December 30, 2013

දෙයියන්ගේ ලෙඩ (සත් වැනි දිග හැරුම)

දෙයියන්ගේ ලෙඩ සවැනි (දිග හැරුම) කියවන්න ‍ඕනේ අය මේ අතුරු මංපෙත් දිගේ ගිහින් කියවලා එන්න . . .


ඒ පිළිතුර බලාපොරොත්තුවෙන් හිටපු නිසා අනුරාධගේ පිළිතුර මාලින්ගේ හිතේ පුදුමයක් ඇති කළේ නැහැ. ඔහුගේ සිතේ ඇති වුණේ දෙගෙඩියාවක්. මේ මොහොතේ ගලක් සේ නොසැලෙන අනුරාධගේ හදවත වෙඬරු පිඩක් සේ උණු කරන්න නයෝමිට හැකි බව ඔහු දැනගෙන හිටියා. නමුත් 'සියල්ල සිදු වන්නේ යහපතට' යැයි කියා සිත සනසා ගන්නවා හැරෙන්නට‍ වෙනත් විකල්පයක් ඔහු සතු වුණේ නැහැ.

කිසි‍වක් නොකියා පිට ව යන මාලින් දිහා අනුරාධ බලාගෙන හිටියේ මද සිනාවක් සමග. 'අද උඹ හිතන දේ වැරදි යි, මාලින්. මම කවදාවත් ඉමාලිට වැරැද්දක් කරන්නේ නැහැ' ඔහු සිතුවේ දැඩි අධිෂ්ඨානයක් හිතේ රඳවාගෙන. ඉන් මිනිත්තු කිහිපයකට පසු වරුවක නිවාඩුවක් අනුමත කර ගත් අනුරාධ දහවල් දොළහ යි කාල වන විට සිටියේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට!

නයෝමි නතර වෙලා හිටපු වාට්ටුව හොයා ගන්න ඔහුට අපහසු වුණේ නැහැ. ළා කහ පැහැ සැහැල්ලු ගවොමකින් සැරසිලා අමන්දා එක්ක කතා කරමින් උන් නයෝමි ව දැක්ක ම අනුරාධගේ හිතේ කෝපයක් මතු වුණේ නිරායාසයෙන්. කොරිඩෝව දිගේ ඉක්මන් ගමන් ඇවිද එන ඔහු ව දුටු නයෝමිගේ වත සොඳුරු මදහසකින් ඔපවත් වුණා. ඇගෙන් දිස් වුණේ වෙනදාටත් වඩා නීරෝගී, රූමත් පෙනුමක්.

"ඉඳගන්න, අනුරාධ!"

"ඕනේ නෑ. මම ඉක්මනට යනවා," අමන්දාගේ ආරාධනය ඉවත දැමූ අනුරාධ මොහොතක් නයෝමි දිහා ඍජු බැල්මෙන් බලාගෙන හිටියා. "මට නයෝමිට ටිකක් කතා කරන්න ඕනේ. අමන්දා මෙතන නොඉන්නවා නං තමයි හොඳ!"

"ආ! හරි." ඇගේ කටහ‍ඬේ ගැබ් වෙලා තිබුණේ විශ්මයක්. "මම එළියෙන් ඉන්නං, නයෝමි."

අමන්දා පිටවෙලා යන දිහා මද වෙලාවක් බලාගෙන උන් අනුරාධ තමන්ගේ සිතුවිලි එක්තැන් කර ගත්තේ දිගු කතාවකට සූදානම් වෙමින්.

"ඔයා එනවා කියලා මම දැනගෙන හිටියා, අනුරාධ." නයෝමිගේ සන්සුන් ස්වරයේ සතුටක සේයාවක් රැඳිලා තිබුණා.

"මම ආවේ මාලින් මට කියපු දේවල් නිසා!"

"මාලින් මොනව ද කිව්වේ?" නයෝමි ඇහුවේ සිතේ ඇති වුණ පුදුමය සඟවන්න උත්සාහ කරමින්. මාලින් කියූ දේවල් දැන ගන්න ඇගේ සිත නොඉවසිල්ලෙන්.

"පැනඩෝල් කාඩ් දෙකක් බීලා මැරෙන්න හැදුව ම හැම දෙයක් ම විස‍ඳෙයි කියලා හිතුව ද?"

"මට ඕනේ වුණේ . . ."

"එහෙම මැරෙන්න තරම් තනිකමක් ඔයාට නැහැනේ, නයෝමි. ඒ නිසා බොරු වැඩ . . ."

"ආදරේ කරන අය ළඟ නැති වුණා ම මැරෙන්න නැතු ව වෙන මොනවා කරන්න ද?"

"ඔයාගේ දරුවට මොනවා වෙයි කියල ද හිතන්නෙ? අම්මා නැති අසරණයෙක් ව පිට මිනිස්සු ආදරෙන් බලා ගනීවි කියලා හිතනව ද?"

"මම ඒ ගැන ඩිසිෂන් . . ."

"මැරෙන එක හැම දේකට ම විසඳුමක් නෙමෙයි කියන එක අමතක කරන්න එපා, නයෝමි. එහෙම නං මුලින් ම මැරෙන්න ඕනේ කෙනා මම. ඒත් අමාරුවෙන් හරි ජීවත් වෙච්ච නිසා මම දැන් ඉමාලි එක්ක සතුටින් ඉන්නවා. අරෝෂ්ගෙන් දික්කසාද වුණා නං වෙන මිනිහෙක් ව කසාද බඳින්න. හැබැයි ඒ මිනිහා මම නෙමෙයි කියන එකත් හොඳට මතක තියාගෙන වැඩ කරන්න."

"ආදරේ නැති කෙනෙක් ව බැඳලා මම ඉන්නේ කොහොම ද?"

"ඔයා අරෝෂ් ව බැන්දේ ආදරේ නිසා ද?"

අනුරාධගේ උපහාසාත්මක වදන් ඉදිරියේ නයෝමි නිරුත්තර වුණා. ඇගේ දෙනෙත් බොඳ කරමින් මතු වූ කඳුළු බිඳු දෙකොපුල් දිගේ සෙමින් ගලාගෙන ගියා.

"මම වැරැද්දක් කළා, අනුරාධ. මට ඕනේ වුණේ ඒක හදා ගන්න," ඇය කිව්වේ කොට්ටය යට සඟවගෙන උන් පත්තර පිටුවක් අනුරාධට දිගු කරමින්.

ඒ සතියකට පමණ පෙර පළ කරන ලද කාන්තා පුවත්පතක පිටපතක්. එහි මුල් පිටුව හැඩ වෙලා තිබුණේ ජනප්‍රිය නිළියකගේ බඳ වටා සුරත දමාගෙන උන් අරෝෂ්ගේ ‍කඩවසම් සේයාරුවකින්. ඇතුළු පිටුවල සඳහන් වුණේ ඔවුන් දෙදෙනා ඉදිරි මාස තුන ඇතුළත යුග දිවියට පිවිසෙන පුවත!

"මට අරෝෂ් ව නැත්තට ම නැති වුණා, අනුරාධ."

"එහෙම යි කියලා මට ආයෙත් ළං වෙන්න හදන්න එපා, නයෝමි. මම බැඳපු මනුස්සයෙක්. ඒක ඔයා නොදන්න දෙයක් නෙමෙයි."

"ඔයා බැන්දේ ප්‍රපෝසල් එකකින් කියලා මම දන්නවා."

"ප්‍රපෝසල් එකකින් හරි මම බැන්දේ මට ආදරේ කරන ගෑනියෙක් ව. සල්ලි නිසා මාව දාල යන්නේ නැති ගෑනියෙක් ව. ඒ හොඳට ම ඇති මට සතුටින් ඉන්න. නොබැඳ හිටියත් ආයෙත් ඔයාට ආදරේ කරන්න මට බෑ. මම ඔයා ව අමතක කරලා දැන් හුඟක් කල්."

"මට ආදරේ කරන්න ඕනේ නෑ. යාළුවෙක් වගේ මගේ ළඟින් ඉන්න. ලෙට්ස් බී ෆ්‍රෙන්ඩ්ස්, අනූ."

"නයෝමි, මට ඔයා එකක් කිසිම සම්බන්ධයක් ඕනේ නෑ. ඒ නිසා කරුණාකරලා අපි අද මේක ඉවරයක් කරමු. තවත් ඔයා මාව හොයාගෙන එනවට, මට කතා කරනවට මම කැමති නෑ. ඒ නිසා මට මගේ පාඩුවේ ඉමාලි එක්ක ඉන්න දෙන්න. මගේ පිනකට මට ඉමාලි ව ලැබුණා. ඒක නැති කරන්න එපා. ඒ අහිංසක කෙල්ලට දුකක් දෙන්න මට බෑ. මොකද මම දුක් විඳපු කාලේ ඉවර කරලා මගේ ජීවිතේට සතුටක් ගෙනාවේ එයා."

"දැට් ඩසන්ට් මැටර්. එයා හිටියා කියලා අපිට යාළුවෝ නොවී ඉන්න බැරි නැහැ."

"කවදාවත් ඔයාට එයාගේ යාළුවෙක් වෙන්න බැහැ, නයෝමි."

"ඔහොම නපුරු වෙන්න එපා, අනුරාධ."

"නපුරු? හ්ම්! ඔයා කොහොම ද නයෝමි මෙහෙම කරන්නෙ? ඇයි ආයෙමත් මගේ ජීවිතේට ඇවිත් මට මෙහෙම වද දෙන්නෙ? මට තවත් දුක් විඳින්න ඕනේ නෑ. මොකද මම ඔයා නිසා අවුරුදු හතරක් තිස්සේ ඇති තරම් දුක් වින්දා. ඒ ඇති මට හොඳට ම."

"අනුරාධ, මම . . ."

"මට තවත් ඔයා එක්ක කතාවක් නෑ. මම යනවා, නයෝමි. ඔයා කැමති විදියකට ජීවත් වෙන්න," අනුරාධ කිව්වේ ඇයට පිටුපාමින්.

"හරි, අනුරාධ. ඔයා ගිහින් ඔයාගේ ඉමාලි එක්ක හැමදාම සතුටින් ඉන්නකෝ. ඒත් ඔයා කියන තරම් එයා හොඳයි ද කියන එක ගැන මට නං සැක යි!"

"මොකද්ද කිව්වේ?" ඔහු ඇසුවේ ආපසු හැරෙමින්. නයෝමි තමන් ඉදිරියේ ඉමාලි ව විවේඡනය කිරීම ඔහු ව කෝපයෙන් දවාලුවා.

"ඉමාලි ඔයා ඔය කියන තරම් හොඳ කෙනෙක් නං ඔයා ව ප්‍රපෝස් කරනකං නොබැඳ හිටපු එක ගැන මට හරි පුදුම යි! ඒ වගේ කෙල්ලෙක් . . ."

"ඒක ඔයාට අදාළ කාරණාවක් නෙමෙයි, නයෝමි."

"මට අදාළ නැති වෙන්න පුළුවන්. මම කිව්වේ වෙන්න පුළුවන් දේ. ඒ වගේ හොඳ කෙල්ලෙක්ට කැම්පස් එකේ දී හරි සම්බන්ධයක් ඇති නොවුණොත් . . ."

"නයෝමි!"

"ඇත්ත තිත්ත යි කියන්නේ බොරුවට නෙමෙයි, අනුරාධ. කාගෙ කාගෙත් කිල්ලොටවල හුනු තියෙනවා කියලා කතාවක් තියෙනවනේ. ඔයා‍ට වගේ වැළලිච්ච අතීතයක් එයාට තියෙන්න බැරි ද? ඒ අතීතේ ගොඩ ගන්න හදන වර්තමානයක් තියෙන්න බැරි ද? ලෝකෙට පෙන්න අහිංසක වුණාට . . ."

"කට වහපන්," අනුරාධ කෝපයෙන් ගිගුරුවා. හිතේ තිබුණ කෝපය පළ කරන්න වගේ ඔහුගේ දෙතොල සහ ඇහි බැම සරල රේඛාවක් බවට පත් වෙලා තිබුණේ. "මගේ ගෑනිගේ වැරදි කියන්න උඹට තියෙන අයිතිය මොකද්ද?"

෴  මතු සම්බන්ධ යි ෴

70 comments:

  1. ඔන්න ඉතින් පටන් ගත්තා...අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිමි....හිතන්නේ නැති පැත්තක් ලගදීම එන පාටයි හැබැයි... හ්ම්ම් :(

    ReplyDelete
    Replies
    1. පිළිතුරු දීමෙන් වැලකී සිටිමි ;)

      Delete
    2. අසාධාරණයි :/

      Delete
    3. මොකද්ද අසාධාරණකම?

      Delete
    4. පිළිතුරු දීමෙන් වැලකි සිටීම මෙයාගේ :'(

      Delete
    5. ඔයා අදහස් දැක්වීමෙන් වැලකී සිටිය ම මම කොහොම ද උත්තර දෙන්නෙ?

      Delete
  2. නයෝමි මහ පුදුම මනුස්සයෙක්නෙ. මෙච්චර වෙලා අනුරාධ කියපු දේවල් වලට නම් මම එකඟයි. බලමු නයෝමිගෙ මේ කතාවට අනුරාධ මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා

    ReplyDelete
    Replies
    1. එක එක විදියේ මිනිස්සු ඉන්නවනේ, චාම්ස් අක්කේ.

      Delete
  3. හපෝයි මේ මොකද්ද මේ වෙන්න යන්නේ?

    ReplyDelete
    Replies
    1. බලමුකෝ සිතූ අක්කේ ඊළඟ කොටසින් :)

      Delete
  4. ඔව් ධාරා.. ඔයා සැකෙන් තවත් පවුලක් විනාස කරන්න හදන්නේ.. උබව මට පේන්නෙත් නයෝමි වගේ.. අනුරාද කෙලින් කතා කරනවා.. එත් ඔයිට වැඩ නපුරු වෙන්න තිබුනා.. අනික උබ දැන් ඒ පවුලේ ප්‍රශ්න ඇති කරලා ඊළගට කතාව අන්තිමට සමගි කරන සම්ප්‍රදායික කතාවක් ලියන්න එපා .. :( හිතන්නේ නැති පැත්තක් එන පාටයි.. ලහිරු හරි.. මේ විදියට ගියොත් කතාව එපා වෙනවා :(

    ReplyDelete
    Replies
    1. ආදරයක් මැද්දට "සැකය" එන එක හරිම භයානක යි, මොනරියේ. ඒ නිසා පවුල් කීයක් නං කැඩිලා යනව ද? කතාව සාම්ප්‍රදායික ද කියලා අපි අන්තිමට බලමුකෝ.

      Delete
  5. හුරේ.. වලියක්!! වලියක්!!! :D

    කෙල්ලො ඔහොම්මමයි.. හැම දේම තමන්ට ඕනි විදියට කඅරගන්න තමයි හදන්නෙ.. අනික් එකාට හෙන ගැහුනත් එවුන්ට කමක් නෑ ..ඒකනේ මට උංව පේන්න බැරි.. තුඃ

    ReplyDelete
    Replies
    1. ඔච්චර වලිවලට ආස නං හෙට මුණුපොතේ දී අපිත් වලියක් දාගමු. මොකෝ කියන්නෙ?

      Delete
  6. සැහ්... පැනඩෝල් කාඩ් එකක හිර වෙලා මලානං ඉවරයි අප්පා..

    ReplyDelete
    Replies
    1. ඔහොම දරුණු වෙන්ට හොඳ නෑ දේශකයෝ :)

      Delete
  7. දැන් නං කතාවේ හොඳම හරිය යන්නේ.. !

    ReplyDelete
    Replies
    1. මධූ අයියා කියනකං දැනගෙන උන්නේ නෑ නොවැ ;)

      Delete
    2. දැන් මම බය වෙන්ට ‍ඕනේ ද?

      Delete
  8. මොනව වුනත් නයෝමි කරන වැඩේ අන්තිම නරකයි කියල මට හිතෙන්නෙ..කතාව ඉස්සරහට මොනවා වෙයිද මන්ද?හිතාගන්න අමාරුයි..මොනවා වුනත් අනුරාධගේ කූඩුව කැඩෙන එකනම් අවුල්..

    ReplyDelete
    Replies
    1. බලමුකෝ මොකද වෙන්නේ කියලා! මම හිටපු නැති ටිකට මෙයා නමත් වෙනස් කරගෙන :(

      Delete
  9. අනුරාධ කෙලින් මිනිහෙක්.නයෝමි හැපින්නක් වගේනේ ...:(

    ReplyDelete
    Replies
    1. මනෝජ් අයියට හිතෙන දේවල් :) කාලෙකින් දැක්කේ ඔයා ව!

      Delete
  10. අප්පට බොල අනුරාධගේ සැර. නයෝමි ගැන හිතුවාම පෙන්නේ ගෑනුන්ට මායම් හැට හතරට වඩා තියෙනවා කියලා ,

    ReplyDelete
    Replies
    1. එහෙම නං ඉවාන් අයියට මුණ ගැහෙන්නේ නැතෑ මායම් එකසිය විසි අටක් තියෙන කෙනෙක් ව! පරිස්සමින් හිටියා නං :)

      Delete
  11. මධානියයි. ගෑනු වලියක්...!!!

    ReplyDelete
    Replies
    1. මොකද්ද බොල "මධානිය යි" කියන්නෙ? මම දන්නේ නැති වචන කියන්න ඔට්ටු නෑ :(

      Delete
  12. දැන් ඉමාලිවත් අරෝෂ් වගේ කෙනෙක් කරන්න ඔට්ටු නෑ හොඳේ...........මටත් කේන්ති යනවා...ඇයි යකෝ

    :D :D :D

    ReplyDelete
    Replies
    1. කේන්ති ගියා නං කේන්ති ගිය විදියට ඉන්ට ඕනේ හිනා‍ වෙන්නේ නැතු ව!

      Delete
  13. අනුරාධ කියන්නේ කොච්චර හොද කෙනෙක්ද ,, නයෝමිත් පව් මොනා කරන්නද ,, ජිවිතේ හැටි ඔහොමයි ,, මන් මුලදීම හිටුවා නයෝමි ගැන ..ඒත් අපි බලමුකෝ ධාරා ඊලග කොටසේදී නයෝමිගේ හිත හදයිද අනුරාධගේ පවුල කඩයිද කියලා හි හි

    ReplyDelete
    Replies
    1. බලමුකෝ අපූර්වී අක්කේ මොකද වෙන්නේ කියලා! කාලෙකට පස්සේ ඔයාවත් දැක්කේ මේ පැත්තේ ඇවිල්ලා ඉන්නවා :)

      Delete
  14. ආදරයක් මැදට සැකයක් පාත්වුනොත් ඉවරම තමා,කොහෙන් කොහෙට යාවිද කියල හිතන්නවත් බෑ.

    ReplyDelete
    Replies
    1. හැලප මාම අත්දැකීමෙන් ද මන්දා කිව්වේ :D

      Delete
  15. අප්පොත්තියේ......... නංගා කොටස් දෙකක්ම දාලා මන් හිටියෙ නැති ටිකට,,,,, පහුගිය කොටහත් කියෝගෙනම ආවා.....අනේ මන්දා කව්ද හරි කව්ද වැරදි කියලා ඔහොම ලියන් යමුකෝ......තීරණේ කරමු පසුවට..

    ReplyDelete
    Replies
    1. දැන් මම ද කිව්වේ ඔයාට රට රටවල රස්තියාදු ගහන්ට කියලා!

      Delete
  16. හොදයි ධාරා. ඔබ මේ යන විදියටම ඔබේ පරිකල්පනට මේ විද්‍යුත් පත් ඉරු මත රදවන්න. ඔබට නිසි ආකෘතියක් ඇත. සුබ පැතුම් ඔබට

    ReplyDelete
    Replies
    1. ඇගයුමට බොහෝම ස්තූතියි, නලීන් මාමේ :) ඔබතුමා දහසක් රාජකාරී අතරේ මෙහාට ගොඩ වෙන එකත් කොච්චර දෙයක් ද?

      Delete
  17. කෙල්ලෝ නම් චාටර් අප්පා

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ එහෙම කියන්නෙ?

      Delete
  18. අම්මපා මම ඒත් බැළුවා උදේ පාන්දරම අර ජූඩ් ලෝ අයියා මොකෝ රවාගෙන ඉන්නේ කියලා.. හෙහ් හෙහ්..

    වලිය සමග ඉතුරු කොටස.. අපි වලියට බරයිනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔළුව හරලා අනවශ්‍ය කොටස් ටික අයින් කරා ද? ආයෙමත් ඇවිල්ලා එන්න එක ගැන මට සතුටු යි! ඉක්මනින් කතාවකුත් දැම්මා නං :)

      Delete
  19. නයෝමිගේ චරිතේ කළු වැඩියි බං. ඔච්චරටම කළු කරන්න එපා හලෝ චරිතයක්

    ReplyDelete
    Replies
    1. චරිතයක් නං අපිට ඕනේ විදියට හදා ගන්න පුළුවන්. ඒත් ඇත්ත මිනිස්සු කොච්චර කළු වුණත් අපිට වෙනසක් කරන්න බෑ නේද? වැරදි කියනවට තැන්කූ වේවා! මේක මගේ පළවෙනි කතාව. අඩුපාඩු හුඟක් තියෙනවා. නයෝමි ව නිර්මාණය වුණේ මම දන්න කෙනෙක්ගේ චරිතය මතින්. හ්ම්ම්, මම සැර වැඩි වුණා ද මන්දා :(

      Delete
  20. හප්පේ අනුරාධ නිසා උඹ කියන වචනෙන් නැවතුනාට අපිට එහෙම ඔහොම දෙයක් උනා නම් ශුද්ධ සිංහලෙන් තමා අහ ගන්න වෙන්නෙ. හි හි.

    නංගි නයෝමිව අනුරාධ අතින්ම මරවයි වගේ අන්තිමට.

    ReplyDelete
    Replies
    1. ශුද්ධ සිංහල දාන්න තිබුණා. ඒත් බ්ලොග් එක තහනම් කරොත් මොන දෙයියන්ට කියන්න ද? ඒ නිසා ප්‍රියා අයියා හිතන්න එපා මම දන්නේ නැති නිදා දැම්මේ නෑ කියලා!

      Delete
  21. නයෝමි පව්. මොකද එයා දුවල දුවල හති වැටිල ඉන්න කෙල්ලෙක් නිසා. ඉමාලිත් පව්... අනේ මන්ද... ඉතුරු ටිකත් දාන්න. කියවල යන්න එන්නම්. :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, බුද්ධි මේ දිහාට ගොඩ වුණාට :)

      Delete
  22. Replies
    1. මේ දවස් ටිකේ හුඟක් වැඩ තිබුණ නිසා බ්ලොග් එක දිහා බලන්න බැරි වුණා. මට සමාවෙන්න, ප්‍රියා අයියේ :(

      Delete
  23. මෙහෙමයි ධාරෝ. කෙනෙක් තව කෙනෙකුට ඇත්තට ම ආදරය කරනවා නම් කවදාවත් එයා ගෙ හිත රිදවන්න බෑ. අනිත් එක එහෙම දෙයක් වුණොත් ඒ වරද හදා ගන්න උපරිම මාසයක් ඇති. අවුරුදු හතරක් කියන්නෙ හොඳට ම වැඩි කාලයක්. ඉතින් නයෝමිට මොනවා වුණත් ඉමාලි කොහොම කෙනෙක් වුණත් නයෝමි ගැන මට නම් අනුකම්පාවක් ඇතිවෙන්නෙ නෑ නෑ නෑ නෑ ම යි.

    ReplyDelete
    Replies
    1. දිලිනි අක්කා හොඳට "මිනිසා" ව අධ්‍යයනය කරලා තියෙනවා. බලමුකෝ ඉස්සරහට :)

      Delete
  24. ඉමාලි ගැන මොනවා හරි දෙයක් නයෝමි දැනගෙන වගේ. කොහොමත් අනුරාධ එක්ක සෙට් වෙන්න ට්‍රයි කරද්දි ඉමාලි ගනත් නයෝමි විස්තර හොයන්න ඇතිනේ

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි ගන්දරයෝ පෙනී යන්නේ :)

      Delete
  25. සමා වෙන්න නංගි එන්න පරක්කු වුනාට! වැඩ හරියට තිබුනා පහුගිය දවස්වල. යාළුවන්ගේ බ්ලොග් ගොඩ ගැහිලා. අද තමයි ටික ටික කියවාගෙන යන්නේ.
    මුළින්ම ඔයාට සුභම සුභ නව වසරක් පතනවා.
    දැන් යමු කථාවට...
    මට නම් නයෝමි ගැන තරහා දිනෙන් දිනම වැඩිවෙනවා. දැන් අර සතුටින් පවුල් කන මිනිහගේ ඔළුවට විෂ බීජත් දානවා. මට ඔය වගේ ගෑණු පෙන්නන්න බෑ. බලමුකෝ ළබන සතියේ...

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලන්න දෙයක් නෑ, චන්දන අයියේ. මේ දවස් ටිකේ මටත් වැඩ ගොඩ ගැහිලා. කලාතුරකින් තමයි බ්ලොග් ලෝකෙට එබෙන්න ලැබෙන්නේ. වැඩ අතරමග හරි මෙහෙම ඇවිත් යන්න ආපු එක කොච්චර දෙයක් ද? බලමුකෝ ඊළඟ සතියේ මොකද වෙන්නේ කියලා! අයියටත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  26. කතාව ලස්සනයි...... ඊළඟ කොටසත් ඉක්මනට දාන්න.... :)
    මම නම් නයෝමිට කැමති නෑ..... :/

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, නාඳුනන්නෝ :) දිගට ම ඇවිත් යන්න එන්න.

      Delete
  27. නයෝමි කරන්නේ 100 % ක් කුප්ප වැඩක් ...
    කෙල්ලෝ ඔහොම්මමයි :P

    ReplyDelete
    Replies
    1. සිරාවට ම ද කිව්වේ?

      Delete
  28. "ආදරේ කරන අය ළඟ නැති වුණා ම මැරෙන්න නැතු ව වෙන මොනවා කරන්න ද?"

    මොට්ට කතාවකි

    ReplyDelete
    Replies
    1. හැමෝම ඔයා වගේ බුද්ධිමත් නෑ හලෝ :P

      Delete
  29. ධාරා මොකෝ නොකර සද්ද ...? කාලෙකින් පේන්න නැත්තේ ඇයි ..?

    ReplyDelete
    Replies
    1. මේ දවස් ටිකේ ම බ්ලොග් කියවන්න, ලියන්න තරම් හිතේ නිදහසක් තිබුණේ නෑ, ඉවාන් අයියේ. ඔන්න හෙට ඉඳලා ආයෙමත් ධාරා බ්ලොග් අවකාශෙට එනවා!

      Delete
    2. කෝ බං තාම උඹේ හෙට ආවේ නැද්ද?

      Delete
    3. මගේ "හෙටට" බාලගිරි දෝෂේ :(

      Delete
  30. බස්සෙක් මි
    මං පෙතට ආමි
    හොට ඇරියොත් - පටි රෝල් විය හැකි බැවින්
    කිසිවක් නොකියාම යමි

    හැබැයි, නැවතත් එමි :)

    ReplyDelete
    Replies
    1. බස්සා ව සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට!

      Delete
  31. කෝ බෝල මේක ලියපු දැරිවි ?? හඳ පානේ ජම්ප් & ගොයින්ද ?

    ReplyDelete
    Replies
    1. ජම්පින් ගොයින් :O අපි බෝ පැළ වගේ හැදිච්ච ළමයි, හරි ද?

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...