ඔහු නිසල්. මගේ ළඟ ම මිතුරෙක්. පුස්තකාලෙ දී දුටු යුවතියක් එක්ක ඔහු පෙමින් බැඳුනේ දහසය වැනි වියේ දී. ඒ මීට අට වසරකට කලින්. ඇය දමිළ ජාතික කතෝලික තරුණියක්. නමුත් ඔහුගේ ආදරේට එය බාධාවක් වුණේ නැහැ. ගෙදරින් ගුටි කලා, බැනුම් අහලා අන්තිමේ දී ආදරේ ජය ගත්තා.
නමුත් අද ඇය, ඔහු ව හැර වෙනත් කෙනෙක් ළඟ. නැවතත් ඇය ව දිනා ගන්න ඔහු කිසිවක් කළේ නැහැ. ඇයගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට කැප කළා. හිතේ තියෙන දුක කිසිවෙක්ට නොකියා අද ඔහු තනියම දුක් විඳිනවා. මේ කවි පෙළ ඔහුගේ නොවෙනස් ආදරය වෙනුවෙන්. මම ඔබට ගෞරව කරනවා, නිසල්.
හිරු සැඟවිලා නුබ ගැබ අඳුරු යි | සවස |
ඉන්නෙමි බලා තරු කැට මතු වුණ | අහස |
අමාවක යි සඳ කැන් නෑ අද | දවස |
නුඹ හැර ගිය පසු ව මාගේ හද | විලස |
සිටියෙමි බලාගෙන වැටෙනා තුරු | අඳුරූ |
මංපෙත ඔස්සෙ පිය නගනා නුඹෙ | සොඳුරූ |
රූසිරි දකින්නට සැමදා මට | මියුරූ |
අමතක කළේ කෙලෙස ද මගෙ පෙම | ගැඹුරූ |
පුරා අට වසක් ආලෙන් බැඳී | සොඳ |
කල් ගත කළා අප සතුටින් සිනා | මැද |
සැමදා මගේ ළඟ රැඳෙනවා කියූ | සඳ |
ඇයි මා අතැර ඔහු වෙත නුඹ ගියේ | අද |
පාළු යි නුඹ නැතු ව නොදනී මම | ඉන්න |
සිහිනෙන්වත් සිතුවෙ නෑ දෙන්නට | යන්න |
දෑ අවුරුද්දකින් නුඹ කැඳවාගෙන | එන්න |
පැතුවා නුඹ ව මගෙ සොඳුරිය කර | ගන්න |
මා නෙත් ඉදිරියේ නුඹ සිත්තම් | වෙනවා |
දෙසවන් අසල නුඹෙ කටහඬ රැව් | දෙනවා |
උණුසුම නොමැති යහනේ මම තනි | වෙනවා |
නිදි නෑ මහද නුඹ වෙනුවෙන් | වැළපෙනවා |
සැමදා නුඹේ සිනහව මාගේ | පැතුම |
කඳුළැලි මගේ නෙත් අග රැඳුනා | බොහොම |
එනමුදු කම් නැතේ නුඹ සතුටින් | තවම |
අතැර නොයන් ඔහු මා විලසින් | මෙහෙම |
෴ සත්‍ය සිදුවීමක් ඇසුරෙනි. නම් ගම් මනඃකල්පිත යි ෴
හිතට වදින්න ලියලා තියෙනෝ..සාර්ථකයි ඔයාගේ උත්සාහය ධාරා. :D
ReplyDeleteබොහෝම ස්තූතියි, ළහිරු. කවි ටික සාර්ථක වුණාට එයා තමත් දුකින්.
Deleteදුක හිතෙන කතාවක ලස්සන කවි ටිකක් .... මේකටත් පිළිතුරු කවි එයිද ????
ReplyDeleteමේකට පිළිතුරු බඳින්න කෙනෙක් නෑ, මැලේ රාළ. ඔහු තනිවෙලා.
Deleteආදරය කියන්නේ පරිත්‍යාගයක් කියන එක ඔප්පු වෙච්ච සජීවි සටහනක්...
ReplyDeleteඔව්. සම්පූර්ණ කතාව ඇහුවා නං අඬනවා. පුළුවන් වුණොත් කතාව ලියන්නං.
Deleteඔව් හැකියාවක් ඇත්නං ලියන්න. වෙරළු මල් සුවද කියන්නේ ජීවිතේයැයි හිතාගෙන ඉන්න අයට තේරෙන්නත් එක්ක...
Deleteමොකද්ද අප්පේ මේ වෙරළු මල් කතාව? මට මොකක් හරි මග හැරිල ද මන්දා!
Deleteවෙරළු මල් පිපුනාම හරි සුවදයි ධාරා එකයිමේ දේශකයා කියන්නේ.. මේ වෙරළු මල් පිපෙන කාලේ නෙවැ :D
Deleteආ! මම නං වෙරළු ගස් යට ඉන්න බය යි. පොඩි කාලේ වෙරළු ගහක් යට ඉඳලා දලඹුවෝ ඇඟට වැටුනා. එදා ඉඳලා මම නං නෙමෙයි වෙරළු ගස් යට හිටියේ.
Deleteචමියා ධාරාව රුයිතෙට යවලා. හැක්...
Deletehttp://samakayawate.blogspot.com/2013/09/18.html
මේ දේශකය පච දේශන දෙනවා මදිවට පච කොමෙන්ටුත් ගහනවා! හැක්! පිළිගන්නේ නෑ නෑමයි!
Deleteහදවත දවාලන කවි පෙළක් ධාරා... යාලුවට පිහිට වෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
ReplyDeleteඅපි උත්සාහ කරනවා, නලීන් මාමේ. ඒත් තත්ත්වය හොඳ අතරට හැරෙන පාටක් තාමත් නැහැ. මේ සිදුවීම වෙලා දැන් මාස 8 ක් විතර. ඒත් තාමත් වෙනසක් නෑ.
Deleteහිමි වුන ආදරේ ලැබුනේ නෑ කියල සදාකල් තනිකඩව ඉන්න ඕනිද ?
ReplyDeleteඒක එයාගේ කැමැත්තනේ, රයිටරේ. හුඟක් සටන් කරලා දිනා ගත්ත අවුරුදු 8 ක ආදරයක් නැති වෙන එක අමතක කරන්න ලේසි නෑ. සමහර විට වෙනසක් වෙයි. අපිය තියෙන්නේ බලාගෙන ඉන්න.
Delete//ඒක එයාගේ කැමැත්තනේ// ඒ අදහසට මම ගොඩක් කැමති යි. ඔයාලා පුළුවන් දෙයක් කරන්න. ඇත්තට ම මේ කවි පෙළ ඔහුට ගෞරවයක්!
Deleteමමත් හුඟක් ගරු කරන චරිතයක්. ඇත්තට ම ඒ වගේ සිදුවීමකින් පස්සේ හුඟක් වෙලාවට වෙන්නේ පළි ගන්න උත්සාහ කරන එක! ඒ අතින් නිසල් ශ්‍රේෂ්ඨ පෙම්වතෙක්.
Deleteසදාකාලික නොවූ ලෝකේ සදාකාලික පෙම සෙවූ
ReplyDeleteඅහිමිවූ සිත චපල වේයැයි කිසිමවිටකදී නොම කිවූ
ඔබේ සැප මගේ සතුට වේයැයි සිතා නිහඬව කල් ගෙවූ
සැබෑ ආදර හිතක හිමිකම ලබන්නට ඇය පිං නොවූ
කාලය ගත වෙලා යයි මෙය විසඳෙන්න
Deleteඔහු පෙම් කරයි තවමත් රහසින් ඔන්න
මතු යම් දිනෙක මේ බව ඇය දැන ගන්න
විට කල් ගොස් තියෙයි ආපසු නොම එන්න
ඇත්තට ම ඒ වගේ ආදරයක් විඳින්න ඇයට වාසනාවක් නැති එක ගැන මට දුක යි. ඒත් ඒ වෙනුවෙන් මට කළ හැකි දෙයක් නෑ.
කවි ටිකනම් හරිම ලස්සනයි..
Deleteයාලුවට කියන්න මම කිව්වයි කියලා දාලා ගිය අය ගැන ආයෙත් හිතල පලක් නැහැ.. ටිකක් දුකයි තමයි ඒත් කසාද බදින්න ඉස්සෙලා දාලා ගිය එක ගැන සතුටුවෙන්න ඕනේ...
(මමත් ඔහොම හිටි හැටි මතකයි , මට හොද හැටි මතකයි ..හික් හික් )
බොහෝම ස්තූතියි, චමියෝ. ඒක ඇත්ත, බඳින්න කලින් එහෙම දාල ගිය එක හොඳයි තමයි. දාල ගියේ නැත්තං ලබන අවුරුද්දේ බඳින්න හිටියේ. හ්ම්ම්, කාලයත් එකක් එයා හිත හදා ගනී කියලා හිතනවා.
Deleteඅැ සත්‍ය අාදරය ෙසායා යන්නට අැත්ද
ReplyDeleteමම හිතන්නේ නෑ. සත්‍ය ආදරය ලැබෙන කොට, එක අඳුර ගන්න බැරි එක නං ඇත්තට ම අවාසනාවක් තමයි!
Deleteආදරය වෙනුවෙන් ජිවිත කාලයක් උනත් කැප කරන එක මෝඩ කමක් නෙමේ ... එක හැගීම් වලට වහල් වීමකුත් නෙමේ ... ආදරය කියන දේ අදහන්න ඕන .. එහකොටයි ඇත්ත ආදරයක් ලැබෙන්නේ ...
ReplyDeleteකියන්න ලේසියි අපිට .. ඕක කරන්න ගොඩක් ආමාරුයි .. එත් කරන අය නැතුවම නෙමේ ...
සම්පූර්ණයෙන් ම එකඟ යි! එක එක අය ආදරය දකින විදිය වෙනස්. ඒක අපිට වෙනස් කරන්න බැහැනේ. මේ ලොකේ හැම දෙයක් ම වගේ කියන්න ලේසි යි. ඒත් කරන්න හුඟක් අමාරු යි. අපි වුණත් නිසල්ට හිත හදා ගන්න කිව්වට ඇතුළෙන් විඳින වේදනාව දන්නේ එයා විතර යි. යාළුකම කොච්චර වැඩි වුණත් ඒ හැඟීම අපිට ගන්න බැහැ.
Deleteමට මතක් උනා කතාවක්..කිව්වට ඒ තරම්ම මතකයකුත් නෑ..ඒත් මෙන්න මෙහෙම අරුතක් තමා තිබුනෙ..""තමන් ආදරය කරන කෙනෙක් සොයාගන්නවාට වඩා වැදගත් වන්නෙ තමන්ට ආදරය කරන කෙනෙක් සොයාගැනීමයි....""
ReplyDeleteඔව්, ඒකත් ඇත්ත තමයි. නමුත් මේ කතාවෙ දී මුලින් ම ඇයටත් ඔහුට ආදරේ කළානේ. ආදරයක් නැත්තං මුලින් ම කියන්න තිබුණා අවුරුදු 8 ක් ගත වෙනකං ඉන්නේ නැතු ව! අවුරුදු 8 ක් කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයි. කොල්ලගේ ජීවිතේ හොඳම කාලේ නාස්ති වෙලා යනවා.
Deleteමේ කවි පෙලේ එලිය මෙන්න මෙතැනයි...
ReplyDelete//එනමුදු කම් නැතේ නුඹ සතුටින් තවම
අතැර නොයන් ඔහු මා විලසින් මෙහෙම//
අනර්ඝයි ධාරෝ.. අති විශිෂ්ටයි..
සිද්ධිය නම් සෑහෙන දුක්ඛිතයි.. :'(
තෑන්කූ වේවා, මචං! ඔව්, බං. සිද්ධිය සෑහෙන්න දුක්ඛිත යි. අපිටත් දුක යි බං. ඒත් ඉතින් අපි කියලත් මොනවා කරන්න ද? හුඟක් දුක හිතෙන දේවල් වුණා, කරුවෝ. තවමත් වෙනවා. ඇත්තට ම නිසල්ට වෙන කෙල්ලෙක් හොයා ගන්න පුළුවන්. ඒත් හොයා ගන්නේ නැහැ. එයාට ඕනේ නැහැ ලු.
Deleteකාලය ගෙවී යනවිට මිනිස්සු වෙනස් වෙනවා.. එතකොට දුන්න පොරොන්දු සියල්ල අමත වෙනවා.. එකට හොදම උදාහරනයක් මේ කවි පෙල. හිතට දනෙන විදියට ලියල තියෙනවා..
ReplyDeleteඒක ඇත්ත, නිලංග අයියේ. හ්ම්ම්, කාලයත් එක්ක නිසල්ගේ හිතත් වෙනස් වෙයි කියලා හිතමු.
Deleteඉතාම ස්වාභාවික සංසිද්ධියක්...
ReplyDeleteලෝකයේ ආරම්භක නිර්වායුක බැක්ටීරියාවගේ සිට, මානව පරිණාමයේ මේ දක්වාම කාන්තාවගේ DNA අණු ඡේදනය වී ඇත්තේ චපලකමටම තමයි...
ගෑණු චපලයි - පිරිමි වපරයි
මේ නිසා පිරිමින්ට ගෑණුන්ගෙ චපලකම පේන්නෙ නෑ :)
----------------------------------------------------------------------------------------------------------------------------
දැන් ඕක වෙලා කොච්චර කල්ද ? ඔට්ටුයි තව අවුරුද්දක් යන්න කලින් කොල්ලට මොලේ පෑදිල වෙන කෙල්ලෙක් සෙට් කර ගන්නවාමයි..
අපි නොදන්න ලව්..
එහෙම නොවුනොත් ගූගල් එකෙන් මේ බ්ලොග් එක delete කරන්න ඕන. සත්තයි :)
අභියෝගය භාර ගන්නවා :) දැන් මේ සිද්ධියට මාස 9 විතර වෙනවා. ඒත් දවසින් දවස තත්ත්වය නරක් වෙනවා මිසක් හොඳ අතට හැරෙන පාටක් නෑ.
Deleteහ්ම්ම්, එක එක අය ආදරේ විඳින විදිය වෙනස්නේ, යසිත් අයියේ. අනික් අපි මොනවා කිව්වත් අවුරුදු 8 ක් තිබුණ ආදරයක් අමතක කරන්න ලේසි නැහැනේ. විශේෂයෙන් ම ලබන අවුරුද්දේ බඳින්න ඉන්නකොට!
ලස්සනයි :)
ReplyDeleteබොහෝම ස්තූතියි, රූ :)
Deleteසිනහව උරා ගත් මේ ලෙස කියූ කතා...
ReplyDeleteකඳුලින් තෙමුණ නෙතු අද වෑහෙයි ද සිතා...
මොහොතින් නිසල් හට සතුටක් ලැබෙයි පතා..
පිළිතුරු කවිය ලියනෙමි හද නැතුව ගොතා...
නිසලුත් නිසල් බව අරගෙන මුවාවෙන....
පැතුමන් ඔහේ දිග හැර ඔහු මුලා වුන...
සිතුමක් බොඳවෙලා දෑසින් උරාගෙන....
ගැහැණිය මන්ද තනිකර ඔහු ගියේ දින....
දින එක එක ගෙවී හදවත යලි සැදියන්...
කඳුලින් නෙත පිරි යලි සිනහව ලැබීයන්...
දිවියම ඔද වැඩි සතුටිං එය පිරියන්....
සාගර ජලය මෙන් ආලය තව වැඩියන්...
මාසිත තුලින් යහපත ලොව පිපුනානම්....
කල පිං කිසිත් තව අත හැර නොගියානම්....
ඒ පිං බෙලෙන් සතුටක් ලොව ඇතුවානම්....
නිසලව නිසල් හට පිං අද පැතුවා මම්....
ගැහැණිය කවුරුදැයි මා නොදනිමි ඔන්න...
විරහව කුමක් දැයි විඳලා නැහැ දන්න....
දුක යැයි මෙයම බැව් වැටහී ඇත ඔන්න...
පැතුමක් පතනු මිස කල හැකි දේ දෙන්න....
- මම Bora Diyaka Induwara
පිළිතුරු කවියට බොහෝම ස්තූති යි, බෙන්. මම මේක නිසල්ට යවන්නං. උඹ මේ ලියන පිළිතුරු කවි පෝස්ට් විදියට දැම්මා නං හොඳයි කියලා මට හිතෙනවා. ඒ තරම් ම ලස්සණ යි!
Deleteකොල්ලා පව් ..........
ReplyDeleteඔයාගේ කවි ටිකත් හිතට දැනෙනවා ධාරෝ
තැන්කූ වේවා, රෙහානියෝ. හ්ම්ම්, කොල්ලා වෙනුවෙන් අපි කරන්න පුළුවන් හැම දෙයක් ම කරනවා. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා!
Deleteඒවගේ මොහොතක කල යුතු හොඳම දේ, නැති උන ආදරය පසුපස නොදුවා ඉවසිල්ලෙන් බලන් ඉන්න එක තමයි!!
ReplyDeleteකවිටික වගේම කතාවත් හොඳටම හිතට වැදුනා!!
මේ පැත්ත ගොඩ වුණාට චම්මට බොහෝම ස්තූතියි! සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට.
Deleteආදරයේ වටිනාකම නොදන්න මිනිසුන් බහුතරයක් මැද මේ වගේ අයත් ඉන්නව කියල අහන්න ලැබෙන එකත් ලොකු දෙයක්. කවි ටික ලස්සනයි ධාරා...
ReplyDeleteකොච්චර අවංක ව ආදරේ කළත් ඒ කෙල්ලට බැරි වුණානේ ඒක තේරුම් ගන්න. අමාරුවෙන් හරි මේ දිහාට ගොඩ වුණාට බොහෝම ස්තූතියි, චාම්ස් :)
Deleteඅවුරුදු අටක් තිස්සේ ඒ ගෑනු ළමය ආදරය කරලා/අවුරුදු අටක් ගිහිල්ලත් පිරිමි ළමය, ගානුලමයට සෑහෙන්න ආදරය දීල කියල හිතන්න පුලුවන්ද ? මෙතැන වැරැද්ද කාගේද නම් දන්නේ නැහැ.. (පිරිමි ලමයගේත් අඩුපාඩු තියෙන්නේ පුළුවන්නේ) ඒත් ලෝක ස්වභාවය නම් ඕකයි..
ReplyDeleteමටත් ඔය වගේම චරිතයක් හම්බුනා අවුරුදු එකහමාරකට විතර කලින් (ඇය දමිළ ජාතික කතෝලික තරුණියක්)..
අක්ක කෙනෙක්.. මේ ලඟක් වෙනකම් අපි දෙන්න ආශ්‍රය කළා.(එක දවසක්වත් මුනවත් දැකල නෑ) මන් අකමැති උනත් එයා මට ආදරේ කරා.. එයා ගොඩක් රඟපෑම් කරා. අපිව ලස්සනට හිර කෙරුව, ඒත් මං එච්චර ඇඟට ගත්තේ නැහැ. එත් එයා මේ Drama එකම තව අයියකෙනෙක්ට පෙන්නලා.. මම serious කරානම්, අද... (පුත්තලම, මාතර,කොළඹ වෙච්ච තුන්කොන් ආදර කතාවක්)
මට තේරුම් ගන්න බැරි ඇයි මේ කියන එක...මොනා උනත් මේ වගේ චරිත කිහිපයක් හින්ද සමාජය ගැන ගොඩක් අත්දැකීම් ලැබීම සතුටක්..
මට දකින නිසල් ඇත්තට ම හොඳ කෙනෙක්. සුළු සුළු වැරදි තිබුණ බව ඔහුත් පිළි ගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ගෑනු ළමයට අනිත් කොල්ල ව මුණ ගැහෙනකං මේ වැරදි නොපෙනුන එක යි මෙතන අවුල! අවුරුදු අටක් තිස්සේ නොපෙනුන වැරදි මාසයකින් උඩට මතු වෙන්න පුළුවන් ද? වැරදි තිබුණා නං කලින් කියන්න තිබුණා ඒවා හදා ගන්න කියලා. එහෙම දෙයක් සිද්ධ වුණෙත් නැහැනේ. අනේ මන්දා! අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා ඉස්සරහට.
Deleteදිග ම දිග කොමෙන්ටුවක් කොටන්න කාලය කැප කරාට බොහෝම ස්තූතියි! ඒ වගේ ම සොඳුරු මංපෙතට සාදරයෙන් පිළි ගන්නවා. දිගට ම ඇවිත් යන්න එන්න.
කවියට කවියකින් පිළිතුරු දෙන්නට බැරි තරම් හිත බර වුනා ධාරා නංගි..ඒත්..මේ ආදරයමද..?
ReplyDeleteදෙපාර්ශවයේම එක හිත නැති වුනාම එක හිතක් තනි වෙනවා..
දුකයි..ඒ මල්ලිට ඉක්මනට හිත හදාගන්නට ලැබේවා කියලා මම මුළු හිතින්ම පතනවා..
//දෙපාර්ශවයේම එක හිත නැති වුනාම එක හිතක් තනි වෙනවා..// ඒක නං ඇත්ත. හ්ම්ම්, අපිටත් දුක යි, අක්කේ. එයා නං කියන්නේ හිත හදාගෙන කියලා. ඒ වුණාට ළඟින් ඉන්නකොට තේරෙනවා කොච්චර දුකක් හිතේ තියාගෙන ද ඉන්නේ කියලා.
ReplyDelete