August 11, 2013

කාලෙකට පස්සේ . . .


කාලෙකට පස්සේ අද තමයි ආයෙමත් වතාවක් බ්ලොග් එකට ගොඩ වෙන්න ඉඩක් ලැබුණේ. පහු ගිය දවස් ටිකේ ම විභාග, පාඩම් වැඩ තිබුණ නිසා හැම දෙයක් ම අත් හිටුවන්න වුණානේ. දැන් නං ඉතින් ඒවා හුඟක් දුර‍ට ඉවර යි (ඔක්කොම නෙමෙයි බරපතල දේවල් ටික). හිතුවටත් වඩා හොඳින් ඒ වැඩ කර ගන්න ලැබුණා. ඒ නිසා දැන් ආයෙමත් නිදහසේ බ්ලොග් එක ලියන්න පුළුවන්.

ලියන්න නං හුඟක් දේවල් තියෙනවා. ඒත් ඉතින් ඒවා එකලස් කර ගන්න ටිකක් කල් යනවනේ. ඒ නිසා අලුත් වැඩකට අත ගැහුවා. කාලෙකට කලින් මම කියවපු ඉංග්‍රීසි පොතක් විවේක තිබුණ වෙලාවට සිංහලට නැගුවා. කොච්චර දුරට සාර්ථක ද කියලා දැන ගන්න වෙන්නේ ඔයාලගේ අදහස් අනුව තමයි. අද ඉඳලා ඒක බ්ලොග් එකේ පළ කරන්න යි මගේ අදහස!

මේක රිච්මල් ක්‍රොම්ප්ටන් ලැම්බර්න් කියන ඉංග්‍රීසි ජාතික ලේඛිකාවගේ විලියම් පොත් මාලාවේ සිංහල පරිවර්තනයක්. විලියම් බ්‍රවුන් කියන දඟකාර කොල්ලෙක් ගැන ලියපු කෙටි කතා රැසක එකතුවක්. එක දිගට ඔක්කොම කතා පළ කරන්න නං මගේ අදහසක් නැහැ. කඩින් කඩි සිංහලට නගන පිළිවෙළට කතා ටික දාන්න යි දැනට හිතාගෙන ඉන්නේ.

මේ විලියම් කතා මාලාව ගැන කියනවා නං මේක ප්‍රධාන චරිතය අවුරුදු එකොළහක් වයසැති විලියම් බ්‍රවුන්. එයාගේ දඟකාරකම් ගැන ලියවුණ මේ පොත් මාලාවේ පොත් හතළිහක් පමණ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දැනට ඉංග්‍රීසි සාහිත්‍යයේ පිරිමි ළමයෙක් ගැන ලියපු දිගට ම කතා මාලාව විදියට සැලකෙන්නෙත් මේ පොත් පෙළ තමයි! තෝමස් හෙන්රිගේ සිතුවම්වලින් හැඩ වුණ මේ කතා මාලාවේ මුල් ම පොත, Just William ප්‍රකාශයට පත් කළේ 1922 අවුරුද්දේ. ඊට අවුරුදු හතළිස් දෙකකට පස්සේ 1970 අවුරුද්දේ මේ කතා මාලාවේ අවසන් පොත, William the Lawless නමින් ප්‍රකාශයට පත් කළේ ලේඛිකාවගේ මරණයෙන් වසරක් ඉක්ම ගියාටත් පසු ව!

මේ කතා මාලාවේ ලේඛිකාව, ඉංග්‍රීසි ජාතික රිච්මල් ක්‍රොම්ප්ටන් ලැම්බර්න් 1890 නොවැම්බර් 15 වැනි දා උපන්නේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ බරී කියන නගරයේ. ශාන්ත එල්ෆින්ස් නේවාසික පාසලෙන් අධ්‍යාපනය ලැබුව ඇය උපාධිය සම්පූර්ණ කළේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්. ඉන් පස්සේ ටික කාලයක් ඇය ගුරුවරියක් විදියට සේවය කළා. නමුත් 1923 දී පෝලියෝ රෝගයට ගොදුරු වීම නිසා එක තැන් වුණ ඇය ගුරු වෘත්තියෙන් ඉවත් වෙලා 1969 ජනවාරි 11 වැනි දා මිය යන තුරු ම පූර්ණ කාලීන ව ලේඛිකාවක් විදියට කටයුතු කළා.

මගේ සිත් ගත් පොතකුත් එක්ක ආයෙමත් බ්ලොග් ලියන්න පුළුවන් වුණ එක ගැන සතුටු යි! එහෙම නං ඉක්මනින් ම විලියම් කතා මාලාවත් එක්ක ආයෙත් හමුවෙමු. මේ කතා මාලාව ඉංග්‍රීසියෙන් කියවන්න කැමති අය ඉන්නවා නං මේ පාර දිගේ යන්න . . .

40 comments:

  1. ආයෙමත් දකින්න ලැබීම සතුටක් ඔයාව,බලාපොරොත්තු වෙනවා ඉක්මනින් ම ඔයාගෙන් අලුත් ලිපි පෙළක්.....එතකම් සුබ අනාගත වැඩ වලට ඔයාගේ :D

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි! පහු ගිය දවස් ටිකේ ම බලධාරියාගේ නීති යටතේ වැඩ කරපු නිසා බ්ලොග් එකට ඇහැ දාන්න බැරි වුණානේ. දැන් නං හරි :)

      Delete
    2. අහ්හ් එහෙමත් එකක් ද හොදා හොදා xD

      Delete
    3. නැතු ව! නැතු ව!

      Delete
  2. කියවන්න ඔනේ. නමත් එක්ක අමුතු කැමැත්තක් ඇති වුනා කියවන්න. ;)

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා! එහෙමත් එකක් ද? එහෙම නං හෙට දිහාට ඇවිත් යන්න එන්නකෝ. මුලින් ම කොටස හෙට එළි දක්වනවා.

      Delete
  3. ලියන්න ධාරා...බලන් ඉන්නවා කියවන්න...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා, සාජානි අක්කේ. හෙට ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  4. ජය වේවා... ලියන්න අපි කියනෝ.. මේ පැත්තටත් එන්න කෝ.. :)

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. මං ආවේ නැද්ද, බොලව්? මට මතක නිකං එනවා වගේනේ. හීනයක් ද මන්දා! එන්නං කොලුවෝ එන්නං :)

      Delete
    2. මටත් හීනයක් වගේ මුකුත් මතක නෑ අෆ්ෆා..

      Delete
  5. එලස්.. පරිවර්ථන දානව නම් හෙන්රිය තමා පොර..

    ලෙසටම දාන්ටෝ.. අපි කියවනෝ...

    ReplyDelete
    Replies
    1. මම ඩෙනිමට යන්නේ මේ ළඟක ඉඳලනේ. තාම පරිවර්තනයක් නං අහු වුණේ නැහැ. ලෙසට ම දාන්නංකෝ. කියවලා බලලා කියහල්ලා වැඩේ කොහොම ද කියලා! අවුල් වගේ නං ආයෙත් දාන්නේ නැතෝ.

      Delete
  6. පලි - හෙන්රිය වගේම වෙන්න කියල නෙවෙ කිව්වෙ.. මම ඒ විදිහට කැමතියි..

    ;)

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න තව අවුරුදු 40 ක් විතර යයි, බොලව්!

      Delete
  7. නිසි බලධරයා පාස්වර්ඩ් එක ගත්තම ඔහොම වෙනවා. එමුකෝ එහෙනං කල එළි බහින්න හෙමීට..

    ReplyDelete
    Replies
    1. නැතු ව! නැතු ව! මම මේ බලාගෙන බලධාරියාට විභාගයක් එනකං පාලනේ මගේ අතට ගන්න.

      Delete
  8. මම නම් විලියම් පොත් දෙකක් ද කොහෙද කියවලා තියනවා වගේ මතකයි. මමයි අපේ නංගියි තාමත් පොඩි උන් වගේ අතට හමුවන හැම පරිවර්තනයම කියවනවා. ගොඩක් ආසා ඈන්, ලෝරා, ලිට්ල් විමෙන් වගේ ඒවාට. විලියම් එකත් ඒ විදියටම ළමා විය ගැන සුන්දර මතකයන් තියන පොතක් වගේ මතක. මම නම් හෙට උදේ ඉදන් ඔන්න ඇවිත් ඉදියි

    ReplyDelete
    Replies
    1. එහෙම නං උදේ හත වෙනකොට එමුකෝ බලන්න මේ දිහාට.

      Delete
  9. කාලෙකින් ඇවිත් තියෙන්නේ ගොඩක් වටින දෙයක් අරගෙන....

    ReplyDelete
    Replies
    1. වටිනව ද නැද්ද කියලා ඉතින් කියවලා ම තමයි බලන්න වෙන්නේ.

      Delete
  10. එහෙනම් ඒ පරිවර්තනයත් දකින්න එන්නම්.. නැවත ලියන එක සතුටක් ධාරා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, රෙහානි අක්කේ. හෙටත් එන්නකෝ වැඩේ කොහොම ද බලන්න.

      Delete
    2. අපොයි හෙටත් ඉන්නවද?? හැක්

      Delete
  11. විභාග කටයුතු ඉතාමත් හොඳින් කළා කියල හිතනවා. සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, හසල අයියට. ප්‍රතිඵල එනකොට බලන්න බැරියෑ. බ්ලොග් එකේ ලියන්නේ නැත්තේ මොකෝ මේ දවස්වල? උපන්දිනේට අපිට කේක් කෑල්ලක්වත් ලැබුණේ නෑ. ඒවට නං සමාවක් නෑ ඔන්න.

      Delete
  12. niyamai..mekath ara Tom Sawyer wage ekakda?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ වගේ තමයි! හෙට උදේට ඇවිල්ල ම බලන්නකෝ.

      Delete
  13. ඇලුත් වැඩේට සුබ පතමින් සොඳුරු මංපෙත ට පියවර මැන්නා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළි ගන්නවා එහෙම නං :) ආවට බොහෝම ස්තූතියි!

      Delete
  14. ආපහු ආවට ගොඩක් සතුටුයි ධාරා, හොඳ වැඩක් සුබපැතුම් දිගටම ලියමු, ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ආපහු එන්න ලැබුණ එක ගැන මටත් සතුටු යි! ලියමු එහෙම නං.

      Delete
  15. කාලෙකින් ධාරා ව දැක්කෙ. දිගටම ලියමු. අපිත් කියවඤ්ඤං.
    පරිවර්තන කාරිය තමා මාත් ආසම. ඒත් හැකියාව තමා ඉතිං ප්‍රශ්නෙ.

    ජස්ට් විලියම් කිව්වම මතක් උනේ, හැරී පොටර් පළවෙනි පොතේ හැරී කියන එක අර තඩි රැවුලට, “අයිම් නොට් අ විසර්ඩ්, අයිම් ජස්ට් හැරී“ කියලා.

    ReplyDelete
    Replies
    1. මං විතරක් ද ඩ්‍රැකිය ව දැක්කෙත් කාලෙකින්. මම බලාගෙන හිටියේ මේ දිහාට එනකං.

      Delete
  16. මම මේ පැත්තට ආපු පළවෙනි පාර මේ... මාත් ගොඩක් කාලෙකට පස්සේ බ්ලොග් ලෝකේ පැත්තේ ආවේ... කතාව දාලා තියෙනවා දැක්කා... ඒක කියවලා එන්නංකෝ...

    ReplyDelete
    Replies
    1. කියවලා කමෙන්ටුවකුත් දාල තිබුණ බව දැක්කා.

      Delete
  17. ඒකනෙ... මං හිතුව හරි... ධාරා මේ පාරනෙ විභාගෙ කරල තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මෙන්න යසිත් අයියා ‍අලුත් සොයා ගැනීමක් කරලෝ :D

      Delete
  18. ඔන්න මාත් අද කොටස් ඔක්කොම කියවනවා....

    ReplyDelete
    Replies
    1. එහෙම නං කියවල ම ගුණදොස් කියන්නකෝ.

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...