April 22, 2013

හිමි අහිමි

                        
සඳ කිඳුරන් විලස පෙර අප සිටිඅයුරු
ඔබ හා තුටින් ගත කළ මා දිවිමියුරු
අමතක කරනු කෙලෙස ද ඒ කලසොඳුරු
විය අප අතර බැම්මක් සමුදුරගැඹුරු
  
සැක නම් සැඩ හී පහර අප අතරටපැමිණ
හද තුළ ඇවිලුවා නොවැළකි දුක්ගින්න
රෑ නිදි නැතු ව සොයනෙමි දිය සිත නිවන
කෙලෙස ද මා සිටිනු මේ නිරයේදැවෙන
  
කිම මේ සිදු වුණේ අදහනු බැරි මෙ මට
නැති විය සැනසීම හද තුළ රැඳි දිගට
දවසින් දවස බි‍ඳිලා විසිරෙන පෙමට
කුමක් කරම් දෝ හිමි සඳ කියනු මට
  
පෙර කල සිටි ලෙසට ආලෙන් බැඳී සොඳ
වෙසෙන්නට පිනක් අහිමි ද අපට අද
කළ අකුසලෙක් මේ ලෙස මට පළ දේ
සක් දෙවිඳුනේ ඔහු මා හට හිමිනැති ද
  
ආලය කරමි තවමත් පෙර දා විලසේ
පෙර ‍ඔබෙ වරද සිහි නොකරමි මතුදවසේ
පති දම් රකිමි ඔබ වෙනුවෙන් දිවිගමනේ
ඔබ හැර යන්නෙ කෙලෙස ද මා හිමි සඳිනේ
  
යසෝදරාවන් සේ ළඟහිඳින්නට
පතිනිය ‍වෙන්න සංසාරය පුරාවට
ඔබ බුදු වන දිනක අමයුරුලබන්නට
දෙවියන් යදිමි මා දිවි ඇති තුරාවට

102 comments:

  1. හැමෝටම නරක කාලයක් තියෙනවා.ශක්තිමත් වෙන්න හැමදෙයක් ම මුල දවසේ වගේ හරි යාවි...පද මාලාව ලස්සනයි.සුබ පතනවා,වෙනස් ආකාරයේ දෙයක් නැවතත් දකින්න ලැබේවි කියලා හිතනවා. සුබ පතනවා ඔයාගේ අනාගත වැඩ වලට.....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, නාඳුනන්නෝ. හැම දේ ම ඉක්මනින් හරි යාවි කියලා මමත් බලාගෙන ඉන්නවා.

      Delete
    2. පහලට යන්න කම්මැලී අප්පා .......... කවි නං ලස්සනයි , එත් ලෝකේ තියෙන ඇත්ත කථාත් මෙහෙම නං කොච්චර ලස්සන වෙයිද නේද !!!!!!!!

      Delete
    3. කලාතුරකින් ඇත්ත කතා තියෙනවා. ඇයි සිදුහත්-යසෝදරා?

      Delete
  2. මාතෘකාවත් එක්ක පද මාලාව හුඟාක් හිතට වැදුනා..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මගේ නිර්මාණය සාර්ථක යි. බොහෝම ස්තූතියි, දිනේෂ් අයියේ. ඔයාගේ කලින් දවසේ කතාවත් ඒ වගේ. :)

      Delete
  3. අනේ ඉතිං ඇත්ත ලෝකෙත් ඔහොම ප්‍රාර්ථනා තියෙන කෙල්ලො ඉන්නව නම්...........................................

    ReplyDelete
    Replies
    1. ඉන්නවා තමයි. ඇයි මේ කවි පෙළ ලියපු මම?

      Delete
    2. ඔන්න ඔතනයි වැරදුනේ.. කෙල්ලො හැමෝම හිතන්නෙ තමන් සින්ඩ්‍රරෙල්ලා වගේ අහිංසකයි කියලා.. ඒත් එයාලම දන්නෑ තමන් ඇතුලෙ බොහොම නපුරු මායාකාරියෙක් ඉන්නව කියලා :P

      Delete
    3. :D මෙයා ගැන නම් දන්නේ නැහැ. නමුත් පොදුවේ කලකිරී අවසානයි :/

      Delete
    4. @ යසිත් අයියා
      අනේ ඉතින් මෙයා දන්න තරම තමයි! සින්ඩරෙල්ලා කියවලා නැද්ද මන්දා! හනී බනීට කියන්න ලබන උපන් දිනේට අරගෙන දෙන්න කියලා.

      @ කසුන්
      මම ගැන දැන ගන්න ඕනේ නං ඉතින් බලධාරියාගෙන් අසා දැන ගන්න එක යි ඇත්තේ. මො‍කද මම එපා කිව්ව ද? එක් කෙනෙක් කරන වැරැද්දක් නිසා හැමෝව ම ඒ මිම්මෙන් මනින්න එපා, කසුන්.

      Delete
    5. බලධාරියාගෙන් අහල වැඩක් නෑ.. ධාරා තමන්ගෙ නිශේධන බලය පාවිච්චි කරල ඒ අහිංසකය දමනය කරගෙන ඇත්තේ.. හි හි

      Delete
    6. ආ! ඇත්ත ද? හරි අහිංසකයා! මමනේ දන්නේ එයාගේ තරම :) ඒක නෙමෙයි, හනී බනී ඔයා ව දමනය කර ගත්තෙත් ඔය විදියට ද?

      Delete
    7. හහ්... එයා කොහෙද මාව දමනය කරන්නෙ.. එයා මාව වශී කරගෙන ඉන්නේ ♥

      Delete
    8. හිකිස් :) කවුද දන්නේ ඕකේ ඇත්ත නැත්ත. හනී බනීගෙන් ම තමයි අහ ගන්න වෙන්නේ, දමනය කර ගත්ත ද වශී කර ගත්ත ද කියලා!

      Delete
    9. ඔව් අක්කේ. "හැමෝව ම ඒ මිම්මෙන් මනින" එක මගේ වැරද්දක් තමා. එක්කෙනෙක් හින්දා හිතේ ඇති වෙච්චි ඒ පැල්ලම නැති කරන්න පුළුවනුත් ඒ වගේම කෙනෙක්ට.

      කාලට ඉඩ දීල ලැබෙන දේට සුදානම් වෙන්න තීරණය කළා. :)

      Delete
    10. ඒක නං සුභ ආරංචියක්, මල්ලියෝ. අපි බලමුකෝ, කාලයත් එක්ක අපි‍ට සුභ ආරංචියක් අහන්න ලැබෙයි කියලා හිතනවා.

      Delete
  4. තමන් වත් තමා හට හිමි නැති කලට
    වෙනින් කෙනෙක් හිමිවනු සිතනු ම කුමට?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ වුණත් ආදරේ දී අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ හැමදාම එකට ඉන්න. ඒක ආත්මාර්ථකාමී සිතුවිල්ලක් වුණත් ඒ හැඟීමට අපි හැමෝම ආදරෙයි, එහෙම නේද?

      Delete
    2. ඇත්ත. නමුත් ඒක තාවකාලික ව තමුන් ව මුලා කර ගැනීමක් කියල යි මා හිතන්නේ . කොහොම උනත් අපූරුවට අදහස් ගලපා ඇති අපූරු කවි පන්තියක් :)

      Delete
    3. වෙන්න පුළුවන්. එක එක අය මේ හැඟීම දකින විදිය වෙනස්නේ. මම හිතන්නේ නැහැ එක විදියට ආදරේ විදිය දෙන්නෙක් මේ ලෝකේ ඇති කියලා. කොහොම වුණත්, බොහෝම ස්තූතියි, හසල අයියේ.

      Delete
  5. අපූරුයි...!! අපූරු කවිකමක්!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, නංගියෝ.

      Delete
  6. හිතට වදිනවා ගොඩක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, අපිට විඳින්න වෙන දේවල් හැම වෙලාවෙම හිතේ රැඳිලා තියෙනවනේ.

      Delete
  7. හරබර කවි පෙළක්! හරි අගෙයි...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, ළහිරු අයියේ. ආයෙත් පෝස්ට් එකක් දාන්නේ කවද ද?

      Delete
  8. නියම අදහසක්. කතාවක් ලියන්න හිතුනා මේකට. :) බලමුකෝ ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. එහෙම නං අපිට ළඟ දී ලස්සණ කෙටි කතාවක් කියවන්න පුළුවන් වෙයි නේද?

      Delete
  9. හිමි අහිමි කියල වේදිකා නාට්‍යක් තිබ්බද කොහෙද..

    ReplyDelete
    Replies
    1. ඒක නං මම දන්නේ නැතෝ :D

      Delete
  10. අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්, :'(

      Delete
  11. //යසෝදරාවන් සේ ළඟ හිඳින්නට
    පතිනිය ‍වෙන්න සංසාරය පුරාවට
    ඔබ බුදු වන දිනක අමයුරු ලබන්නට
    දෙවියන් යදිමි මා දිවි ඇති තුරාවට//

    මෙහෙම අය ඉන්නවද අක්කේ. අපිට හොයා ගන්න බැරුවද, නැත්නම් අදුනගන්න බැරුවද....

    ReplyDelete
    Replies
    1. ඉස්සර හිටියා. දැනුත් ඉන්නවා. ඉදිරියටත් ඉඳීවි. හැබැයි කලාතුරකින්. එහෙම කෙනෙක් ව හොයා ගන්න නං හදවතට ආදරේ කරන්න, රූපෙට නෙමෙයි. එතකොට ලැබේවි!

      Delete
    2. රුපෙට ආදරය කරලා වැඩක් නැහැ කියල පොඩි කාලේ ඉදන්ම තේරුනා අක්කේ. ඒ හින්ද ආදරේ කලේ හදවතටමයි. නමුත් එක පාරක් වැරදුනු තැන ආයේ පහුකරන්න බැහැ. (බයක් නෙමේ ආදරය තවත් එපා වෙයි කියල)

      Delete
    3. වැරැද්ද කරපු කෙනා කවදා හරි තේරුම් ගනීවි. එක පාරක් වැරදුනා හැමදාම ජීවිතේ වරදින්නේ නැහැනේ. අනේ මන්දා! මට නං විරහව ගැන අත්දැකීමක් නැහැ.

      Delete
    4. දැනටමත් එයාට තේරිලා වගේ. එක පාරක් වැරදුනු තැනක් ආයේ වරදින්න දීල බැහැනේ. මේ පාර අසරණ උනේ මම විතරයි. ආයේ සැරයක් ඕකම උනොත් ඒ වෙද්දී කි දෙනෙක් අසරණ වේවිද... ඒකට මම ඉඩ තියන්නේ නෑ :/

      Delete
    5. හ්ම්ම්, මොනවා කරත් පරස්සමින්. හැඟීම්වලට හැම දෙයක් ම වෙනස් කරන්න ගත වෙන්නේ එක මොහොත යි.

      Delete
  12. හරිම ලස්සනයි කවි ටික ධාරා...එළි සමය එහෙම අපූරුවට ගලපල තියෙනව ඔයා. මේ විදිහට මුලු ජීවිත කාලය පුරාවටම ආදරය කරන්න සූදානම් අය ඉන්නව උනාට, ඒ වගේ ආදරයක් ලබන්න සුදුසු අය හොයා ගන්න එක නම් සෑහෙන්න්න අමාරු වැඩක්. ගොඩක් වෙලාවට වෙන්නෙ මුලු හදින්ම ආදරය කරන කෙනා අන්තිමේදි තනිවෙන එක...

    ReplyDelete
    Replies
    1. මුළු හදින් මආදරේ කරන කෙනෙක් කවදාවත් තනි වෙන්නේ නැහැ, චාම්ස්. එයාගේ තනියට හිත පිරෙන්න ආදරේ තියෙනවනේ. ඇත්තට ම, අවංක ව ආදරේ කරා නම් ඒ ආදරේ ගැන හිතලා ජීවිත කාලයක් ම සතුටින් ඉන්න පුළුවන්. මම නං හිතන්නේ එහෙම යි. කොහොම වුණත්, මේ පැත්තට ඇවිත් ගියාට බොහෝම ස්තූතියි :)

      Delete
  13. දැන් කොහොමද හිමි අහිමි වල තත්වය ??? ඒ ගැනත් අපිට ටිකක් කියන්න බලන්න ඔයාගේ දුක වගේම සතුටත් බෙදා ගන්න අපි කැමති.... :)

    ReplyDelete
    Replies
    1. අහිමි වෙච්ච "හිමි" ආයෙත් මට ලැබුණා. නොදන්නවා වගේ අහන ලස්සණ <3

      Delete
    2. එහෙම තමා,එතකොට තමා ඕනේ ඕනේ දෙයක අගේ වැඩි වෙන්නේ,බොරුද මම කියන්නේ ???

      Delete
    3. ඇයි "ඕනේ ඕනේ" දෙපාරක් ලියලා? කලබල වුණා ම වචන ටැපලෙනව ද?

      Delete
    4. මොකට කලබල වෙන්නද?? ඔයාගේ ඇස් වල ලෙඩක් මම හිතන්නේ ???

      Delete
  14. ඔයා ලියලා තියෙන මේ හරිම ලස්සන ලිපිය මම කීප සැරයක්ම කියෙව්වා. රූප ත් එක්ක එකතු වුනාම ඒ විස්තරය හරිම රසවත්. මම ඔයාට සුබ පතනවා. මමත් බ්ලොග් එකක් කරනවා. ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා මගේ ලිපි කියවලා බ්ලොග්කරණයට තවමත් ආධුනික මාව දැනුවත් කරලා මගේ අඩුපාඩු වැරදි පෙන්නලා දීලා යන්න ඔයාට බොහෝම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. සතුටු යි ඔයා මේ දිහාට ඇවිත් කවි පෙළ රස විඳපු එක ගැන. මමත් ඇවිල්ලා යන්න එන්නංකෝ ඔයාගේ බ්ලොග් එකට, පුංචි කුමාරිහාමි!

      Delete
    2. ‍තේරුනේ නැහැ, හලෝ :( පුංචි කුමාරිහාමිගේ බ්ලොග් එක fake එකක් කියල ද කියන්නෙ?

      Delete
    3. අර ගෑණු ලමයින්ට විතරක් බ්ලොග් එක කරන්නේ මෙයාද බං !!!!!

      Delete
    4. එහෙම ද? අනේ මන්දා, අර යටින් දාලා තියෙන්නේ දිග කොමෙන්ටුවක්. දන්නව ද පුංචි කුමාරිහාමි ගැන?

      Delete
    5. @YASITH අයිය හරි ... ඒක කොපි පේස්ට් කරන තැනක්. යටි අරමුණක් වෙන්නත් බැහැ (එහෙම එකක්නම් හොදටම අසාර්ථකයි :P )

      Delete
    6. අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමි. අවශ්‍ය තොරතුරු සියල්ල යසිත් අයියා ඊයක් මගින් දැනුම් දී ඇත.

      Delete
    7. @ධාරා : ඕක සුළු එකක් විතරයි, බරපතල කියක් නම් තියේද ...... :/

      Delete
  15. ෆලොවර්ස් ගැජට් එක උඩින් එල්ලුවනම් හරි.

    ReplyDelete
    Replies
    1. සලකා බලන්නංකෝ. මෙහෙට ගොඩ වුණාට හුඟක් ස්තූතියි, පැතුම් අයියේ.

      Delete
  16. Meka update wela na phone 1e..
    Ada aawe. Kawi tika ela!
    Podi deyak- Akuru wala paata wenas karannako. Pennaha background colour 1ta. Hari amaaruwen kiyewwe.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ආවට! හ්ම්ම්, පාට නං වෙනස් කරන්න අමාරු යි, අඟහරුවෝ. තව පාට අඩු කරොත් comment පේන්නේ නැතු ව යයි.

      Delete
  17. අක්කේ බ්ලොග් එක ලස්සනයි.

    නමුත්, "Google Translate" ගැජට් එක sinhala බ්ලොග් එකකට වැඩක් නැහැ. පවාර්ඩ් බයි බ්ලොගර් එකත් පලක් නැහැ කැමතිනම් "කොහෙන් ද? කීයට ද?" කියල ගැජට් එකත් අයින් කරලා දාන්න .. ගැජට් අඩු වෙන තරමට සයිට් එක ස්පීඩ් ලෝඩ් වෙනවා,

    post එකට යටින් අමතර ගැජට් තියන්න එපා එවව පාඨකයින්ෆේ අස ගැටෙන්නත් එක්ක දකුණු පැත්තෙන් දාන්න. (අනවශ්‍ය තරම් පිටුව දික් වීම පාඨකයින්ට වදයක්)

    (( මේ මගේ අදහස. මේ කොමන්ට් එක කියවල ඩිලීට් කරලා දාන්න ;) ))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, අනේ :) ඔන්න ඔයාගේ උපදෙස් පරිදි කටයුතු කළා. දැන් කොහොම ද තත්ත්වෙ? ඒ මොකට ද අනේ කොමෙන්ට් එක ඩිලීට් කරන්නෙ? ඔයාගේ අදහස ඇත්තට ම හොඳයි. අනික මේ අලුත් වෙනස කාගේ අදහසක් ද කියලා ඉතින් මතක් වෙන්නත් එක්ක ඔන්න ඕක තිබුණාවෙ, සහෝ :)

      Delete
    2. දැන් (y) ... ;)
      මෙහෙම හොදයි.. පොපියුලර් පොස්ට් එකට 10 ක් දැම්මොත් වැඩි වේවිද ?? O.o

      බ්ලොග් කියවන එක දිගු කාලයකට නැවැත්තුව අක්කේ. Feed Reader එකේ දාල තියෙන බ්ලොග් කිහිපයකට නිකමට ලොග් උන වෙලේ මේක දැක්කේ

      Delete
    3. පොපියුලර් පෝස්ට් 10 ක් තමයි දාලා තියෙන්නේ. ඒත් තාම publish කරලා තියෙන්නේ 5 ක් විතරයිනේ. ඒ නිසා කරන්න දෙයක් නැහැ. :)

      Delete
  18. ලස්සනයි ධාරා කවි ටික.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, මංජු අක්කේ. අද නේද මුලින් ම ආවේ? ආයෙත් වෙලාවක් තියෙනවා නං මේ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  19. Replies
    1. කාලෙකට පස්සේ නේද අක්කා පෝස්‍ට් එකක් දැම්මේ? බොහෝම ස්තූතියි, මේ පැත්තට ගොඩ වුණාට. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ වෙලාවක් ලැබුණ ම!

      Delete
  20. අපුරු පද පෙළක් ධාරා.... හිතට හොදට වැදුනා.... හිමි අහිමි.....

    //පෙර කල සිටි ලෙසට ආලෙන් බැඳී සොඳ
    වෙසෙන්නට පිනක් අහිමි ද අපට අද
    කළ අකුසලෙක් මේ ලෙස මට පළ දේ ද
    සක් දෙවිඳුනේ ඔහු මා හට හිමි නැති ද?//


    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, සමනළී :) ආයෙත් ඇවිත් යන්න එන්නකෝ ඉඩක් ලැබෙන වෙලාවක.

      Delete
  21. අදමයි මෙහාට ගොඩ වැදුනේ... ලස්සන ඉසව්වක්!! අපූරුයි පද පෙළ ධාරා :) ආයෙත් එන්නම්....

    ReplyDelete
    Replies
    1. ආවට බොහෝම ස්තූතියි, හිතුවක්කාරී. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට! ඉඩ ලැබුණ වෙලාවක ආයෙත් එන්නකෝ.

      Delete
  22. Replies
    1. බොහෝම ස්තූතියි, කළුවර හීනය. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. ආයෙත් ඇවිත් යන්න එන්න ඉඩක් ලැබුණ වෙලාවක.

      Delete
  23. ගොඩක් අයට ප්‍රථම ප්‍රේමය විරහවෙන් කෙළවර වෙනවා. ඉතින් හිත් ගොරෝසු වෙනවා. ඒකයි සමහරු කෙල්ලො ගැන නපුරු මායාකාරියො කියලා බණින්නෙ. ඒත් බැලන්ස් එකේ ආපහු හැරිලා, මොකද වුනේ කියන එක හොද තක්සේරුවකින් බැලුවොත්, කෙල්ලත් අසරණයි කොල්ලත් අසරණයි කියලා තේරෙනවා.
    දෙවෙනියට හමුවෙන කෙනා ට පුළුවන් වුනොත් අර ගොරෝසු කම තුනි කරන්න, ඒක මාර යි. (අත්දැකීමෙන් කියන්නෙ.)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, ඒක ඇත්ත, ඩ්‍රැකී අයියේ. සමහර වෙලාවට කතා කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න තමයි දුර දිග යන්නේ. ගොඩක් අයට ප්‍රථම ප්‍රේමය විරහවෙන් කෙළවර වුණත් සමහරුන්ට එහෙම නෙමෙයි. කොහොම වුණත් හැමෝගෙම දැන ගැනීම පිණිස මේ කියන්නේ, අපේ ප්‍රශ්න හිතුවට වඩා හොඳින් විසඳුනා.

      Delete
  24. හ්ම්ම්.. ඒත් මේ වගේ ප්‍රාර්ථනා කරන කෙල්ලො අද කාලෙ ඇත්තටම ඉන්නවද සහෝ?? මං නම් දන්නෑ මොකද කාන්තාවකගේ සිතුවිලි කියවන්න මං දන්නැති හින්දා..

    අනිවා හොඳ නිර්මාණයක්.. ලස්සන කවි ටික :ඩී

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි, සහෝ :) කලාතුරකින් ඉන්නවා මම දන්න විදියට නං. කොහොම වුණත් මේ පැත්තට ගොඩ වුණාට තැන්කූ වේවා! ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
    2. අනිවා අනිවා එන්නම් ධාරා.. ඒක නෙමෙයි දැන් අලුතෙන් පෝස්ටුවක් දෙකක් දැම්මොත් නරකද ඈ??

      Delete
    3. ඒක නං ඇත්ත තමයි, සචින්. ඒත් මේ දවස්වල වැඩ වැඩි යි. විභාගෙකුත් අත ළඟ. ඒ නිසා බලධාරි‍යාගෙන් අවසර නැහැ අලුත් පෝස්ටු දාන්න.

      Delete
    4. අයියෝ සල්ලි.. :/

      අවුලක් නෑ අපි එහෙනම් පස්සෙවත් බලමුකො නේද?? එල ආ..

      Delete
  25. ලස්සණ කවි පන්තියක්. සඳ කිඳුරු දා කව මතක් වුණා..අද යි ෙම් පැත්ෙත අාෙව්. දිගට ම ලියන්න. සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළි ගන්නවා, සොඳුරු මංපෙතට. හ්ම්ම්, මේක ලිව්වේ සඳ කිඳුරු දා කව යි, යසෝදරා වත යි ඇසුරු කරගෙන. මම ආස කරන කවි පොත් දෙකක්. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ ඉඩ තියෙන වෙලාවක.

      Delete
  26. ලස්සනයි ධාරා. මම මීට කලින් මේ පැත්තේ ඇවිත් නැද්ද කොහෙද..මතකයක් නම් නෑ

    ReplyDelete
    Replies
    1. කලින් දවසක් ආවා "සුදු මල් වැල" පෝස්ට් එක බලලා යන්න. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ, සයුරී අක්කේ.

      Delete
  27. බ්ලොග් අවකාශයට තවත් කවිකාරියක් සුබ පැතුම් කවිකාරියේ

    ReplyDelete
    Replies
    1. ස්තූතීයි, නලින් මාමේ. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට!

      Delete
  28. කිඳුරු වලප හරිම අපූරුවට ඉදිරිපත් කරලා.. අගෙයි ධාරා.. :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, කරූ. සඳ කිඳුරු දා කව මගේ හිත් ගත්ත කවි පොතක්. ඒ නිසා ඒ ආරෙට ලියවුණා. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  29. අදයි මේ පැත්තේ ආවේ, සොඳුරු කවි පෙළක්, ඇයි දිගටම නොලියන්නේ,?

    ReplyDelete
    Replies
    1. නොලියනවා නෙමෙයි, ඉවාන් අයියේ. මේ දවස්වල ටිකක් වැඩ වැඩි යි. ආවට ස්තූතියි :)

      Delete
  30. කලින් බ්ලොගයට මොකද්දෝ අටමගලක් විය. වෙලාවක මේ පාරෙන් එන්නෝ....http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හොඳමයි, සහෝදරී. ඒත් මට නං පේන්නේ බ්ලොගේ update වෙනවා ව‍ගේ. බලමුකෝ.

      Delete
  31. හරිම ලස්සනයි ධාරා......හිතට හරියට වැදුණා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, සිත්තමී අක්කේ. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  32. සඳට හොරා ඔබ සඳ හා හඬන් එපා... ...
    ඉරට හොරා ඉර හා නුබ දොඩන් එපා.....
    කඳුළු මකා කඳුලට පෙම් බඳින් එපා.....
    මතක හොරා ඒ මතකය බිඳින් එපා.....


    සඳ කිඳුරන් ලොව සැම අත තව ඇතිය....
    ඒ කිඳුරන් කිඳුරු කොදෙව් හා ලැදිය.....
    හිත ඇතුලෙන් සිත හා ලොව හා රැඳිය.....
    පෙම බිඳුනෙන් කඳුලින් පලකට නැතිය......


    ගුඩ් ලක් ඈ... කවිය උඩින් පල්ලෙන් කියෙව්වා.. පස්සේ එබිලා හොඳට කියවන්න එන්නම්.. (පාන් ගේන්න කඩේ යමින් * ආණ්ඩුවට නොවේ :D )

    ReplyDelete
    Replies
    1. සඳ කිඳුරන් ලොව සැම අත තව සිටිනා බව ඇත්ත යි . . .
      එනමුදු ඔහු පරදවන්න සමතෙකු ලොව නෑ සත්ත යි . . .
      බිඳුණ සෙනේ කඳුළු මකා මතු වුණ හසරැල් රොත්ත යි . . .
      ඔහුගේ තුරුලට මැදි වුණ මගේ සිතේ මල් ඉත්ත යි . . .

      සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  33. සඳකිඳුරු දා කව...යලිදු කියවූ ලෙස හැඟෙයි මට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි, අක්කේ. ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  34. හරිම ලස්සන කවි පන්තියක් ධාරා. අර කිව්ව වගේ මේක ඔයාලෙ පලවෙනි කවි නිර්මාණෙ නම් ඔයා තුල අති විශිෂ්ට කිවිඳියක් හැංගිලා ඉඳල තියනවා.. කියන්න වචන නෑ මේ ගැන.. ඒ අතින් බලනකොට ප්‍රභා කරන් හරිම වාසනාවන්ත මිනිහෙක් :D
    කලබල වෙන්න එපා ප්‍රභා කරන් කියන්නෙ සූර්යාට ;) සූර්යා කියන්නෙ ඉතින් ළා හිරු රැස් එවන කෙනාට :P

    ආයෙ මොකටද කමෙන්ට් 98ක්.. ඔන්න මම ඒක 100ම කලා :P

    ReplyDelete
    Replies
    1. ඇගයුමට බොහෝම ස්තූතියි, සමියෝ :) මෙම කොමෙන්ටුව ළා හිරු රැස් බෙදන්නා වෙත යොමු කළ බව කරුණාවෙන් සලකන්න!

      Delete
  35. ළා හිරු රැස් එවන කෙනා කොමත් වාසනා වන්තයි තමා එයා එක දන්නවා... :)

    ReplyDelete
    Replies
    1. එයා ව ලබන්න මමත් වාසනාවන්ත යි, නාඳුනන්නෝ :)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...