April 6, 2013

ගැහැනිය


ලෝකය දැන් ඉතා දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන බව කියතත් ඒ බව  පිළි ගන්නේ කෙසේ ද?

උගත්-නූගත් භේදයකින් තොර ව පිරිමි තවමත් බොහෝ විට කතා කරන්නට රුචි කරන්නේ ස්ත්‍රීන්ගේ දෙතන හා දෙකලවා ගැන ය. කතා කරමින් ඔවුහු ඒ පිළිබඳ ව සිනාසෙති.

නිරුවත් වූ ස්ත්‍රියක විසින් අපමණ වේදනා විඳ තමන් මෙලොවට බිහි කළ බව ඔවුනට අමතක ය.

තමන් බිහි කිරීම පිණිස ස්ත්‍රියකගේ දෙකලවා උණුසුම් රුධිරයෙන් තෙමුණ බව ද තමන් ජීවත් කරවීම සඳහා ඇගේ දෙතනට කිරි එරුණ බව ද සිහිපත් කරන දිනයක ලෝකය දියුණු යැයි පවසන්න.


- කලාකරු ආර්. එම්. සමන් -
(උපුටා ගැනීමකි)

12 comments:

  1. අක්කේ කොතැනින්ද උපුටා ගත්තේ ගැහැණිය ගැන ලියැවුණු සුන්දරම ප්‍රකාශය??

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ආරාධනාව පිළි අරගෙන ඇවිත් ගියාට. මේක මම උපුටා ගත්තේ අපේ නංගි විසි කරන්න දාපු කොළ ගොඩක තිබිලා!

      Delete
  2. ඒක වර්තමානයේ විතරක් කතාවට ලක්වුන කාරණයක් නෙවෙයි... ඈත අතීතයේ ඉදන්ම ස්ත්‍රියක් වර්ණනා කරන්න පවා යොදා ගත්තෙ ස්ත්‍රී අඟපසඟ....

    මේක ගැන මගේ තර්ක ඉදිරිපත් කරල වැඩක් නෑ. ඒ කලාකරුවගෙ පෞද්ගලික ප්‍රකාශයක් පමණක් නිසා....


    [Theme එක ලස්සන උනාට කොමෙන්ට් අපැහැදිලියි.. වෙන තීම් එකක් හරි කොමෙන්ට් ටෙක්ස් කලර් එක හරි වෙනස් කරා නම් හරි...]

    ** අනික වැදගත්ම දේ comment word verification අයින් කරන්න..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඉස්සර ඉතින් කොච්චර ලස්සණට වර්ණනා කළා ද ගැහැනිය ගැන. ඒත් දැන් කාලේ වෙනස් වෙලානේ, අයියේ. මිනිස්සු හිතන පතන විදිය වෙනස්. Theme එක ගැන නං තාමත් පර්යේෂණ මට්ටමේ තියෙන්නේ, මගේ තාක්ෂණික දැනුම මදිනේ මේක හරියට හදා ගන්න. :) පොඩි විසඳුමක් දුන්නා, හොඳ ද දන්නේ නැහැ.

      Delete
  3. කෙටි වුවත් වටින අදහසක්. නියම පිරිමියා කිසි විටක ගැහැණිය නින්දාවට අගෞරවයට පත් කරන්නේ නැහැ.
    නමුත් සමහර ගැහැණු ඔය කියන අංගෝපාංග අනවශ්‍ය පරිදි විදහා දක්වන්නත් එවා පිරිමින්ගේ අවධානයට ලක් වීමෙන් තෘප්තියාක් ලබන අයත් ඉන්නවා නේද.

    ඉදිරියට හරවත් රසවත් ලිපි බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, කැමති අයත් ඇති. ඒවා ඉතින් අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ගැහැනිය දැන ගන්න ඕනේ පිරිමියෙක්ගේ ගෞරවය දිනා ගන්න. බොහෝම ස්තූතියි, ඇවිත් ගියාට. හිතුවේ නැහැ මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා. ඉදිරි ගමන නං ටිකක් හෙමින් තමයි, විභාගයක් අත ළඟ තියාගෙන මේ බ්ලොග් ආශාව ඉෂ්ට කර ගන්නේ, :)

      Delete
  4. ලෝකය දැන් ඉතා දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන බව නම් මා කිසිසේත් ම පිළිගන්නේ නැහැ. විදේශික ආක්‍රමණ වලින් පසුව අපේ රට දරුණු සංස්කෘතික පරිහානියක ට පත් වුණා.
    කාන්තා අඟ පසඟ ගැන පුරාණ සාහිත්‍ය ග්‍රන්ථ වලත් වර්ණනා කරල තියෙනව නේ. නමුත් ඒ කලාත්මක රසයකින්.
    "නග්න වූ ස්ත්‍රී දේහයක් දැක රාගය උපදවා ගන්නා තැනැත්තාට කලාවේ සුන්දරත්වය විඳිය නොහැක" කියල කතාවකුත් තියෙනව නේ. අද කාන්තාව වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙලා තියෙන්නෙ සංස්කෘතික පරිහානියේ ප්‍රතිඵලයක් ලෙසට යි මා දකින්නේ.

    මේ සියලු වර්ණනා ඉතින් සම්මුතියට අනුව යි. පරමාර්ථ වශයෙන් ගත්තොත් මේ පංචස්කන්ධය කියන්නෙ පිළිකුල් කළ යුතු දෙයක් ( ගැහැණු පිරිමි භේදයක් නැතුව )

    ReplyDelete
    Replies
    1. ලෝකය දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන්න නං එතන ආධ්‍යාත්මික දියුණුවක් තියෙන්න ඕනේ. එහෙම නැති තැනක වේගයෙන් සිදු වන තාක්ෂණික දියුණුව විනාශයට මුල!

      Delete
  5. අනේ මන්දා අපිනං හිනා වෙන්නේ නෑ ලු :/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, අපි එහෙම හිතමුකෝ.

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...