September 9, 2013

ඇයට හිමි මගේ නුඹ : කරූගෙන් ආදරණීය පිළිතුරක්


මීට දෙසතියකට පමණ කලින් ඇයට හිමි මගේ නුඹ නමින් මගේ පන්හිඳෙන් ලියවුණ කවි පෙළ කාටත් මතක ඇති කියලා හිතනවා. තමන් රහසින් පෙම් කරපු වැලි කෙළියේ පටන් හොඳ ම මිතුරා සරසවියට ගියාට පස්සේ අහිංසක ගැමි යුවතියකගේ සිතේ ඇති වුණ සිතුවිලි තමයි විරහව ගැන කියවෙන කවි පෙළක් විදියට මම අකුරු කළේ . . .

කවි පෙළ පළ කරලා දෙතුන් දවසක් ගත වෙන්න කලින් තමන්ගේ හොඳ ම මිතුරාගෙන් ලිපියක් ලැබෙන තුරු දෙවැට අයිනේ බලාගෙන ඉන්න මේ අහිංසක කෙල්ලගේ හිතට පෙම් මල් වැස්සක් අරගෙන එන්න මගේ ළඟ ම මිතුරෙක් පොරොන්දු වුණා. ඒ අපි හැමෝම හොඳින් ම දන්න අල්තයීර් අඩවියේ අල්තයීර් හෙවත් කරූ . . .

මීට පැය කිහිපයකට කලින් ඔහු ඒ පොරොන්දුව ඉෂ්ට කළේ ආදරණිය පිළිතුරු කවි පෙළක් ඔහුගේ බ්ලොග් අඩවියේ පළ කරමින්. හසුනක් නොමැතිව ගෙවී ගිය දින සති මාසවලට හදිසියේ මල් වැස්සක් වැටෙන්නේ මෙහෙම යි . . .
      
දෙනෙතින් එහා ඉම සෙව් නුබ තලයඅරා
සුපසන් හදින් නැගෙනා මතකයන් දරා
කෙලෙසින් රැඳෙන්න ද මේ බිම් තෙරේ සරා
සැරසෙන් සිතෙන් දිව එන්නට නුඹ මකරා
  
තුඩ තුඩ ගැයෙන ගී අම රස දැනේ වී
නිල් නුබ දිලෙන සොමි පව්වෙන් එබේ වී
හද හද දිලෙන පැතුමන් හෙට යා වේවී
හසුනක් ලැබෙන තුරු ඔබ මග බලාවී
  
බොහෝ කාලෙකට පස්සේ ඇයට ලැබුණ හසුනේ ඔහු ලියලා තිබුණේ මොනව ද?

ඔහුගෙන් ලැබුණ හසුන කියවන්න මේ පාර දිගේ යන්න . . .

බොහෝමයක් කටයුතු මැද්දේ මගේ කවි පෙළ වෙනුවෙන්
පිළිතුරු පද වැල් අමුණපු කරූ සොයුරාට
෴ මගේ තුති කුසුම්෴

25 comments:

  1. අලුත් අදහසක් හොදයි.!!

    ReplyDelete
    Replies
    1. ඔයාට ඉතින් මම කලින් ම කිව්වනේ. යන්නේ නැද්ද කරූගේ බ්ලොග් එක දිහාට? මගේ එකේ විතරක් සැරිසරන්නේ.

      Delete
    2. ගිහින් තමා ආවේ සමහර විට දකින්නත් ඇති.. :P

      Delete
    3. නැතු ව! මට හොරෙන් සැරිසරනවා බොරු :D

      Delete
  2. දැන්ම එනෝ .. හසුන බලන්නට ...

    ReplyDelete
    Replies
    1. ගිහින් තිබුණ බව දැක්කා. හැබැයි වැරදියට හිතන්න නං එපෝ :(

      Delete
    2. නිකමට විහිලුවට කවි දෙකක් දැම්මේ .. එකට මම සමාව ඉල්ලුවා .. අවශ්‍ය නම් එක අයින් කරන්න අක්කේ .. ගැටළුවක් නැ ..

      Delete
    3. අමනාපයක් නෑ, සුළඟ. ඒක පොඩි වැරදීමක් විතර යි!

      Delete
  3. හිතට එන දේ කියවෙන්නෙ නෑ වචන වලින්...

    ReplyDelete
    Replies
    1. මේ කියපු වචන ටිකෙන් හුඟක් දේවල් තේරුනා, ඩ්‍රැකියෝ. ඒක නෙමෙයි, උඹේ බ්ලොග් එක පැත්තේ එන්නේ නැති එක ගැන තරහ වෙන්න එපා. මේ දවස්වල ඒකේ යන කතාව මට දිරවන්නේ නෑ බං.

      Delete
    2. කතාව කියවලාම, ඒක මොන කැටගරියට අයිති කතාවක්ද කියලා තීරණය කරනවනං තමා මට හිතෙන්නෙ හරි කියලා. අවුලක් නෑ ධාරා... තව කොටස් කීපයයි.

      Delete
    3. එහෙම නං කමක් නෑ. ළඟ දී ආයෙත් එන්නංකෝ ඩ්‍රැකියාගේ හොල්මන් ගෙදරට ගොඩ වෙන්න.

      Delete
  4. ස්තුතියි ධාරෝ අගය කළාට, මේ ඔක්කොම බ්ලොග් අඩවිවල යන කවි වලට වඩා මේකට පිළිතුරක් ලියන්න හිතුනේ ඒක තදින් මගේ හිතට වැදුන නිසා, උපරිම ධ්වනියක් මට දැනෙන "හන්තානට පායන හඳ" මේ කවි පෙළ කියවද්දී මතක් වුන නිසාත් වෙන්න ඇති ඒ.. ස්තුතියි නැවතත්.. ජය!

    ReplyDelete
    Replies
    1. උඹටත් ස්තූතියි බං මහන්සි වෙලා වැඩ අස්සේ මගේ කවිවලට උත්තර බඳිනවට.

      Delete
  5. Replies
    1. දැක්කා! දැක්කා!

      Delete
  6. බිසී කියල එන්නෙත් නෑ ඒ පැත්තේ
    එහෙම වුනත් කවි ලියවිල මේ පැත්තේ
    අපි නම් ඇවිත් කියවනවා හිතුමත්තේ
    ප්ලේන්ටියක්වත් හරි නම් දිය යුත්තේ

    මේක අලුත් අත්දැකීමක් වේවි බ්ලොග් කලාවට , දිගටම ගෙනයමු, ජයවේවා

    ReplyDelete
    Replies
    1. බීසී කියලා එන්නැතුවට ඒ පැත්තේ
      කවි නොලියා කොහොම ද බං මේ පැත්තේ
      කියවන නිසා උඹලා කවි හිතුමත්තේ
      ප්ලේන්ටි විතර ද බං මම දිය යුත්තේ

      මේවා දිගට ම ගෙනියන්න හැමෝම එකතු වෙනවා නං නේද හොඳ?

      Delete
  7. ඕවට පිළිතුරු එනවා වැඩියා තමා ධාරා... බලමු ගිහිල්ලම..

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක් ද, දේශයයෝ? ගිහින් බලන්නකෝ එහෙම නං :)

      Delete
    2. ඈ ධාරෝ.. ස්පෙලින් මිස්ටේක් එකක්.. “දේශයයෝ“ නෙමෙයි “දේශයකෝ“ වෙන්න ඕන නේද...

      Delete
    3. දේශකයටත් එහෙම නං ටැපලුවා ඈ :P

      Delete
  8. බලල ආවා විතර යි. දැන් ඉතින් පිළිතුරක් ලියමු.

    ReplyDelete
    Replies
    1. හෙමින් සැරේ ලියමුකෝ එහෙම නං :)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...