May 29, 2013

හඹා යෑම


අපගේ සිහිනයන්
අප වෙත ළඟා නොවන්නේ නම්
ඒ සිහිනයන් හඹා යෑමට
අප තීරණය කළ යුතු ය . . .

සිහිනය හා යථාර්ථය අතර දුර ද
එම දුර තරණය කිරීමට
අවශ්‍ය කාලය ද තීරණය වන්නේ
ඔබගේ වේගය මත ය . . .

එම වේගය සෑම විට ම
අධිෂ්ඨානය හා කැපවීම මත
රඳා පවතිනු ඇත . . .

- චරිත දිසානායක ගුරු පියාණන් -
(උපුටා ගැනීමකි)

46 comments:

  1. //එම වේගය සෑම විට ම
    අධිෂ්ඨානය හා කැපවීම මත
    රඳා පවතිනු ඇත . . .//
    මේක තමයි හරිම ඇත්ත...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම . . . අධිෂ්ඨානය සහ කැපවීම නිසා මේ ලෝකය ජය ගත්ත මිනිස්සු කොච්චර නං ඉන්නව ද?

      Delete
  2. මේ කාටූන් අදින චරිත දිසානායකද? චිත්‍ර ශිල්පියා.

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ, නලින් මාමේ. මේ රසායන විද්‍යාව උගන්නන ගුරුවරයෙක්

      Delete
  3. Kathaawa hariyata hari. Nikan indala kisima deyak labenne na. E wenuwen mahansi wela wada karanna one..
    Font colour 1 thamayi poddak awl.. Mobile version 1e witharada manda melo deyak penne na. Saahena amaaruwen kiyewwe.

    ReplyDelete
    Replies
    1. නිකං ඉඳලා නාස්ති වෙලා ගියා මිනිස්සු කොච්චර නං ඉන්නව ද, අඟහරුවෝ? හ්ම්ම්, ඔයා විතර යි font color එක ගැන පැමිණිලි කරේ. සමහර විට mobile version එක නිසා වෙන්න ඇති. තාම ඔයාගේ ලැප් රාජයා සුව කර ගන්න බැරි වුණා ද?

      Delete
  4. කියවන් යද්දි බැලුවෙ පුරුදු වචන පෙලක්...

    මෙ අපෙ Chemistry සර්, චරිත දිසානායක නේද? :)

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව්. චරිත සර් තමයි. නංගිගේ ටියුට් එකක තිබිලා හොයා ගත්තේ. හිතට වැදුණ නිසා බ්ලොග් එකට දැම්මා. මේ දවස් ටිකේ ම ‍බ්ලොග් එකට පාළුවට ගිහින්. ලියන්න විවේකයක් නැහැ පාඩම් වැඩ නිසා.

      Delete
  5. සියල්ලට පෙර අවදි වී සිටිය යුතුය...

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒකත් ඇත්තනේ.

      Delete
  6. අධිෂ්ඨානය හා කැපවීම කියන්නේ මමත් ආගමක් වගේ විශ්වාස කරන දෙයක්...වටින අදහසක්.

    ReplyDelete
    Replies
    1. මමත් හුඟක් විශ්වාස කරන දෙයක්. මේ පද පෙළ දැක්ක ගමන් හිත ගියා. ඒ නිස යි බ්ලොග් එකේ දාන්න හිතුවේ.

      Delete
  7. ඒක නම් ඇත්ත.
    හීන අපි ගාවට එන්නෙ නැත්නම් අපි ඒව හඹා යන්න ඕන

    ReplyDelete
    Replies
    1. මම නං හිතන්නේ අපේ හඹා ගියේ නැත්තං කවදාවත් හීන හැබෑ කර ගන්න ලැබෙන්නේ නැහැ. මොකද කවදාවත් හීන අපි ගාවට එන්නේ නැති නිසා!

      Delete
  8. ගුරුවරයෙක් මේ විදියෙ වචන ටිකක් දීම නම් අගය කළ යුතුයි.අද කාලෙ ගුරුවරු.් හිස් මොලගෙඩි වලට පුරවන්නෙ හිස් දේවල්මනේ.....

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින් වර්ෂා කියලා තිබුණා වගේ බොහෝමයක් ගුරු හොරු අතරේ ගුරු දෙවිවරුත් ඉන්නවනේ, සිත්තමී අක්කේ.

      Delete
  9. අධිෂ්ඨානයයි කැපවීමයි තියෙනව නම් ඕනම දෙයක් කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම පුළුවන්.

      Delete
  10. අධිෂ්ඨානයයි කැපවීමයි එක්ක හිමින් ගමනක් යන්න පුලුවන් නම් ගොඩක්ම සාර්ථකයි කියලා මට නම් හිතෙන්නේ!!!..... ඔය අධ්‍යාපන කටයුතුත් අධිෂ්ඨානයයි කැපවීමයි එක්ක කරගන්නකෝ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි, වර්ෂා. ඔයාටත් එහෙම ම තමයි.

      Delete
  11. මම චරිත සර් ගැන අහල නම් තියේ.. එහෙම සර් කෙනෙක්ටද අප්පේ මේ අපේ එවුන් නරක් උන යෝගට් කවන්න ප්ලෑන් කලේ ලඟදි? (ඔලුවේ අත ගසා ගනිමින්) හොයල බලන්න ඕනා උන් ඒක කලාද කියලා (දුකෙන්)

    ReplyDelete
    Replies
    1. ඒක නං දන්නේ නැතෝ. මට නං එහෙම ආරංචියක් ආවේ නැහැ. හොයලා බලලා කියන්නකෝ මොකද්ද දැන් තත්ත්වේ කියලා.

      Delete
  12. සිහිනයන් හඹා යන ගමනේ දී තවකෙකු ගේ සිහිනයක් බොඳ වේ නම්....?

    ReplyDelete
    Replies
    1. වෙනත් කෙනෙකුගේ සිහිනයන් බොඳ නොකර තමන්ගේ සිහිනයන් හඹා යන්න පුළුවන් නං එය යි නියම ජයග්‍රහණය! ඒත් ඒක හුඟක් දුෂ්කර කටයුත්තක්. මොකද අපි නොදැන ම වෙනත් කෙනෙක්ගේ හිත රිදෙන්න පුළුවන් අපේ කටයුතු නිසා. ඒක නතර කරන්න අපිට බැහැ.

      Delete
  13. ඒ ලෙවල් ක්ලාස් ගිය කලේ මතක් උනා. ටියුට් එකේ පිටි පස්සේ මේ වගේ කතා ගොඩයි

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත! ළමයි ඕවා කියලා හැදෙනවා නං මොන තරම් දෙයක් ද?

      Delete
    2. ම‍ගේ ළඟ තියෙන ටියුට්වලින් නං මම ආස ම එක තමයි, "ඔබ‍ නොදත් ඔබේ ‍වේගය, ඔබ නොදත් ඔබේ දැනුම, ඉ‍තා කෙටි කලක දී පුබුදුවාලිය හැක. එය ඉතා සරල වූ සත්‍යකි." මේ කතාවට නං මම සම්පූර්ණයෙන් ම එකඟ යි.

      Delete
  14. සිහිනයන් හඹායාම ද?
    හඹා යාහැකි සහිනයක් තෝරාගැනීමද වඩා හරි.

    ReplyDelete
    Replies
    1. සිහිනයන් හඹා යාම වඩා හරි කියලා මම හිතනවා. මොකද හඹා යා හැකි සිහිනයක් තෝරා ගැනීම හුදෙක් අපේ කම්මැලිකම පෙන්නුම් කරනවා. නමුත් සිහිනයක් පසුපස හඹා යෑම ඊට වඩා හුඟක් වෙනස් අත්දැකීමක් . . .

      Delete
  15. //අපගේ සිහිනයන්
    අප වෙත ළඟා නොවන්නේ නම්
    ඒ සිහිනයන් හඹා යෑමට
    අප තීරණය කළ යුතු ය //

    මේ කෑල්ලට නම් මම හරි කැමති ..

    ReplyDelete
    Replies
    1. ඇයි දන්නෙ නෑ නේද?

      Delete
  16. හඹා නොයා ඉටුවන සිහින වල වටිනාකම අඩුයි අක්කේ....
    ජිවිතේ සාර්ථකත්වය තීරණය වෙන්නේ අපේ හඹායෑම මත,
    නමුත් නිවැරදි දේ අපි තීරණය කරගන්න ඕනේ .........

    ReplyDelete
    Replies
    1. අනිවා! මම සම්පූර්ණයෙන් ම එකඟ යි ඔයාගේ අදහසට.

      Delete
  17. ගොඩක් අයට තේරෙන්නෙ නැති තේරෙන අය ක්‍රියාත්මක කරන්නෙ නැති අත්දුටු ක්‍රමයක් තමයි මේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, ඔව්. ක්‍රියාත්මක කරනවා නං මොන තරම් වෙනසක් කරන්න පුළුවන් ද?

      Delete
  18. Replies
    1. ඇත්ත කතාවක් නේන්නං :)

      Delete
  19. අඩේ මං මේ පෝස්ට් එක දැක්කෙ නෑනෙ බං.. පමා වුනාට සොරි වෙන්න ඕනෙ.. මං මේ ටිකේ බ්ලොග් කියවන්නවත් ලියන්නවත් ගියෙ නෑ බං.. මං චීත්තයක් හින්දා පිස්සු හැදිලනෙ හිටියෙ :(

    ගොඩක් හොඳ නිර්මාණයක් බං.. කාගෙ වුනත්.. ඒත් මං දැන් සිහින හඹායන්න හිතන්නෙ නෑ.. එකක් පස්සෙ ගිහින් පිස්සු හදාගත්තනෙ..

    මේ ධාරා.. පෝස්ට් එකක් දාද්දි වචනවල පාට වෙනස් කරහන්කෝ.. පේන්නෙ නෑ බං.. හොයාගන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. පරක්කු වුණාට නං කමක් නෑ බං. ඒත් සිහියෙන් වැඩ කරහන්. සිහින පස්සේ හඹා ගියාට කමක් නෑ බං ඒවට ඇබ්බැහි නොවී. හ්ම්ම්, ඊළඟ පෝස්ට් එකේ ඉඳලා පාට වෙනස් කරන්නංකෝ. හැබැයි ඒකට නං ටිකක් කල් යයි.

      Delete
    2. අනේ බං, උඹලට පිස්සුනේ බං

      Delete
    3. නිදිමතයි බං දැං දොලහටත් ලගයි ..... නිදියපියව්කෝ

      Delete
  20. කතාව සහතික ඇත්ත ධාරො!!

    ReplyDelete
  21. ඔව් පට්ට ඇත්ත...හොඳ අදහස් පෙලක්...අනිවා පස්සෙන් පන්නලා හරි ඒවා ලඟාකරගන්න ඕනෙ. නමුත් එක්තරා නිමේෂයකදි හරවෙන කපොල්ලකුත් තියෙනවා. ඒ තමයි මුදල්...සිහිනයක් archive කරගන්න ගොහින් මම දැන් අන්න ඒ කියන කපොල්ලෙදි හිරවෙලා ඉන්නේ. ඒත් අර සිහිනය වෙත යන්න තියෙන දැඩි උනන්දුව නිසාම අද හෙටම එතනින් තවත් ඉස්සරහට යනවා...

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත කතාවක්. ඔයාගේ සිහින සැබෑ කර ගන්න සුභ පතනවා. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට! ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...