අපගේ සිහිනයන්
අප වෙත ළඟා නොවන්නේ නම්
අප වෙත ළඟා නොවන්නේ නම්
ඒ සිහිනයන් හඹා යෑමට
අප තීරණය කළ යුතු ය . . .
සිහිනය හා යථාර්ථය අතර දුර ද
එම දුර තරණය කිරීමට
අවශ්‍ය කාලය ද තීරණය වන්නේ
ඔබගේ වේගය මත ය . . .
එම වේගය සෑම විට ම
අධිෂ්ඨානය හා කැපවීම මත
රඳා පවතිනු ඇත . . .
- චරිත දිසානායක ගුරු පියාණන් -
(උපුටා ගැනීමකි)
//එම වේගය සෑම විට ම
ReplyDeleteඅධිෂ්ඨානය හා කැපවීම මත
රඳා පවතිනු ඇත . . .//
මේක තමයි හරිම ඇත්ත...
අනිවාර්යයෙන් ම . . . අධිෂ්ඨානය සහ කැපවීම නිසා මේ ලෝකය ජය ගත්ත මිනිස්සු කොච්චර නං ඉන්නව ද?
Deleteමේ කාටූන් අදින චරිත දිසානායකද? චිත්‍ර ශිල්පියා.
ReplyDeleteඅනේ නැහැ, නලින් මාමේ. මේ රසායන විද්‍යාව උගන්නන ගුරුවරයෙක්
DeleteKathaawa hariyata hari. Nikan indala kisima deyak labenne na. E wenuwen mahansi wela wada karanna one..
ReplyDeleteFont colour 1 thamayi poddak awl.. Mobile version 1e witharada manda melo deyak penne na. Saahena amaaruwen kiyewwe.
නිකං ඉඳලා නාස්ති වෙලා ගියා මිනිස්සු කොච්චර නං ඉන්නව ද, අඟහරුවෝ? හ්ම්ම්, ඔයා විතර යි font color එක ගැන පැමිණිලි කරේ. සමහර විට mobile version එක නිසා වෙන්න ඇති. තාම ඔයාගේ ලැප් රාජයා සුව කර ගන්න බැරි වුණා ද?
Deleteකියවන් යද්දි බැලුවෙ පුරුදු වචන පෙලක්...
ReplyDeleteමෙ අපෙ Chemistry සර්, චරිත දිසානායක නේද? :)
ඔව්, ඔව්. චරිත සර් තමයි. නංගිගේ ටියුට් එකක තිබිලා හොයා ගත්තේ. හිතට වැදුණ නිසා බ්ලොග් එකට දැම්මා. මේ දවස් ටිකේ ම බ්ලොග් එකට පාළුවට ගිහින්. ලියන්න විවේකයක් නැහැ පාඩම් වැඩ නිසා.
Deleteසියල්ලට පෙර අවදි වී සිටිය යුතුය...
ReplyDeleteඔව්, ඒකත් ඇත්තනේ.
Deleteඅධිෂ්ඨානය හා කැපවීම කියන්නේ මමත් ආගමක් වගේ විශ්වාස කරන දෙයක්...වටින අදහසක්.
ReplyDeleteමමත් හුඟක් විශ්වාස කරන දෙයක්. මේ පද පෙළ දැක්ක ගමන් හිත ගියා. ඒ නිස යි බ්ලොග් එකේ දාන්න හිතුවේ.
Deleteඒක නම් ඇත්ත.
ReplyDeleteහීන අපි ගාවට එන්නෙ නැත්නම් අපි ඒව හඹා යන්න ඕන
මම නං හිතන්නේ අපේ හඹා ගියේ නැත්තං කවදාවත් හීන හැබෑ කර ගන්න ලැබෙන්නේ නැහැ. මොකද කවදාවත් හීන අපි ගාවට එන්නේ නැති නිසා!
Deleteගුරුවරයෙක් මේ විදියෙ වචන ටිකක් දීම නම් අගය කළ යුතුයි.අද කාලෙ ගුරුවරු.් හිස් මොලගෙඩි වලට පුරවන්නෙ හිස් දේවල්මනේ.....
ReplyDeleteකාලෙකට කලින් වර්ෂා කියලා තිබුණා වගේ බොහෝමයක් ගුරු හොරු අතරේ ගුරු දෙවිවරුත් ඉන්නවනේ, සිත්තමී අක්කේ.
Deleteඅධිෂ්ඨානයයි කැපවීමයි තියෙනව නම් ඕනම දෙයක් කරන්න පුලුවන්.
ReplyDeleteඅනිවාර්යයෙන් ම පුළුවන්.
Deleteඅධිෂ්ඨානයයි කැපවීමයි එක්ක හිමින් ගමනක් යන්න පුලුවන් නම් ගොඩක්ම සාර්ථකයි කියලා මට නම් හිතෙන්නේ!!!..... ඔය අධ්‍යාපන කටයුතුත් අධිෂ්ඨානයයි කැපවීමයි එක්ක කරගන්නකෝ.
ReplyDeleteබොහෝම ස්තූතියි, වර්ෂා. ඔයාටත් එහෙම ම තමයි.
Deleteමම චරිත සර් ගැන අහල නම් තියේ.. එහෙම සර් කෙනෙක්ටද අප්පේ මේ අපේ එවුන් නරක් උන යෝගට් කවන්න ප්ලෑන් කලේ ලඟදි? (ඔලුවේ අත ගසා ගනිමින්) හොයල බලන්න ඕනා උන් ඒක කලාද කියලා (දුකෙන්)
ReplyDeleteඒක නං දන්නේ නැතෝ. මට නං එහෙම ආරංචියක් ආවේ නැහැ. හොයලා බලලා කියන්නකෝ මොකද්ද දැන් තත්ත්වේ කියලා.
Deleteසිහිනයන් හඹා යන ගමනේ දී තවකෙකු ගේ සිහිනයක් බොඳ වේ නම්....?
ReplyDeleteවෙනත් කෙනෙකුගේ සිහිනයන් බොඳ නොකර තමන්ගේ සිහිනයන් හඹා යන්න පුළුවන් නං එය යි නියම ජයග්‍රහණය! ඒත් ඒක හුඟක් දුෂ්කර කටයුත්තක්. මොකද අපි නොදැන ම වෙනත් කෙනෙක්ගේ හිත රිදෙන්න පුළුවන් අපේ කටයුතු නිසා. ඒක නතර කරන්න අපිට බැහැ.
Deleteඒ ලෙවල් ක්ලාස් ගිය කලේ මතක් උනා. ටියුට් එකේ පිටි පස්සේ මේ වගේ කතා ගොඩයි
ReplyDeleteඒක නං ඇත්ත! ළමයි ඕවා කියලා හැදෙනවා නං මොන තරම් දෙයක් ද?
Deletematath mathak une e kaale :)
Deleteමගේ ළඟ තියෙන ටියුට්වලින් නං මම ආස ම එක තමයි, "ඔබ නොදත් ඔබේ වේගය, ඔබ නොදත් ඔබේ දැනුම, ඉතා කෙටි කලක දී පුබුදුවාලිය හැක. එය ඉතා සරල වූ සත්‍යකි." මේ කතාවට නං මම සම්පූර්ණයෙන් ම එකඟ යි.
Deleteසිහිනයන් හඹායාම ද?
ReplyDeleteහඹා යාහැකි සහිනයක් තෝරාගැනීමද වඩා හරි.
සිහිනයන් හඹා යාම වඩා හරි කියලා මම හිතනවා. මොකද හඹා යා හැකි සිහිනයක් තෝරා ගැනීම හුදෙක් අපේ කම්මැලිකම පෙන්නුම් කරනවා. නමුත් සිහිනයක් පසුපස හඹා යෑම ඊට වඩා හුඟක් වෙනස් අත්දැකීමක් . . .
Delete//අපගේ සිහිනයන්
ReplyDeleteඅප වෙත ළඟා නොවන්නේ නම්
ඒ සිහිනයන් හඹා යෑමට
අප තීරණය කළ යුතු ය //
මේ කෑල්ලට නම් මම හරි කැමති ..
ඇයි දන්නෙ නෑ නේද?
Deleteහඹා නොයා ඉටුවන සිහින වල වටිනාකම අඩුයි අක්කේ....
ReplyDeleteජිවිතේ සාර්ථකත්වය තීරණය වෙන්නේ අපේ හඹායෑම මත,
නමුත් නිවැරදි දේ අපි තීරණය කරගන්න ඕනේ .........
අනිවා! මම සම්පූර්ණයෙන් ම එකඟ යි ඔයාගේ අදහසට.
Deleteගොඩක් අයට තේරෙන්නෙ නැති තේරෙන අය ක්‍රියාත්මක කරන්නෙ නැති අත්දුටු ක්‍රමයක් තමයි මේ...
ReplyDeleteහ්ම්ම්, ඔව්. ක්‍රියාත්මක කරනවා නං මොන තරම් වෙනසක් කරන්න පුළුවන් ද?
Deleteඇත්ත කතාව....
ReplyDeleteඇත්ත කතාවක් නේන්නං :)
Deleteඅඩේ මං මේ පෝස්ට් එක දැක්කෙ නෑනෙ බං.. පමා වුනාට සොරි වෙන්න ඕනෙ.. මං මේ ටිකේ බ්ලොග් කියවන්නවත් ලියන්නවත් ගියෙ නෑ බං.. මං චීත්තයක් හින්දා පිස්සු හැදිලනෙ හිටියෙ :(
ReplyDeleteගොඩක් හොඳ නිර්මාණයක් බං.. කාගෙ වුනත්.. ඒත් මං දැන් සිහින හඹායන්න හිතන්නෙ නෑ.. එකක් පස්සෙ ගිහින් පිස්සු හදාගත්තනෙ..
මේ ධාරා.. පෝස්ට් එකක් දාද්දි වචනවල පාට වෙනස් කරහන්කෝ.. පේන්නෙ නෑ බං.. හොයාගන්න අමාරුයි..
පරක්කු වුණාට නං කමක් නෑ බං. ඒත් සිහියෙන් වැඩ කරහන්. සිහින පස්සේ හඹා ගියාට කමක් නෑ බං ඒවට ඇබ්බැහි නොවී. හ්ම්ම්, ඊළඟ පෝස්ට් එකේ ඉඳලා පාට වෙනස් කරන්නංකෝ. හැබැයි ඒකට නං ටිකක් කල් යයි.
Deleteඅනේ බං, උඹලට පිස්සුනේ බං
Deleteනිදිමතයි බං දැං දොලහටත් ලගයි ..... නිදියපියව්කෝ
Deleteකතාව සහතික ඇත්ත ධාරො!!
ReplyDeleteසිරාවට ම!
Deleteඔව් පට්ට ඇත්ත...හොඳ අදහස් පෙලක්...අනිවා පස්සෙන් පන්නලා හරි ඒවා ලඟාකරගන්න ඕනෙ. නමුත් එක්තරා නිමේෂයකදි හරවෙන කපොල්ලකුත් තියෙනවා. ඒ තමයි මුදල්...සිහිනයක් archive කරගන්න ගොහින් මම දැන් අන්න ඒ කියන කපොල්ලෙදි හිරවෙලා ඉන්නේ. ඒත් අර සිහිනය වෙත යන්න තියෙන දැඩි උනන්දුව නිසාම අද හෙටම එතනින් තවත් ඉස්සරහට යනවා...
ReplyDeleteඒක නං ඇත්ත කතාවක්. ඔයාගේ සිහින සැබෑ කර ගන්න සුභ පතනවා. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට! ආයෙත් ඇවිත් යන්න එන්න.
Delete