April 4, 2014

වසරක් ගත වූ දා . . .


සඳරු අයියගේ 'හිස් අහස' ගැන මට මුලින් ම කිව්වේ මගේ යාළුවෙක්. ඒ සාමාන්‍ය පෙළ විභාගේ ලියලා ගෙදරට වෙලා ඉන්න කාලේ. පොඩි කාලේ ඉඳලා ම කියවීමට ඇබ්බැහි වෙලා හිටපු මම ගෙදරට වෙලා උන්න දවස් ටිකේ කියවන්න පුළුවන් හැම දෙයක් ම කියෙව්වා. පුස්තකාලෙන් සති දෙකකට ගෙදර ගේන්න දෙන පොත් හතරත් (මගේ කාඩ් එකට දෙක යි! නංගිගේ එකට දෙක යි!) දවස් තුනක් යන්න කලින් කියවලා ඉවර යි!  අන්තිමේ දී කියවන්න දෙයක් නැතු ව බාගෙට මැරිලා වගේ ඉන්න අතරේ දී තමයි දවසක් මගේ යාළුවෙක් මට ඊයක් එවලා තිබුණේ 'හිස් අහස' බලන්න යන්න පාර කියලා.

'හිස් අහස' මම කියවපු පළවෙනි බ්ලොග් පිටුව! පොතක් කියවනවා වගේ ම දැනුණේ නැති වුණත් මම 'හිස් අහස' කියෙව්වේ උනන්දුවෙන්. ඒ වගේ ම ආසාවෙන්. මුල දී 'හිස් අහස'ට කොටු වෙලා හිටපු මට බ්ලොග් රස දැනෙන්න දැනෙන්න මම තව තවත් බ්ලොග් හොයාගෙන කියව්වේ අලුත් පුරුද්දක් ජීවිතේට එකතු කර ගන්න ගමන්. මගේ ම කියලා බ්ලොග් එකක් පටන් ගන්න ආසාවෙන් උන්නත් බ්ලොග් කටුවක් අටවා ගන්න හැටි හරියට දැනගෙන හිටියේ නැති නිසා ඒ වැඩේ ටිකෙන් ටික කල් ගියේ අවුරුදු දෙක තුනකුත් පහු කරගෙන.

කොයි කාටත් වගේ අන්තිමේ දී මගේ පිහිටට ආවෙත් ගූගල් දෙයියෝ තමයි! ටිකක් අමාරුවෙන් වුණත් ඒ විදියට 'සොඳුරු මංපෙත' පටන් අරගෙන අදට අවුරුද්දක්. ගත වෙලා ගිය අවුරුද්ද මගේ ජීවිතේට අලුත් අත්දැකීම් රැසක් එකතු කළා. ඒ වගේ ම කිසිදාක නොදුටු ඒත් සුන්දර හදවත් උරුම කර ගත් අපූරු යහළු යෙහෙළියන් පිරිසක් මගේ ජීවිතේට පිය මැන්නා. මම දකින බ්ලොග් අවකාශය මිතුදමේ උණුසුම රැඳුණු සොඳුරු තැනක්.

දොළොස් මසක් කියන්නේ දිගු කාලයක්. ඒත් වෙහෙසක් නැතු ව ඒ දිගු කාලය තරණය කරන්න මට උදව් වුණ අය බොහෝම යි! ඉවාන් අයියා, හැලප කඩේ හැලප මාමා, සමකය වටේ යන නලින් මාමා, කුරුටු ගෑ ගී පොතේ දිලිනි අක්කා, ළා දම් අහස ලියන රෙහානි අක්කා (කාලෙකින් දැක්කෙත් නෑ), වර්ණයට පාට තවරන දිනේෂ් අයියා, දේශකතුමා, මනෝජ් අයියා, මේ දවස්වල රටේ වටේ සවාරි යන මධූ අයියා, ගන්දරයා, සිඟිති අක්කා, ශානු අක්කා, සඳුන් සෙවණේ චන්දන අයියා, තාක්ෂණික උපදෙස් බෙදා හරින සසිඳු අයියා, අපූර්වී අක්කා මුල ඉඳලා ම 'සොඳුරු මංපෙත' එක්ක හිටපු උදවිය! නිතර ම අ‍ාවේ ගියේ නැති වුණත් අමාරුවෙන් හරි මගේ කතා කියවන්න එන හැමෝට ම (නම කියන්න බැරි වුණා නං සමාවෙන්න ඕනේ) බොහෝම ස්තූතියි!

ඒ වගේ ම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මුදියා නොහොත් සමියා (ඔව්! ඔව්! සමීගේ පුංචි ලෝකය ලියන උස මහත අන්කල් තමයි), අල්තයීර්ගේ අඩවියේ කරූ හෙවත් බුද්ධි කොලුවා, අරුණි (මොණරු ලියන පණ්ඩිත ආච්චි) සහ ළහිරු ගැන! මේ හතර දෙනා බැන බැන හරි හැමදාම මගේ ළඟින් ඉඳන් මා ව ධෛර්යමත් කරේ නැත්තං මේ වෙනකොට 'සොඳුරු මංපෙත' වහලා බෝඩ් ලෑල්ලකුත් එල්ලා 'පාර වසා ඇත' කියලා! 
 
පුරා වසරක් සොඳුරු මංපෙත සමග රැඳි නුඹ හටමගේ
හද පුරා නැගි තුති කුසුම් පුද කර සිටින්නෙමි මේවගේ
නුඹ යි සැමදා ළඟින් හිඳ මට දිරිය දුන් අත්වැලඅගේ
තවත් බෝ දුර එක් ව යමු අපි ළබැඳි සොයුරන් සේසගේ
  
ඒ මගේ කතාව! පුළුවන් තරම් කාලයක් මේ සොඳුරු ලෝකයේ සැරිසරන්න යි මගේ ආසාව :) බ්ලොග් අවකාශයේ උණුසුම හැමදාමත් මගේ හිතට අරගෙන එන‍්නේ සතුටක්. මෙච්චර කාලෙකට ඒ සතුට නැති වුණේ එක ම එක දෙයක් නිසා විතර යි! ඒ ෆලෝ කරන්න පුළුවන් උපරිම බ්ලොග් ගණන 300 කට සීමා වුණාට පස්සේ (මේක ඉක්මවලා යන්න පුළුවන් හොර ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවා නං කියන්න) එහෙම නං අදට සමු ගන්නං. මේ තරම් කාලයක් මාත් එක්ක රැඳිලා හිටපු හැම දෙනාට ම ආයෙමත් වතාවක් බොහෝම ස්තූතියි!


෴  පසු ව ලියන ලදී 

පන්ති ඇරිලා දුවගෙන ආවේ මේක ලියන්න. උදේ පාන්දර පෝස්ට් කරන්න හිතුවත් පහු ගිය දවස් ටිකේ ම වැඩ අස්සේ හිර වෙලා හිටපු නිසා ‍මුකුත් ම ලියා ගන්න බැරි වුණා. සතියක් ගත වෙන්න කලින් දෙයියන්ගේ ලෙඩ (දස වැනි දිග හැරුම) දාන්න යි බලාපොරොත්තුව!

57 comments:

  1. සුබ උපන්දිනයක් ධාරා :D

    ReplyDelete
    Replies
    1. මගේ නෙමෙයි යකූ බ්ලොග් එකේ උපන් දිනේ >_< ළහිරු මං ටූ!

      Delete
  2. ඔන්න එහෙනම් සොඳුරු මංපෙතට සුබ ම සුබ උපන්දිනයක් පැතුවා! පාර වසා ඇත කියල ගැහුවොත් හෙම පෙරළගෙන හරි එනවා!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, දිලිනි අක්කේ ^_^ පාර වහන්න කට්ටිය ඉඩ දෙන එකක් නැති නිසා දිගට ම ලියනෝ.

      Delete
  3. සුභ පැතුම්...

    දිගටම අකුරු කොටන්නට ධෛර්යය ලැබේවා..

    ReplyDelete
    Replies
    1. සෑම් අයියා ව කාලෙකින් දැක්කේ. සුභ පැතුමට තැන්කූ වේවා!

      Delete
  4. අදොව් කවුද යකු මගේ නම් ප්‍රසිද්ද කොලේ :3 අනික මං පණ්ඩිත නෑ මං අහිංසකයි.. -_-

    කොහම වුනත් හැෆි මෙව්වා එකක් වේවා පුතා.. :D චෝකෝ cake ඕනි..

    ReplyDelete
    Replies
    1. උඹනේ යකූ හැම තැන ම නම හලාගෙන යන්නේ >_< අමුතුවෙන් ප්‍රසිද්ධ කරන්න දෙයක් නෑ. උඹට හදන්න පුළුවන් එක ම දේ චොකෝ කේක් නිසා ලොකු එකක් හදපන් කට්ටියට ම දෙන්න!

      Delete
  5. සුභ පැතුම් ආච්චියෙ…!! බොක්කෙන්ම සුභ පැතුම්……!!

    මේවා නම් හ‍රි යන්නෑ කේක් කෑල්ලක්, සරුවත් උගුරක් දෙන්නම වෙනවා. :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, සීයේ :) හදවතින් ම සුභ පැතුම පිළිගන්නවා! ඇයි යකූ කේක් කෑල්ලක් තමයි උඩින් ම දීලා තිබුණේ!

      Delete
  6. හැපි බොලොග් ඇනිවසරියක් වේවා...
    ඔයාගෙ එකේ ඇති දැනට මාස ගාණකිං අප්ඩේට් නොවුන ඩෙඩ් ලිංක්ස්... බලල හිටං රිමූ කරල දාන්න එතකොට ඉඩ එයි...

    තාම 300 පැනල නැති හිංද දන්නෑ විදියක්...
    බ්ලොග් ලිංක් එක කොපි කරල බ්ලොග් ලිස්ට් එකේ ඇඩ් බ්ලොග් ක්ලික් කරල එතනිං ෆලෝ කරන්න බලන්න හරියයි...
    නැත්තං ඔ්කට හරිම විසදුම දන්නව හිරූ අක්ක

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට බොහෝම ස්තූතියි, මහේෂ් :) වෙලාවක් හම්බ වුණ ගමන් අප්ඩේට් නොවුණ ඒවා අයින් කරන්න ඕනේ. ඔයා කියපු අනිත් විදිය නං හරි යන්නේ නෑ. මම හුඟක් පාරක් ට්‍රයි කරලා බැලුවෝ.

      ඒක නෙමෙයි, සිරාවට ම හිරු අක්කා දන්නව ද?

      Delete
  7. සංවත්සරයට සුබ පැතුම්!!!
    තව රසවත් කතා ගොඩක් අපිත් එක්ක බෙදාගන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, හැලප මාමේ :) ඔබතුමත් දිගට ම අපිත් එක්ක රැඳිලා ඉඳීවි කියලා හිතනවා!

      Delete
  8. ජය වේවා.. මොනව උනත් දිගටම ලියන්න.. ඔමාගෙන් අහන්න ෆාලෝ කිරීමේ හොරයක් ඒකි දන්නවා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා, දේශකයෝ :) ඔමා අක්කාගෙන් අහන්න ඕනේ ඉක්මනට ම!

      Delete
  9. සුබ පැතුම්,
    ආවට වඩා වැඩි දුරක් ආවට වඩා යෙහෙන් යන්න ලැබේවා නංගියෝ....!!!

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට බොහෝම ස්තූතියි, මනෝජ් අයියේ ^_^ පුළුවන් උපරිම කාලයක් ලියන එක තමයි මගේ බලාපොරොත්තුව!

      Delete
  10. හෆ්ෆේ අවුරුද්දකුත් උනාද.. සුභ පැතුම් නංගෝ.. කෝ කෝ අර කතාව ඉක්මනට ලිවුවනම්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ දිනේෂ් අයියේ :) මටත් නොදැනීම අවුරුද්දකුත් ගිහින්. කතාව මේ සතිය ඇතුළත දානෝ. තාම ලියන්න පටන් ගත්තේ නෑ.

      Delete
  11. Replies
    1. සිකුරාදා හවස පෝස්ට් එක දැම්මට පස්සේ අද තමයි මේ දිහාට එන්න ලැබුණේ :( මේ දවස්වල කාර්යබහුල යි අලේ.

      Delete
  12. දිගු ගමනක් යන්න අපෙනුත් උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට බොහෝම ස්තූතියි, තුශානි අක්කේ :)

      Delete
  13. හෑ.... තාම ඒ ලෙවල් කරන කෙල්ලෙක් නේ ධාරා කියන්නේ... චූටි නංගි කෙනෙක් නේ. :)
    ඔන්න මගෙනුත් සුබ පැතුම් දරුවෝ... !
    පාඩම් වැඩ අතපසු කරගන්නේ නැතුව දිගටම වෙලාව තියෙන හැටියට ලියමු !

    ReplyDelete
    Replies
    1. හයියූ >_< මධු අයියට ගණන් බෑ. බ්ලොග් එක්ක පටන් ගන්න අදහස ආවේ සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ වුණාට ඒක ක්‍රියාත්මක කරන්න අවුරුදු දෙක තුනක් ගත වුණානේ. දැන් ඒ ලෙවල් කරලා ඉවර යි! ඉක්මනට ම කැම්පස් යන්න යි ඉන්නේ ^_^ දැන් තේරුණා ද ඔයැයිට?

      Delete
  14. වසරක් සාර්ථකව බ්ලොග් එක කරගෙන ආවට සුබ පැතුම්.... මමත් බ්ලොග් එක පටන් ගත්තේ ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ... මටත් මම බ්ලොග් එක පටන් ගත්ත හැටි මතක් වුණා මේ පෝස්ට් එකෙන්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, සිතූ :) සිතූගේ බ්ලොග් එකට දැන් වයස කීය ද? මට පේන්නේ අපි දෙන්නා ම එක වයසේ වගේ.

      Delete
  15. සුභ උපන් දිනයක් වේවා... ධාරට නොවෙයි සොඳුරු මංපෙතට :D

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට බොහෝම ස්තූතියි, ගන්දරයෝ :)

      Delete
  16. සුභ පැතුම් ..තව තවත් ලස්සනට බ්ලොග් අවකාශය ගෙත්තම් කරන්න ලැබේවා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා, උමේෂ් :) කාලෙකින් දැක්කේ.

      Delete
  17. හැපී බ්ලොගිවසරි ධාරා :))) දිගටම ලියන්න සක්තිය දහිරිය ලැබේවා :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, සයුරි අක්කේ. බිනර මල සනීපෙන් ඉන්නවා නේද? කාලෙකින් දැක්කේ ඔයා ව!

      Delete
  18. සුභ පැතුම් නංගි...තව සෑහෙන කාලයක් බ්ලොග් එක ලස්සනට කරගෙන යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා... :D

    ගොඩ කාලෙකින් බ්ලොග් කියවන්න බැරි වෙච්ච හිංදා කලින් විශ් කරන්න බැරි උනා ඔයාට.. :(

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට තුති, චාම්ස් අක්කේ :) කලින් බැරි වුණත් පහු වෙලා හරි විෂ් කරපු එක කොච්චර වටිනවා ද මට?

      Delete
  19. චඃ දන්නෙම නථුඅ මේක මග අරිලානේ ...සුභ පැතුම් නඟා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් බැලුවේ ඉවාන් අයියා ඇයි පේන්න නැත්තේ කියලා! සුභ පැතුමට තුති ^_^

      Delete
  20. මගේ බ්ලොග් අඩවිය පැත්තෙත් ගොඩවෙලා යන්නකෝ. ඔයාලා දන්නේ නැති ගොඩක් දේවල් මමත් මේ දවස් වල අඩවියට එක්කරමින් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. වෙලාවක් ලැබුණොත් ඒ පැත්තට ඇවිල්ලා යන්න එන්නංකෝ ^_^

      Delete
  21. සංවත්සරයට සුබ පැතුම්, ඔබටත් හොරා ඔබේ ළඟින් ඈතට ගිහින් සොඳුරු සිතුවිලි ලෝකෙත් එක්ක බෙදාගත් බ්ලොගේට වසරයි නේද? ජය වේවා. දිගටම එහෙනං ලියන්න.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් එක් කළාට බොහෝම ස්තූති යි, සොඳුරු මිනිසා! දිගට ඇවිල්ලා යන්න එන්නකෝ මේ පැත්තේ.

      Delete
  22. ධාරා මොකෝ ආයේ සද්ද නැත්තේ , ලියන්න නැද්ද බං

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕනේ බං ඉවාන් අයියේ. ඒ වුණාට මේ විභාග ඉවරයක් නෑනේ. තව මාස දෙකකින් විභාග දෙක යි :( මැරිලා වගේ. අගෝස්තුවලට කලින් භාර දෙන්න ඕනේ ව්‍යාපෘති දෙකකුත් තියෙනෝ.

      Delete
  23. සෑහෙන කාලෙකින් මේ පැත්තට ආවේ.. මොකද මම දන්නේ නෑ රීඩින් ලිස්ට් එක අප්ඩේට් උනේ නෑ. ඉතින් මම හිතුව ලියන එක අතැරලා දාල කියල. අද මගේ පරණ පොස්ට් එකක් කියවද්දී දාල තිබ්බ කමෙන්ට් එකක් දැකල ආවේ මොකෑ වෙලා තියන්නේ කියල බලන්න.

    ReplyDelete
    Replies
    1. මාස කිහිපයකට ලියන එක නතර කරනවා, අඟහරුවෝ. ඉස්සරහට එන මාස දෙක මට විභාග පිරුණු මාසයක් :( ඒවා ඉවර කරලා නිදහසේ ලියනවා!

      Delete
  24. නංගී තාම ,විභාගද බං. ලිවිල්ල අතාරලම දාලාද? මොකෝ සද්ද නැත්තේ ? කම්මැලි වෙලා නේ

    ReplyDelete
    Replies
    1. විභාගේ ඉවර වුණ ගමන් නායකත්ව පුහුණුවට ගියා :( පෙරේදා තමයි ගෙදර ආවේ. ඉක්මනට ලියනවෝ.

      Delete
  25. සංවත්සරයෙන් පස්සෙ ලියලම නෑනේ? පාර වහලද? :/

    ReplyDelete
    Replies
    1. මේ පාර කවදාවත් වහන්නේ නෑ, අශාන්. සංවත්සරයෙන් පස්සේ ටිකක් කාර්යබහුල වුණා. තව ටික දවසින් ආයෙත් දිගට ම ලියාගෙන යනවා.

      Delete
  26. සුභ පැතුම් ධාරා ^_^

    මං මේක දැක්කෙ දැං :D

    ReplyDelete
    Replies
    1. මුදියා අයියනේ. මම ඒත් බැලුවා කවුද කියලා :)

      Delete
  27. හැපී බර්ත් ඩේ වේවා බ්ලොග් එකට

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සුභ පැතුමට!

      Delete
  28. ජය වේවා....

    ඔන්න විභීෂණ ත් වැඩිය...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට!

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...