙන්නෙ කන්නේ.

      Delete
  2. ඉස්සර මිනිස්සුන්ට වයසට යනකම් ලෙඩ නොතිබුණේ කොස් පොළොස් අල බතල කාලා...අද මේ අපි විහින් දා ගන්න ලෙඩ නේ. හැබැයි ඕවට පුරුදු වුණා ම ගැලවෙන්න අමාරු යි.

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත. දැන් ඉතින් හැමෝම ලේසියට කියලා කඩෙන් කනවා. අන්තිමට කාල ම තමයි මැරෙන්නේ.

      Delete
  3. මේකේ තව විද්‍යාත්මක පැත්තත් කොහොම හරි හොයල දාන්න ධාරා. මේක හැමෝගෙම ඇස් කන් වලට යන්න ඕන දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත. පස්සේ හොයලා දාන්න ඕනේ. ඒ මිනිස්සු කරදරෙන් ඉන්න වෙලාවේ ඔය විස්තර හාර හාර අහන්න බැහැනේ, දේශකයෝ.

      අපේ අම්මා නං කිව්වේ කඩවල්වල මාස ගණන් පරණ තෙල්වලින් ලු ඔය කෑම ජාති බදින්නේ. එහෙම බලනකොට ඉතින් ලෙඩ නොවී තිබුණොත් තමයි පුදුමේ!

      Delete
    2. තෙල් විෂ වෙලා.. වෛද්‍ය වරුන්ටත් සුව කරන්න බැරි උණු කතාවක් ඇහුවමයි.. ඒත් ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් තෙල් වලින් බැදලා හදන ආහාර වලින් මෙච්චර ලොකු වින්නැහියක් එකපාරටම කරන්න අමාරුයි. මෙතන ඊට වඩා ලොකු දෙයක් තියෙනවා.

      තෙල් ඒ කියන්නේ ලිපිඩ, කාබනික සංයෝගයක්. ඒක විශාල හයිඩ්රෝකාබන දාමයක්. ඒක නිසා කාලයත් එක්ක මේ විශාල දාමාකාර කොටසේ විපර්යාස (විකෘති) ඇති වෙලා මාරාන්තික විෂ සහිත සංයෝග හැදෙන්න පුළුවන්. වැඩිය කියන්න ගියොත් මේක රසායන විද්‍යාව පාඩමක් වෙයි...

      ගොඩක් වෙලාවට වෙන්නේ එකපාරක් යම් ආහාරයක් බදින්න ගත්තු තෙල් ටිකක් ම නැවත පසු දවසකත් භාවිතා කිරීම නිසා. ඒක ගොඩාක් භයානකයි. ඒත් හෝටල් කාරයන්ට ඕනේ ලාභෙ විතරනේ. ඒක තමයි දැන් පී එච් අයි ලා ඇවිල්ල හොටෙල් වලට තරු දෙන්නේ. ඒකත් දැන් පගාවට යට වෙලා. ඔය හැම දෙයින් ම විඳවන්නේ අහිංසක ජීවිතයක්. මට නම් හරිම කනගාටුයි ධාරා මේ සිද්ධියට......

      Delete
  4. දෙයියනේ අපිට කරන්නම දෙයක් නැද්ද ධාරා .. මොන ඉස්පිරිතාලෙද ඉන්නේ එයා...? මේක දැක්කම හිත පත්තු උනා... අම්මෙක් නැති දරුවෙක් විඳින දුක මම දන්නවා හොඳටම...

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික රෝහලක ඉන්නේ. හ්ම්ම්, අපිට කරන්න පුළුවන් බලාගෙන ඉන්න එක විතර යි, සහන් අයියේ. වෛද්‍යවරුත් පුළුවන් හැම දෙයක් ම කරනවා. ඒත් අක්කා තාමත් දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ. මටත් හුඟක් දුක අර පොඩි එකා ගැන. තාම අවුරුද්දක් පිරුනෙත් නැහැ.

      Delete


    2. මෙන්න මේක බලන්න...

      මුදල් අඩු පාඩුවක් උනොත් කියන්න මට... ඉන්න ගේ හරි තියලා උදව් කරනවා..

      Delete
    3. මුදල් අඩුපාඩුවක් නං නෑ ඒ උදවියට. හ්ම්ම්, තාමත් ඒ හැ‍ටි හොඳක් නැහැ ලු.

      Delete
  5. අප්පා ඇඟ හිරි වැටෙනවා...මුකුත්ම කරගන්න බැරි වෙයිද ධාරා.? අපිත් වෙලාවකට සෝටීස් සරනං ගච්චාමි තමයි.

    අර කඩේ මනුස්සයා ගෙනල්ල උල තියන්න එපායේ.

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත. ලේසියට කෑවට අන්තිමට වුණ දේ තමයි. අපිත් හදිසියට කියලා කනවනේ. අනේ මන්දා! තාමත් සනීපයක් නෑ, රයිටරේ.

      Delete
  6. ඇත්තටම දුකයි. ඒ අක්කගෙ පවුලෙ අය මේ වෙලාවෙ මොන තරම් වේදනාවකින් ඉන්නව ඇතිද. ලේසියට කඩවල් වලින් කෑම කෑවට අන්තිමේදි අපි හිතන්නෙවත් නැති ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. ඔව්, චාම්ස්. ඔක්කොට ම වඩා මට නං දුක අර පොඩි එකා ගැන.

      Delete
  7. //"තව දින කිහිපයකින් තමන්ට අම්මා උණුසුම සදහට ම නැති වෙන බව නොදන්න පුංචි පුතු පැටියා විතරක් තාත්තගේ උණුසුමට තුරුල් වෙලා සතුටින් හිනා වෙනවා."// අපොයි දෙය්යනේ ඒ වාක්‍යයත් හරි මුළු පොස්ටුවත් හරි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, අනේ මන්දා :(

      Delete
  8. බය හිතෙන කතා කියන්නෙපා අෆ්ෆා....

    ReplyDelete
    Replies
    1. බය හිතුනත් ඇත්ත කියන්න ඕනේ. නැත්තං තවත් ජීවිතයක් අනතුරේ වැටෙන කල් අපි දන්නේ නැහැනේ.

      Delete
  9. ආ මට කියන්න බැරි වුනා. පෞද්ගලික රෝහල් ඔය කාපු කඩේට වඩා අන්ත වෙන්න පුලුවන්. වහාම වෙනත් වෛද්‍ය වරයෙකුට පෙන්වන්න කියන්න. රෝහල මාරු කරන්න කියන්න. සර්වාංග හරි වෙනත් විශේෂඥ වෛද්‍ය වරයෙකුට පෙන්වන්න කියන්න. පෞද්ගලික රෝහල් කියන්නෙ නැති ලෙඩ ඇති කරන තැන්. තාම පොඩ්ඩක්වත් ප්‍රමාද වෙන්න කලියෙං...

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත. හැබැයි ඒ මිනිස්සු නොකළ දෙයක් නෑ. මුලින් අරගෙන ගියේ රජයේ රෝහලකට තමයි. ඊට පස්සේ මාරු කළා. ඒක ඒ උදවියගේ කැමැත්තනේ.

      Delete
  10. ධාරා කියන කතාව ඇත්ත උනත් මගේ දිවට ගෙදර කෑම කොච්චර හොද උනත්,පිරිසිදු උනත් ඒවාට වඩා කඩේ කෑම වල රසක් දැනෙන්නේ ඇයිද මන්දා...?

    ReplyDelete
    Replies
    1. ඔය ලෙඩේ නං මටත් තියෙනවා. ගෙදරින් කෑම අරගෙන ගියත් යාළුවෝ එක්ක එකතු වෙලා කැන්ටිමෙනුත් කනවා.

      Delete
  11. නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තද ? හොඳටම විස්වාසද ඒකමයි හේතුව කියලා.. නැත්නම් එයාට මුකුත් ඇලජි එකක් උනාද දන්නෑ. කඩෙන් කාපු තව අයට එහෙමද ?

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු මේ වෙලාවේ ලෙඩා ව බේර ගන්න හදනවා මිසක් නීතිය ගැන හිත හිතා ඉන්නේ නැහැ. පස්සේ මොනවා හරි කරයි.

      Delete
  12. මට මේ වෛද්‍යවරුන් දුන් හේතුඉව පිලිගන්න අමාරුයි.. මට හිතෙන්නේ ඔතන ඇත්තේ වෙනත් දෙයක්.. කොහොමත් අපි කන ඔක්කෝම වස විස තමයි.. මම දැක්කා කොත්තමල්ලි තොගයකටත් බෙහෙත් ගාලා විකුණන්න ගිහින් මාට්ටු උන කතාවක්. ලෙඩකට බොන කොත්තමල්ලි වලටත් එහෙමකරනව නම් තව වෙන මොන කතාද..?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා, මාතලන්. දැන් ඉතින් කන බොන දේවල් ගැන හුඟක් ම සැලකිලිමත් වෙන්න ඕනේ කාලයක්. හ්ම්ම්, බොහෝම ස්තූතියි මේ දිහා‍ට ගොඩ වුණාට. ආයෙමත් ඇවිත් යන්න එන්න.

      Delete
  13. ඇත්තටම එක නම් හරි නරක දෙයක්. සල්ලි හම්බකරනවනම් යහපත් විදියට කරන්න ඔනේ විශේෂයෙන් කෑම කඩ අයිතිකාරයෝ. මොකද සෙල්ලන් කරන්නෙ අහිංසක මිනිස්සුන්ගේ බඩ ගින්නත් එක්ක නිසා. යම් නීතිමය පියවරක් අරන් නැද්ද එයාලා? අක්කා ගැන නම් දුකයි.

    ReplyDelete
    Replies
    1. අපිටත් දුක යි, මදාරා අක්කේ. මොනවා කරන්න බලාගෙන ඉන්නවා මිසක්.

      Delete
  14. පහුගිය ටිකේ පිටින් කෑව හැටියට මේකට කියන්න දෙයක් හිතෙන්න්ත් නෑ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයියට නං ඕක එච්චර ම බලපාන්නේ නෑ. යුරෝපේ රටවල්වල මේ වගේ අපිරිසිදු කෑම විකුණන්න තහනම්නේ. අනික ඒ මිනිස්සු නීතියට බය යි. අපේ රටවල් වගේ නෙමෙයි.

      Delete
  15. oya j'pura igena ganna kenekda? -sanka

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ එයා එහෙ යන්න ඉන්න කෙනෙක් ඉස්සහරට මේ අවුරුද්දේ විබාගේ කරලා ගෙදරට වෙලා කිරිල්ලි වගේ ඉන්නවා - ^_^

      Delete
    2. අප්පේ, මේ ඇනෝල මං ගැන දන්න දේවල් :) ඔය උත්තර දීපු ඇනෝ කවුද කියලා මට හිතා ගන්න පුළුවන්.

      Delete
  16. අපිත් හැමදාම කන්නේ මේ ජරාව තමයි. දැන් නම් තව පාරක් හිතන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් ගෙදරින් කෑම කන්න බලන්න මේ දවස්වල. වැස්ස දවස් නිසා අපිරිසිදුකම තවත් වැඩි යි!

      Delete
  17. මටත් බ්ලොග් පළාතේ එන්න බැරි උනා පොත් ප්‍රදර්ශනේට ගිහින් ගත්ත පොත් නිසා. මම නම් කෑම ගැන පරෙස්සම් වෙනවා. මහනුවර නගරයේ මම කෑම කනවා නම් කන්න විශ්වාසවන්ත කඩවල් දෙක තුනක් වෙන් කරන ඉන්නවා. ඒවයේ නැත්තම් තියන කෝච්චියක ගෙදර යනකල් කිසි දෙයක් කන්නේ නෑ. යාලුවට උන දේ ගැන කනගාටුයි.. ඒ උනාට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. තෙල් විස වීමක් නිසා කෙනෙක්ට ජීවිතෙන් සමුගන්න උනා කියන එක නම් මට පිළිගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මටත් මුලින් ම පිළි ගන්න බැරි වුණා. ඒ නිසාම යි මේක බ්ලොග් එකේ දාන්න ඕනේ කියලා හිතුවේ. හ්ම්ම්, ඉස්සර අපේ පන්තියේ ළමයෙක් ‍හිටියා තෙල් විෂ වෙලා මූණේ පොතු ගියා අවුරුදු 3 ක් තිස්සේ.

      Delete
  18. මේ දුක හිතෙන කතාවට පපුව පත්තු වුනා...අර මොකුත් නොදන්න පොඩි එකා
    කොහොම හරි සනීප වුණොත් ඇති

    ReplyDelete
    Replies
    1. මටත් කතාව අහනකොට පපුව පත්තු වුණා. කොහොම හරි සනීප වෙනවා නං කොච්චර දෙයක් ද? තාමත් දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ.

      Delete
  19. ඔන්න ඕකලු අද කාලේ තත්වේ.. කඩවල් වලින් කෑම කද්දී පරිස්සම් වෙන්න ඕන.. හොද පොත එකකින් කෑවේ නැත්තම් ඉවරයි.. ඒක නෙමේ දැන් ඒ අක්කට කොහොමද??

    කාලෙකින්නේ මේ පැත්තේ ආවේ.. උඹ දන්නවනේ මං නාව හේතු.. අද නිකන් කනාවට බැලුවේ.. බලද්දී පෝස්ට් දාලනේ මෙයා.. දැන් එක්සෑම් ඉවරද??

    ReplyDelete
    Replies
    1. තාම ඒ හැටි ගුණයක් නෑ, සචින්. හොඳයි කියන තැන්වලින් කෑවත් ඔච්චර තමයි. පුළුවන් තරම් ගෙදරින් කන්න බලන්න ඕනේ.

      නැතු ව! මම නොදැන කොහොම ද? හ්ම්ම්, ‍එහෙම නං හෙමින් සීරුවේ ඇවිල්ලා කියවන්නකෝ. එක්සෑම් ඉතින් කවදාවත් ඉවර වෙන එව්වා නෙමෙයිනේ බං. එකක් ඉවර වෙනකොට තව එකක් :(

      Delete
  20. ඇත්තටම මටත් හිතා ගන්න බැහැ ධාරා නංගි තෙල් විෂ වෙලා මරණාසන්න වුනා කියන එක...ඒත් අපි නොදන්නා කොයි තරම් දේවල් සිදු වෙනවද නේද..?
    ඇත්තටම මහා මග තියන කෑම අපිත් අරන් කනවා සමහර වෙලාවට..පොඩි බද අප්සෙට් වීමකට එහා නොගියත්...මේ දේ අපිට වුනත් වෙන්න පුළුවන් කියලා දැන් තමයි හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මටත් හිතා ගන්න බැරි වුණා හේතුව ඇහුව ම. ඒ නිසා ම තමයි මේක බ්ලොග් එකේ පළ කරන්න ඕනේ කියලා හිතුවේ.

      Delete
  21. කඩ කෑම කන්නන්ට හොඳ පාඩමක්...

    ඒරන්දි අක්කා සුවපත් වේවා කියලා පතනවා :(

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත, රෙහානි අක්කේ. කඩෙන් කන්න කලින් දෙපාරක් හිතන එක ඇඟට ගුණ යි මීට පස්සේ.

      Delete
  22. හම්මෝ ඇත්ත... අපි කරන්නේ ඉතිං දැන දැනත් ඕවා කන එකනෙ.. බොරු කියන්නේ මොද්ද මං නං ඕව කනවා. ටිකක් අඩු කර ගන්ට ඕන..

    ReplyDelete
    Replies
    1. අනිත් මිනිස්සුන්ට උදදෙස් දීලා පෝස්ටු දැම්මට මොකද මමත් කනවා. දැන් නං සෑහෙන්න අඩු කරලා තියෙන්නේ.

      Delete
  23. ජීවිතේ එච්චරටම අමාරු වුනා කියන එක නම් හිතාගන්න බෑ. දැනුවත් කිරීම නම් වටිනවා. ඔය මොනව කවත් තෙල් කෑම අඩු වෙන්න නම් මීට වඩා ප්‍රචාරණයක් ඕනෙ. කඩවල් වල ඕව හදන විදිහයි, ඒවට යොදාගන්න පරණ අමුද්‍රව්‍ය ටිකයි දැක්කොත් තමන්ගෙ ජීවිතේ ගැන ආසාව තියෙන එකෙක් කන් නෑ ඇත්තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක නං සහතික ඇත්ත! මාස ගණන් පරණ තෙල්වලින් බඳින්නේ. ඒ වුණාට ඉතින් කට්ටිය රස කර කර කනවනේ.

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...