March 20, 2014

දෙයියන්ගේ ලෙඩ (අට වැනි දිග හැරුම)

කතාව මතක නැති උදවියට දෙයියන්ගේ ලෙඩ (සත් වැනි දිග හැරුම) කියවලා එන්න මග සලකුණු මෙන්න . . .


නයෝමිට උත්තර බඳින්න ඉඩ නොතබා ම අනුරාධ රෝහල් බිමෙන් පිටවෙලා ආවේ හිස ගිනි ගත්තෙකු විලසින්. ඔහුගේ උස් කටහඬ ඉදිරියේ අනෙකුත් රෝගීන් මෙන් ම වෛද්‍යවරුන් සහ හෙදියන් ද විශ්මයට පත් ව බලාගෙන උන් අයුරු ඔහු දුටුවත් ඒ පිළිබඳ ව අනුරාධ තැකීමක් කළේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ හැකි තරම් ඉක්මනින් නයෝමිගෙන් සදහට ම සමු ගන්න යි.

හෝරාවක පමණ කාලයක් කොළඹ මං මාවත් ඔස්සේ අරමුණක් නොමැති ව වාහනය පදවමින් උන් අනුරාධ අවසානයේ දී ගාලු මුවදොර පිටිය වෙත ළඟා වුණා. මදක් කලබලකාරී වුවත් එය ඉමාලි පිළිබඳ සොඳුරු මතකයන් ගොන්නක් සිහියට කැඳවාගෙන එන තැනක්.

ඒ හොඳින් හිරු පායා තිබුණ දීප්තිමත් දවසක්. දහවල් කාලය නිසා ගාලු මුවදොර පිටියේ එතරම් පිරිසක් දක්නට ලැබුණේ නැහැ. දැඩි සූර්ය රශ්මිය නිසා අනුරාධගේ ගතින් නැගුන දහඩියෙන් ඔහුගේ කමිසය පෙඟුණත් ඒ ගැන තැකීමක් නොකර කොන්ක්‍රීට් බැම්මක් මත වාඩි වුණ ඔහු කල්පනා කළේ නයෝමි පැවසූ දේවල් ගැන!

විවාහයට පෙර ඉමාලිට ප්‍රේම සම්බන්ධයක් තිබුණ බව අනුරාධ දැනගෙන හිටියේ ඔහු ඇය ව බලන්න ගිය පළමු දවසේ ම ඇය ඒ ගැන පැවසූ නිසා යි. නයෝමි සමග පැවතුන ප්‍රේම සම්බන්ධය බිඳී යාම නිසා හිත් තැවුලෙන් උන් අනුරාධ, ඉමාලි ව බලන්න ගියේ අම්මගේ බල කිරීමට. තවත් බැඳීමකට යටත් වී දුක් විඳින්න ඔහු අකැමැති වූ නිසා ඊට පෙර කිහිප වතාවක් ම ගෙන ආ යෝජනා කිසිම හේතුවක් ඉදිරිපත් නොකර ම ඔහු ප්‍රතික්ෂේප කළා.

නමුත් ඉමාලි වෙනස්. බොහොම හෙමින් ලෑස්ති වෙලා පණ අදින මිනිහෙක් වගේ අමාරුවෙන් මුලින් ම ඇගේ ගෙදරට ගිය දවස සිහිවෙලා අනුරාධගේ මුවට නැගුනේ මද සිනාවක්. මනා ව නඩත්තු කළ ගෙවත්තක් මැද පිහිටි එය සිංහල උළු සෙවිලි කළ පැරණි තාලයේ විශාල ගෙයක්.

මංගල නඩය සාදරයෙන් පිළි ගත්තේ විදුහල්පතිවරයෙක් වෙච්ච ඉමාලිගේ අප්පච්චි! ආගිය තොරතුරු කතාබහ කරාට පස්සේ අම්මාගේ ඇරයුමින් බුලත් හෙප්පුවකුත් අරගෙන අනුරාධ ව මුණ ගැහෙන්න ඉමාලි ආවේ රන්වන් මල් මෝස්තරයක් ගෙත්තම් වූ කොළ පැහැ ඔසරියකින් සැරසිලා. ඇගේ දෙනෙත් බිමට බර වෙලා තිබුණේ ලැජ්ජාවෙන් වගේ.

සෙමින් පිය නගමින් අනුරාධ ළඟට ආ ඇය බුලත් හෙප්පුව ‍ඔහු දෙසට දිගු කළේ ඔහුගේ දෙනෙතට එබෙමින්. ඇගේ දිදුලන දෑසේ රැඳිලා තිබිච්ච බැල්ම එක මොහොතකට ඔහු ව සලිත කළා. ඒ බැල්ම අවංක යි. සෘජු යි. අනුරාධ බුලත් හෙප්පුව තමන්ගේ අතට ගත්තා ම ඉමාලිගේ දෙතොල් මත සිත්තම් වුණේ සොඳුරු මදහසක්.

නයෝමි තරමට ම නොවුණත් ඇය රූමත්. ඉඟටිය දක්වා කඩා හැලුණු තද කළු පැහැ කෙස් කළඹ, මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුක්ත වුණ ඇගේ සිහින් සිරුර මෙන් ම සමෙ හි වූ ඇත් දළ පැහැයත් මනා ව ඉස්මතු කළා. 

තේ පැන් සංග්‍රහයෙන් අනතුරු ව ගෙමිදුලේ පුරා කහ පැහැ මල් පෙති විසිර වූ ඇසළ ගහ යට තිබිච්ච ලී බංකුවේ වාඩි වෙලා ඉමාලි එක්ක කතාබහ කරද්දී අනුරාධගේ හිතට දැනුණේ සතුටක්. ඇය සැහැල්ලුවෙන් සිනාසෙමින් කතාබහට එක් වුණේ ඔහුගේ ඇසුර ප්‍රිය කරමින්.

"මම කැමති යි ඔයා ව බඳින්න," අනුරාධ කිව්වේ සැහැල්ලුවෙන්.

තමන් කියන දේ ගැන ඔහුගේ හිතේ තිබුණේ දැඩි විශ්වාසයක්. මේ මොහොතේ දී ගත යුතු නිවැරදි ව තීරණය එය බව කියමින් අනුරාධගේ හිත කෑ ගැහුවා.

ඔහුට පිළිතුරක් දෙනවා වෙනුවට ඇය විසල් කර ගත් දෙනෙතින් මොහොතක් ඔහු දෙස බලාගෙන සිටියා. ක්‍රමයෙන් ඇගේ මුහුණේ දඟකාර සිනාවක් මතු වුණා.

"මම කැමති වුණේ නැත්තං?"

"එතකොට නං ඉතින් කරන්න දෙයක් නෑ. ඒ වුණාට අකැමැති වෙන එක්ක නෑ කියලා මට හිතෙනවා."

"එහෙම කියන්නේ කොහොම ද?"

"කොහොම හරි. ඔයා හිතලා බලලා උත්තරයක් දෙන්නකෝ."

"ඔයාගේ තීරණේ හරි කියලා ස්ථිර කර ගන්න කලින් මට කියන්න දෙයක් තියෙනවා," ඉමාලි කිව්වේ තීරණාත්මක කටහඬකින්. 

"මට කලින් සම්බන්ධයක් තිබුණා. සෑහෙන්න කාලයක් තිස්සේ. හ්ම්ම්, අවුරුදු පහක් විතර! මම හිතුවේවත් නැති විදියට . . ."

"ඉමාලි," අනුරාධ කිව්වේ ඇයට බාධා කරමින්. "මට ඔයා කියන දේ තේරෙනවා. මටත් කලින් සම්බන්ධයක් තිබුණා. ඒ ගෑනු ළමයා මාව දාල ගියා. හිත හදා ගත්තේ හුඟක් උත්සාහ කරලා. ඒ අතරේ අම්මලා යෝජනා ගෙනවා. මට ‍ඔයා ව තේරුම් ගන්න පුළුවන්. අපි දෙන්නා කවදා හරි කසාඳ බඳිනවා නං අතීතේ වෙච්ච ‍ඒ දේවල් අමතක කරලා අපි අලුතෙන් පටන් ගමු. මට දැන් ඕනේ ඒ දේ. තවත් දුක් විඳින්න ඕනේ නැහැ."

"හොඳයි! ඒත් මට දැන් ම . . ."

"ඔයා දැන් ම උත්තරයක් දෙන්න ඕනේ නෑ. හොඳට කල්පනා කරලා බලලා කියන්න."

සති කිහිපයකට පස්සේ දුන්න ඉමාලිගේ පිළිතුරෙන් පස්සේ ඔවුන් පෙම්වතුන් වුණේ දෙපාර්ශවයේ ම මව්-පිය ආශිර්වාදය මැද! ඉමාලි ඔහුගේ ජීවිතය වෙනස් කළේ අලුත් බලාපොරොත්තු ඇති කරමින්. ඇගේ උපාධි ප්‍රදානෝත්සවයෙන් මාස කිහිපයකට පසු ව ඔවුන් විවාහ වුණා. වසරකට ආසන්න ඔවුන්ගේ යුග දිවිය ගෙවී ගියේ සතුටින්. ඒ වගේ ම සැහැල්ලුවෙන්.

නමුත් දැන් ඔහු හිතේ නිදහසක් නොමැති ව යළිත් වරක් දුක් විඳිනවා. නයෝමිගේ අවසන් වදන් පෙළ ඔහුට වද දුන්නා. ඉමාලිට කලින් ප්‍රේම සම්බන්ධතාවක් තිබුණ බව ඇය අනුමාන කළා පමණ ද? නැත්තං ඉන් එහාට ගිය යමක් ඇය දන්නවා ද?

ඉමාලිගේ පැරණි පෙම්වතා ගැන කිසිදු තොරතුරක් අනුරාධ දැනගෙන හිටියේ නැහැ. කවදාවත් ඔහු ඇගෙන් ඒ පිළිබඳ විමසුවේ නැත්තේ නයෝමි ගැන මතකයන් හරා අවුස්සන එක කොතරම් ද වේදනාකාරී අත්දැකීමක් ද කියලා ඔහු දැනගෙන උන් නිසා යි. ඒ ගැන අද ඔහු‍ට දැනුණේ කනගාටුවක්.

අනෙක් අතට ඒ කිසිවක් දැන් වැදගත් නැති බව ඔහු‍ට හැඟුණා. යළිත් කිසිදු දිනෙක නයෝමි ව හමු නොවීමට ඔහු තීරණය කළ අවසන්. ඉමාලිගේ ප්‍රේම සම්බන්ධතා ගැන ඇය විමසන තුරු ම අනුරාධ එය ප්‍රශ්නයක් ව තිබුණේ නැහැ. ඉතින්, ඉදිරියට එය ප්‍රශ්නයක් කර ගන්නේ කුමකට ද?

යළිත් වරක් කාර්යාලයට යන්න හිතාගෙන අනුරාධ කොන්ක්‍රීට් බැම්ම මතින් නැගී සිටියා. ඔහුගේ සිත සැහැල්ලු යි. නමුත් ඈතින් ඇවිදගෙන එන පෙම්වතුන් යුවළක් දකින විට සිතේ රැඳිච්ච ඒ සැහැල්ලුව ක්ෂණයෙන් නැති වෙලා ගියා. අඳුරු රතු පැහැ ඔසරියකින් සැරසුණු යුවතියක්. ඒ ඇගේ උපන් දිනයට ඔහු රැගෙන දුන් සාරිය!

ඉමාලි! අනුරාධගේ සිත යළිත් වරක් කෝපයේ ගිනි දැල්ලට මැදි වුණා.

෴  මතු සම්බන්ධ යි ෴

34 comments:

  1. අම්මේ මෙන්න මෙයා ආයේ ඇවිත් කොහෙද ගොහින් හිටියේ ??? අහ්හ් කතාව ගැන නම් කියන්න තියෙන්නේ කතාව හැරෙන පැත්ත හරි නැහැ වගේ මට නම් -_-

    ReplyDelete
    Replies
    1. තාම කතාව ඉවර වුණේ නෑ :) ඉවසලා බලාගෙන ඉන්නකෝ.

      Delete
  2. ඔක්කෝටම කලින් කියහං ධාරේ කොහේද අතුරුදන් උනේ කියලා...කොරියන් නංගිත් පේන්න නෑ මේ ටිකේ..

    ReplyDelete
    Replies
    1. අතුරුදහන් වු‍ණේ නෑ දේශකයෝ :) කාර්යබහුල වුණා. පාඩම් වැඩ, පන්ති ඒවා මේවා නිසා අන්තිමේ දී බ්ලොග් ලියන්න-කියවන්න කම්මැලි වුණා. ඔන්න ඕක යි කතාව! කොරියන් නංගි මහත්තයා එක්ක කොරියා ගිහින් ද දන්නේ නෑ;

      Delete
  3. මන් මේකට කැමති නෑ >_<

    ReplyDelete
    Replies
    1. උඹ කැමති නෑ කියලා මම මොනවා කරන්න ද?

      Delete
  4. අපිට දෙයියන්ගේ ලෙඩ හැදෙනවා මෙයා එනකන් බලාගෙන ඉදලා... කොහෙද සුදා ගිහින් හිටියේ...
    කතාව කියවලාම කමෙන්ට් එකක් දෙන්නම්....

    ReplyDelete
    Replies
    1. මේ දවස් ටිකේ ටිකක් කාර්යබහුල වුණා, වස්තුවේ ;) දන්නේ නැද්ද ඉතින් පාඩම් වැඩ, පන්ති ඒවා මේවා වැටෙනවානේ.

      Delete
  5. තව දිග දුරට ගෙනියනවද මම හිතුවෙ බැන්දට පස්සෙ ඉවර කරයි කියලනෙ,ඔයා කොහෙද ගිහිං හිටියෙ පේන්න නැතුව.

    ReplyDelete
    Replies
    1. තව කොටස් දෙක තුනක් ඉතුරු යි! ඊට පස්සේ ඉවර යි :) මේ දවස් ටිකේ වැඩ ගොඩ ගැහිලා තිබුණේ. විභාගයකුත් තිබුණා. ඒ නිසා මේ පැත්තට එන්න බැරි වුණා!

      Delete
  6. අනේ ඉතුරු ටික නම් පරක්කු නොකර දාන්න :)

    ReplyDelete
    Replies
    1. සතියක් ඇතුළත දාන්න තමයි හිතාගෙන ඉන්නේ, නාඳුනන්නෝ :) අපි බලමුකෝ.

      Delete
  7. කතාවේ ඉතුරු ටික පමා මොකද කියලා බල බල හිටියෙ..
    කොහොමහරි ඉඩක් වෙන්කරගෙන ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න හොඳේ...

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි :) පුළුවන් ඉක්මනට ලියන්නංකෝ.

      Delete
  8. මේ ධරෝ කාලෙකට පස්සේ ඇවිත් මොකක්ද මේ කලේ.?
    කොහොම වුනත් අනුරාධ කලබල වෙන්න ඕනේ නැහැ.හොරාට ලව් කරන දෙන්නෙක් ගාලු මුවදොර යයි කියා හිතන්න බැහැනේ..:D

    ReplyDelete
    Replies
    1. එහෙම ද? o.O එහෙම නං හොරාට ලව් කරන දෙන්නෙක් කොහෙද යන්නෙ? මනෝජ් අයියා අත්දැකීමෙන් ද මන්දා කිව්වේ!

      Delete
  9. අම්මේ ඇති යාන්තම් ආයෙත් ඇවිත් .....මම මග බලන් හිටියා ඊලග කොටස ලියනකම්...මම හිතුවා ධාරා නංගා යන්ටම ගිහින් කියලා.....

    ReplyDelete
    Replies
    1. එහෙම යන්නේ නෑ අලේ :) පොඩ්ඩක් කාර්යබහුල වුණා! දැන් ඉතින් දිගට ම ලියන්න තමයි කල්පනාව ...

      Delete
  10. නැවත පැමිණීම ගැන සතුටුයි නඟේ. ඒත් අර කෙල්ල ගැන මට තියෙන්නේ හරිම තරහක්. පවුල් ජීවිත අවුල් කරනවට. බලමුකෝ මොකද වෙන්නේ කියලා. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. බලමුකෝ තව කොටස් දෙක තුනක් වගේ තියෙන්නේ :)

      Delete
  11. හෆ්ෆේ මෙයාට මේ ලියන්න මතක් වෙලා තියෙන්නේ.. වැඩේ කියන්නේ අපිට කතාව දැන් සුට්ටක් පැටලෙන එකයි.. බලමුකෝ පරණ එවුවා මතක් කරන් කියවගෙන යන්න..

    ReplyDelete
    Replies
    1. ඔබතුමා මා ව "අතුරුදන් වූවන්ගේ ලැයිස්තුව"ට දැම්මට පස්සේ තමයි ලියන්න මතක් වුණේ :) එහෙම නං හෙමින් සැරේ කියවාගෙන එන්නකෝ.

      Delete
  12. ධාරාව දැක්ක කල්... කතාව නැතුවට බලාගෙන හිටියේ... ඒ පාර ඉමාලිටත් වෙනත් සම්බන්ධයක් තියනවා කියලා කියන්නද හදන්නේ... නැහැ නැහැ ඒක වෙන්න බෑ අර මනෝජ් කිව්වා වගේ තමන්ගේ මනුස්සයට හොරෙන් වෙනත් මනුස්සයෙක් එක්ක යන ගැහැනියක් කීයටවත් ගෝල්ෆේස් නම් එන්නේ නෑ ඔළුවේ අමාරුවක් නැතිනම්.

    ReplyDelete
    Replies
    1. මේ පාර ටිකක් කල් ගියා, ගන්දරයෝ. සමාවෙන්න ඕනේ එ්කට නං :( කට්ටිය හරි හරියට ඉමාලිගේ පැත්තට කතා කරන්නේ පගාවක්වත් දීලා ද මන්දා!

      Delete
  13. ආ ඔය මතක් වෙලා තියෙන්නෙ බ්ලොග් එකක් තියෙනව කියල :)
    මේ මොකක්ද මේ වෙන්න යන්නෙ... ඉමාලිත් එයාගෙ පෙම්වතාව අවසන් වතාවට මුණගැහෙන්න ගියාද දන්නෙ නෑ අනුරාධ නයෝමිව බලන්න ගියා වගෙ

    ReplyDelete
    Replies
    1. "මට මගේ නොවන මගේ ම බ්ලොග් එකක් තිබුණා" කියලා මතක් වු‍ණානේ, චාම්ස් අක්කේ :) අනුරාධට අවසාන වතාවට මුණ ගැහෙන්න යන්න පුළුවන් නං ඉමාලිටත් යන්න පුළුවන්නේ. ඕවා කියන්න බෑ. බලමුකෝ ඉස්සරහට වෙන දේ.

      Delete
  14. දැන් ඉතිං අනික් කොටස දාන්න තව කල්පයක් ගනීද දන්නේ නෑ මෙයා . දිගටම ලියපන් හරිද ? කොහොම වුනත් මේ කතාව ගැන අනාවැකි නිකිය්න තරමට හොඳයි වගේ , නියමයි ධාරා

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා අලේ :) මේ පාර සතියක් යන්න කලින් ඊළඟ කොටස දානවෝ.

      Delete
  15. ධාරා වැරදි පැත්තකට කතාව අද්දලා අපිට දෙයියන්ගෙ ලෙඩ හද්දයි වගේ.

    ඒත් ඉමාලි එහෙම කෙල්ලෙක් වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කට්ටිය ඉමාලිට මෙච්චර මනාප මොකද මන්දා!

      Delete
  16. ධාරා කොහෙද අප්පේ ගිහින් හිටියෙ.අපි හිතුවෙ බ්ලොග් එක අමතක වෙලාද කියල.මේ පාරනම් වැඩිකල් යන්නේ නැතුව අනිත් කොටසත් දැම්මොත් හොදයි..අනුරාධට මොනව වෙයිද කියල බලමු..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අනේ. මම ම දන්නේ නෑ මම අතුරුදන් වුණා කියලා. දිනේෂ් අයියාගේ "අතුරුදන් වූවන්ගේ ලැයිස්තුව"ට වැටුණාට පස්සේ තමයි මතක් වුණේ ඉකි ගසා හඬන අතීතයක මට මගේ නොවන මගේ ම බ්ලොග් කටුවක් තිබුණා කියලා. ඊළඟ කොටස පුළුවන් තරම් ඉක්මනින් දානවෝ. දැනට ලියමින් පවතිනවා.

      Delete
  17. කාලෙකින් මේ පැත්තට ඔලුව දැම්මෙ...කොටස් බර ගානක් කියවලා නෑ...ඒවාත් කියවලා අදහසක් දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. සිරා අයියවත් කාලෙකින් දැක්කේ. හෙමින් සැරේ කියවගෙන එන්නකෝ එහෙම නං :)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...