April 4, 2013

ආදරණීය ඔබ වෙනුවෙන්


ආදරණීය ඔබ මට . . .

සෙවණ ගෙනෙන විසල් රුකකි . . .
ගිමන් නිවන මද සුළඟකි . . .
සුවඳ හමන සොඳුරු සියපතකි . . .
ගත සනහන වස්සානයකි . . .

අඳුර මකන පහන් සිළුවකි . . .
ලොවක් තනන උදා ඉරකි . . .
සතුට ගෙනෙන සිතුවිල්ලකි . . .
හද විලේ රැඳි අසම රුවකි . . .


මේ පද වැල් මගේ සිත සොරා ගත් ඔබ වෙනුවෙන් . . .
ඔබට ස්තූතියි, මගේ ඉයුජීන් <3

9 comments:

  1. Replies
    1. බොහෝම ස්තූතියි! කෙනෙක් වෙනුවෙන් ලියපු කවියක්නේ, :)

      Delete
  2. Replies
    1. බොහෝම ස්තූතියි, ඔයාගේ ධෛර්යමත් කිරීම හුඟක් වටිනවා.

      Delete
  3. ලව් නේද !!!!! අපි නෑනේ ඔය ගැන වැඩිය කථා කරන්න යන්නෙ ........

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ? ඔබතුමාගේ ලව් එක ඉලව් වෙලා ද?

      Delete
  4. කවිය ... තනිකමට හුදකලාවට පෙම් බදින අයගේ ආත්මීය ගීතය ... ලස්සනයි .. තව ලියන්න ... මම නම් අලුත් කෙනෙක් .. එත් කවිය කොතන තිබ්බත් මම එතන ...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළි ගන්නවා, සොඳුරු මංපෙතට. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.

      Delete
  5. ඉතින් ධාරා, ආයේ කවද්ද ඔයා ලියන එක පටන් ගන්නේ ?? ආයේ අලුතින් මුකුත් ලියලාම නැහැ ලගදී :)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...